මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/30/10

මම දකින මැයි දවස


එදා
___________________
හිරු ලෙසම නැගෙන්නයි
බල කළත් නිරතුරුව
හැකිළිලා යනු සැබැවි
පඩි කොළය ඉදිරිපිට
අනේ නුඹ අසරණය
සකිය මක් කරන්නද?

අද
_________________
නමුත් හෙට මැයි දවස
රතු පාට මල් පිපෙන
රතු කොඩිය අතට ගෙන
රතෙන් ලෝකය දුලන
එකම එක දවසකට
කම්කරුවො රජ කරන

හෙට
_____________

සූරගෙන කෑ දිවිය
වසර ගනනක් පුරා
දිනා ගත් ලෙස වැරෙන්
මහඟු සතුටින් පිනා
ලද ලෙසින් ප්‍රීතියක්
කවරදාටත් වඩා
සිනාසී කෑගසා
උගුරු ලේ වනතුරා
තවත් එක් දිනක ලද
ඉසිඹුවක් නිම කළා


සියල්ල අවසන
______________
ලබන අවුරුද්දෙවත්
හිනා වෙන්නට සිතා
මේ වසර යළිත්
ලොක්කන්ට වැඩ කරනවා
සියලු අයිතිය දිනා ගැනුම
පසෙකින් තබා
දෙසැම්බරයේ ලැබෙන
දීමනාවක් පතා

ඇත්ත
________________
මහා මේරුව වරක්
පෙරළන්ට හැකිවේද?
වියරු වූ සත් සයුර
මොහොතකට නිහඬ කර
ගඟන දෙදරා දුවන
විදුලි එළි අතට ගෙන
විසි කරනු හැකිවේද
ඈතකින් ඇතකට....

2 comments:

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.