මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

11/20/09

හනිකට ඉණිමඟ ඉහලට

නගින්න..නගින්න
හැකි තරම් ඉහලටම..
දෙපස නගිනා එවුන්
පාගලා තලාලා..
ඇද දමා පහතටම..
උඩින් පැන
තල්ල කැඩුනාට නම්
කමක් නැත..
යටින් රිංගුවෝතින්
තිබොල් දෙපයේ ඇනෙයි..
ඒ වුනත් කමක් නැත....
පෑගිලා ගිය සිරුරු...
උඩින් පැන පැන ගියත්
පවක් නැත...

ඉහළටම ඉහළටම...
තව තවත් ඉහළටම....
නැග ගියොත් කෙළවරේ...
ඉමක් ඇත....

ඒ වුණත්... .
අප ලැබූ
ජයක් නැත..


3 comments:

  1. අපි ඉපදුනු දවසෙ ඉඳම්ම කරන්නෙ මේකෙ ඉහලට යන එකනෙ..යන්න බැරිවුනත් යන්න උත්සහ දරන එකනෙ..
    මම හිතන්නෙ මේක මිනිස් ජීවිතයට උරුම දෙයක් වෙන්නැති..

    ReplyDelete
  2. විශිෂ්ඨයි!

    ReplyDelete
  3. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.