නුඹ අහස නිරන්තරයෙන් දැක ඇතුවාට සැක නැත. එහෙත් එකිනෙකා වෙනුවෙන් නම් කළ තාරකා පිරි සොඳුරු සුසාන භූමියක් සේ නුඹ කිසියම් දිනක අහස දැක තිබේද? කුඩා දරුවෙකුගේ අතින් බොඳවුණු අපූරු සිතුවමක් සේ ඔබ අහස දකින්නට උත්සාහ කර තිබේද? අඩුම තරමේ තමා වෙනුවෙන් තරුවක් නම් කරන්නට ඔබ අහස දෙස නෙත් යොමා තිබේද? මෙවැන්නකින් තොරව, හඳ දකින්නට, අවුවේ වේදනාවට දෙස් තියන්නට පමණක් මෙතෙක් ඔබ අහස දෙස බැලුවා නම්, ඔබ අහස දැක නැත්තෙකු බවට මතකයෙහි තබා ගන්න.
පෙරලෙන රළ පිඬු පාසා එකිනෙකා පරයා නැගෙන ශබ්ද තරංග වල උච්චාවචනය මහා වේදනාවක ඉකිබිඳුම බව ඔබ සිතා තිබේද? සොබා දහම නම් වෛශ්‍යාව සියතින් සිදුව ඇති සියලු වැරදි මහ ශක්තියක් සේ පෙන්වමින් පස් කඳු කඩා දමන බවද, ගිනි කඳු පුපුරුවා හැර ලෝදිය මුදාලන බවද, වැහි දිය උරා ගත නොහී, තම සිරුරම විනාශ කරවමින් දිය කර හරින බවද සිතන්නට ඔබට ඉස්පාසුවක් විණිද?
නුඹ පසු ගිය වසරේ නුඹට කුසගිනි දැනුණු විට ආහාර ගත් වාර ගණන මතකද? නුඹට නිදිමත හැදුනු විට නිදිගත් වාර ගණන මතකද? ශරීර කෘත්‍ය සඳහා එය දැනුණු විගස විසිකිලියට ගිය වාර ගණන මතකද? නුඹ එවැනි කිසිවක් කර නැති බව මට ස්ථීරව පැවසිය හැක. මන්දයත් අපි හැමෝම වැඩ කරනුයේ අනුන්ගේ ඔරලෝසුවකට බැවිනි.
සුමනදිසි බේකරියේ උණු සොසේජස් බනිසක, තැවරුණු සෝස් සහ මයෝනීස් තොල ගාමින් මම වේගයෙන් ඇදෙනා වාහන දෙස බලා සිටිමි. හැල්මේ දුවන ලෝකයේ පසෙකට වී, එය දෙස බලා සිටීමේ ප්‍රීතිය වෙනමම හැඟීමකි. කලින් දින වලදි කළ රස්තියාදු ගැසීම් වල ප්‍රීතිය තවත් එකකි.
අතීතය වෙනුවෙන්, එල්ලී මැරෙන්නට දඟලන ලෝකයක අනාගතය දෙස බැලීමම වීර ක්‍රියාවක් හෙයින්, මම දෙනෙත් දල්වා නොබියව අනාගතය දෙස බලමි. සුන්දරත්වය මා වටා කැදලි තනයි.
සංසාරයේ සියලු හමුවීම් ළඟ වේදනාව මෙන්ම නික්මීම ඇතත්, සදාතනික සොඳුරු දඩයක්කරුවන්ද හමුවන්නේ ඒ සංසාරයේදීම බව පසක් වන්නට තරම් ජීවිතය ප්‍රබල බව ඉගෙන ගත යුතුයි.
ඉදින් මම තව ඉගෙන ගත යුතුයි.. මගේ අකුරු වල ඇමිණෙන සුවඳ හොයනා මගේ පැටි වරුන්ට ඉගැන්විය යුතුයි. හෙට ලොව දිනන අයුරු මම ඔවුන්ට ඉගැන්විය යුතුයි.. ජීවිතය සොයාගත යුතුයි. සැමවිටම අයෙක් පැවසූ පරිදි වයස යනු අවුරුදු නොවන බැවින්, මම මා සොයා ගැනීමට තවත් කල් ගත යුතුයි.
චිත්‍රපටි, පොත් පත්, රස්තියාදුව, චොක්ලට් , සෙට් වීම් සහ අයිස්ක්‍රීම් සපිරි ඔබට ඔබ ආදරය කරන, සුන්දර නව වසරක්..
ඉතින් ඒක තමයි අවුරුද්ද කියන්නෙ.. පායන්නෙ එකම ඉර , එකම අහසෙ නම් වෙනස් වෙන්නෙ අපිම විතරයි..
ඔබේ වියන යට
ඔබේ නිවන යට
හැර යන්නද කාව
තරහ අවසරයි
අපේ අහස යට
අපි අපිමයි තාම..................
ඔබේ නිවන යට
හැර යන්නද කාව
තරහ අවසරයි
අපේ අහස යට
අපි අපිමයි තාම..................
යහපත් විදියකට වෙනස් වෙමු එහෙනම්,
ReplyDeleteසුභම සුභ අලුත් වේවා නංගියෝ
සුබ අලුතක් අයියෙ...
Deleteසුබ ම සුබ නව වසරක් වෙන්නට පතමි....))
ReplyDeleteසුබ නව වසරක් වේවා!!
Deleteසුබ වේවා නෙරා.. :)
ReplyDeleteසුබ නව වසරක් වේවා!!
Delete'' අතීතය වෙනුවෙන්, එල්ලී මැරෙන්නට දඟලන ලෝකයක අනාගතය දෙස බැලීමම වීර ක්‍රියාවක් හෙයින්, මම දෙනෙත් දල්වා නොබියව අනාගතය දෙස බලමි. සුන්දරත්වය මා වටා කැදලි තනයි.
ReplyDeleteසංසාරයේ සියලු හමුවීම් ළඟ වේදනාව මෙන්ම නික්මීම ඇතත්, සදාතනික සොඳුරු දඩයක්කරුවන්ද හමුවන්නේ ඒ සංසාරයේදීම බව පසක් වන්නට තරම් ජීවිතය ප්‍රබල බව ඉගෙන ගත යුතුයි.''
ජීවිතේ සුන්දරයි.... නංගී... ලස්සන ලියවිල්ල... සුන්දර රස්තියාදු නව වසරක් වේවා අපි දෙන්නටම...
අපි දෙන්නාටම... :)
ReplyDelete//අපේ අහස යට
ReplyDeleteඅපි අපිමයි තාම//
සුභ නව වසරක් වේවා...!
සුන්දර රස්තියාදු වැඩි වැඩියෙන්ම ලියැවේවා...!
ස්තූතියි
Deleteසතුට පිරුණු නිරොගි වාසනාවන්ත අවුරුද්දක් වෙන්ඩ ඕනේ 2014 අක්කා ඇතුලු පවුලේ සැමට !!!!
ReplyDeleteස්තූතියි නංගා
Deleteඅඩෝ.... සුබ නව වසරක් නංගි ! :)
ReplyDeleteසුබ සුබ අයියාහ්
Deleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! සිතුම් පැතුම් ඉටු වේවා.
ReplyDeleteඔබටත් එහෙමම වේවා!!
Deleteනලින් අයියාටත් ස්තූතියි
ReplyDeleteසිංදුව නම් කලින් අහල තිබුනේ නෑ නිරංජියෝ..
ReplyDeleteසුභ අළුත් අවුරුද්ද වේවා..
සුබ නව වසරක් අයියෙ
Deleteම්ම්....
ReplyDeleteසුභ නව වසරක් වේවා අක්කේ.....!!!!
එසේම වේවා
Deleteපුළුවන් නම් වෙනස් නොවී ඉඳපන් - මට ඒ ඇති.. ඕට්ටුයි උඹට බෑ...
ReplyDeleteවෙනස් වෙන්නම වෙනවා කුරුළු
Delete