මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/31/15

-259- රැඳීම!


පැරණි මතකය රැඳුණු තැන් වල
ආයෙ අලුතින් ඇවිදින්න යමි...
ඒ දවස් වල ආව ගිය අය
කොයි කොහේ සැගවුණිද විමසමි..

වේගයෙන් ප්‍රේමයෙ බැඳුණු අය
සෙමින් වෙන් වී දෙතැන නැවතී..
වෙනත් අය හා අතින් අත ගෙන
අලුත් කවියක අකුරු අහුලති..

දෙපාරක් ගලනා ගඟක් නැති
දෙපාරක් දකිනා කෙනෙක් නැති
ඒ දවස් වල ආව ගිය අය
කොයි කොහේදැයි කුමට විමසමි..

3 comments:

  1. ආව කිසිවෙක් සදාතනිකව රැදී ඉන්නේ නම් නැතී
    පෙමින් වෙලුනෝ කොහේ උන්නත් උණුහුමට තුරුලු වී ඇති
    බිඳුණු සෙනෙහස මතක ඇතිමුත්
    යළි හමුවන හිතක් නම් නැති
    ආව ලෙසටම දෙනෙත් බර කොට නිහඩවම නික්ම යන්නෙමි

    ලස්සනයි නෙරංජි අක්කා ජයවේවා

    ReplyDelete
  2. සුන්දරයි................................. කවි කුරුටු නිසාම සුන්දරයි

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.