මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/10/10

මට ..තරු ..අතට ..එපා













මම අහස දැක්කා...
තරුත් දැක්කා...
ගොඩක් තරු මට එපා..
එකම එකයි ඕනෙ..
ඒත් මම අහසට යනකොට,
අහස තවත් දුරට ගියා..
..........
තරුත් අරන් දුරට ගියා..
මම කෑ ගහලා..
ගොඩාක් කෑ ගහලා..
මගේ පුංචි තරුව ඉල්ලුවා....
.........................!!!!..........................
අහස දෙන්න බෑ කිවුවා..
තරුව එන්න බෑ කිවුවා..
මම සදහටම
මගේ වලාකුළ උඩට ගියා...
කාටවත් පෙන්නේ නැතිව...
තරුවට මම ආදරේ කරනවා....

....................

තනියම ආදරේ කරනවා...
මට ඒ ඇති...
මහා මේරුව ළඟ
වැලිකැට දැකපු මිනිස්සු
ඉන්නවාද?..
නැහැ නේද?
ජීවිතේ හැමදාම අඬන්න බෑ..
මම රෝස වලාකුළට වෙලා හිනා වෙනවා..



8 comments:

  1. ඔයා හරිම පුදුම කෙල්ලෙක්!!!
    ඔයාව නම් කවුරුත් අත අරින්නෙ නෑ..
    හරිම සුන්දරයි...ඔයා

    ReplyDelete
  2. තරුත් නීනුට අහසත් නීනුට....
    ලෝකෙම නීනුට..
    පිස්සු කෙල්ලෙක්..
    මේකි

    ReplyDelete
  3. ඒයි බටු ඇටේ....බැනුම් අහන්න තමයි ඹය හදන්නෙ හරිද?...

    ReplyDelete
  4. DUKA HITHUNA..ETH ADA HODIN..MAMA HITHANNE NE..

    ReplyDelete
  5. කවදක හරි ඒ තරුව ඔයාටම අයිති වෙවි.

    ReplyDelete
  6. තරු ඉල්ලන එක පුරුද්දකට තියා ගන්න එපා.
    මොකද අගේ නැති වෙයි.
    අනික තරු විතරද අහසේ තියෙන්නේ...

    /බිඟුවා...!

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.