මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/20/12

හිතට ඇඩ් වෙන ඇඩ් කලාව



නිතරම රූපවාහිනී යන්ත්‍රය ළඟට වෙලා අපි ටෙලි නාට්‍ය නරඹනවා. මේ අතරෙ යන ඇඩ් නම් වෙලාවකට ඇත්තටම ලොකු කරදරයක් වග තමයි, අහන දකින හැමෝම කියන්නෙ. ඒ නිසාම අද මම මගේ ලිවිල්ලට තේමා කරගන්නෙ ඇඩ්.

ඇඩ් වලට සිංහල බසින් කියන්නේ ප්‍රචාරක දැන්වීම් කියලා. ප්‍රචාරක දැන්වීම් කියලා කීවාට අද වනවිට හැමෝම ඇඩ් වලට සිංහලයෙන් කියන්නෙ වෙළඳ දැන්වීම් කියලා. ඒත් ප්‍රචාරක දැන්වීමක් හැදිය හැක්කේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීමේ පරමාර්ථයෙන් පමණක්මද?

නැහැ. ප්‍රචාරක දැන්වීම්කරණයට නිර්වචනයක් තියෙනවා. මම ඒකම කියන්නම් ඔයාලා කාගෙත් දැනුමට.

ප්‍රචාරක දැන්වීම්, වෙළඳ දැන්වීම්, යනුවෙන් හඳුන්වන්නේ හුදු භාණ්ඩ හා සේවා ආදී පාරිභෝගික භාණ්ඩ අලවිය සඳහා උපකාර කරගන්නක් ම නොව පොදු ජන හිත සුව පිණිස යොදා ගැනීමට හැකි,දැනටමත් යොදා ගනිමින් පවතින මාධ්‍යකි. ඒහෙයින් ප්‍රචාරක දැන්වීම් සඳහා සැපයිය හැකි හොඳම නිර්වචනය නම්, මහජන මතය ගොඩ නැගීමේ ශිල්පය යන්නයි.

ඒත් සමස්තයක් වශයෙන් ගත්තොත් අද වැඩිපුරම මේ ප්‍රචාරක කලා මාධ්‍ය භාවිතා වෙන්නෙ අලෙවිය උදෙසා කීවොත් නිවැරදියි. මොනවාද වැඩියෙන්ම අලෙවි වෙන්නෙ? භාණ්ඩ හා සේවා. වැඩියෙන්ම අලෙවි වෙන සේවාව දේශපාලනය කියලත් මතක තියා ගන්න.

සාමාන්‍ය වෙළඳ දැන්වීම් ක්‍රමයෙදි  බලන්නෙ එම භාණ්ඩයේ හෝ සේවාවෙ විකිණිය හැකි දේ මොකද්ද කියලා. ඒ කියන්නෙ හැම දේකම සුවිශේෂි අලෙවි ලක්ෂණයක් තියෙනවා. බොහොම සරළ උදාහරණයක් තමා සන්ලයිට් සහ ලක්ස්.  සන්ලයිට් වලින් ලක්ස් කොහොමද වෙනස් වෙන්නෙ. , ලක්ස් සුවඳයි. එහි කෝස්ටික් අඩුයි. එහෙනම් ඇඟට හොඳයි. එහි තියෙන්නෙ සුමුදු බවක්..එහෙනම් එය කාන්කාවන්ට සුදුසුයි. ඔන්න ලක්ස් වල අලෙවි ලක්ෂණය. මේ ආකාරයෙන් බහුතරයක් භෘණ්ඩ වල සේවා වල අලෙවි ලක්ෂණයක් තියෙනවා... නැති භාණ්ඩයකට එවැන්නක් නිර්මාණය කරන්නත් නිර්මාණකරුට පුළුවන්. ඒ නිසා තමා අද අවංක දේශපාලඥයන්ගෙන් රට ඉතිරිලා තියෙන්නෙ.

සෑම පාරිභෝගික භාණ්ඩයක්ම ඒවායේ අලෙවි ලක්ෂණය මත ඉලක්ක කණ්ඩායමක් ලැබෙනවා. ඒ අයට තමයි මේ ප්‍රචාරණය සිදු කරන්නේ.ඉතින් මේ සංකල්ප ඉලක්ක කණ්ඩායම් වල මතයක් බවට පත් කරන්න මෙම ප්‍රචාරණ සැලසුම් හරියට නිර්මාණ කරුවා ස්ථානගත කරනවා. අද වෙන කොට ප්‍රවේශ කිහිපයකින් මේ දැන්වීම් ක්‍රමය භාවිතා කරනවා.එය මෙහෙම වර්ග කරන්න පුළුවනි.

භාවපූර්ණ ප්‍රවේශය
හේතුසාධක ප්‍රවේශය
ශෘංගාරාත්මක ප්‍රවේශය
සාඩම්බර ප්‍රවේශය
රුචිකත්ව ප්‍රවේශය

දැන් කට්ටියම බලනවා ඇති මොනාද මේ කියලා...  ඉස්සෙල්ලා පොඩ්ඩක් කියලා පස්සෙ උදාහරණ දෙන්නම්.



සමහර දේවල් කියන්න ඕනෙ විදියක් තියෙනවා.ඔළුවට වඩා යමක් පපුවට දැනුණොත් එහි අගය වැඩිවෙනවා නම්,එහෙමත් නැති නම් අපි ඉලක්ක කරගත් කණ්ඩායම යම් කිසි ආකාරයේ සංවේදනාත්මක යමක් එම භාණ්ඩය තුළින් බලාපොරොත්තු වෙනවා නම් අපි එම අයිතමයට වෙළද ප්‍රචාරක පටයක් සෑදීමට පිවිසිය යුත්තේ භාව පූර්ණ ප්‍රවේශයෙන්.

යමක් ගැන වැඩියෙන් දත්ත දක්වන්න අවැසි නම් එයට හේතු සාධක ප්‍රවේශය අනිවාර්යයෙන් යොදා ගන්නවා.. යම් භාණ්ඩයක් සේවාවක් සඳහා කෙනෙක්ට ශෘංගාරය යොදා ගන්න පුළුවන්.. එහිදි ඉලක්ක කණ්ඩායම,භාණ්ඩයේ අලවි ලක්ෂණය ගැන එහෙම හොඳින් හිතන්න ඕනේ. සාඩම්බර ප්‍රවේශය කියන්නෙ  එයත් කන්නෙ ඒවා... ඒ නිසා ඔබත් කන්න කියනවා වගේ දෙයක්. ඒ කියන්නෙ යම් පුද්ගලයෙකුගේ කීර්ති නාමය භාවිතා කරලා වෙළඳ අයිතමයට සාඩම්බර බවක් ලබා දීම. රුචිකත්වයේ ප්‍රවේශය බලපාන්නේ ගොඩක්දුරට ආහාර ගැන වෙළඳ දැන්වීම් කරන විට...කවුරු හරි කනවා දුටුවාම අපේ කටටත් නිකන්ම කෙළ උනලා කාලා බලන්න හිතෙනවා වගේ දෙයක් තමයි කියලා කියන්න පුළුවන්.

දැන් මම මේ හඳුන්වපු දේවල් කවලම් කරලා හෝ කලවම් නොකර හෝ අඩු වැඩියෙන් භාවිතා කරලා තමයි අද ඔබ දකින හැම වෙළඳ දැන්වීමක්ම හදලා තියෙන්නෙ..

අතීත ලංකාවෙ වෙළඳ දැන්වීම් කලාවෙ ඉඳන් අපි උදාහරණ ගම්මු...

ගැමුණු ඡායාරූප දැන්වීම



මේක සම්පූර්ණයෙන්ම හේතු සාධක දැන්වීමක්.. මුල් කාලීන නිසාම, කිසිම ලස්සනක් නෑ කියලා කියන්න පුළුවනි...හිතෙන්න පුළුවනි..හිනා යන්නත් පුළුවනි... අතීත වෙළඳ දැන්වීම් වල ඇත්තටම බහුතරයක් තිබුණෙ හේතූ පමණයි...පත්තර බැලුවෙ උගත්තු විතරක් වීම එය ට හේතුවක් වෙන්න ඇති.ශෘංගාරාත්මක ප්‍රවේශයට පා නගන්නත් උත්සාහ අරන් තියෙන වග අපට කියන්න බැරි කමක් නෑ...මෙන්න මේ වගේ දෙයක් දැක්කාම..

පන්ජෝ ගෝල්ඩ් දැලි පිහි




අතීතයේ පටන් සාඩම්බර ප්‍රවේශයට ගිය බවට කරුණුත් නැතිවාම නෙවී.. අද තරම්ම නැතිවාට එහි ආරම්භය මෙය වෙන්නට ඇති...බලන්න මේ දැන්වීම දිහා.

ලැක්ටොජන්

පියෙක් තම දරුවාට ලැක්ටොජන් දී ඇති බවට කරන ප්‍රකාශයක් හා එම ලිපිය පෙන්වා අනෙක් දරුවන්ටද එය නිර්දේශ කරන අයුරු මේ දැන්වීමෙන් පෙනේ.... එදා එතරම් ප්‍රාථමික මට්ටමේ තිබූ වෙළඳ දැන්වීම් කලාව අද බොහොම ඉස්සරහට ඇවිත්.. 

පරණ ඒවා කීපයක් බලලා අධ්‍යනය කරන්න කැමතිද? මෙතනින් යන්න.

රූපවාහිනී යන්ත්‍රයේ ආගමනය එක්ක හුඟාක් දේ වෙළඳ දැන්වීම් කලාවට එක් වුණා.කොටින්ම අද එය කෙටි සිතුවම්පටයක් වෙලා අවසන්...

එම වෙළඳ දැන්වීම් බලන්න.. ඒවාගේ ප්‍රවේශ කිහිපයක් තියෙනවා.. හැකි නම් ඔබට ඒවා හඳුනා ගන්න උත්සාහ කරන්න. මේවාගෙ හොඳ නරක..වෙන වෙනම සාකච්චා කරන්න තරම් දිග මාතෘකා ඒ නිසා මම පුළුවන් වෙලාට මේවා විග්‍රහ කරන්න උත්සාහ ගන්නම්.

මේ තුළ භාවමය,රුචි, හේතු කියන ප්‍රවේශ තුනම අන්තර්ගත වෙලා කියලා හිතෙනවාද? ඔබට..
ලිපිය දිග වැඩියි.... තව විස්තර ඊළඟ පෝස්ට් එකෙන් දෙන්නම්. අපි මේ වෙළඳ දැන්වීම් ගැන තව තව විග්‍රහ කරමු. මේ සබ්ජෙක්ට් එක මගේ ෆීල්ඩ් එක..ඔයාලාට කොයිල්ද ?? ඒකත් කියන්නකො..
පල්ලෙහා ඉඩ ඒකට..

ඔබට මේ ලිපිය කොහොම වෙතත් ඊළඟ ලිපියෙදි නම් බොහෝ දේ කියන්න තියේවී... හෙට රෑට ඒක කියවන්න..ආරාධනා කරනවා මේ ගමන්ම..



34 comments:

  1. කොයිල් වගේ නං තමා.. ඔන්න අද මං එක.
    නොදන්න දේවල් ගොඩක් තියෙනව වගේ.

    මේ එකක් මතක තියාගන්න.
    ඔයාගේ විතරක් නෙවෙයි ඕක මගෙත් ෆීල්ඩ් එක

    ReplyDelete
  2. හලේ....ඉගෙනගන්ඩතව ගොඩාලියක් ටියෙනව......

    ReplyDelete
  3. මම දැක්ක පරණ පත්තරේක.... කැස්සට බෙහෙතක් වන වෝටර්බරීස් කම්පවුන්ඩ් ගැන :D

    ReplyDelete
  4. මාත් පොඩි කාලේ ඉදන්ම ටීවි බැලුවොත් ඇඩ් බලන්ඩ තමා ආස !!!
    නාට්ටි යන වෙලාවට කියෝ කියෝ ඉදලා ඇඩ් යන වෙලාවට හ්ම් නෑ !!!
    මේ පත්තර ඇඩ් ටික නම් මරු !

    ReplyDelete
    Replies
    1. මධුරංගට කියන්න මධුරංග ඔයා හරි

      Delete
  5. වර්තමාන වෙලද දැන්වීම් කලාව විස්තර කිරීමේදී පැව්ලෝගේ සුනඛ න්‍යාය අමතක නොකල යුතුය ....... මන්ද වෙලද දැන්වීම් කලාව මෙම න්‍යාය සමග බැදී පවතින බැවිනි

    ReplyDelete
    Replies
    1. මම තාම එහෙම දෙයක් ඉගෙනගෙන නැහැ... සොයාගත් විලස කියන්නම්.

      Delete
  6. අද කොහෙද වෙලඳ දැන්වීම් කලාවක්??? කලාත්මක බවක් ගෑවිලා වත් නෑ! කොටට ඇඳගාත්තු කෙල්ලො නටවලා මොනා හරි විකුන ගන්න මානසිකත්වයක් තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. එකඟ නෑ... හොඳ නිර්මාණ තියෙනවා.

      Delete
    2. එතකොට මොබිටෙල් ඇඩ් සීරිස් එකේ ඔය කියන එක කෙල්ලෙක් හිටියද නෑනේ.
      අර සත්තු වටා තමා නිර්මාණය ගොඩනගල තියෙන්නේ.

      සබිත් කියපු එකට එකඟ නැහැ

      Delete
  7. "මේ ආකාරයෙන් බහුතරයක් භෘණ්ඩ වල සේවා වල අලෙවි ලක්ෂණයක් තියෙනවා... නැති භාණ්ඩයකට එවැන්නක් නිර්මාණය කරන්නත් නිර්මාණකරුට පුළුවන්. ඒ නිසා තමා අද අවංක දේශපාලඥයන්ගෙන් රට ඉතිරිලා තියෙන්නෙ.."

    කියාවැඩක් නැත ඒ ගැනනම්.. දැන්වීම් වැඩිවීගෙන එන කාලයේ සිට නැරඹීම නැවැත්තුවා.. දැන්නම් රූපවාහිනය නරඹන්නේ නැත.. ඒත් අතීතයෙන් ගෙනාව මේ වටින කරුණුවලට ගොඩක් ස්තූතියි නංගියට.. :)

    ReplyDelete
    Replies
    1. ඒක තමා අද ලෝකෙ සිද්ධ වෙන්නෙ!!! අක්කෙ

      Delete
  8. අර ළමයි දෙන්නගේ රක්ෂණ ඇඩ් එක සහ කැරපොත්තෝ මරණ ඇඩ් එක ගැන ඔයාල මොකද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. මම පස්සෙ ඒ ගැන යමක ලියන්නම්..

      Delete
  9. සමහර ඇඩ් තියෙනවා එක පාරක් බලපු ගමන් හිට් වෙන. දැන් ලංකාවෙ ගොඩක් ඉන්දියන් ඇඩ් වලට හඬ කවලා දානවනෙ.

    ReplyDelete
  10. නොදන්න ෆීල්ඩ් එකක් ගැන දැනගත්තා..දැන් වෙළඳ දැන්වීම් දිහා වුනත් අමුතු ඇහැකින් බලන්න පුලුවන්.තමුන් හොඳින් දන්න දෙයක් අනික් අයත් එක්ක බෙදාගන්න එක කොච්චර හොඳද...ස්තූතියි

    ReplyDelete
    Replies
    1. හි හී......අපි තව ඉගෙන ගනිමු

      Delete
  11. හැමදාම වගේම වැදගත් ලිපියක් නෙරංජි අක්කේ.තව තවත් ලියන්නට ශක්තිය දිරිය ලැබේවා..
    බොහොම ස්තුතියි!

    ReplyDelete
  12. වටින විස්තරයක්....දැං ඇඩ් එකක්වත් ගෙදර අම්මා තාත්තා එක්ක එකට ඉඳන් බලන්න බෑනේ...

    ReplyDelete
    Replies
    1. මම නම් ටීවී බලන්නෙම නැති තරම්...අපි යූ ටියුබ් එකෙන් තමා ඇඩ් බලන්නෙ...

      Delete
    2. හප්පා දියුනුයිනේ...ලංකාවෙද ඉන්නේ?.....

      Delete
  13. ඇත්තම කියනවනම් අපි මෙහේ දකින් ඇඩ් එක්ක බලද්දි ලංකාවේ යන ඒවා තව හොදයි.. ලග හිටියොත් පොඩි එකෙක් අපි පොඩි එකාගේ ඇස් වහන්න ඕන අර ටීවී එකේ යන ඇඩ් එක නොපෙනෙන්න..

    අර ඉස්සර කාලේ දැන්වීම් කීපයනම් ලස්සනයි නංගී..

    ReplyDelete
    Replies
    1. අද ශෘගාරාත්මක ප්‍රවේශය ලිංගික ප්‍රවේශයක් කරගෙන...ඒකයි අයියෙ

      Delete
  14. සමහර වෙලාවට වෙළඳ දැන්වීම් කියන දේ ජනතාව ඕනේවට වඩා වැළඳගෙන කියලත් හිතෙනවා.., වෙළඳ නාම අස්සේ ගුණදොස් වර්ණනා ඔවුන්ව අන්ධ කරලා..,
    ඉස්සර [90 දශකයේ]අපි දත් මැද්දේ සිග්නල් වලින්.., ඒ දත් සුදුවෙන.., ෆ්ලෝරයිඩ් ආලේපය දත් ආරක්ෂා කරන නිසා බව අපි හොඳ හැටි දන්නා කාරණාවක් නිසා., ඒ අතරම ලංකාවට තව දත්බෙහෙතක් ආවා ඒ SR Freshme. නිල් පැහැති ටියුබයේ එන මේ දත් බෙහෙත් පාවිච්චිය නිසා දවස පුරාවට රැඳෙන නැවුම් සිසිලසක් සමඟ ඇක්වා ෆ්‍රෙශ් ගුණය මුව නැවුම්ව තබන බව එහි දවටනයේ සඳහන් වූවා.., මේ නිසා සිග්නල් හී ඒකාධිකාරය බිඳ වැටුනා. සමහරුන් සිග්නල් පාවිච්චියේම එල්බගෙන හිටියත්.., නවතාවයෙන් යුතු බෝ දෙනා SR වෙතට ඇදුනා.., මේ තත්ත්වය SR දන්තාලේපය ලංකාවට ගෙනවා බෙදා හැරිම නවතින තුරුම පැවතුනා.., ඒ වන විටත් මේ දන්තාලේප දෙකේම නිෂ්පාදකයා Unilever බව දැන ගෙන සිටියේ ඉන් කිහිප දෙනයි..!
    :)
    ඉතා මනාප විශයක්..,
    තව ලියන්න..!
    ජය!

    ReplyDelete
    Replies
    1. හෙහ්...දන්න බොහෝ අයත් සද්ද නැතිවම හිටියා.....

      Delete
  15. බලන ඇඩ් ගැන නොදන්න දේ
    බලාගෙන ගියාම දන්න දෙයක් නෑනේ

    ReplyDelete
  16. මේ දවස්වල පත්තරවල යන අවිවා එන්ඩීබී ඇඩ් සීරීස් එක මිනිසින්ව බය කරන එක අයිති වෙන්නේ නිර්මාණාත්මක බවටද? මොකක්ද හිතෙන්නේ

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.