මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/1/12

මලගිය අනාගතය හා අහිංසකයන්ගේ‍ ආරාමය



 මා මෙය ලියන්නට සිතුවේ මීට පෙර වුවත් තාලයක් කල්පනා වනතුරු සිටියෙමි.හැබෑවටම මම අහිංසකාරාමයට බොහෝ ප්‍රිය කළෙමි.එහි ඉතිහාසය මම තරමක් දුරට ප්‍රිය කළෙමි.නමුත් මම අහිංසකාරාමයට  ආශා කළේ එය සමාජ ඛේදවාචකයක කලාත්මක ප්‍රති මූර්තියක් වූ නිසා‍වෙනි.මම කුඩා කළ එය හදනවා දුටුවෙමි.. 2000 වසරේ මම අලුත් ඉස්කෝලෙ යන විට එය කිරි පාටට දිලෙන ලස්සන තැනකි...මම පාසල් ගොස් අවසන් වන විට එහි දිය සෙවල බැඳුණත්,ළඟදී එය යළිත් ලස්සනට දිළෙන්නට විය..මල් තවානෙන් පසු එය වැසිකිලියට ගත් වග සියැසින් දිනපතා දුටු අය අතර මම සිටිමි...කලිසම් වනා දැමූ අහිංසකාරාමය සිහි කළේ ඉතා පහත් මට්ටමේ තුවා රාක්කයකි.
එය බිඳ දැමීම ගැන එක එක මතවාද කොතරම් තිබුණත් මම සිටින්නේ නිගරුවට වඩා විනාශය යහපත් යන මට්ටමක..ඒ අතින් මේ මොහොතේ සංවර්ධනය ගත් තීන්දුව සැබවින් ම යහපත්...සාමාන්‍ය මල් කරුවන්ගේ පොදු වැසිකිළිය වීමට වඩා එය වටිනවා නේද? නැවත වරක් කුඩාවට එය ගොඩ නගනවා නම් පැලවත්ත ජනකලා කේන්ද්‍රයටත් වඩා ඇඹිලිපිටිය ඊට සුදුසුයි...අඩුම තරමෙ ඒ දරුවන්ගෙ අම්මලා ඒ ගැන බලාගනිවී..මම දන්නෙ එච්චරයි..මොකද පැළවත්තෙ සමාජ විෂමතාව වෙනුවෙන් ලොකුවට කතා කරන අය ලොකු බිල්ඩිං ගහං හිටියාට මේ තරම් ළඟ තිබිලාත් මේක ගැන බැලුවෙ නැත්තම්..ජනකලාවට ගියත් ඔය සැලකිල්ලම තමා!!

තාලයක් නැති ගීතය

අතීතය Part | 1


එදා දුටු උස් පවුර 
සම කරනු පිණිස නැගි
හද පෙළක් මිහිකුසේ
කඳුලු මැද ලැගුම් ගති


අතීතය Part | 2

අව් දූලි හුළං වැද
වැහි වැටුණු සිමෙන්තිය
පාසි බැඳ වහන් කළ
තාලයක් නැති කවිය

කරදාසි කොළ වලට
සිතින් පිටපත් කරන්
අම්මාට කියවන්න
එක් කරන් යන හිතින්

පැන නැගුණු හදවතක්
මග බලන සඳ මගට
හිර කෙරූ හීනයක්
ආයෙ යන්නට ගමට

වර්තමානය  Partner

එදා දුටු උස් පවුර 
සම බිමක් වූ අයුර
අපූරූද කොයි තරම
බලන් සකි එහි මහිම


අනාගතය ?????????????????


එදා ඩෝසර් කෙරූ
රුහිරු පිරි සිරුරූ
අදත්  මතකයන්
ඩෝසර් ව ඇති අයුරූ


මේ ටික අගින් එක් කරන්නෙ ඔබේ දැනුමට- (සියල්ල අන්තර්ජාලයෙන් බාගත කළ ඒවා)
අහින්සකයන්ගේ ආරාමය නිර්මාතෘ
ජගත් වීරසිංහ මහතා








විශාරද නන්දා මාලනීය හා මහාචාර්ය සුනිල්  ආරියරත්නයන් විසින් එක් කළ පුවරු





අහිංසකාරාමයේ කැඩුණු බිඳුණු ස්වරූපය 
ඩොසර් කිරීමට එන හැටි

දරුවන් ගණන සිහි කරන කනු (මෙහි හිස් ගලවා තිබිණි)
හිතැත්තන් ගේ කව් සටහන් මැටි පුවරු වී

ප.ලි

වර්ෂ 1988 – 91 අතර කාලයේ දී ඇඹිලිපිටිය ඇතුළු රටපුරා ඇති වූ භීෂණ තරුණ මරණ වෙනුවෙන්, පාර්ලිමේන්තු වට රවුම ඉදිරිපිට ‘අහිංසකයන්ගේ ආරාමය’ ඉදිකළේ 2000 වසර දී ය‍. දහස් සංඛ්‍යාත මවු පියවරුන්ගේ දෑතින් මිරිකුන මැටි පිඩවල් මෙහි ඇති අතර මෙය ස්මාරකයක් ලෙස වසර 12ක් පැවතුණි


31 comments:

  1. matanam kiyanna therenne na mage adahasa ..mama danne oya kiyanna hadane de thama matath kiyanna ona wela thiynne kiyala . balan me arumaya yahapath bawe shapaya .

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් රජය බැනුම් අහනවා....ඒත් මම කියන්නෙ දුක් බර වුණත් කළ දේ හරි

      Delete
  2. විධිමත්ව , සැලැස්මක් නැතිව, ඔහේ රැල්ලට හදපුවා....

    දුකක් දැනෙනවා මේසටහන කියෙව්වහම, මාත් ඔය පාරෙන් හැමදාම යනකොට බැලෙන තැනක් අහිංසකයන්ගේ ආරාමය...

    ReplyDelete
    Replies
    1. මාත් කියන්නෙ ඒකයි....ඕකට දැන්වත් සැලැස්මක් ඕනෙ

      Delete
  3. මම මේක ඉස්සරහින් උදෙ හවස ගියාට මේක මොකද්ද කියලා දැනන් උන්නේ නෑ... ඇත්තම කිවොත් තාමත් පැහැදිලි නෑ... සංවර්ධනය රටට දේවල් එකතු කරනවා වගේම, සමහරක් තියෙන දේවල් අහිමි කරනවා....

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්.........දැලි පිහියක් වගේ තමා

      Delete
  4. දුක තිතෙන සිදුවීමක් !
    අපරාදේ අහිංසකාරාමය !

    ReplyDelete
    Replies
    1. ඒකනෙ........ඒත් කඩපු එක හරි...හරියට බලාගන්න බෑ නම්

      Delete
  5. අදමයි මේ ගැන ඇහුවේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය දන්නෙ කැඩුවාට පස්සෙ...ඒකත් මරු

      Delete
  6. සිරාවට මාත් කියන්නේ ඕක ඔතන තිබිලා කිසිම අගයක් නැතව චාටර් වෙවී තියෙනවට වඩා කඩලා අහක්කරපු එක හොඳයි. කාලෙකට ඉස්සර ඕක ඉස්සරහින් ඔලිම්පික් එකට කියලා ලොකු කනුවකුත් හදලා තිබ්බෙනේ. දැන් එහෙම එකක් තිබ්බද කියලා ලකුණක්වත්නැ. වැදගත් කියලා සලකන්න පුලුවන් දෙයක් හදලා බලන්න කලින් හරි හමන් තැනක් තෝරගන්න මේ රටේ මිනිස්සු කවදා ඉගෙනගනීද මන්දා.

    ReplyDelete
    Replies
    1. සිරාවට මටත් හිතෙනවා...අපරාදෙ සල්ලිත් යනවානෙ

      Delete
  7. මමනම් ගිහින් නැති තැනක්

    ReplyDelete
    Replies
    1. ගොඩ දෙනෙක් ගිහින් නෑ වර්ණා

      Delete
  8. lassanai, hondhata liyapu nirmanayak, I liked it
    Ashane

    ReplyDelete
  9. මට නම් පොස්ට් එක බලපුවම මෙය නොතේරුණත් ..නීනු ඔයාගේ පැහැදිලි කිරීම නිසා තේරුම් ගත්තා...මන් නම් ඔතන දැකල නෑ...මොකද මන් ඔය පැත්තට ඇවිල්ලම නැති නිසා...එත් හරිම සංවේදී සටහනක්....

    කියපු විදියට නැවත සදනවා නම් ඇඹිලිපිටියේ හැදුවනම් හරි....නැත්නම් ඔතනට ගිය කලම තම එතනටත් යන්නේ

    ReplyDelete
    Replies
    1. ඇති යාන්තං....ඔයා කීවත් වගේ මේක පැහැදිළි කළා නම් හරි!!

      Delete
  10. අද තමයි මේක ගැන ඇහුවෙත්. කොළඹ පුරා අළුත් හෝටල් හැදෙනව. මේ වගේ වටින තැන් නැතිවෙනව.

    ReplyDelete
    Replies
    1. අහ්.....මේකයි තමී අයියා...අපි කතා වුණේ මේක කඩපු එක මේ වෙලාවෙ හැටියට හොඳයි කියලා...මේකට මල් කාරයො හෙණ අගරු කළා අනේ

      Delete
  11. හිතට හරිම සංවේදී හෑගීමක ... දෑනුන ... නමුත් .... අවසානයට ... හෑමටම ...සිදුවෙන ... වෙනස් වීම ... නෑතිවිම ... දුක ... ඔක තමා .... නේද ? අන්තිමට හෑම දෙනාටම ... හෑම දේකටම ... උරුම පරම වූ සත්‍යය ....

    ReplyDelete
  12. මම දැක්කේ පෙරේදා... දැකපු ගමන්ම ලොකු දුකක් දැනුනා.... ඒත් ඒක කොතන හරි ආයෙත් හැදෙන්න ඕනමයි....

    ReplyDelete
  13. අනේ අහිංසකාරාමය කඩලද............ අදයි දන්නෙ... :-(

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් කීපදවසක් වෙනවා

      Delete
  14. මම ඉස්සර බොරැල්ලේ ක්ලාස් යද්දි හැමදාම වගේ ඕක දකිනවා.. අන්තිමට මම දකිද්දි ඕක වල් බිහි වෙලා තිබ්බේ හරි හමන් නඩත්තුවක් නැතුව..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ............දුටු අය දන්නවා

      Delete
  15. අනේ අදමයි මේ සීන් එක දන්නේ.....

    ReplyDelete
  16. Mama yaaluwek ekka giyaa balanna....maara thanak...kiyawanakota ammala thaaththalaa liyapuwaa agahiriwatenawaa ....
    Methana ethakota adhu aarakshaka kalaapayak.....

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.