මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/5/10

කඳුළු ඇරඹුම




පෙරවදන.....................!!

මම අද ඉඳන් කතාවක් ලියනවා.මේ ලියන්නේ ඔයාගේ කතාව වෙන්න පුලුවන්. සමහරවිට ඔයාගේ යාලුවාගේ කතාව වෙන්න පුලුවන්....නමුත් මම මේ ලියන කතාව බොරුවක් කියලා අහක දාන්න නම් එපා..මේක ඇත්තම කතාවක්....මගේ නෙවෙයි...අයියාගේ...මම හිතුවෙ ඔයාලාට බොරු කියන්න...මේ මගේ අයියා කියලා...ඒත් මට අයියලා නෑ..සහෝදරයෙක්,සහෝදරියක් ලබන්න පින් කරපු කෙනෙක් නෙවෙයි මම...ඒත් මේ ලියන්නේ මගේ අයියා ගැන...එයා සහෝදරයෙක් තරම් මට කිට්ටු වෙලා...

කතාව ඔයාලාට රසවත් වෙන්න නම් ඒක ටිකක් රසවත්ව ලිය වෙන්න ඕනෙ..ඒ නිසා මම මගේ ආඛ්‍යානය භාවිතා කරන්නෙ..උත්තම පුරුෂයෙන්...මම එයාගේ නංගිගේ දෘෂ්ටි කෝණයේ ඉඳන් මේ කතාව ලියනවා... මේක ඇත්තම කතාවක්... පොඩි බොරුවක් වත් නෑ..මේ කතාව මට දුන්නු මගේම සහෝදරයක් වගේ මට ආදරේ මගේ නොවෙන මගේ අයියාගේ මුළු ජීවිතේම සැනසෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...එයා එයාගේ නමින් මේ කතාව ලියන්න කිවුවත්...මට ටිකක් දුර පෙනුනා...එයාලාගේ කතාව මම මට අනුව...ලස්සනට ලියන්නම්...මේ කතාව අවසානය මම වෙනස් කරන්නේ නෑ..ඒත් ඒ ගෑණු ළමයාගේ අනාගතේ වෙනුවෙන්, මම නම් වෙනස් කරනවා.ඉතින් රැඳී ඉන්න....කියවන්න....ඔවුන්ගේ කඳුළු කතාව...




පිදුම........................!!!

කාත් කවුරුවත්
අයියෙක් ,අක්කෙක් ,
නංගියෙක්,මල්ලියෙක්
නැති ව
පාළු වෙච්චි...
ලෝකෙක හිටපු
නීනු පැටියාට
බටු ඇටේ කිය කිය
පුංචි හිත ඇතුළ
මහ විසාල
අයියා කෙනෙක් වුණු
නීනුගෙම අයියා
නොවන
නීනුගේ එකම අයියාට...


8 comments:

  1. හොදයි. දිගටම ලියන්න අපි කියවන්නම්. ඔයාගේ නිර්මාණ ගොඩක් රසවත්.....

    ReplyDelete
  2. hari.

    ehenam api kiyawanna ready welaa innamko..

    ReplyDelete
  3. ලියන්න දැන් අපි කියවන්නම් සංවේදි කථාවක්ද?

    ReplyDelete
  4. ඇත්තටම ඔව්....මේක ඇත්තම කතාවක්...මේකෙ ප්‍රධාන කතාව ..ඒකත් එක්ක යන අනු කතා ඔක්කොම ඇත්ත.
    මේ ලෝකෙ නොවෙච්චි අපූර්ව එක සිදු වීමක් වත් මේ කතාවේ නෑ..මේ කත්හවෙ එන හැම දෙයක්ම කොයි මොහොතේ කාට හරි වෙලා තියෙන දැනුත් වෙන දෙවල්........වෙන්න පුළුවන් දේවල්...

    ReplyDelete
  5. liyanna liyanna api asawen inanwa kiyawanna . .. .

    ReplyDelete
  6. නිර්මාණය කියවන්න බලාපොරෙත්තුවෙන් ඉන්නවා.

    ReplyDelete
  7. ඔන්න සමනලීත් නිනූගේ කතාව කියවන්න ආසාවෙන් ලෑස්ති ‍වෙලා ඉන්නේ....
    සුභ පැතුම්....!!!

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.