මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/7/10

හෙට විශ්ව කාන්තා දිනයයි...


හරියට වලාකුළු වගේ..පුංචි හුළඟේ පාවෙලා යනවා...ඒ වුණත් මහ කුණාටුවකකවත් බිමට වැටෙන්නේ නෑ...අහසේ හිටියාට අහසට අයිතිත් නෑ...පොළවෙ ඉන්නේ කියලා කියන්නත් බෑ....වෙලාවකට රෝස වලාකුළු වගේම හරිම ලස්සනයි...තව වෙලාවකට වැහි වලාකුළු වගේම බරයි....විදුලිය හංගාගෙන ඉන්නවා..ඉර එළියෙන් ලෝකෙ පිච්චෙන්න නොදී රැක ගන්නවා...වැහැලා පොළව සරුසාර කරනවා...කාන්තාව ඒ වගේ...පුෂ්පා නැන්දා ලියපු කාන්තා උපහාර ගීතය මට මේ මොහෝතේ මතක් වෙනවා.

ඒත් මම අද මගේ කවියක් අපි වෙනුවෙන් ලියනවා...

තරු රටා විසිර ගිය
නීල නිල් අහස් ගඟ
වලාවක් ලෙසින් පාවෙලා....
සදා හද විල් තෙරට
මල් තුහින වස්සවන
සදාදර ජීවිතේ....
සොයා ගිය අනන්තේ....
සියලු ලොව අම්මලා
අක්කලා, නංගිලා
දෝණිලා,දෝණිලගේ අම්මලා...
සදාකල් වාසනා මිහිතලේ...





8 comments:

  1. ලොව සියලු කතුන්ට අපේ උපහාරය හිමිවිය යුතුයි

    ReplyDelete
  2. ලොවේ උන්නතිය වෙනුවෙන් කාන්තාවන්ගේ දායකත්වය ප්‍රසංශනීයයි....

    ReplyDelete
  3. මට යමක් තියෙනවා කියන්න.

    මොකද පිරිමින්ට දිනයක් නැත්තේ?
    පිරිමි කියන්නේ වැදගත් නැති නිසාද?

    /බිඟුවා...!

    ReplyDelete
  4. කාන්තාවට මේ ලොකේ සම තැනක් හිමි විය යුතුයි මම හිතනවා ඒ අයට ඒක ලැබිලා තියෙන්නේ කියලා ඒත් ඒ වෙනුවෙන් පෙනී සිටින කාන්තා සංවිධාන වල ක්‍රියාකාරීත්වය නම් ප්‍රශ්ණ කළ යුතුයි

    ReplyDelete
  5. මම හිතන්නේ සම තැන නෙමෙයි හිමි තැන දෙන්න ඔනා ...

    කිව්ව වගේ ඔය එන් ජී ඔ ටික ගැන නම් හොයන්න වෙනවා ...

    ReplyDelete
  6. කාන්තා අයිතීන් වලත් තියෙන්නේ සම තැන කියලා කාන්තාවට හිමි තැන නම් ලැබිලා තියෙන්නේ සම තැන මන් හිතන්නේ ඒ අය ඉල්ලන්නේ

    ReplyDelete
  7. oya kisi dheyak epa..senaseeme inna denna....echcharayi godak aya illanne....

    ReplyDelete
  8. ඇත්තයි අක්කේ. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න අපිත් මිනිස්සු අපිටත් හැඟීම් දැනීම් තියෙනවා. ඇයි අපි‍ට විතරක් අමුතුවෙන් නීති. ලස්සනම ලස්සනයි.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.