මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/31/13

-235- උඳුවප් අහසට හංස ගී ගයමි.



මම ගීතවත් වෙමින් සිටිමි. Skitzo කණ්ඩායමේ “අහස දිහාවට“ ගීතය සිව්වන වරටත් නොකඩවා සවන් පුරා පිරී යයි.

නුඹ අහස නිරන්තරයෙන් දැක ඇතුවාට සැක නැත. එහෙත් එකිනෙකා වෙනුවෙන් නම් කළ තාරකා පිරි සොඳුරු සුසාන භූමියක් සේ නුඹ කිසියම් දිනක අහස දැක තිබේද? කුඩා දරුවෙකුගේ අතින් බොඳවුණු අපූරු සිතුවමක් සේ ඔබ අහස දකින්නට උත්සාහ කර තිබේද? අඩුම තරමේ තමා වෙනුවෙන් තරුවක් නම් කරන්නට ඔබ අහස දෙස නෙත් යොමා තිබේද? මෙවැන්නකින් තොරව, හඳ දකින්නට, අවුවේ වේදනාවට දෙස් තියන්නට පමණක් මෙතෙක් ඔබ අහස දෙස බැලුවා නම්, ඔබ අහස දැක නැත්තෙකු බවට මතකයෙහි තබා ගන්න. 

පෙරලෙන රළ පිඬු පාසා එකිනෙකා පරයා නැගෙන ශබ්ද තරංග වල උච්චාවචනය මහා වේදනාවක ඉකිබිඳුම බව ඔබ සිතා තිබේද? සොබා දහම නම් වෛශ්‍යාව සියතින් සිදුව ඇති සියලු වැරදි මහ ශක්තියක් සේ පෙන්වමින් පස් කඳු කඩා දමන බවද, ගිනි කඳු පුපුරුවා හැර ලෝදිය මුදාලන බවද, වැහි දිය උරා ගත නොහී, තම සිරුරම විනාශ කරවමින් දිය කර හරින බවද සිතන්නට ඔබට ඉස්පාසුවක් විණිද? 

නුඹ පසු ගිය වසරේ නුඹට කුසගිනි දැනුණු විට ආහාර ගත් වාර ගණන මතකද? නුඹට නිදිමත හැදුනු විට නිදිගත් වාර ගණන මතකද? ශරීර කෘත්‍ය සඳහා එය දැනුණු විගස විසිකිලියට ගිය වාර ගණන මතකද? නුඹ එවැනි කිසිවක් කර නැති බව මට ස්ථීරව පැවසිය හැක. මන්දයත් අපි හැමෝම වැඩ කරනුයේ අනුන්ගේ ඔරලෝසුවකට බැවිනි.

සුමනදිසි බේකරියේ උණු සොසේජස් බනිසක, තැවරුණු සෝස් සහ මයෝනීස් තොල ගාමින් මම වේගයෙන් ඇදෙනා වාහන දෙස බලා සිටිමි. හැල්මේ දුවන ලෝකයේ පසෙකට වී, එය දෙස බලා සිටීමේ ප්‍රීතිය වෙනමම හැඟීමකි. කලින් දින වලදි කළ රස්තියාදු ගැසීම් වල ප්‍රීතිය තවත් එකකි.

අතීතය වෙනුවෙන්, එල්ලී මැරෙන්නට දඟලන ලෝකයක අනාගතය දෙස බැලීමම වීර ක්‍රියාවක් හෙයින්, මම දෙනෙත් දල්වා නොබියව අනාගතය දෙස බලමි. සුන්දරත්වය මා වටා කැදලි තනයි.
සංසාරයේ සියලු හමුවීම් ළඟ වේදනාව මෙන්ම නික්මීම ඇතත්, සදාතනික සොඳුරු දඩයක්කරුවන්ද හමුවන්නේ ඒ සංසාරයේදීම බව පසක් වන්නට තරම් ජීවිතය ප්‍රබල බව ඉගෙන ගත යුතුයි. 

ඉදින් මම තව ඉගෙන ගත යුතුයි.. මගේ අකුරු වල ඇමිණෙන සුවඳ හොයනා මගේ පැටි වරුන්ට ඉගැන්විය යුතුයි. හෙට ලොව දිනන අයුරු මම ඔවුන්ට ඉගැන්විය යුතුයි.. ජීවිතය සොයාගත යුතුයි. සැමවිටම අයෙක් පැවසූ පරිදි වයස යනු අවුරුදු නොවන බැවින්, මම මා සොයා ගැනීමට තවත් කල් ගත යුතුයි. 

චිත්‍රපටි, පොත් පත්, රස්තියාදුව, චොක්ලට් , සෙට් වීම් සහ අයිස්ක්‍රීම් සපිරි ඔබට ඔබ ආදරය කරන, සුන්දර නව වසරක්..

ඉතින් ඒක තමයි අවුරුද්ද කියන්නෙ.. පායන්නෙ එකම ඉර , එකම අහසෙ නම් වෙනස් වෙන්නෙ අපිම විතරයි..

ඔබේ වියන යට
ඔබේ නිවන යට
හැර යන්නද කාව
තරහ අවසරයි
අපේ අහස යට
අපි අපිමයි තාම..................





23 comments:

  1. යහපත් විදියකට වෙනස් වෙමු එහෙනම්,
    සුභම සුභ අලුත් වේවා නංගියෝ

    ReplyDelete
    Replies
    1. සුබ අලුතක් අයියෙ...

      Delete
  2. සුබ ම සුබ නව වසරක් වෙන්නට පතමි....))

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් වේවා!!

      Delete
  3. සුබ වේවා නෙරා.. :)

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් වේවා!!

      Delete
  4. '' අතීතය වෙනුවෙන්, එල්ලී මැරෙන්නට දඟලන ලෝකයක අනාගතය දෙස බැලීමම වීර ක්‍රියාවක් හෙයින්, මම දෙනෙත් දල්වා නොබියව අනාගතය දෙස බලමි. සුන්දරත්වය මා වටා කැදලි තනයි.
    සංසාරයේ සියලු හමුවීම් ළඟ වේදනාව මෙන්ම නික්මීම ඇතත්, සදාතනික සොඳුරු දඩයක්කරුවන්ද හමුවන්නේ ඒ සංසාරයේදීම බව පසක් වන්නට තරම් ජීවිතය ප්‍රබල බව ඉගෙන ගත යුතුයි.''

    ජීවිතේ සුන්දරයි.... නංගී... ලස්සන ලියවිල්ල... සුන්දර රස්තියාදු නව වසරක් වේවා අපි දෙන්නටම...

    ReplyDelete
  5. අපි දෙන්නාටම... :)

    ReplyDelete
  6. //අපේ අහස යට
    අපි අපිමයි තාම//

    සුභ නව වසරක් වේවා...!

    සුන්දර රස්තියාදු වැඩි වැඩියෙන්ම ලියැවේවා...!

    ReplyDelete
  7. සතුට පිරුණු නිරොගි වාසනාවන්ත අවුරුද්දක් වෙන්ඩ ඕනේ 2014 අක්කා ඇතුලු පවුලේ සැමට !!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගා

      Delete
  8. අඩෝ.... සුබ නව වසරක් නංගි ! :)

    ReplyDelete
    Replies
    1. සුබ සුබ අයියාහ්

      Delete
  9. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! සිතුම් පැතුම් ඉටු වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් එහෙමම වේවා!!

      Delete
  10. නලින් අයියාටත් ස්තූතියි

    ReplyDelete
  11. සිංදුව නම් කලින් අහල තිබුනේ නෑ නිරංජියෝ..

    සුභ අළුත් අවුරුද්ද වේවා..

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් අයියෙ

      Delete
  12. ම්ම්....
    සුභ නව වසරක් වේවා අක්කේ.....!!!!

    ReplyDelete
  13. පුළුවන් නම් වෙනස් නොවී ඉඳපන් - මට ඒ ඇති.. ඕට්ටුයි උඹට බෑ...

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙන්නම වෙනවා කුරුළු

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.