පැරණි මතකය රැඳුණු තැන් වල
ආයෙ අලුතින් ඇවිදින්න යමි...
ඒ දවස් වල ආව ගිය අය
කොයි කොහේ සැගවුණිද විමසමි..
වේගයෙන් ප්‍රේමයෙ බැඳුණු අය
සෙමින් වෙන් වී දෙතැන නැවතී..
වෙනත් අය හා අතින් අත ගෙන
අලුත් කවියක අකුරු අහුලති..
දෙපාරක් ගලනා ගඟක් නැති
දෙපාරක් දකිනා කෙනෙක් නැති
ඒ දවස් වල ආව ගිය අය
කොයි කොහේදැයි කුමට විමසමි..
ආව කිසිවෙක් සදාතනිකව රැදී ඉන්නේ නම් නැතී
ReplyDeleteපෙමින් වෙලුනෝ කොහේ උන්නත් උණුහුමට තුරුලු වී ඇති
බිඳුණු සෙනෙහස මතක ඇතිමුත්
යළි හමුවන හිතක් නම් නැති
ආව ලෙසටම දෙනෙත් බර කොට නිහඩවම නික්ම යන්නෙමි
ලස්සනයි නෙරංජි අක්කා ජයවේවා
සුන්දරයි................................. කවි කුරුටු නිසාම සුන්දරයි
ReplyDeletelassanayi
ReplyDelete