"හැම දෙයක්ම දැනගෙනද ඔයා ඔහොම කතා කරන්නේ?..."මගෙන් දෙනෙත් ඇහුවේ ඇත්තටම අමුතු විදිහට..."අයියා දුකින් ඉද්දි මට දුක හිතුණා...සොරි..ඔයාගේ හිත රිදුනා නම්, මම යනවා.."මම දිග ගවුම එකතු කර ගත්තේ..ඒ ඇස් මඟ හැරලා එතැනින් යන්න....."මල්පෙති, ඔයා රොටරි එනවාද?"මම හැරිලා බැලුවා....පළවෙනි දවසේ මා ළඟ තිබ්බ මුඛරි කම කෝ කියලා මට හිතුණේ..මම ඔළුව විතරක් වනපු බව තේරුණාමයි..."සෙනසුරාදා තියනවාද?"දෙනෙත් ගේ ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ...මම හිස වැනුවා....."යන්න ගිහින් ලස්සනට නටන්න.."එයාම කතාව අවසන් කළා....මම හිනා වෙලා බැක් ස්ටේජ් දිව්වා..
අපෝ එදා නම් මට ස්ටේජ් එකෙන් බිමට පනින්න හිතුණා..දෙනෙත්ගෙ ඇස් දෙක මා දිහාවෙමයි තිබ්බේ....ඒකෙන් බේරෙන්න බැරි වුණා...
ඉතින් ඔය හිතිවිලි එක්ක ගෙදර ආපු මට අයියා ගැන බලන්න ටිකක් වෙලා ගියා...රැවුලවත් කපලා නෑ..ඔහේ ඉන්නවා..."තුන්ව්වෙනි පාර වත් ගොඩයන්න අදහසක් නැද්ද?" මම අයියාගෙන් ඇහුවා....මේ ලොකු අයියාගෙ උසස්පෙළ තුන් වෙනි පාර, පොඩි අයියාගේ පළවෙනි පාර..මට තව අවුරුදු එකහමාරක් තියෙනවා.....ඉතින් අනික් අයට උපදෙස් දෙන්න පුළුවන්...
"දෙනෙත් අයියා අයියාගේ වයසේ නෙවෙයිද?"මම ඇහුවෙ අද එයා ඉස්කෝලෙට ආපු නිසා...."නෑ.. පොඩීගේ වයසේ...හැබැයි මටත් වඩා පැහිලා...""පන්ති යන්නේ නැද්ද?" මම අයියාගෙන් ආපහු ඇහුවා...."අද බෑ...දෙනෙත් මට නෝට්ස් ගෙනත් දෙයි..." අයියා කිව්ව..."අදම?"...මම ඇහැව්වහම අයියාට සැක හිතිලා වගේ...මා දිහා බැලුවා..."කොල්ල ගැන අහනවා වැඩී.."මට ඉතින් ඇත්තටම ලැජ්ජයිනේ...ඉතින් මාත් "වැඩේමයි" කියලා මඟ හැරියා.... පාඩම් පොත අතට ගත්තත් උදේ සිද්ධිය මැවි මැවී පෙන්නේ...
හවස මම මේසයට වෙලා කවි වගයක් පාඩම් කර කර හිටියා...දොරට තට්ටු කරන සද්දයක් ඇහිලා හැරිලා බැලුවා..දෙනෙත් අයියා හැබැයි තව කෙල්ලෙකුත් එක්ක....
ඉතිරියට ඊළඟ මොහොත ඉඩ දෙන්න
ඔන්න ඉතින් ආයෙත් නැවැත්තුවා කතාව! :(
ReplyDeleteනොනවත්වා ලියන්න අමාරුයිනෙ!!!
ReplyDeleteහ්ම් මෙයා කතාව කියන්නෙ හරිම ලෝබ කමින්...
ReplyDelete