මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/17/12

ඒක හිනයක් නොවන හින්දා




මම ඈත බලා සිටිමි. පොත් රාක්කයට එහා තැනකින් බිත්තිය කොයි වෙලාවක හෝ දැදිරි වේ යැයි මට සිතේ. එතැන දොරක් ඇතැයි මට සිතෙයි...මම පොත් වල දුටු චරිත, ඒ තුළින් මතුව ඇවිත්, කාමරයේ මා ඉදිරිපිට අසුන් ගනිති.. ඔවුන් මා පොත් වලට අදාළ චිත්‍රපට වල දුටු නලුවන් හෝ නිළියන් නොවෙති. මගේ හදවතේ ලැගුම් ගත් මිනිසුන් ම වෙති.

කාමරයේ හිඳගන්නට ඉඩ නොලදින්, සමහරු හිරවී, අල්මාරිය උඩ පොත් රාක්කය උඩ වාඩි වී සිටිති.

පොත් වලදි ඇණ කොටා ගත් මිතුරන් දැන් මිතුරු වී සිටිති. වොල්ඩිමෝට් ගේ දණහිස මත, හිස තබාගත් හැරී නිදා සිටියි...පාවෙල් අන්දෘෂා සහ පෙලේගේයා අම්මාද, සිනා සිසි මා දෙස බලා සිටිති. දුයිෂේන් තරුණ වී ඇත. අල්තිනායි මගේ කණ්ණාඩියෙන් බලා හැඩ වන්නීය.ෂර්ලොක් හෝම්ස් ගේ දුම් බීමට එරෙහි වූ, විහාර මහා දේවිය ගේ කෝපය විහිලුවකින් අස්වසන්නට වොට්සන් අසමත් වෙන්නට, ගිය වසරේ උපන්දිනයට මට තෑගි ලැබුණු, මංජුසාව කෑලි කෑලි වීමට ඉඩ තිබ්ණි.

පරිණාම වාදය පොතෙන් ආ... හැබිලිස් ලා, අන්තර්ජාලයෙන් උන් ගැන විස්තර සොයා දෙන්නැයි ඇවිටිලි කරද්දී, රාමාගේ හනුමා උන්ට ඔච්චම් කරන්නේය... අහම්බෙන් නැගිට ආ කුම්භකර්ණ නොඑන්නට, ඉරෙක්ටස් ලා , සුන්දර  රෙමඩියාස් ව උස්සන් ගොස් ය... මේ අතර, නීති පොත් අතරින් නැගිට ඇඩ්ලින් විතාරණ නෝනා... මොනිකා රුවන්පතිරණ සමඟ කාන්තා විමුක්ති අරගලයකය...

ඈන් , තම ජීවිතය පොලියානා ට කියද්දි , ඇ සතුටු සිතෙන මන්තරය එලිසබත් ඇලන්ට කියයි. හයිඩි නගරයෙන් ආච්චිට ගෙන ආ පාන් ඔලිවර් ට්විස්ට දී ඇත. මේ බව දුටු ටොම් සොයර්, ඒ වග නොරිකො සංට පවසන්නේය.

බිගල්ස්වත් කොහෙන්දෝ පැමිණ, අහස් යන්ත්‍රාව ගැනීමට ජනේලය කඩන්නට හදද්දී, පියල්, අරවින්දලා දෙදනා හා මාලින්, සවිමන් සියල්ලෝම මහ හයියෙන් බෙරිහන් දෙයි..තව තව එකී මෙකී නොකී බොහෝ දේ ඇත.

කාමරය මහ හුඟක් දොඩමලුය...පාලුව බොහෝ දුර ගොස් ය. පොත් රාක්කය අස් කරමින් සිටිමි.ඔවුන් මට උදව් කරති.. පොත් අතර නිදාගැනීමට යහනක් තනා දෙන මෙන්, සුන්දර නතාෂා ඉල්ලීමක් කර ඇත.
ඔවුන්ට සුව පහසුවෙන් විසීමට කාමරයට තව රාක්කයක් හෝ පෙට්ටියක් වුවමනාය...නැත්තම් මේ අය නවතින්නේ චුම්බන කන්දේය.

මොවුන් සියලු දෙනා නැති වන්නට මම කෙතරම් තනි වෙනවාදැයි මම නොදනිමි. කාමරය කෙතරම් හිස් වේදැයි මම නොදනිමි. ප්‍රණ හුස්ම පිඹගත් මේ චරිත අතර මම ද සැරිසරමි... කාමරයේ  මේ කාලගෝට්ටියේ නිමාව දකින තැන, මම මිය යන බව පමණක්  මම විශ්වාස කරමි.. මොවුන් සමගින් පොතක් අතර නිදාගැනීමට මමද පෙරුම් පුරමි. වෙන කෙනෙකු අතින් පොතක් තුළ යහන් ගත වීමට වඩා මා විසින්ම එය කළ හැකි නම්, ඔවුන් සේම අමරණීය වී තවත් මිනිසුන්ගේ විඩා නිවමින් ගෙන් ගෙට රටින් රටට ඇවිද යා හැකි බව දනිමි..

නමුත් ඉන් පෙර අලුත් හුස්මක් ගැනීමට හෙට  බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවට යමි. තවත් කවුරුන් හෝ අලුතින් දැක බලා ගැනීමට මගේ මිතුරන් සතුටු වෙනවා ඇත. හිර වී හෝ අලුත් අයට ඉඩ දෙන්නටත්, සමගියෙන් හිදින්නටත් ඔවුන් මට පොරොන්දු විය.

29 comments:

  1. mata me liyala thiyena deta liyanne mokadda kiyala therenne na ..mama mage godak poth aith kiyawanna one kiyala mmage hitha bala karnawa dan .E.F .C ludovictge indala chandana mendis dakwama ethera methera boho aya thamath kade giya alamariye hira wela ... !eth e e than wala thamath ida thiyenawalu .. !

    ReplyDelete
  2. හෙට බොහෝ සහෘදයින් හමුවේවා.... :)

    ReplyDelete
  3. විකියා9/17/12, 7:21 PM

    නියමයි නේ ලස්සනට ලියලා තියෙනවා..... :)

    ReplyDelete
  4. මම දවස් තුනක් යන්න වෙලාව හදා ගත්තා අක්කෙ. ස්තූතියි

    ReplyDelete
  5. හරිම නිර්මාණාත්මක රසවත් කතාවක්. පොත් අතර සැරිසරන චරිත ඔක්කොම එකතැනකට එකතු වුනොත් කොහොම තියේවිද? ජය...!

    ReplyDelete
  6. අල්තීනායි ලා දුෂෙයින්ලා,මලීකා අවුෆ්කර්න් ලා රාජ උරුමය ඔබට හමු නොව් තියෙන්න විදියක් නැතැයි සිතම්.

    ReplyDelete
    Replies
    1. හම්බුණා... අයේෂා හෙවත් ඈ එක්ක.. මේ දැන් මොන්තක්‍රිස්ටෝ සිටුතුමා පාන් කනවා..

      Delete
    2. මොන්තක්‍රිස්තෝ වැඩිය කැමති වෙයි කංසාවලට.. හොදයි නැද්ද?

      Delete
  7. නියමයි............ 23 හමු වෙමු එහෙනම්.

    ReplyDelete
  8. අපූරුවට ගොතලා තියනවා නෙරංජි..අළුත් යාළුවො ගොඩක් මේ පාරත් හමුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  9. ලස්සනයි... ලස්සනට ලියලා

    ReplyDelete
  10. ගොඩක් ස්තූතියි!!! රූ..
    ගොඩක් ස්තූතියි මධුරංග

    ReplyDelete
  11. ගොඩාක් ආස හිතුනා මේ ලියවිල්ලට.. මෙච්චර වෙලා බ්ලොග් එකේ ලියන්න දෙයක් හිත හිත හිටියේ..මේක දැක්කාම අදහසක් ආවා ඔළුවට.. හරිම ලස්සනයි අක්කේ... :)

    ReplyDelete
  12. මොරියාටෙලට හොම්ස්ලට වොට්සන්ලට නැද්ද ඉඩ ඔය මිතුරු හවුලේ???????

    ReplyDelete
    Replies
    1. තරියෝ ඇස් බලවා ගත්තා නම් හොඳයි වගේ.. ඔය අපූරුවට ඒ දෙන්නත් ඉන්නේ අනේ..

      Delete
    2. තරියා අබේ... ගන්න කඹේ
      ගලව ගන්න ඇස් දෙක

      Delete
    3. වැඩේ ලෙඩේ තරියා මල්ලී

      Delete
  13. හැමදාමත් කියන ටික තමා මට කියන්න වෙන්නේ..ඔයා ලියන්නේ ඉඳල හිටලා..ඒත් ලියවෙන්නේ හොඳම විදිහට..මම කියවපු ලිපි ඔක්කොම එහෙමයි.මම දසුනි අක්කිගෙ ලිපි තරමටම ඔයාගේ ලිපිවලටත් කැමතියි අක්කි.බොරු වර්ණනාවක් නෙවෙයි.ඒක ලිපිය කියවන ඕන කෙනෙක්ට තේරෙනවා.

    ජයෙන් ජය!

    ReplyDelete
  14. හුඟක් ස්තූතියි නංගියි.... මම ලියන්නෙ හිතුණාම... මාසෙකට දෙකක් තුනක්!! තරහ වෙන්නෙ නෑ කවුරුත්!

    ReplyDelete
  15. රන්ගිරේ ගොඩමුණේ මැඩම්ලා, විභුති රත්නලා නිවුන් සොහොයුරියන් විතරක්ම නෙමේ මීදුමෙන් ආපු සංසලා එහෙම නැද්ද ඉඟි බිඟි පාන්නේ...?
    මම නම් සන්සලල ගේන්නේ කුලියට,
    මොකද සදහටම තියා ගන්න වටින්නේ නැති නිසා.... සල්ලි අපරාදේ නිසා

    ReplyDelete
    Replies
    1. සල්ලි තිබුණොත් විභූතියාව ඇන්න එනවා!

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.