මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/31/10

2011 | නව වසර + අපි = රට

2011 තව මොහොතකින් උදා වනු ඇත.එය නව අවුරුද්දකි.අලුත් දශකයකි.සහස්‍රය ලබා දස වසරක් ගෙවී යන මොහොතකි.වෙනදා අලුත් අවුරුදු වලට මෙන්ම මෙවරද කඩ සාප්පු බඩු බාහිරාදියෙන් පිරී ගිය බව ඔබ කවුරුත් දකින්නට ඇත. බඩු මිල එන්න එන්නම වැඩි වුවද...පොල් කෙතරම් ඉහළ මිලකට ගණන් ගියද කිරි බත ඉවීමට පොල් ගෙඩියක් ගෙන යාමට ගෘහනි වරු අමතක කළේද නැත.දරුවන්ට කෙසේ හෝ අලුත් අවුරුද්දට පොත් ටිකක් රැගෙන දෙන්නට බොහෝ දෙමව්පියෝ කටයුතු කළ බවද ගිය දින කිහිපයේ පාරට බැස්සා නම් ඔබ දකින්නට ඇත.
කොතරම් මුදල් අඟ හිඟ තිබ්බත් 
රතිඥ්ඥා කඩවලට පාඩු නොකරන්නට බොහෝ අය කටයුතු කළ බව අතොරක් නෑර හවස හයේ සිට පුපුරන රතිඥ්ඥා කියති....
දෙදහස් දහය වසර සේම මේ වසරද ගෙවා දමනවා දැයි තීරණය කිරීම අප සියල්ලන් සතුම කාරණයකි....වසර තිහක යුද්දය අවසන් වී වසරක් ගෙවී අවසන් වී ඇතත් ....පශ්චාත්තාප විය යුතු පළිගැනීම් වල එල්ඹ ගනිමින්...ආසන වලට ගහ මරා ගනිමින් දෙදහස් දහය වසර ගෙවා දැමූ බව මතකයේ තබා ගත යුතුය.අපිට මේ ද්ශකය තුළ නැගිටීමට නොහැකි වුවහොත් එය මෙ බිම මත වෙසෙන සියල්ලන්ගේම පාපයකි.ඉපදෙන පරපුරට  ශාපයකි.

1505 සිට 1948 වනතුරු ම පරදේසීන්  පාලනය වූ රට අපි අපේ කරගත්තාට පසුද දුන්නේ දුක් කම් කටොළුය.දැන් ඒවා මඳක් දුර අත්තීතයට එවෙමින් ඇත.අපි අමතක නොකළයුතු අතීතයකින් පන්නරය ලබා අනාගතයට පිය නැගියයුත්තෝ වෙමු....

වසර තිහක් පුරා මිහිදන් වූ ලේ කඳුළු වල සාරයෙන් විකසිත වියයුතු කාලය එළඹ ඇත....

ඉතින් ඔබට සාමය සතුට පිටි නව වසරක් වේවා!!!... 

13 comments:

  1. නීනුටත් සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  2. මෙන්න මේ අවුරුද්දෙ මගේ බ්ලොග් එකට ඉස්සෙල්ලාම ඇවිත් තියෙන්නෙ මගේ ආසම තරහකාරයා

    ReplyDelete
  3. සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    ReplyDelete
  4. ඔන්න තුන් වැනියාට මාත් ආවා...
    සුභ නව වසරක් වෙවා..!

    ReplyDelete
  5. අනේ අප්පේ මාරයාව දැක්කාම තියෙන සතුට....අර අපේ ආච්චිල අම්බානට බය වෙලා නිවන් දකින්න හදන්නේ මෙයාට බයේද?..හිකිස්

    ආ හසියා මාත් හිතා ඉන්නෙ මේ අවුරුද්දෙ මොකක් හරි පවුලක් පටන් ගන්න....නැත්තම් තියෙන පවුලකට ජොයින් වෙන්න...තනියෙන් බ්ලොග් ලියද්දි ගතියක් නෑ.... මඩ අඩුයිනෙ....

    දෙන්නාට ජියර් පාත් නොවෙන ඉයර් එකකට ආසිරි

    ReplyDelete
  6. අහ්...අපේ පවුලට සෙට් වෙන්න "හසී" කියන නම ඔයාගේ නමේ කොහේ හරි තියෙනම් ඇති හොදටම....නමක් නැතිනම් එහෙම...අළුතින් දාගමු.... (හසීනෙංජි වගේ....)
    මෙන්න හසියගෙන් පුංචිම පුංචිම තෑග්ගක් අළුත් අවුරුද්දේ......

    ReplyDelete
  7. සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා..............!!!!!!!!!!!!!!!

    ReplyDelete
  8. හොඳ අදහසක් හසියො.......නීනු සත්‍යා....නෙරංජි.....ඔය අස්සෙ හසී කෑල්ලකුත් දාගත්තොත්.. බෑ.... නේද?... හංස වගේ නමකින් බ්ලොග් එකක් පටන් ගත්තා නම් හරි. නැත්තම් සොරි තමයි..

    ReplyDelete
  9. හැම අළුත් අවුරුද්දකම. දහසක් ප්‍රාර්තනා පොදි බැද ගන්නව.
    ඒ වුනාට මේ අවුරුද්දෙදි හෝ අතීතතය ගැන පසු තැවිලි නොවී, අනාගතය ගැන සිහින නොබලමින්, අපට වෙනසක් සිදු කළ හැකි වර්තමානයෙන් ප්‍රයෝජන ගන්නට අදිටන් කර ගනිමු.

    ReplyDelete
  10. සුබ නව වසරක් නෙරංජි,

    ReplyDelete
  11. ඉතින් ඔබ සැමට සුබ නව වසරක්

    ReplyDelete
  12. පරණ අවුරැද්දෙන් අලුත් අවුරැද්දට එද්දිම නෙරංජියාට මෙහි මා විසින් දැමූ සුභ පැතුම කවුරැන්හෝ සොරාගෙන ඇත.
    අහෝ!!!

    මේ ලැබුවාවූ වසර නෙරංජියාටත් රෝස වලාකුලු වලටත් සුභම සුභ නව වසරක් වේවා!!!

    අලුත් අවුරැද්දෙ යන්තම් දෙයියනේ කියල වලාකුල රෝස පාට වෙලා. අනේ වාසනාවන්.........

    ReplyDelete
  13. “ලැබුවා වූ 2011 නව වසර නිනූට සාමය සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!!”

    කරුණාකර මෙම සුබ පැතුම Backdate කරගන්න.
    මෙම සුබ පැතුම ඔබ වෙත ගෙන ආවේ 2011 වසරේ සුබ පැතුම් සඳහා ISO 9001 – 2011 සහතික ලත් එකම බෙදාහරින්නා වෙතිනි. කරුණාකර අනුකරණ සුබපැතුම් වලට නොරැවටෙන්න.

    ...::: සන්සරසිදු | sansarasidu :::... - http://sansarasidu.blogspot.com/

    e – Philatelist - http://sansarasidu-philatelist.blogspot.com/

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.