මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/24/09

හදවතේ නත්තලක්















මුළු කොළඹම....පුදුමාකාර ලස්සනයි.......සුදු පාට,රතු පාට,කොළ පාට නත්තල් ගස් හැම තැනම....හැම කඩයක්ම සාප්පුවක්ම ලස්සනට සරසලා තිබ්බා....මිනිස්සු නත්තල, ලබන අළුත් අවුරුද්ද සමරන්න හිතන්....බඩු ගන්න එනවා...කඩ සාප්පු පිරිලා.නත්තල් සීයලා කඩ ඉස්සරහ.....හිටගෙන ඉන්නවා....ඒත් මෙ හැම කතාවක්ම තමන්ගෙ වෙන්නෙ මධ්‍යම පාන්තික මිනිස්සුන්ට විතරයි....ගව ලෙනක් තරම් වත් හෙවනක් නැතිව පාරෙ අගු පිල් වල නිදා ගන්නා මිනිස්සු කොයි තරම්ද?කඩ ඉස්සරහ අරුමෝසම් ඇඳුම් ඇදන් විකිණෙන නත්තල් සීයලා.....ඒ දරුවන්ට තෑගි දෙයි කියල හිතෙනවද?අපි නත්තල සමරමු......ඒත් ජේසු තුමාගෙ පැලැන්තිය මතක තියා ගමු....ලොකු ලොකු පාටි දාන අතරතුරේ..දුප්පත් මිනිස්සුන්ට කන්න ටිකක් දෙමු.....නත්තලක ලස්සන පාරේ තොටේ නෙවෙයි...හදවතේ මවා ගමු....ඒ හිතේ සතුට මේ රටට දුන්නොත්....අපෙ රට එක දවසකට හරි බෙත්ලෙහෙමක් වෙයි..

කඳුලු ලන
මිනිස් හදකින්
සොරා ගත්
සතුට
යළි පුදා
සදහටම
එකම මොහොතක්
අසදි
හද මඬල
හිනා වෙන
නත්තලක්
කරනු මැන
ඔබ උපන් බව
යළිත් පවසලා
ලෝකයට
ආදරණීය
දෙවු පුතුනි





7 comments:

  1. ඇත්ත! අද නත්තල වෙළඳ භාණ්ඩයක් වෙලා. මිනිසුන්ගෙ ලෞකික ඕනැ එපාකම් වලින් නත්තලේ අධ්‍යාත්මික අරුත යටපත් වෙලා. කට ඇරලා 'සාමය සමාදානය පිරි සුභ නත්තලක් වේවා' කියලා කව්වට නත්තලෙන් සාමය සමාදානය ඇතිවෙන්නෙ නත්තලේ අධ්‍යාත්මික අරුත අපේ අධ්‍යාත්මයෙන් තේරුම්ගත්තොත් පමණයි.

    නන්දා මාලනිය ගායනා කරන මෙන්න මේ ගීතයෙන්, අලෙවිකරණයට ලක්වූ නත්තල ගැන මොනවට කියාපානවද?

    --

    ජේසු ස්වාමි දරුවනේ
    දුගී පැ‍ලේ දිනා
    මේලෝ තලේ දිනු
    ඔබේ දහම් තියෙද දැන්
    දිවනෙතින් බලන්

    පැල්පතේ හඬද්දි සා දුකින් දුගී ළමෝ
    මන්දිරේක සාදයක්ය මිහිරි නත්තලේ
    ඒ නොවේය ස්වාමිනී ඔබ දෙසූ දහම්
    ගොල්ගොතාව කුරුසකන්ද රතු ලෙයින් තෙමා

    රන් රිදී මැණික් නොවේය ඔබ සමීපයේ
    දළ පිළී විණා දුහුල් නොවී ශරීරයේ
    මන්ද මේ විලාසිතා දේව මන්දිරේ
    යලි ගලීලයෙන් නැගී මෙලෝ තලේ බලන්

    ReplyDelete
  2. thanks dear

    ReplyDelete
  3. "නත්තල අඩු මිලට මිල දී ගන්න සුපිරි වෙළඳ සැලකට යන්න ඕනෑ!"

    ReplyDelete
  4. ඔයා කියන කථාව ඇත්ත..

    ReplyDelete
  5. මම ත් ඒක එක හෙලා අනුමත කරනවා.

    ReplyDelete
  6. archives වල නම හදන්න. සුන්නමිය කියලා තියෙන්නේ.

    ReplyDelete
  7. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.