මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/30/14

-245- රෝස වලාකුළු

දොවා කඳුලින් මලක් ඉකිලන
වසා පෙම්බර නිල් නුවන්
දමා හැර යන හිතාදර
බඹරිඳුනි මේ කවි පද අසන්..

අහස මත තවමත් විසුල
සුදු වලාකුළකින් මඟ අසන්
නුඹ නමින් පණ අදින
අසරණ මල් සිඟිත්තිය සොයා එන්..

ඇගේ දුක් බර සිහින හිනැහෙන
ජීවිතෙන් බිඳුවක් අරන්
පාට වේවා මේ වලාකුළු
රෝස පාටින් සෑම කල්..

2014 සැප්තැම්බර් 30

-----
රෝස වලාකුළ ලියන්න අරගෙන අදට හරියටම අවුරුදු හයක් ගෙවිලා ඉවරයි. කියවපු අයට ස්තූතියි.

6 comments:

  1. පාට වේවා මේ වලාකුළු
    රෝස පාටින් සෑම කල්..

    ReplyDelete
  2. සුබපැතුම් !!!

    ReplyDelete
  3. සුබපැතූම අර රස්තියාදු කතාවක් ආයි ලිව්වොත් මොකෑ අනික පාථක සිතැගි වලට පිළිතුරුත් ලිව්වොත් මරු නොවැ...!!!

    ReplyDelete
  4. අපෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
  5. හැමෝටම ස්තූතියි... ලියන්න නම් ඕනෙ.. හිතට විවේකයක් දැනෙන්න ඕනෙ රස්තියාදුවකටත්... ළඟදිම රස්තියාදුවක් නියමිතයි. ලියන්නම්!! අනිවාර්යෙන්

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.