මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/10/10

එන්න අපි දුවමු

හිතෙන දේ හිතෙන වෙලාවෙම කරන්න ඕනේ"මැරතන් එකක් දුවන්න කලින් ඇවිදගෙන ආපු විදිහ කියන්න ඕනේ"කියන හිතිවිල්ල තමයි මේ ලිපිය ලියන්න බල කළේ....මම බ්ලොග් කෙරුවාව දැනගෙන ආපු කෙනෙක් නෙවෙයි.....කොටින්ම Facebook එකට මම ආවේත් ගිය අවුරුද්දේ පෙබරවාරියේ...ඒත් මම මේ වෙනකොට accounts තුනක් හදලා ,එයිනුත් දෙකක් delete කරලා ඉවරයි......මාස 4ක් ඇතුළත 2227 ක් මට යාළුවො ලැබුණා...ආපු හැම එකක්ම accept කළාම ඔහොම වැඩ වෙනවා....මටම පස්සේ කරදරයක් වුණා....අනික chat line එකේ 200ක් විතර ඉන්නකොට පිස්සු හැදෙනවා...ඉතින් ඔය වගේ හේතු නිසයි.. hacker ලා නිසයි...මම යාළුවො ගොඩක් දා ගන්නේ නෑ..

ඉතින් ඔය අතරේ මට හම්බුනා රම්ලිනී නැන්දා..එයා තමයි බ්ලොග් ලියන්න කියලා කිව්වෙ...මම ඒ ගැන දන්නේ නෑ..හැබැයි මම ඒ profile badge ගැන දැනන් හිටියා...මුලින්ම හැදුවේ ඒකක්..... ඒක මට හදන්න කියා දුන්නේ මහනුවර මුස්ලිම් යාලුවෙක්....එයා තමයි මට මේ real time Unicode converter එක,එතකොට පරිගණකයට සිංහල දාන හැටි කියා දුන්නේ... මම ඉස්සෙල්ලාම ඒකට ලියුවේ අපේ සිංහල පන්තිය ගැන කවියක්...

ඉතින් රම්ලිනී නැන්දාගෙ මග පෙන්වීම යටතේ මම බ්ලොග් ලියන්න අත්පොත් තැබුවා.....මම ඉස්සෙල්ලාම blogs දෙක තුනක් බැලුවා......පස්සේ ලියන ක්‍රමය හිතට ආවා... ඊට පස්සෙ blogs දහයක් විතර බැලුවා...ඒවා ඔක්කොම තාක්ෂණය ප්‍රාථමික.e blogger templates , word press මතම යැපෙන ඒවා...ඉතින්...මම බ්ලොග් එකක් හැදුවා.....ඒක තමයි..නීනුගේ නිශාව....නීනුගේ නිශාව ලියන අතරම තමයි..මම රෝස වලාකුළ පටන් ගත්තේ....එකම email address වලින්. ..මංජුල වෙඩිවර්ධන අයියා ගේ monsoon moon blog එකේ සෑහෙන widget ප්‍රමාණයක් තිබුණා...නමුත් මම e blogger නිසා ඒවා අත් හදා බැලුවේ නෑ.. ඒත් ක්‍රමය දැන අහ ගත්තු නිසා... මම ඒව blogger වලින් අත් හදා බැලුවා..

මම සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය තුළ ලියා පදිංචි වීම නිසා අමුතු තල්ලුවක් ලැබුණා..ඉදිරියටම ලියන්න......ඒ වගේම හැකියාවත් සෑහෙන්න දියුණු කරගන්න ලැබුණා කියලා හිතනවා..ඒ විතරක් නෙවෙයි..ඒ ඔස්සේ මම බූන්දියටත් ගියා......

ඔන්න ඔය අතරේදී තමයි මට ගයන්තව බ්ලොග් ලෝකයේදී මුණ ගැහුණේ..ගයෝ ගෙ බ්ලොග් එක වෙනස්...මාර වැඩ කෑලී...පොඩි කාලේ ඉඳන් අළුත් දේට තාක්ෂණයට මම ආසයි..ඉතින් මම ඉන්පස්සේ බැලුවේ ඒ විදිහට බ්ලොග් එක හදා ගන්න....මම ගයෝ ගේ යාළුවන් ගේ බ්ලොග් බැලුවාම තේරුම් ගියා වෙන template දාන්න පුළුවන් බව...


ගයන්ත නම් කිව්වේ ලේසිම ක්‍රමය word press වලට මාරු වීම කියලා...මම අත් හදා බැලුවා..නමුත් ඒක ටිකක් අමාරුයි වගේ දැනුණා..ඉන් පස්සේ මම blogger වලම ඉන්න තීරණය කළා.ඉතින්....මම හිටපු තැනින්නම ඉහළ යන්න තීරණය කළා.

මම ඔය අතරේ නීනුගේ නිශාව රෝස වලාකුළට import කර නීනුගේ නිශාව disable කළා...මොකද රෝස වලාකුළට රසිකයො ගොඩක් හිටියා(මගේ හැටියට)....රෝස වලාකුළේ template මාරු කරන්න මට ගොඩක් අයියාලා උදව් කළා.....ඒත් මම ඒකෙන් සැහීමකට පත් නොවීම නිසාම, මගේ පණ්ඩිත වැඩකින් රෝස වලාකුළ බ්ලොග් එක චකබ්ලාස්ට් වුණා...අපරාදේ ඒ වෙද්දිත් followers 50ක් හිටියා.. backup තියා ගත්ත නිසා හොඳට ගියා....ඉතින් අලුත් රෝස වලාකුළ හැදුවා....මම කා ගන්න වෙලාවල් වලට බ්ලොග් එක නැති වෙනවා..අලුත් email address වලින් ආපහු හදනවා.. ඔය හැම වරදක්ම, වැඩක්ම සම සිතින් ඉවසලා කරුණාව පෙරදැරිව ආපහු සංගමේට ලියපදිංචි කරනවාට කාලිංග අයියා ,ඉන්දරේ අයියා ඇතුළු VIPලාට මම දස දහස් වරක් ස්තූති පූර්වක් වෙනවා..ගූගල් සමූහයට තමයි මම හැම ප්‍රශ්නෙම ගොඩාක් වෙලාවට කියලා යවන්නේ....අනේ ඒ වෙලාවට කේන්තියකින් තොරව උපකාර කරපු හැම කෙනෙක්ටම ස්තූතියි...

ඉන්පස්සේ මගේ මිත්‍රයෙක් වෙච්චි උෂාන් pyzam.com වෙබ් ජාලයක තියෙන templates දාන හැටි මට කියා දුන්නා....ඒ ඔස්සේ මම තනියම ක්‍රමය ඉගෙන ගත්තා...download කර දා ගන්නක්‍රමය මම නිකමට අත් හදා බලපු දෙයක්....කවුරු කිව්වත් මට ඒක තේරිලා තිබුණේ නෑ..මේවා බොහෝ දෙනාට සරළ ඇති..ඒත් මට නම් හරිම අමාරුයි ඔය වැඩ....ඉතින් වරද්දල වරද්දලා තමයි ඉගෙන ගත්තේ....නමුත් ඒ නිසාම ආපහු කවදාවත් වරදින්නේත් නෑ.අමතක වෙන්නෙත් නෑ.....මම සෑහෙන දේවල් මේ හරහා ඉගෙන ගත්තා.. කලා විෂය ධාරාව කළ ළමයෙක් හැටියට සෑහෙන තාක්ෂණික දැනුමක් දැන් මට තියෙනවා. අපේ පන්තියේ අනෙකුත් ළමයි අතරින්... මම තමයි පන්තියේ නව මාධ්‍ය දැනුමෙන් ඉදිරියෙන් ම ඉන්නේ..ඒ විතරක් නෙවෙයි....ජන මාධ්‍යට ඉදිරියක් දකින්න නව මාධ්‍ය අවැසි නිසා මට එතනත් ලොකු වාසියක් තියෙනවා....

මම හුඟක් දේ ඉගෙන ගත්තේ සිංහල බ්ලොග් කරුවන්ගෙ සංගමය හරහා...ඉතින් ඒක මට ලොකු සතුටක්....මැරතන් දුවන්න කලින්....දිනන්න හැමෝටම මම සුභ පතනවා.. මම තාම දිනන්න තරම් පරිණත නොවුනත්, කවදා හරි බ්ලොග් ලෝකය තුළ කන්තා නියෝජනය හැකිතාක් ගෙන එන්නකාන්තා පරපුර උනන්දු කරවන්න මම බලාපොරොත්තු වෙනවා....මම යමක් බ්ලොග් වලින් ඉගෙන ගත්තා නම් ඒ සම්පූර්ණ ගරුත්වය....බ්ලොග් කරුවන්ට....කියලාත් සිහි කරන්නටම ඕනේ......


මම නෙරංජි කියන නමින් බ්ලොග් ලිව්වත් ගොඩක් කියවෙන්නේ නීනු කියන නම..ඉතින් ඒ නම මට දාපු රුක්ෂාන් මල්ලිටත්, උදව් කරපු හැමෝටමත් ස්තූතියි.....මගේ එකම ආසාව කොලේජ් එකෙන් ඉවත් වෙලා ජන මාධ්‍ය වේදිනියක් හැටියට කටයුතු කරන්න.....මගේ පාදම ශක්තිමත් කියලා මට විශ්වාසයි.....ඉතින් ඒ මම ඇවිදගෙන ආපු ගමන...මැරතන් එක දුවනවාට වඩා සහබාගි වෙලා බලන්න ආසයි මේක කොයි වගේද කියලා..කට්ටිය නම් ලෑස්ති ඇති....මම නම් තාම ඒ වෙනුවෙන් ලෑස්ති වුණේ..නෑ..කමක් නෑ තව දවස් තියෙනවා...තාම 10 වෙනිදා....උදව් කළ ,නොකළ, උපහාසයට හිනා වුණු,කරුණාවෙන් හිනා වුණු,වැරදි පෙන්නපු,වැරදි වලට හදා ගන්න මග කියපු,වචනෙකින් හෝ උදව් වූ හැමෝටම ස්තූතියි....ආයෙත්.... ඊයේ මට ලින්ක්ස් දාගන්න හැටි කියලා දුන්නේ අපේ ගෙහාන් අයියාටත්,කලින් දවසක විඩියෝ දාන්න උගන්නපු දුකා අයියාටත් ස්තූතියි....කරන්නම ඕනේ....මේ තියෙන්නේ මගේ අලුත්ම බ්ලොග් අඩවිය මැරතන් එක දුවන්නේ මෙන්න මේකෙන් නෙරංජිගේ..........ඉතින් අපි දුවමුද?



5 comments:

  1. කෝ ඉතිං ඔය කියන ඔයාගෙ නැන්ද පොඩ්ඩ?

    - කකා

    ප/ලිඃ
    ලිපිවලින් එලියට ලින්ක්ස් දාන්න. උදා, රම්ලනීට, ගයෝ ට, SBU එකට.

    ReplyDelete
  2. එළ එළ.. ඔහොම යං..

    මගෙ ‍‍බ්ලොගේ කොහෙද වැඩ කෑලි? o_O
    පෝස්ට් 2~3කට පාරක් Theme එක නම් වෙනස් කරනවා.. ;)

    anyway, අපිටත් comment එකක් දාන්න පුළුවන් පෝස්ට් එකක් ලියන්න ඉඳල හිටල හරි.. බඹ 10ක් විතර ගැඹුරු තේරුම් තියෙන දේවල්ම නැතුව.. :)

    ReplyDelete
  3. නියමයි... දුවමු දුවමු !!! තරඟකිරිල්ල කෙසේ වෙතත් අපිත් අනිවාර්යයෙන්ම එනවා.. වතුර බාල්දිත් අරං.. ඔන්න හොඳට දුවන්න ඕනෑ හොඳේ...

    ReplyDelete
  4. ඔය ටෙක්නිකල් කෑලී දන්නවා නම් මෙහෙම ඉන්නේ නෑ ගයෝ.....ඉන්නවකො...බ්ලොග් මරතන් දාට ඩෙන්නම් හොඳ කතා උපන් දා ඉඳලා වල් පල් ලියන්න තමයි ට්‍රයි එක..හික් හික්

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.