මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/14/10

පිනි මල් කඳුළක් ( දෙවන කඳුළ )
















ඔවුන් කතා කළේ කවුරු හරි ගැහැණු ළමයෙක් ගැන.දන්න තරමින් අපේ අයියාට කෙල්ලෙක් හිටියෙක් හිටියේ නෑ..හිටියා නම් මම දන්නවානේ...අනික පොඩි අයියාටයි මටයි හොරෙන් අපේ අයියා කොහොමද කෙල්ලක් එක්කලා යාළු වෙන්නේ....කියලා මට හිතුණා..තේක අරන් කාමරය ඇතුලට මම යද්දි අයියා හිටියේ මූණ හොඳටම දුක පුරවගෙන....
මට ඒ වෙලාවෙ ඇත්තටම දෙනෙත් අයියා එක්ක ආවේ ලොකු තරහක්..
ඔයා ගින්නක් අරන්ද ඉස් ඉස්සෙල්ලම ගෙදරට ආවෙ?
මම දෙනෙත් අයියා ගෙන් ඇහැවුවා.එයා වුණත් හිටියෙ සතුටකින් නෙවෙයි...
එයා මගෙ මූණ දිහා තප්පරයක් දෙකක් බලා උන්නා.අපේ අයියා කිසි සද්දයක් නෑ.
"ලැවු ගින්නක් වෙන්න කලින් නිවා ගන්න කියලා යන්න ආවෙ?"
එක පාරටම දෙනෙත් කිව්වා.
"මචං උඹ පිස්සු කෙළින්න එපා...මට කියන්න තියෙන්නේ එච්චරයි"
ඊළඟට අයියා දිහා බලල එහෙම කියලා යන්න හැරුණා.
"තේ එක?"මම යන්න හදන දෙනෙත්ගෙන් ඇහුවා..."ගින්දර අරන් ආපු එකාට දෙන්න ඕනේ උණු තේ නෙවෙයි.....කූල් වෙච්චි වතුර"
එයාගේ මුණේ හිනාවක් නැතත් මට හිනා ගියා...අයියා ගැන සැණින් සිහිපත් වුණා..ඒ නිසා මගේ හිනාව අතුරුදහන් වුණා.
දෙනෙත් ගෙදරින් යනකන් ඉඳලා මම අයියාට කිට්ටු වුණා..
"ඇයි අයියෙ දුකෙන්? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?කියන්නකො?"
මම ඇවිටිළි කළා..
අයියා හෝදා පාළු වෙලා ගිය මුණකින් මා දිහා බලන් ටිකක් වෙලා හිටියා.
එක පාරටම මාව බදාගෙන අඬන්න ගත්තා....අයියා අන එක නැවැත්තුවාට පස්සෙත් මම ගොඩක් වෙලා ඇඬුවා.හේතුවක් නැති වූණත් අයියා අඬපු නිසා ඇඬුනා...
මම කඳුළු එක්කම අයියාගෙන් ඇහුවා "කියන්න මොකද උනේ කියලා මගෙ අයියෙ"
අයියා අතීතෙටත්ත් වැඩිය නොහිතපු තරම් අනාගතේදි දුකබර වුණු එයාගේ කතාව දිග හැරියා...

ඉතිරියට ඊලඟ මොහොත ඉඩදෙන්න....

ඇතීතයේ ඔබ ගිය ලෙසින්
ගියාවේ නම් සදහටම පිටුපා
මේ තරම් දුක්
මගේ හද තුළ
නොයෙන්නට තිබුණා
පුංචි සමනළියේ...


7 comments:

  1. ඉක්මනට කියන්න ඉතුරු ටිකත්, බලගෙන ඉන්නවා

    ReplyDelete
  2. අනේ ඔවු නගේ. මේ කතාව ඉක්මනට ලියන්නකො. කථාවෙ අවසානය දැනගන්නතුරැ මටනම් ඉවසිල්ලක් නෑ...

    ReplyDelete
  3. හැමදාම අන්තිමට කුතුහලය හොදටම අවුස්සල යනව නෙ.

    ReplyDelete
  4. නීනූ නගාට,
    ඔව් ඔව් ඉක්මනටම මේක ලියන්නකො අපිත් බලාගෙන ඉන්නෙ මොකද වෙන්නෙ කියල...ඔයත් හරියට ටී.වී. නාලිකා වගේ... හොඳම හරිය එනකොට නවත්තල දානවනෙ...

    ReplyDelete
  5. මෙහෙම බෑ ඔන්න ඊළඟ කොටසේ හින්ට් එකක්වත් දෙන්න ඕනේ හරිද?

    /බිඟුවා...!

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.