මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

11/18/09

නොකියවපු කවියක්........


තමන්ටම උරුම වූ...
කිසි දෙයක් නැති කලට
දුවන්නේ ඇයි ඉතින්
එකිනෙකා පරයමින්....


අනෙකාගෙ සතුට ගැන

සිතමු අපි මොහොතකට....
කවි ලියමු.....

ගී ලියමු...

උන්ට රස විඳින්නට...

පන්හිඳෙන් කුරුටු ගා

නොලිව්වත් අපේ කවි...

තනි රූලෙ කොළේ උඩ

නොපෙනුනත් අපේ කවි...

පොත් කඩේ රාක්කෙක

නොතිබුනත් අපේ කවි....


හදේ ගැඹුරුම තැනින්

පැන නැඟුනු අපේ කවි

සයිබරය සමඟ ,
එක තත්පරන් මුහු වෙලා..

දුවයි ලෝකය පුරා....

සිංහලෙන් හිතන,
සබැඳියන්ගේ හද සොයා...

සිංහලය දන්න,

සකිවරුන්ගේ නෙතු සොයා...

5 comments:

  1. සැබැවි...තාක්ෂණය ඉතාමත් පුදුම දෙයක් නේ ද?

    ReplyDelete
  2. හ්ම්ම්.. පොතක ලියවුනාට වඩා මෙහෙම දැම්මම ඒක ගොඩාක් අය කියවනවා කියල මට හිතෙන්නෙ..
    ලස්සන කවියක්..

    ReplyDelete
  3. මේකෙම කලින් දාලත් නොකියවූ අය උන්නා.....සමහර විට පහුවෙලා පටන් ගත්තට නිනූ ගේ නිශාවට වඩා රෝස වලාකුළු කට්ටියට සමීප ඇති....ඒත් මං ඒක නිසා හිතුව.....ඒකෙ ඒවත් මෙකටම අරන් ඒක නවත්තන්න......තාම ආරම්භයනෙ!!!

    ReplyDelete
  4. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.