මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

6/20/10

බ්ලොග් කෙරුවාවේ අවුරුද්දක් ?

මම රෝස වලාකුළු බ්ලොග් එක හැදුවේ දෙදහස් නවයේ සැප්තැම්බර් මාසේ තිස් වෙනිදා දවසක...මේ බ්ලොග් එක හදන්න කලින් මම නීනුගේ නිශාව කියලා බ්ලොග් එකක් කළා.ඒත් ඒකට එක එක දේ කරන්න ගින්හින් මගේ අතින්ම අක්‍රීය වුණා.

ඒත් කොහොම කොහොම හරි හොයා බලාගෙන යනකොට මම ඉස්සෙල්ලාම බ්ලොග් එකක් හදලා තියෙන්නේ....දෙදහස් නවය අවුරුද්දේ අප්‍රේල් විසි හය වෙනිදාවක.... ඒක බ්ලොග් එකක් කියලාවත් මම එතකොට දන්නේ නෑ..මගේ මෆාස් කියන නොදුටු යාළුවෙක් තමයි. මට ඒ ගැන කියා දුන්නේ... එයා කිව්වෙ.."කවි ලියන්න පුලුවන් අයට තමන් විසින්ම කවි දාගන්න පුලුවන් සයිට් එකක් ෆේස් බුක් වලින්ම හදා ගන්න පුලුවන් profile badge කියලා දෙයක් තියෙනවා කියලා.. ඒක තමයි මේ මම හදපු පළවෙනි බ්ලොග් එක... 



බ්ලොග් එකක් කියලා දැන ගෙන නීනුගේ නිශාව හැදුවේ... ගිය අවුරුද්දේ මේ කාලෙදි.. ඒ කියන්නේ..පුෂ්පා නැන්දාගේ ...මග පෙන්වීම මත...නමුත් මම කවදාටත් ආදරේ කළේ රෝස වලාකුළු කියන මේ බ්ලොග් එකටයි.අනික් ඒවා පටන් ගත්තාට වැඩි දුරක් ගියේ නෑ...මම බ්ලොග් කීපයක් රෝස වලාකුලු වලට පසෙත් අත් හදා බැලුවත්, මගේ හිත යන්නේම රෝස වලාකුළු දිහාවටමයි.

මම දැනගෙනම කරපු හරිම බ්ලොග් එක රෝස වලාකුළු.. මම එකිනකාගෙන් එකතු කරගත් දැනුම පරීක්ෂා කළේ රෝස වලාකුළු..ඒ නිසාම මම රෝස වලාකුළට ආද‍රෙයි.දැනගෙන කරපු බ්ලොග් කෙරුවාවට අවුරුද්දක් වුණත් මට වැදගත් වෙන්නේ සැප්තැම්බර් තිස් වෙනිදා රෝස වලාකුළට පිරෙන අවුරුද්දයි.....නමුත්අවුරුද්දක බ්ලොග් කෙරුවාව ගැන සිහි කළ යුතු නිසා මෙසේ ලියා තබන්නට මට හිතුණා...

රෝස වලලකුළු බ්ලොග් එකට අවුරුද්දක් පිරෙන දාට බ්ලොග් එකට උදව් කරපු හැමෝ ගැනම ලොකු ලිපියක් ලියනවා...

මම ඉගෙන ගන්න ශ්‍රී ලංකා ජනමාධ්‍ය විදුහලේ විෂය නිර්දේෂයටත් නව මාධ්‍ය වෙනුවෙන් බ්ලොග් එකක් කිරීම අනිවාර්ය වෙලා තියෙනවා...ඒ නිසා තමයි...මම
සත්‍යයේ සුයාමය කියන අලුත්ම බ්ලොග් එක පටන් ගත්තේ....තාම අලුත්....හදාගෙන යනවා....

ඉතින් මම බලා ඉන්නේ සැප්තැම්බර් මාසේ තිස් වෙනිදා වෙනකන්!!!


6 comments:

  1. සුබ පැතුම්!!දිගටම ලියමු ඕං!

    ReplyDelete
  2. අදහස් දැක්වූවට ස්තූතියි... සහෝ!!

    ReplyDelete
  3. නියමයි අක්කී...තව දිගු ගමනක් යන්න සුබ පතනවා

    ReplyDelete
  4. තවත් දිගු ගමනකට මගෙන් කෙටි සුභ පැතුමක්.................

    ReplyDelete
  5. ජය වේවා....තව ලියන්න...අපි කියවනවා.....

    ReplyDelete
  6. හ්ම්... මගේ නංගියාට ඔන්න අයියගෙනුත් සුභ පැතුම්.....

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.