මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/13/10

මගේ අවුරුද්ද

නිවාඩු දුන්නා..අප්‍රේල් 6 වෙනිදා...අප්පච්චිට නිවාඩු නැති නිසා කිසිම නෑදෑ ගෙදරක යන්න බැරි වුණා..ඒ අයටත් අපේ ගෙදර එන්න වෙලා නැති වුණා....
අවුරුද්දට කැවිලි හදන්න ගෙදර කවුරුත් මහන්සි වෙන්නෙ නෑ. කඩෙන් ගෙනාපු කේක් තාම මෙසේ උඩ...ඒක කපලා.හෙට කිරිබත් උයලා..ලුණු මිරිසුයි..මිරිස් මාලුයි තිබ්බාම අපිට අවුරුදු!!! හෙට ගෙවල් වලින් කෑම පිගන් එනවා....ඒවට බිස්කට් පැකට් ගෙනල්ල තියෙන්නේ.....ආපහු ගෙනියද්දි ගිහින් දෙන්න....හරිම ලේසියි...තව ටිකකින් 3D max වලින් එරබදු මල් පුප්පලා මෙගා නාට්‍ය ටික බලන්න,ටීවී එක ආරාධනා කරනවා....අපේ ගෙදර ඔක්කොම ඉන්පස්සේ එතන....අලුත් අවුරුද්දේ එකම වෙනස අප්පච්චි හැමදාම එන්නේ රෑ 9.30ට...අද අප්පච්චි ගෙදර,.......ආ..මම අලුත් ඇඳුමකුත් ගත්තා.....මම දන්නවා නොකිව්වට ඔයාල සමහරුන්ගෙ අවුරුදුත් මේ වගේ තමයි කියලා...
මට මේ ගෙදර තාම යමක් කමක් කරන්න බෑ..නැත්තම් මම දන්නවා...අවුරුද්ද සමරන හැටි....තාම මට විස්සයි....බලමුකො...තව මම ජීවත් වෙනවනෙ!!!

8 comments:

  1. hondai hondai, oyala ohoma hari samaranawa, samahara gewal wala ohomawath nane :D anyway SUBA ALUTH AURUDDAK WEWA

    ReplyDelete
  2. ගනන් ගන්න එපා සහෝදරී.. අවුරුදු ඔහොමවත් නැති අය ඉන්නවා. බලන්න මං දිහා. කොහොම උනත්, සුභ අලුත් අවුරුද්දක් පතනවා ඔයාට.

    ReplyDelete
  3. ෂී.. උඹ මොනවද මේ ලියලා තියෙන්නෙ??

    මගෙම හිත කියවනව වගේ මට දැනුනෙ මේක කියවද්දි..
    තනි බොරුව හැම තැනම තියෙන්නෙ.. එන්න එන්නම අවුරුද්ද ප්ලාස්ටික් වේගන එනවා කියල මට හිතෙන්නෙ..
    තමන්ටම බොරු කරගන්නවා..
    තාම මටත් 20යි, ඇත්තමයි මේ කියන්නෙ.. මේ අවුරුද්දෙදි මං හිතාගත්තා මම මූලික වෙලා කවදහරි සමරන
    අවුරුද්ද කරන්න ඕන හැටි, හ්ම්.. මට සන්තෝසද දුකද මන්දා දැනෙන්නෙ තවත් මම වගේම හිතන
    මගෙ වයසෙ කොල්ලෙක් ඉන්නව දැක්කම, අනේ මන්දා අපේ නොලැබීම මචං..

    ම්හ්.. වැඩ නවත්තන්න තව විනාඩි 8යි, උඹට සුභ අළුත් අවුරුද්දක් වේවා සහෝදරයා..!!

    ReplyDelete
  4. Ansh අක්කා කිව්ව වගේ ඔහොමවත් අවුරුදු නැති කට්ටිය කොච්චර නම් ඉන්නවද නංගි..
    මාත් අවුරුද්ද කඩෙන් ගේන එකට හරිම විරුද්ධයි..
    ඒත් අවුරුද්දට අපේ අම්මල නංගිල වෙහෙසවෙන හැටි දැක්කහම හිතෙනවා අවුරුද්ද කඩෙන් ගෙනාවත් කමක් නෑ කියලා...
    කොහොම වෙතත් ඔබට සාමය, සතුට සපිරි...
    ඔබේ සියළු පැතුම් ඉටුවන සුබ අළුත් අවුරුද්දක්ම වේවා !!!

    ReplyDelete
  5. අනේ මම සහෝදරයෙක් නෙවෙයි..සහෝදරියක්.....ඔයාලා හැමෝටම මොළේ පෑදෙන අවුරුද්දක් වේවා..

    ReplyDelete
  6. නීනු ඔයාටත්...2010 වසරේ උදා වූ... සිංහල, දෙමළ අළුත් අවුරුද්ද.. ඔයාගේ සියලු, සිතුම්.. පැතුම්.. ඉටුවන, සාමය සතුට ඉතිරුනු, නිදුක් නීරෝගී සුවය රැදුනු... වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙන්න..කියා පතන්නම්.

    120 ට 220 ක් ආයුබෝ වේවා...

    ReplyDelete
  7. සුභ අලුත් අවුරුද්දක් ඔබටත් නංගා.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.