මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/8/10

බ්ලොග් මැරතන් දිවීම

මමත් ලෑස්තියි..බ්ලොග් මැරතන් දුවන්න....ඒ වෙනුවෙන්ම මම බ්ලොග් එකක් හැදුවා... ඉතින් අපි බලමු කාන්තාව හා සිංහල බ්ලොග් මැරතන් කොයි වගේ තියෙයිද කියලා..මට දිනන්න නම් බැරි වෙයි...ඒත් සහභාගී වෙන එකෙන් සතුටු වෙනවා....... වතුර ගහන්නත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ....ඒකේ සතුටක් තියෙනවා...එහෙම නේද? ඉතින් අපි දුවමු.....සිංහල අවුරුද්දට හොඳම මැරතන්...මෙන්න අපේ බ්ලොග් මැරතන්

5 comments:

  1. නියමයි...ඔයාව දිරිමත් කරන්න අපි ලැහැස්තියි..... මාත් කැමතියි තරගයට ඉන්න....ඒත් මම බ්ලොග් අඩවියට අලුත්ම අලුත් කෙනෙක්. ඒක නිසා සහභාගි වෙන අයව දිරිමත් කරන්න උපරිම සහයෝගය දෙනවා....

    හිතට ශක්තිය ගන්න...ඔබට ජය

    ReplyDelete
  2. @දිල්,
    මම බ්ලොග් මැරතන් එකකට මුලින්ම සහභාගි වුණේ 2008 දෙසැම්බර් වල. ඒක පැය හයේ මිනි මැරතන් එකක්. ඒ දවස් වල මම බ්ලොග් කලාවට අලුත්ම අලුත් කෙනෙක්. එදා සුපිරි මට්ටමේ ෆන් එකක් අපි කට්ටියත් එක්ක ගත්තා.

    ඊළඟට 2009 අප්‍රේල්. ඒ දවස් වල අයහපත් සෞඛ්‍ය තත්වය නිසා මම සහභාගි වුණේ නැහැ.

    දැන්, ඒ කාලෙ වගේ නෙමෙයි මම අතිශයින්ම කාර්යබහුලයි. ඒත් මම මැරතන් එකට එනවා. අළුත් අය තමයි මේකට සහභාගි වෙන්න ම ඕනේ. Socialize වෙන්න, කට්ටිය අඳුනගන්න. :-)

    ReplyDelete
  3. නියමයි නංගියො. ඔන්න මගෙනුත් ෆුල් සපෝර්ට් එක.... ඒවා කොහෙද ඔයා දිනනවා.... best of luck.... :)

    ReplyDelete
  4. ෂා නියමයි එ වැඩෙනම්
    මගෙනුත් උපරිම සහයොගය ...
    මොකද මට දුවන්න බැනේ
    මම එන්නම් පා පැදියක නැගලා වතුර ගහන්න එහෙම

    ReplyDelete
  5. මම නම් හුඟක්ම අලුත් ගිය සැප්තැම්බර් වල ඉඳන් තමයි......ලියන්නේ....ඉතින් මේ මගේ ඉස්සෙල්ලාම දිවිල්ල....මෙතෙක් මම වළාකුළේ ලියපු ලිපි වල කටු සටහන් නැහැ....නව කතාවටවත් නෑ...ඉතින් මැරතන් එකට කටු සටහන් ගහනවාට අපේ රම්ලිනී නැන්දා විරුද්ධයි!!!!.....හිතා ගන්න බැරිව ඉන්නේ...

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.