2/29/12
ආසයිද එක වරක් (පන්තියේ කතාවක්)
එකම පන්තියක හිඳ සිනාසුනු කාලයක්.
එකම මේසය වටේ දඟ කරපු කාලයක්
බත් පතක එකට කන යාලූවෝ පරපුරක්
නික්මිලා ගිය බවද තවම මට සිහිනයක්
අපි එන්න ඉස්සරත් පන්තියේ ළමයි ඇති
අපි යන්න ගිය පසුත් තව තවත් ළමයි එති
ඒ කවුරු ආ නමුත් ඔවුන් යළි අපි නොවෙති
අපි නොවන අපි වගම අප සියල්ලොම දනිති
කවුරුවත් නැති දිනක හිස් වෙච්ච පන්තියේ
දොරකඩට පැමිණිලා වාරු වී බිත්තියේ
අප කතාකළ බොහෝ දේ රැදුණු කණ්ඩියේ
කන තබා බලනු මැන හඬ තරඟ පණ තියේ
ඔරලෝසු කටු තුනම ආපස්සෙ කරකලා
වැරදිච්ච බොහෝ තැන් “යළිත් “ හරි ගස්සලා
එමු ආයේ පන්තියට යහළුවනි එක්වෙලා
එකම එක්වරක් ආසයි යන්න හිනැහිලා
හිතින් පිය මනින සඳ හුදකලා ඉසව්වක
මතක් වෙයි ඔබට අප සිටි බවද කිට්ටුවක
එදින ඇස පිරූවොත් කඳුලු බිඳුවක් මතක
පිසින්නට එපා ඒ හැඟුම එක “සිහිනයක“
Subscribe to:
Post Comments (Atom)
ආයෙම එනවනම් ආසම කාලයක් නේද? කොච්චර මතක් කලත් එපා වෙන්නැහැ
ReplyDeleteඒ කියන්නෙ...මෙයාටත් ඒ කාලෙ අමතක කරන්න බෑ..අපි නම් ඔව්වාට නෑ...
Deleteආයිමත් ඉන්නට හැකි නමි
ReplyDeleteඒ පුංචි පුටු මත
අහෝ අවාසනාව
ඉඬ ලැබුනත් ඉන්නට බෑ
පුංචි පුටු පොඩි වැඩියි මට
අයියෝ ඒක නම් අමූලික ඇත්ත.
Deleteඅම්මො ඇත්තටම ආපහු ඉක්කෝලේ යන ඇත්නම් කියලා කොයි වෙලෙත් හිතෙන්නේ ඇයිද මංදා...
ReplyDeleteඑතතොට ජොබ් එකට යන්ඩ ඕනෙ නැහැනෙ
Deleteඅතීතයට ගිහින් එන්න තියෙනවනම්.... මම නම් ගියොත් ආයේ එන්නේ නෑ. ඒ කාලේ වගේ සැහැල්ලු සරල ජීවිතයක් දැන් නෑ නෙව !
ReplyDeleteඔයා නම් හරි මධුරංග අයියෙ
Deleteඇඩෙනවා
ReplyDeleteහිනාවෙන්න..
Deleteඇහැට කඳුලුත් ආවා...ලස්සනයි අක්කෙ
ReplyDeleteගොඩක් ස්තූතියි..පිසාච මල්ලී
Deleteමම හිතන්නේ ජීවත් වෙන හැම කෙනෙක්ගෙන්ම ඇහුවොත් කාලයෙන් ආපස්සට යන්න ලැබුනොත් කොහාටද ඉස්සෙල්ලම යන්නේ කියලා, ඒ හැමෝගෙන උත්තරය වෙන්නේ පාසල් කාලය.. ඇත්තටම අපි කාටවත් ඒ කාලය අමතක නෑ..
ReplyDeleteඒක නම් ඇත්ත.
Deleteටයිම් මැශින් තිබුනානම් ලෝකෙම පුන්චි ලමයි විතරක් ඉතුරු වේවි මං හිතන්නෙ… :)))
ReplyDeleteවිභාග නැත්තම් එහෙම වෙයි
Deleteඒ කාලේ හිතුනෙම කවදද කසාද බදින්නේ කියල , දැන් බලපුවහම මේක සංසාර චක්‍රය වගේ එකක් නේ .
ReplyDeleteහි හී...මට එහෙම හිතුණෙ නැද්ද මන්දා
Deleteගොඩාක් අරුත්බරයි
ReplyDeleteඑහෙමද නංගී
Deleteකදුළු බින්දුවක් නොවේ, ගගක්මය ගලන්නේ
ReplyDeleteයන්න සිතුනත් යලි, කොහොම එය කරන්නේ