මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/21/10

කිරි කැටියා ගඟේ ගියා...

ලෝ තුළ සා දුකින් හඬනා දරු කන්ද
ලය මැද හොවා කිරි දුන් මව්වරු නිබඳ
ගැහැණිය සතුව නිති ඇති දරු පෙම සබඳ
බිඳකුදු මෙකත තුළ නොවනට කිම වරද

බර නැත දෑතට පුතුනේ
ඔබේ නිසල පුංචි සිරුර
කඳුලැල්ලක සතපවලා
අද අවසන් ගමනක යන

ඒ කාලේ ලේන අම්ම,
මුහුදෙ වැටුණු පුතු ලබන්ට
ඇඬූ කඳුළු දැකපු
සක්‍ර දෙවියො ආපි බේර ගන්ට...

දෙවියො උණත්
පුතා බේර ගන්ට
ආවෙ පමාවෙලයි....

පුතා දිව්‍යලොකෙ
ගියේ...
මේ ලෝකය එපා වෙලයි....

අමිල පුතේ ඔයා වගේ
මේ ලෝකය එපා කරලා
තවත් පුතෙක් ඔහෙට ආවා
අද දවසෙම ලංකාවෙන්...
"එක දවසක් වයස පුතෙක්
ඒ අම්මත් ඇලට දාලා"

තම දරු පැටව් තනිකර යන නොමැති විළී
මව් නම කැළැල් කළ අය සමු ගද්දි ගිලී
අමිල සෙනෙහසින් පරදා කඳුළු ඇළී
රන් කැටි අපෙ පුතේ නුඹ ඉපදෙන්න යළී





4 comments:

  1. Kaviya hodai. Arthayak thiyenawa.
    eth me amma la eheme kale ai?????????
    Eka ganath lassana kaviyak liyanna.

    ReplyDelete
  2. ඳුක හිතෙන කතාවක් නමුත් මේක ඇතුලේ හැංගිලා ඉන්න අම්මා මොන විදියේ ගැහැණියක්ද යන්න මට තවමත් අපැහැදිලියි!

    ReplyDelete
  3. api hoyala beluwa....eth amma gena ahu une..weradi..eya kiyanne godak boru

    ReplyDelete
  4. මේ සිද්ධියේදී මම මුනිවත රකිමින් සිටීමට වඩාත් කැමතිය.

    /බිඟුවා...!

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.