මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

5/20/10

වීරයා සෙවීම


ඔබට වීරයෙක් සිටීද?
සමහරක් විට ඔබ එයට "ඔව්" කියා පිළිතුරු දෙනු නියතය.
නමුත් එම වීරයා කවුද?
මහත්මා ගාන්ධි,චේ ගෙවාරා ,ලියනාඩෝ ඩාවින්චි,ඇල්බට් අයින්ස්ටයින් වැනි අයද ඔබගේ වීරයා...
එසේත් නැතිනම් හැරීපෝටර්,සුපෙර්මෑන්,හර්කියුලිස්,සෝරෝ,රොබින්සන් කෲසෝ.....
එහෙම කෙනෙක්ද? සමහරක් විට ෂාරුක් ඛාන්,රිතික් රෝෂන්,ශකීරා වගේ කෙනෙක්ද?
නැහැ ඔබ විදෙස් චරිත ප්‍රිය කෙනෙක් නෙවෙයි වෙන්න පුළුවන්.
රාවණා,ගැමුණු,විජයබා වගේ රජෙක් ද ඔබේ වීරයා.
ඔය කවුරුත් නොවන ඔය වර්ගීකරණයට අයත් නොවෙන කෙනෙක්ද?
.....ඇත්තටම ඔබ සොයා ගෙන වීරයා යැයි සිතා සිටින වීරයා නිවැරදිද?
ඔබ ඔහු හෝ ඇය ඔබේ වීරයා ලෙස තෝරා ගත්තේ කුමන පරමාර්ථයකින්ද?
ඔහු හෝ ඇයට ඔබ ජීවිතය තුළ කෙතරම් බලපෑමක් කළ හැකි වීද?
සොයා බලන්න. සිතා බලන්න.
ඒ වීරත්වය ගැන ඔබට හැඟෙන හැම දෙයක්ම කියන්න. අපි වීරයා හොයාගමු.

3 comments:

  1. ඒ දවස් වල මට වීරයෝ වැහි වැහැලා සිටියෝය. ඔවුන් ගේ ප්‍රතිරූපයට වහ වැටී සිටියෙමි. වීරයන් ගේ චරිතයේ යම් දුර්වලතා දු‍ටුවිට මට ඔවුන්ව එපා විය. සැබැවින්ම මා සොයා තිබුනේ නොකැලැල් චරිතයක් හෙබි වීරයකු ය. එසේ මා දන්නා එකම වීරයාණන් වහන්සේ "අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ "පමණි.

    ReplyDelete
  2. ඕක හුගක් සාපේක්ෂ අත්දැකීමක් පොඩි කළේ නම් අපේ තාත්තා අම්මා තමයි අපේ වීරයෝ එතකොට අයියලා අක්කලා එහෙමත් වීරයෝ ඒ හැබැයි ඉතින් පහුගිය දශකයේ තමයි දැන් ඉන්න ළමයි දකින වීරයෝ වෙනයි ඒ වීරයෝ මේ සමාජය විසින් ඒ ඔලුවලට බලෙන් රිංගවන වීරයෝ සෑබැ වීරයෝ නෙමෙයි.
    මේ ජීවිතේ මා දකින සෑබැ වීරයෝ බුදු පියාණෝ හැරුනු විට අපේ අම්මයි තාත්තයි මට නම් එහෙමයි

    ReplyDelete
  3. දැං වීරයෝ ඔක්කොම විකිණිලා ඉවරයි නීනු.
    කැප්පෙටිපොල හිටියනම් එයත් ඔය වීවා ඇඩ් එකක දකින්න ලැබෙයි.නැත්තං ඡන්ද කාලෙට සංවේදී නායකයින් වෙනුවෙන් කඩේ යයි.එහෙම ආත්මය විකුණපු වීරයෝ කියල හිතාගෙන ඉන්න කීපදෙනෙක් නම් ඇති.ඒත් ඒ වීරයෝ නෙවෙයි නීනු

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.