දොවා කඳුලින් මලක් ඉකිලන
වසා පෙම්බර නිල් නුවන්
දමා හැර යන හිතාදර
බඹරිඳුනි මේ කවි පද අසන්..
අහස මත තවමත් විසුල
සුදු වලාකුළකින් මඟ අසන්
නුඹ නමින් පණ අදින
අසරණ මල් සිඟිත්තිය සොයා එන්..
ඇගේ දුක් බර සිහින හිනැහෙන
ජීවිතෙන් බිඳුවක් අරන්
පාට වේවා මේ වලාකුළු
රෝස පාටින් සෑම කල්..
2014 සැප්තැම්බර් 30
-----
රෝස වලාකුළ ලියන්න අරගෙන අදට හරියටම අවුරුදු හයක් ගෙවිලා ඉවරයි. කියවපු අයට ස්තූතියි.
පාට වේවා මේ වලාකුළු
ReplyDeleteරෝස පාටින් සෑම කල්..
සුබපැතුම් !!!
ReplyDeleteසුබපැතූම අර රස්තියාදු කතාවක් ආයි ලිව්වොත් මොකෑ අනික පාථක සිතැගි වලට පිළිතුරුත් ලිව්වොත් මරු නොවැ...!!!
ReplyDeleteඅපෙනුත් සුභ පැතුම්..
ReplyDeleteහැමෝටම ස්තූතියි... ලියන්න නම් ඕනෙ.. හිතට විවේකයක් දැනෙන්න ඕනෙ රස්තියාදුවකටත්... ළඟදිම රස්තියාදුවක් නියමිතයි. ලියන්නම්!! අනිවාර්යෙන්
ReplyDeleteThannk you for writing this
ReplyDelete