10/18/13

-229- Just Another Story


ලියන්න කියලා හදවත බල කරන අවස්ථා වල නොලියා සිටීමට මම පුරුදු වුණේ ලියන්නට පටන් ගත්ත මුල් කාලයෙ. ඒකට හේතුව මා ලියන දෙයින් මා එළියට එයි කියලා මට ම දැනෙන අස්ථානගත බයද ලැජ්ජාවද එහෙම නැත්තම් වෙන මොකක් හරි දෙයක් ද කියලා වැඩි දුර හිතන්න වුවමනාවක් තිබ්බෙම නෑ.  ඒ කොහොම වුණත් ලියන්න බල කරන හැම වෙලාවකම චිත්‍රපටියක් එහෙමත් නැත්තම් පොතක් පෙන්නලා මගෙම හිත රවට්ටලා දාන්න පුළුවන් කුරිරු හැකියාවක් සහජයෙන්ම මට ලැබිලා තිබුණා. අඩුම තරමෙ ඒ කිසිවක් විසින් මගෙ ලිවීම සම්පූර්ණයෙන් නතර කිරීම නොකළත් ඒ දේවල් වලට සෑහෙන්න හැකි වුණා මගෙ ලිවීම විකෘති කරන්න. ඒ කතාව එතැනින් ඉවරයි.

හුඟක් වෙලාවට හදවත නිදහස් කරන කෙනෙකුට තාම තුළම කල්පිත නිර්මාණය කිරීමේ සීමාව තමන් නොදන්න ඉසව්වක් කරා වේගෙන් රැගෙන යන්න පුළුවන් කියලා මම සෑහෙන්න විශ්වාස කරනවා. කෙනෙක් ඒ වාගේ මනඃකල්පිතයක් ඇතුළෙ කොයි තරම් දුර ගියත් අතරමං වෙනවා කියලා කවදාවත් මම හිතන්නෙ නෑ. ඒත් පෙරේදා හවස හතරහමාරට මගෙ ඒ විශ්වාසය බිඳුණා..

හැබැයි මෙන්න මෙහෙම ප්‍රත්‍යක්ෂයකට මම පැයක් ඇතුළෙ දි ආවා.

තමන් විසින් නිර්මාණය කරගන්නා කල්පිතමය සිතුවිලි හුයක ඕනෙකමකින් පැටලෙන කෙනෙකුට කවදාවත්, ඉන් මිදෙන්නට බැරිකමක් නෑ. ඒ ආරම්භයේ සහ අවසානයේ නිර්මාතෘ එක්කෙනෙක්ම නිසා. ඔහු හෝ ඇය එයින් මිදෙන්න අවශ්‍යද නෑ.

එහෙත් ඔබ මනඃකල්පිත ගොඩනැගීමක සිටිනා බව අනෙකෙකු දැන ගැනීම, ඔබේ කල්පිතයේ ඔබ අතරමං වී ඇති බවට අනෙකා විශ්වාස කරන ප්‍රධාන රීතියක් ඔබ වටා ගොඩ නගනවා.

තමන්ගෙ පරිකල්පනික සීමා අනෙකා සමඟ හුවමාරු කර ගැනීම නිසා තම සීමාව තමාට අහිමි වීම වගේම තව හුඟක් දේ වෙන්න පුළුවන්. ගොඩක් ඔබව පෙනෙන අයට තියෙන ගැටලුවක් මේ දෙක අතර වෙනස හඳුනා ගැනීමට ඇති නොහැකියාව. මොකද ඒ අය ඔබව දකින්නට උත්සාහ නොකරන නිසා.

යථාර්ථයේ තියෙන නරුමවාදි ගතිය සරලවම කියනවා නම් ස්වකීය ආත්මයේ තිබෙන සැර ඇත්ත බාල කරන්න අරුමැසිවාදයට පුළුවන්. හරියට අරක්කු වලට දමන සරක්කු වගේ. හැබැයි අරුමැසිවාදය එළි දැක්වීමේදි පරිස්සම් නොවුණොත්, කෙනෙක් එය අපේ යථාර්ථය ලෙස භාර ගනීවි. ජීවිතේ මිනිස්සු පරිස්සම් විය යුත්තෙත්, පරිස්සම් නොවෙන්නෙත් ඔතනදි.

ඔය වගේ හුඟක් දේවල් එක පෙළට හිත ඇතුළට ආ හැටි කල්පනා කරන මට හිතුණෙ, තමන් තුළ ගොඩ නැගෙන සිතුවිලි වල විශ්වාසය බිඳ වැටෙන හැම වෙලාවකම කළ හැකි හොඳම දේ, මෙලොව තමන්ගේ සිතුවිලි වැඩියෙන්ම තේරුම් ගෙන ඇති පුද්ගලයාට කතා කිරිම කියලයි.
සමහර විට ඇය හෝ ඔහු ඔබේ කවුරු වුණත්...
.
.
.

Please think twice before updating your life as a Facebook status. Because it will be useful to others to understand your distance of fantasy & reality.





11 comments:

  1. සමහර දේවල් මට තෙරැණේ නෑ. එක මගේ අවුලක්. එත් අර අන්තිමට කිවුව දේ නම් අක්කෝ සහතික ඇත්ත.

    ReplyDelete
  2. අන්තිමට ඒක කියන්නයි මට වුවමනා වුණේ.

    ReplyDelete
  3. සහතික ඇත්ත. මමත් දැන් බොහොම පාළණයක් සහිතව ඔය දේ කරන්නේ.

    ReplyDelete
  4. හෆ්ෆේ දැන් නම් මම ඕක නොකරන තරම්.. මොකද සිද්ද වෙන්නේ අනික් පැත්තනේ..

    ReplyDelete
  5. සුදීක - ඉතාම හොඳයි අයියෙ. ඒ පාලනය ඔයාව ආරක්ෂා කරයි

    දිනේෂ් - සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් සිද්ධ වෙන්න පුලුවන්

    ReplyDelete
  6. හ්ම්ම් හිතල බලන්ට ඕනි ටිකක්..

    ReplyDelete
  7. වචන බරපතල වැඩිද මන්දා දෙපාරක් කියවලයි ගොඩ දාගත්තේ...

    ReplyDelete
  8. චින්තක - හිතන්න වරදින එකක් නෑ

    මධුරංග - සමහර දාට ඔහොම වෙනවා.. ගණන් ගන්ටෙපා

    ReplyDelete
  9. ආතල් කන්න හදන්න එපා බොල

    ReplyDelete
  10. ඕන අයියාට මෙහෙට පාර කීවෙ කවුදැයි?

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.