මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/31/09

අබා සමඟ ලබන විරුවන්ගේ වසර??....


ලංකාවේ චිත්‍රපටි ගැන කතා කළොත්......ඒක දිගට දවස් ගනණාවක් කතා කරන්න පුළුවන්.....ඒත් ලංකාව තුළම 95%ක් නිර්මාණය වු 5% ක තාක්ෂණය පිටරටින් ලැබු....ඉතා දැවැන්ත නළු නිළි පිරිවරක් දායක කරගත් අබා ඉතා වේගයෙන් 2009 වසර තුළ ජනප්‍රිය වුණා....අබාට පක්ෂ විපක්ෂ මත බේද ඕනෙ තරම් තියෙනවා.....ඒත් කලා නිර්මාණයක් ලෙස අබා සාර්ථකයි....ඒක අපි අවිවාදයෙන් පිළිගත යුතුයි..එහි ඉතිහාසමය වශයෙන් වැරදි තියෙනවා කියලා බොහෝ දෙනා කිවුවත්....ඒවා එකක් වත් නිවැරදිවම වැරදි කියලා අපිට ඔප්පු කරන්න බෑ.....මොකද අපි කවුරුවත් ඒ කාලේ ඉඳල ආවෙ නෑ.....

අපිට මහාවංශය විතරක් කියවලා ඉතිහාසය ගැන නිගමන වලට එන්නත් බෑ....මහාවංශය වුණත් ලියවිලා තියෙන්නෙ...පහු කාලීනව....අනික අපිට ජන කතා අහක දමන්නත් බෑ......ජන සම්මතයේ ඇති විශ්වාස හා ඇදහිළි..කොටින්ම කීවොත් ජන කතා....ඉතා සරළයි....ඒත්..බොහෝ විට සත්‍ය මදක් හෝ ඒ සඳහා මුහු වෙලත් තියෙනවා......අබා චිත්‍රපටියෙ අබාගෙ පිය පාර්ශවය ගැන සංවාදයක් තියෙනවා.....දෙපාර්ශවයටම සාධක ලැබෙනවා.....තාම දීඝ ගාමිණී....ඒත් අනාගතේ එ චිත්ත රාජ වුණොත්....අපිට සතුටු වෙන්න පුළුවන්....ඒකට හේතුව.....පිතෘ ඝාතක සිංහ බාහු අපේ පිය පාර්ශවයෙන් ඉවත් වෙනව....අපිට රාවණාගේ පිය පාර්ශවය උරුම වෙනවා......
මේ ච්ත්‍රපටියෙ හබරා....නිර්මිත චරිතයක්....නමුත්..ඔහු ඒ දර්ශනය පුරා කරන මෙහෙය අපමණයි

මේ චිත්‍රපටිය අපි බොහෝ දෙනා නැරඹුව වෙන්න පුළුවන්.........ඒත් හින්දි බලනවට වඩා මේක බලන එක හොඳයි.....ඒ විතරක් නෙවෙයි........අපිට ආපහු මේ ගැන සංවාද කරන්න පුළුවන්.....මෙහි අදියුරු තුමාගේ ආගම හා ඔබේ ආගම නොගැලපේවි....එව්ට ඔබට හිතේවි.....චිත්ත රාජ..ජේසු තුමා වෙලා කියලා......ඔබේ පක්ෂය ඔහු මේ දිනවල අදහන පක්ෂ සංකල්ප හා නොගැලපේවි.....ඔහුගේ දේශපාලනය එක්ක මා එකඟ නෑ....නමුත්..ඒ කලා නිර්මාණය එක්ක මා එකඟයි....කලාව ඉතිහාසයට වඩා බොහෝ නිර්මාණශීලියි.....එය ඔහු නිතර කියන අදහස හිතේ තියාගෙනම අපි නරඹමු.....ඒත්..අවසානයේ ච්ත්‍ර පටියේ කියන දේ පිළිබඳව මට පොඩි ගැටළුවක් තියෙනව.....
උරුමය දිනන තුරු යුද වදිමි.....
ඒත් ඔහු එයට දැන් අකමැතියි වගේ......ඒකට මොකද?....අබා අපි නරඹමු.....හින්දි බලනවට වඩා සිංහල දේ අගය කරන එකයි...හොඳ......මම හරිද?
ඔබට අබා ගැන තොරතුරු දැන ගන්න.....යන්න.....
http://www.aba.lk/index.htm




9 comments:

  1. නීනුටත් සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  2. මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  3. හපෝ කවුද හින්දි බලන්නේ, ඒවා බොහොමයක්ම ඉංගිරිසි චිත්‍රපටිවල බාල අනුකරණ.
    ආගමක් නොගැලපීම ප්‍රශ්නයක් නොවෙන්නේ ඇත්ත සෙවීමෙන් හැකිතාක් ඉවත්ව මවාගත් ලෝකවල ජීවත් වෙන අයට පමණයි.
    ඕක කලා නිර්මාණයක් හැටියට අවිවාදයෙන් පිළිගන්න බෑ. එය අගය කිරීම කොහොමවත්ම සිංහල දේ අගය කිරීමක් නොවේ.
    කෙසේ වෙතත්
    ඔබට සුබ වසරක් වේවා.

    ReplyDelete
  4. අබා...ව්‍යාපෘතියක් ලෙසින් සාර්ථකයි

    ReplyDelete
  5. "අබා" කතාව හොඳයි. නමුත් අවසානය ගැනනම් මගේ වැඩි මනාපයක් නැහැ.
    ඔබට වගේම මටත් කතාව ගැන ගැටලු කීපයක් තියෙනවා. අපි අහල තියෙන කතාවට පටහැනි. ඒක අනාගතය තීරණය කරාවි.

    ReplyDelete
  6. ඇත්ත අබා අනෙක් චිත්‍රපට වලට වඩා හොඳයි.. ඒත් සරසවි සම්මාන උලෙළ තිබ්බට පසුව දෙයක් කිහන්න හිතුව...
    නීනු " මචං " බැලුවද ?...අන්න කථාව..අනං මනං නොවෙයි ලංකාවෙ පොළව පයගහල ජීවත්වෙන මිනිස්සුන්ගෙ කථාවක්.
    නීනු කීවනෙ " අබා...ව්‍යාපෘතියක් ලෙසින් සාර්ථකයි " කියල. එහෙම වුනොත් හින්දි චිත්‍රපට අතිසාර්ථක ව්‍යාපෘති.
    මම සිංහල චිත්‍රපට වලට කොහෙමත් කැමති නෑ. අනික බලය වෙනුවෙනු මිනීමරාගන්ත( අද වාගේම)ඒ අතීතයට මම කැමති නෑ. පෙන්නනම බැරි දේ තමයි රන්ඩුවකදි "බුෂා...බුෂා..." ගානඑක( අබා වල නෙවෙයි අනෙක් සිංහල චිත්‍රපට වල ).

    ReplyDelete
  7. අබා පබා වුණේ දේශපාලන මත උඩ......අබා....ඉතිහාස කතාවක්.......ඒකෙ පවුලෙ නිශ්පාදනයක් කරගත්ත එකයි වැරදි....අබාට ත් වඩා හබරා ඒකෙ ප්‍රධානයි වගේ පෙන්නෙ නැද්ද?

    ReplyDelete
  8. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.