මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/17/09

තව ගීයක්.....(හීන අහුරු )....

මේ ගීතයට මං කැමතියි.....මේ ගීයත් එක් යුගයක හුඟක් මිනිස් සිත වැළඳ ගත්තා...කොටින්ම කීවොත් තරුණ හිත.....මේ ගීතයත්...ජනප්‍රිය වෙද්දි මම නව යොවුන් වියට පා තිබ්බ විතරයි.....මේ ගීය හරිම අරුමැසි වාදී....ඒ නිසා මම මේ ගීතය ප්‍රිය කරනවා.....මේ ගීතයට වේග රිද්මයක් තියෙනවා...ඒක තාරුණ්‍ය එක්ක බද්ධයි.....සොබා දහම එක්ක තරුණ අදහස් සමීප කිරීමක් කියල හිතෙනවා....ඒත්...ඒ ගීයෙ තියෙන සියලු වටිනාකම්...රූප රචනය විසින් විනාශ කරල තියෙනව..කියන හැඟීමත් මට තියෙනවා......මේ ගීතය ගුවන් විදුලියෙන් අහද්දි මට මැවෙන චිත්ත රූප එකක් වත්....මේ ගීය නරඹනකොට මට දැනෙන්නෙ නෑ.....කොහොම වුණත් මේ ගීයෙ වචන ටිකට වගේම තනුවට මං කැමතියි.....මේ ගීය අදාළ නාට්‍ය ලියා තියෙන්නෙ..සන්නස්ගල සර්...තනුව....නවරත්න ගමගේ මහතාගෙ!!!






5 comments:

  1. lassana sinduwak . . .ma me ahuwamai . . tnx maka dammata . .. !

    ReplyDelete
  2. ආ.. මේ අර සිරසේ ගිය ඩ්‍රාමා එකේ ‍තීම් සෝන්ග් එක.. ඒ දවස් වල රසරිසි ගී එක හරහා මේක ගොඩක් ජනප්‍රිය උනා..

    ReplyDelete
  3. මමත් ආස කරන සින්දුවක් ..... පද රචනයත් අපූරුයි.. !!!

    ReplyDelete
  4. ස්තූතියි ඔයාලට....

    ReplyDelete
  5. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.