11/17/09

නිනූගේ රෝස වලාකුළ











එක් දහස් නවසිය අසූ නවයේ, ඒ කියන්නෙ ඉතාම තද භීෂණයකින් මුළු රටම, මේ ලංකාව වෙලා ගත්ත අඳුරු යුගයක, ශෝකයෙන් පීඩිත වුණ ඉල් මාසෙ පළවැනිදා..මළවුන්ගේ අවුරුදු දා…..ඉතාම තද වැස්සෙ…මැරී ගිය දහසක් මිනිස්සු අස්සෙන් ගිහින්, මග දිගට ටයර් සෑය වල ආදාහනය වෙච්ච දරුවන්ගෙ අම්මලා නඟන විලාප මැද්දෙන් ගිහින්….තවත් අම්මා කෙනෙක් දරුවෙක් බිහි කළා….ඒ මම.. නෙරංජි… නෙරංජි සුලක්ඛනා.

අවුරුදු හතරක් ගෙවලා මං මොන්ටිසෝරි ගියෙ ගෙවල් ළඟ ඉසුරු ළදරු පාසලට….ඊට පස්සෙ ගෙවල් ළඟ ඉස්කෝලෙට…එම් .ඩී. එච්. ජයවර්ධන විදුහල….මං ගිය පළවෙනි අවුරුද්දෙ ඉස්කෝලෙ ප්‍රින්සිපල් සර් මැරුණා..පස්සෙ ඉස්කෝලෙ දේශපාලන පන්දම් වලට එකිනෙකා අතට ගියත් ඉස්කෝලෙට හොඳක් උනේ නෑ..තුන වසරෙදි මගේ හොඳම යාළුවා…. ඒ කිවුවෙ මගෙ එහ පැත්තෙ ඉඳන් හිටපු යාළුවා..රුමැටික් උණ හැදිලා….දිව්‍ය ලෝකෙ ගියා…..මට ඒ ඉස්කෝලෙ වෙච්ච දේවල් වලින් හොඳටම මතක ඒක තමයි…..ඉංග්‍රීසි පන්තියෙදි මං වැටිලා කකුලට හුඟක් අමාරු උණා.මං ශිෂ්‍යත්වය ලිව්වෙත් කකුල කඩාගෙන…ප්‍රතිඵල එන දවසෙ උනත් ඉස්කෝලෙ යන්න බැරි වුණා….ඒත් බෙහෙත් අරන් එද්දි මට ආරංචි වුණා….ඉස්කෝලෙ පාස් වුණ දහ අට දෙනගෙන් වැඩිම ලකුණු මට කියලා…..

මං ගෝතමි බාලිකවට යන්නෙ ඒ විදිහටයි…ගෝතමි බාලිකාව තිබ්බෙ කොළඹ….මං මේ අවුරුද්ද වෙනකම් එහෙ ඉගෙන ගත්තා…යාළුවො හිටියා…..ඒත් ගොඩ දෙනෙක් හිතට තදින් හිටියෙ නෑ…එයාලා හොඳයි….කෑම බෙදා ගන්න..තනියට ටොයිලට් යන්න….සෙල්ලම් කරන්න…..බැරි වුණ පාඩමක් ගෙදර ගිහින් කරගෙන එන්න පොතක් දෙන්නෙත් එහෙමත් කෙනෙක් විතරයි.හතේ පන්තියෙදි මං විද්‍යාවට හදපු සඥා බල්බ පරිපථයට සම්පූර්ණ ලකුණු ගත්තා..පහු වෙනිදා ආපු පරීක්ෂකවරු මගෙන් ඇහුවා.. ඒක තනියෙන්ද හැදුවෙ කියලා…මං නෑ කිව්වා……..මොකද මට මාමා ඒකට උදවු කළා…එකයි එහෙම කීවෙ…..ඒත් අපේ මිස් ට …..එයාලා බැන්නා…මට ලකුණු දුන්න කියලා…මාව පෙන්න පෙන්න ටීචර්ලා කියන්න පටන් ගත්තා….අර ළමයා නිසා තමා..අපේ ඉඹුලානට ප්‍රශ්නෙ ඇති වුණේ කියලා….මට එදා ඉදන් ව්ද්‍යාව එපා වුණා…

නවයෙ පන්තියෙ ඉදන් තමයි නාට්‍ය කරන්න ගත්තෙ…..2003 සමස්ත ලංකා නාට්‍ය තරගාවලියෙ හොඳම නාට්‍ය අපි කළා….මං මුළු ලංකාවම පිළි ගන්න සහතිකයක් එදා ලැබුවා….මගේ කලා හැකියාවන් හොයා ගත්ත සෝමා මහානාම මිස් ට මම අදටත් ණය ගැතියි..මං නවය වසරෙදි ලියපු කවියක් මං ලියපු එකක් කියල එක මිස් කෙනෙක් පිළිගත්තෙත් නෑ…ඔය වගේ දේවල් ගොඩක් වුණා……..ඒත් මං ගායනයට නම් ඒ තරම් දක්ෂ නෑ…ඒත් අනික් හැම දේම මට පුලුවන්….ගොඩක් අසාධාරණ කම් වුණත්…මං ඒවා ඒ තරම් හිතට ගත්තෙ නෑ….කලාවට එන්න පුලුවන් හැම පාරක්ම මට පොඩි කාලෙ වැහුණා..එකක් පාසලේ එකම ළමයෙකුට තැන දීම…අනික අපේ අම්මලගේ නොදැනුවත් කම…. ..මං උසස් පෙළට වාණිජ්‍ය කළා අවුරුද්දක්…….එපා වුණ නිසා ඒක නවත්තල කලා කළේ…..මං ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් වුණා…..ඒක නිසා මට පහු කාලිනව ඉස්කොලෙ ඇතුළෙ ජනප්‍රිය වෙන්න පුළුවන් වුණා..

මං ඔය කාලෙ තරුණ සේවා සභාවෙ ජනමාද්‍ය පාඨමාලාව ඉගෙන ගත්තා….ඒකෙ හිටපු වයස අඩුම ළමයා මම…ඒ වගේම වැඩිම ලකුණු ගත්ත ළමයත් මම……..ඉතින් මට සතුටු නැද්ද?…..උසස් පෙළ කළාම….මට රජයේ විශ්ව විද්‍යාලයකට යන්න ලකුණු තිබ්බ….ඒත් කලා උපාධියකින් අද ලංකාවෙ කරන්න පුලුවන් මොනවද?……ඒ නිසා මං අද ජනමාධ්‍ය ඉගෙන ගන්නවා…මට තාමත් අවුරුදු විස්සයි…..මට ගොඩාක් දුර යන්න ඕනෙ…..ඒක කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි…..පුංචි කාලෙ ඉදන්ම මං හීන ලෝක වල ජීවත් වෙන්න ආස කළා. අදටත් වෙනසක් නෑ.මං හිතපු ලෝකෙ නෙවේ මේ හැබෑ ලෝකේ පෙනෙන්න තියෙන්නෙ…ඒ නිසයි මං හීන ලෝකෙට කැමති…ඒත් මං යථාර්ථය හොයා ගන්න මහන්සි නොවෙනව නෙවේ…..මගේ පුංචි වයසට මට ගොඩාක් අත්දැකීම් තියෙනව…..ඒවා ඔක්කොම ටිකෙන් ටික කියන්නම්….හැබැයි ඉතින් මා එක්ක ඉන්න ඕනේ…








7 comments:

  1. සිංහල ‍බ්ලොග් අවකාශේ නෙවෙයි මුළු අන්තර්ජාලෙම ඉන්න ශ්‍රී ලාංකික ගෑණු ළමයින්ගෙන් මේ තරම් පුද්ගලික් විස්තර එක තැනකදි ( ෆේස් බුක් හැර) තමන් විසින්ම කියනවා දැක්ක මුල්ම වතාව. නංගිගේ ඒ ධෛර්යටම මම සුභ පතනවා. කළාවේ විතරක් නෙවෙයි මුළු ජිවිතේ මත් දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා. සුභ පැතුම්. බ්ලොග් එක දිගටම ලියන්න. මට දැන්මම හිතෙනවා මම මේ බ්ලොග් එකට ගොඩක් ආස වෙයි කියලා.

    ReplyDelete
  2. මලී අක්කා කියනා දෙය එක්ක මම එකඟයි, ඊට වඩා මා එකඟ වන්නෙත් ඔබ ගැන සතුටු වෙන්නෙත් වෙන කුමක් නිසාවත් නෙමේ ඔබේ ධෛර්්‍ය සම්පන්න බව නිසායි.සුභ පැතුම් මිතුරිය, දිගටම ලියන්න! ඔබේ පැහැබර අනාගතයට ඉත සිතින් සුභාසිරි පතමි.

    ReplyDelete
  3. මලී අක්කා කියනා දෙය එක්ක මම එකඟයි, ඊට වඩා මා එකඟ වන්නෙත් ඔබ ගැන සතුටු වෙන්නෙත් වෙන කුමක් නිසාවත් නෙමේ ඔබේ ධෛර්්‍ය සම්පන්න බව නිසායි.සුභ පැතුම් මිතුරිය, දිගටම ලියන්න! ඔබේ පැහැබර අනාගතයට ඉත සිතින් සුභාසිරි පතමි.

    ReplyDelete
  4. ස්වචරිතාපදානයක් වගේ පෙනෙන්නේ...චමත්කාර ජනකයි. ඔව් රැදිලා ඉන්නම්....

    ReplyDelete
  5. ආ.. ඔයත් නොවැම්බර්ද? නොවැම්බර් මාසෙ ඉපදුණු අය අති දක්ෂයි ලු. :D

    මේක කියවලා එකම දෙයයි කියන්න තියෙන්නේ... දක්ෂයා නවත්තන්න බැහැ. දියේ ගිල්වූ රබර් බෝලයක් වගේ.... කොයි මොහොතේ හෝ දක්ෂතා ඉස්මතු වෙනවා... දීප්තිමත් අනාගතයකට සුභ පැතුම්!

    ReplyDelete
  6. බොහොම පමාවීයි මට මේ පැත්තේ එන්න ලැබුනේ. හිතට ඇඩ් වෙන කලාව ලිපිය දැකලා තමයි මුලින්ම අවේ.මම නංගීට සුභ පතනවා දිග ගමනකට. විශේෂයෙන් ඔයා ගෝතමියක් නිසා. ගෝතමියේදී මගේ පාසල් කාලයනම් ඔයා කියනවාට වඩා වෙනස්... හරිම සුන්දරයි.. නමුත් ඔය කියන තත්වය උසස් පෙලදී නම් මමත් නොඅඩුව වින්දා.

    ReplyDelete
  7. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.