මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/28/09

සඳ අහපන්නේ.........

මේ උජාරුවට ඉන්න හඳට මෙන්න මෙහෙම අපි කියමු...
ඈත එපිට දුර අහසේ
හා පැටියෙක් තුරුළු කරන්
හරි ලස්සන සුදු පාටට
හැඩට දිලෙන්නේ....
වටා රැඳුණ රැස් මාලෙන්
නිල් අහසට සළු පොරවා
තරු මාලා පැළඳ සිටින
සඳ අහපන්නේ...
උදේ පටන් ගොම්මන තුරු
මෙහෙ ඉටු කර, අවමන් ලැබ
හැන්දෑවට මුහුදෙ ගිලෙන
හිරු දෙවියන්ගේ
ලොවකම එළියෙන් බබළන
රැස් දහරින් හොරකම් කළ
බිඳුවක් නේදෝ අරගෙන
සිනා පාන්නේ...

3 comments:

  1. පිළිතුරු:

    නොකළෙමි සොරකම් හිරුගෙන් කිසිදා
    පිදුවෙමි මුලු හද කිසිවක් නොතබා
    පිදුමට හරිලන සැලකුම් මෙලෙසා
    රැස් දහරින් හිරු පිළිතුරු දුන්නා

    /නිශාන්ත...

    ReplyDelete
  2. හිරු දෙවියන්ගේ රැස් වල
    දැවෙන නුඹේ මුදු කොඳ වත
    මා කිරණින් තවනා මිස
    නෑ රිද්දන්නේ.......

    ReplyDelete
  3. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.