අම්මා හිටියේ පුදුම තරහකින්......අම්මා අයියාට කතා කළේ පුදුම සැරෙන්....උඹලා මඟුල් නටන්නද ඉස්කෝලෙ යන්නේ කියලා විතරයි අම්මා ඇහැව්වෙ.....අම්මා පිපිරුවා මිසක් කතා කළේ නෑ...අම්මා කොහොමත් ලොකු අයියාට ආදරෙයි....ඒකයි..අම්මාට දුක...හවස් උනා ටික ටික...මම ගියා....පහන තියන්න.....අද ඒක වැරදුණොත්, ඒකත් අයියාගේ පිටින් යයි කියලා මට හිතුණා...මම මල් කඩන් ගෙදරට එනකොට අයියාගේ ෆෝන් එක රින්ග් වෙනවා..අයියාත් ළඟ පාතක නෑ.....මම බැලුවා පේන නම මොකක්ද කියලා...දෙනූ කියලා තිබ්බේ....මම ඉන් පස්සේ ෆෝන් එක සයිලන්ස් මෝඩ් දාලා අයියාව හොයන්න ගියා.....අනේ අපේ අයියා වත්ත පිටිපස්සෙ ලොකු කල්පනාවක.....
මම ළඟට ගියා"කෝල් එකක්" කියලා ෆෝන් එක අතට දුන්නා...මම එතනට එනව නොදැනුණු නිසාද කොහෙද අයියා එකපාරට බය වෙලා වගේ ෆෝන් එක අතට ගත්තේ..."කියපන් දෙනූ" අයියා ඇමතුමට පිළිතුරු දුන්නා.....මම ඒක අහන් හිටියෙ නෑ....මල් වලට පැන් ඉහින්න ගියා...මම බුදුන් වැඳලා ගෙට එද්දි.....අයියා ගේ ඇතුළේ හිටියා....පොඩි අයියාට ඔක්කොම කියනවා...පොඩි අයියා නම් කිව්වෙ තත්තාගෙන් ශේප් වෙන හැටි....
තාත්තා ගෙදර එනකන් කොයි තරම් සැලසුම් ගැහුවත්,වැඩක් නෑ..අවායෙන් පස්සෙ දෙන්නම දිය වෙලා වගේ හිටියේ...තාත්තා නඩු බේරන්නේ..රෑ කෑමෙන් පස්සේ...
අම්මා තාත්තාට කලින් ම විස්තර කියලා.....තාත්තා දුන්නේ හිතුවාට වඩා වෙනස් උත්තරයක්...කොටින්ම කීවොත් ඒක මේ වයසේ කාටත් උචිත පොදු අවවාදයක්....
ඒදා රෑ එහෙමම ගෙවුණා......පහුවදා උදේ මම ඉස්කෝලෙ ගියා....මම ඉගෙනගත්තේ කොළඹ බාලිකාවක, අයියලා දෙන්නම ගියේ මිශ්‍ර ඉස්කෝල වලට...
අද අපේ ඉස්කෝලේ සයන්ස් ඩේ එක......මම කළේ ආර්ට්ස් සබ්ජෙක්ට්ස් වුණත්,අපි හැම දේකටම උදව් කරගත්තා...මම නැටුමකට හිටියා....ඇඳගෙන..උඩ තට්ටුවෙ මේන් හෝල් එකට එද්දි දැකලා පුරුදු මූණක් ඉස්සරහ ලියාපදිංචි වෙන මේසේ ළඟ ආශිර්වාදි අක්කා එක්ක කතා කර කර උන්නා..."දෙනෙත් අයියා" මම අඳුර ගත්තු ගමන් මගේ කටින් පිට වුණා..."මල්පෙති කොහොමද දෙනෙත් ව දන්නේ?"ආශි අක්කාට ලොකු ප්‍රශ්නයක්...."මම මෙයාගේ අයියාගෙ හොඳම යාළුවා ආශි...මෙයාගේ අයියායි මායි එක කෙමෙස්ට්‍රි ක්ලාස් එකේ...."හිනාවකුත් එක්කම දෙනෙත් කිවුවා....නැටුම් ඇඳුමකින් හිටියා නිසා මම හිනා වෙලා හෝල් එක ඇතුළට ගියා....බැක් ස්ටේජ එකට යන්න තිබුණු උවමනාව නිසා ඉස්සරහට යන්න හැදුවත්...දිග ඩාන්සින් කොස්ටියුම් එක පුටුවක පැටළුනා...මම පහත් වෙද්දි..මට කලින් කෙනෙක් පහත් වෙලා පැටළුම ලෙහුවා.."පුටුවක පැටළුනු නිසා ලෙහා ගන්න පුළුවන්..ඒත් හිතක පැටළුනොත් නම් ලෙහෙනවා බොරු"දෙනෙත් හිනා වෙන්නේ ඇස් වලින්...."කොහොමද අයියාට?"
ඊළඟට ඇහුවා..."ඔයා ඇවිත් අපේ අයියාව නාස්ති කරලා ගියා"මම කිව්වෙ කොයි තරම් දරුණු දෙයක්ද කියලා මට පස්සෙයි තේරුණේ....මට හරියට ඔහොම දේවල් වෙනවා...ළඟදි දවසක් මම කේන්ති ගිහින්අපේ ලොකු අයියාට පව්කාරයා කියලා අයියා රෑට කෑවෙත් නැතුව තරහ උනා...ඉතින්..ඒ වගේම දෙනෙත්ගෙ මූණට ආවෙත් අමුතු වෙනසක්.... එයා ලොකු කතාවක් කියන්න මුල පිරුවා..
ඉතිරියට ඊලඟ මොහොත ඉඩදෙන්න..
මගේ හිත ළඟ ළඟම ...
කවිකාර කම් ගොතන
පුංචි සමනළ රෑනේ
සොඳුරු උරුමක්කාර
ඔබ කවුද කියන් මට.....
එකම එක වතාවක්
හැමදාමත්ම වගේ කුතුහලය ඇති කරලා කතාව නවත්වලා. දැන් ඉතින් ඉමුකො ඊලඟ කොටස එනකම් :)
ReplyDeleteඇයි මෙච්චර පරක්කු කලේ?? හැමදාම කියන්න වගේ කුතුහලය ඉතිරෙනව ඔයාගෙ කතාවෙ.
ReplyDeleteස්තූතියි.....ඉක්මනින්ම ලියන්නම්කො
ReplyDeleteදිගටම ලියන්න නීනු. සුබපැතුම්!
ReplyDeleteඉක්මනට ලියන්නකො... හැමදාම පොඩ්ඩනෙ ලියන්නෙ...
ReplyDelete