.................
2006 සැප්තැම්බර් 30 වනදා නාගොල්ල වලව්වේ සිට,
කිඹොල්කැටියේ ඥාණවිමල හිමිගෙන් ලද තොරතුරකට ලියමි.
මේ ලිපිය ලියන මගේ නම, රවින්ද්‍ර සිරිවර්ධන යැයි පැවසුවහොත් ඔබට එය බොහෝ නුහුරු වන බැවින් නාගොල්ල වලවුවේ සුදු අප්පු ලෙස මම ඔබට පළමුව මා හඳුන්වා දෙන්නෙමි.
මම උපන්නේ නාගොල්ල වලව්වේ ය. මාගේ පියා පිල්ප් සිරිවර්ධනය. එය මගේ පියාගේ, හැබෑ නම නොවන බව දන්නා අය සියල්ලෝම පාහේ දැන් මිය පරලොව ගොස් ය. හදිසි හෘදයාබාධයකින් සැට හැවිරිදි වියේදී ඔහුද කලුරිය කළ ඇවෑමෙන්, සිරිවර්ධනවරු මිස, වහුම්පුරය පරම්පරාවේ, පෙබානිස් ගැන දන්නා අයෙක් සිටිති යැයි, මම නොඅදහමි.
මගේ පියා පෙබානිස් ය. දැන් ඔබට ඒ කවුදැයි ගැටලුවක් මතුවී ඇතැයි මම සිතමි. ඔබගේ මෑණියන්ගේ එකම නැඟණිය වන හීං රිදී හෙවත් මහ හාමිනේ පිලිප් සිරිවර්ධන වූ පෙබානිස් ගේ මව් ය. බාබානිස් හෙවත් අපේ සීයා තරුණ වියේදීම මිය පරලොව යාමෙන් පසු, මගේ අත්තම්මා වන හී රිදී තම එකම පුතු දුක සේ හදා වඩා ගත් බව මට අත්තම්මා කුඩා කල පවසා ඇත.
මගේ පියා වන පෙබානිස් වයස අවුරුදු පහළවක් තරම් කාලයේ කොළඹට පැන ගොස්, වෙළෙන්දෙක් වී ගමට පැමිණි බවත්, සින්න වීමට යමින් තිබූ නාගොල්ල වලව්ව, සිනක්කර මුදලට ගත් බවත්, වර්තමානයේ මෙහි සිටිනා බොහෝ අය නොදනිති. නාගොල්ල අප්පොලාට සිදුවන අවනම්බුවෙන් බේරීමට, ඔවුන්ගේ ඉල්ලීම පිටම, එම පවුලේ, බාල දියණිය විවාහ කරගත් මගේ පියා, පිලිප් සිරිවර්ධන වූයේ එතැන් පටන් ය. තරුණ කල නොවිදිනා දුක් විඳි හීං රිඳී අත්තම්මාද මිය පරලොව ගියේ රන් සිවි ගෙයකින් මහ හාමිනේ ලෙසය.
දැන් මට ඔබට මහප්පා කිව හැකියැයි මම සිතමි. වික්ටර් මහප්පේ මී මුත්තා ගෙනා කුඩා බෝ පැලය අද මහා වෘක්ෂයකි. නම් ගම් වෙනස් වුවද, ඒ ආවතේව කරනුයේ අපේම රුධිර ජාන මිස අන් පරම්පරාවක් නොවන බව දැන ගැනීමෙන්, ඔබ සතුටු වෙනු ඇතැයි සිතමි.
මිනිසුන් ගෙන් ගැහැට විඳගෙන , අහු කොන් වල දුක් විඳ විඳ, අනුරාධපුරයෙන් ගෙනා වීරප්පුලි හේනයාගේ බෝ පැලයට, අද තම දරුවන්ගේ විභාග සමත් කර දෙන ලෙස අඬා හැපෙනුයේ , එදා ඔබ මෙන්ම මගේ පියාටද පාසලේ දෘෂ්ටි මාත්‍රය පවා අහිමි කළ මිනිසුන්ගේ පසු පරම්පරාව මහප්පා මතක තියා ගනු ඇතැයි සිතමි.
එහෙත්, මගෙන් පරම්පරා දෙක තුනකට පසුව මෙන්ම, ඔබෙන්ද පරම්පරා කිහිපයකට පසුවද අපේ මුල් ගැන වෙනත් උන් නොව අඩුම තරමේ අපේ අය හෝ දැන ගනු ඇතැයි මට විශ්වාස කළ නොහැක.
එහෙත්, ඔවුන්ගේ ජාන වල පවතින අවිඥාණික හැඟීම් සමුදායක් ඒ අපුරු වූ සුවඳේ කතන්දරය ඔවුන්ගේ යටි හිතට ස්පර්ශ කරවනු ඇත.
මම
පුත්,
රවින්ද්‍ර සිරිවර්ධන
(නාගොල්ල වලව්වෙ සුදු අප්පො)

පොත ගත්තා.. :D ලඟ නෑ! පසුවට කියොනවා! :D
ReplyDeleteකියවලා හිතට දැනුණ දේ කියන්නකො..
Deleteසේන්කොට්ටන් මැවිලා පෙනුනා මේක කියවත්දී යස අගේට....
ReplyDeleteහරිම අපුරුයි (y)
ස්තූතියි දසුන්
Deleteපොත වගේම මේකත් හරිම අපූරුයි.
ReplyDeleteස්තූතියි සුදීක අයියෙ
Deleteපොත කියවන්න ආසාවක් තියෙනවා.. බලමුකෝ..
ReplyDeleteමේ වසරෙ සාපේක්ෂව හොඳ පොතක්. කියවලා බලන්න. කවියෙක්ගෙ පළවන නවකතාව විදිහට අති සාර්ථකයි
Deleteමලාට අලුත් සිංහල නවකතා කියවන්නේ නැහැ කියලා තීරණය කොරල තිබ්බට මේ ලියුම හින්දා පොඩි ආසාවක් ආවා පොත කියවල බලන්න.වතාවක් රවී අයියත් කොහේද කොටලා තිබුනා පොතක් කියවල ඒකේ චරිත වලට ආරූඩ වෙලා සංවාද පවත්වන එක තමයි ලේඛකයාට කරන්න පුළුවන් උපරිම ගෞරවය කියලා.මේ ලියුමෙන් ඒ කතාව තවත් ඔප්පු වෙනවා.ස්තුතියි ඔත්තුවට.
ReplyDeleteමහින්ද ප්‍රසාද් මස් ඉඹුල කියන්නෙ සරළ හොඳ ලේඛකයෙක්. පොඩි දරුවෙක් වගේ නිරහංකාර.
Deleteමේ පොත නම් මරු ! මරු කියන්නේ මල් හතයි !
ReplyDeleteමම දෙවතාවක්ම කියෙව්වා... මේ අවුරුද්දේ මං ගත්ත පොත් වලින් ආස කරනම පොතක් !
මේ අවුරුද්දෙ හොඳම පොතක්. ඒ කතාව නම් ඇත්ත.
Deleteහ්ම්ම්... කාල සර්ප පොතට සම්මානේ දුන්නට වඩා හොඳයි මේකට දුන්නා නං...
Deleteලංකාවෙ ස්වයංජාතට පස්සෙ ස්වර්ඛ පුස්තක සම්මානෙ තේරුණ විදිහ එච්චර ලස්සන නෑ.
Deleteසෙං කොට්ටං තරමට රසවත්..හරිම අපුරුයි.
ReplyDeleteස්තූතියි සුජීවා
ReplyDeleteකතාවේ අවසානයට අළුත් පැහැයක් එකතු කලාට ස්තුතියි නෙරංජි..
ReplyDeleteස්තූතියි රූ
Delete