මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/7/09

හඳේ කතාව

මං මේ දැන් සහෘදයා වෙබ් අඩවියට ගියා...එයත් හඳට ගිහින්...රෑ නින්දෙදි...ඔව් අපූරු අත්දැකීමක්...මේ ලොකේ, ඒ කියන්නෙ අපි ජීවත් වෙන පෘතුවිය තරම් හඳ පරණද, නැද්ද කියලා මම දන්නෙ නෑ....එයා විද්‍යානූකූලව නම් උප ග්‍රහයෙක්....අපිට එක හඳයි.එත් සමහර ග්‍රහලෝක වල ට ගොඩක් හඳවල් තියෙනව....ඒ කියන්නෙ රෑ වෙද්දි හෙවනැළි ගොඩයි....පැටලෙනවත් ඇති....එත් එවා පටල ගන්න කවුරුත් එහෙ නෑලු....කොහොම කොහොම හරි....පෙනෙන විදියට හඳ කියන්නෙ....පුදුමාකාර දෙයක්...හඳ එකිනෙකාට බල පාන හැටි වෙනස්... අපි එකින් එක පුලුවන් තරම් කතා කරමු.... පොඩි දරුවෙක්...හඳට හරිම ආසයි..."අනේ හඳ හාමි කිරි පැණි ගෙනත් දියෝ" කියල අහස දිහා බලන් කෑ මොර දේවි.ශිෂ්‍යයෙක්...හඳ දැකපු ගමන් ඊයෙ ගුරුතුමිය දීපු හඳ සහ වඩදිය බාදිය පිළිබඳ විද්‍යාත්මක ප්‍රශ්නයට පිළිතුරු ලියන්න ඕනෙ කියල මතක් වේවි..කවියෙක්.. හඳ දැක්කොත්...කාන්තවගෙ මුහුණට සමාන කරලා කවියක් ගොතාවි.පෙම්වතෙකුට ..හඳ දැක්කොත්....තමන්ගෙ පෙම්වතිය අනිවාර්යයෙන් මතක් වේවි..මුහුණෙ ආවාට තිබ්බත් ,නැතත්...එහෙම නේද?....හඳ හැමදාම යෞවනය එක්කයි....කියලා කවුරුත් දන්නවා.අත්තම්මා හඳ දිහා බලන් හිනා වෙන්නෙ...පෝය කිට්ටු නම් හෙට අනිද්දා දිහාට සිල් ගන්න ගිහින් පරණ යෙහෙළියො ටික එක්ක එක්කහු වෙලා කයියක් දාන ආකාරය මතක් වෙලා.ඒත් හොරාට නම් හඳ පෙන්නන්න බෑ..ඇයි..කොහොමද කෙහෙල් කැනක්වත් කපන්න වත්තකට පනින්නෙ..කුරහන් මෝරන්නෙ හඳ එළියෙ..එත් කුරහන් බොන්න හඳ පාන දිගේ තුන් පත් රෑන කොයි වෙලාවෙ පාත් වෙයිද දන්නෙ නැ කියලා.....ගොවියා ඉන්නෙ බයෙන්...අද මුහුදු යන්න හොඳද නැද්ද කියල ධීවරයො හඳ දිහා බලන්නෙ..මහ සැකෙන්..නීල් ආම්ස්ට්‍රෝන් හඳ දිහා බලන්නෙ, මං ඒ හඳට පය ගැහුවා කියන ආඩම්බරෙන්... බලාගෙන ගියාම ඒකෙත් හැටි..............





8 comments:

  1. චමි.දේ.වා.12/8/09, 8:11 AM

    බලාගෙන ගියාම ඒකෙත් හැටි.....

    ReplyDelete
  2. මම හඳ දිහා බලන්නේ හදේ හාවා තාම ඉස්සර වගේම ඉන්නවද කියලා බලන්න..

    ReplyDelete
  3. ඇතුවත් බැරි නැතුවත් බැරි පිස්සු හැදෙන හඳ කියලා හිතෙනවා මේ ඔයා ලියල තියෙන ඒවා දැක්කාම හික්ස්

    ReplyDelete
  4. හඳ ගෑනු මූණට සමාන කරන්න හේතුවනම් නිනූ දන්නවා ඇතිනේද?

    අර අර ලප සීන් එක...

    /නිශාන්ත

    ReplyDelete
  5. හදෙ හාවම හැමදාම පෙන්නෙ ඇයි කියලා මම කල්පනා කරලා හොයාගත්තෙ 7 වසරෙදි තනියම නිනු. එහෙම කල්පනා කරලා තමයි ගොඩක් විභාග පාස් උනෙ. හඳ හින්දා ජිවිතය නැතිකරගත්තු , ඇතිකරගත්තු හැමොටම කියන්නෙ. ඔච්චර ආඩම්බරයෙන් බැබලෙන හදටත්, ඉරටත් ග්‍රහන තියනවා. ඉතින් අපි මනුස්සයොනෙ.

    ReplyDelete
  6. ලස්සනට අදහස් පෙළ ගස්සලා තියෙනවා. හරියට හඳ එලියට දිලිසෙමින් වෙරළය ඇදෙ න රළ පෙළක් වගේ. ලෝකය සහ අවට සිද්ධවෙන දේ ගැන හොඳ සංවේදීතාවකින් ලියා ඇති බව කිවයුතුමයි.
    Chinthaka Abeyratne

    ReplyDelete
  7. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.