මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/24/13

-223- පහේ ජීවිත


පුංචි නංගියෙ පුංචි මල්ලියෙ,

මේ ලියුම ලියන්නෙ ඔයාට හෙට ශිෂ්‍යත්වෙ නිසයි. ඔයාලා දාන්නවාද? මමත් මීට අවුරුදු 14 කට කලින් ශිෂ්‍යත්ව විභාගෙ ලිව්වා. අපි ලියපු කාලෙත්, ශිෂ්‍යත්ව විභාගෙට ලොකු තරඟයක් තිබුණා. අපිට ශිෂ්‍යත්ව පන්ති පටන් ගත්තෙ, 3 වසරෙ ඉඳන්. ඇත්තටම  මම නම් ශිෂ්‍යත්වෙ ලිව්වෙ ආසාවෙන් නෙවෙයි. මට එදා ඒක කරදරයක් කියලා දැනුණෙ.
ගමේ ඉස්කෝලෙන් අයින් වෙලා ටිකක් හරි හොඳ ඉස්කෝලෙකට පැන ගන්න..  තමයි අම්මලා මාව ශිෂ්‍යත්වෙට අරන් දිව්වෙ. ඒ අම්මලාගෙ හැටිනෙ.

ඔයා දන්නවාද? මම ඒ අවුරුද්දෙ අපේ ඉස්කෝලෙ වැඩිම ලකුණු ගත්තා. මම ඒ සතුට සම්පූර්ණයෙන්ම මගෙ අම්මාට දෙනවා. මොකද ඒක අම්මාගෙ විභාගයක් නිසා.

මම මේ ලියුම ලියන්නෙ මං ගැන පම්පෝරි ගහන්න නෙවෙයි. පුංචි ඔයාලාට විභාගෙට යන්න කලින් පොඩ් අවවාද ටිකක් දෙන්න.

පුංචි ඔයාට හම්බෙන ප්‍රශ්න පත්‍රයෙ විභාග අංකෙ හරියට ලියන්න . ඒක තමා වැදගත්ම දේ. නැත්තම් ඔයාගෙ ප්‍රතිඵල වෙන කෙනෙක්ට ලැබෙයි.


මුලින්ම ලේසි ප්‍රශ්න වලට උත්තර ලියලා. අමාරු ප්‍රශ්න වලට  පස්සෙ උත්තර ලියන්න. රචනාවක් ලියද්දි. මාතෘකාවට ගැළපෙන්න වාක්‍ය ලියන්න. අනේ මට ඒක බැහැයි කියලා හිතන්නවත්, එකපාරට  බය වෙන්නවත් එපා. ප්‍රශ්න පත්‍රය කියන්නෙ තවත් එක කඩදාසි කොළයක්. අනික ආදර්ශ ප්‍රශ්න පත්තර, පරණ ප්‍රශ්න පත්තර ඔයා කරලා තියෙනවානෙ. දන්නවාද? හෙටින් පස්සෙ ඔයා ලියන මේ ප්‍රශ්න පත්තරයත් තවත් එක පරණ ප්‍රශ්න පත්තරයක් විතරයි.

ඉතින් ඔයා ලංකාවෙම පළවෙනියා වෙන්න හිතාගෙන විභාගෙට ලියන්න ඕනෙ නෑ හොඳඳ. හොඳටම ලියන්න. ඔයාට පළවෙනියා වෙන්න වාසනාව තියෙනවා නම්, ඒක වලක්වන්න කාටවත්ම බෑ.

අමතක නොකර ප්‍රශ්න පත්‍රයට ලියන ඉලක්කම් පැහැදිළිව ලියන්න. ඉංග්‍රීසි දෙමළ වචන වල  D B අකුරු වල පැති මාරු කරගන්නෙපා. සිංහල අකුරුත් පැහැදිළිව ලියන්න.
කොච්චර අමාරු වුණත්, කාගෙන්වත් කොපි කරන්න යන්න නම් හිතන්නවත් එපා. විභාගෙට ලියන්න ඉඳගත්තාට පස්සෙ යහලුවො කතා කරන දේවල් අහන්න යන්නත් එපා.

විභාගෙට කලින් දවසෙ හොඳට නිදා ගන්න. පස්සෙ හොඳට පහුවදා ඇහැරිලා.. ඔයාගෙ ආගම සිහි කරලා. හොඳට ගුණ දෙයක් කාලා. ( කිරිබත් වලට නිදිමත එයි කියලා අම්මාට කියන්න. ) පරිස්සමට අම්මා හෝ තාත්තා එක්ක ගිහින් විභාගෙ ලියලා එන්න. විභාගෙට කලින් ආගම සිහි කරලා. අම්මාට තාත්තාට වැඳලා යන්න.

විභාගෙන් පස්සෙ හමුවෙන සුන්දර සෙල්ලම් කාලය ගැන, විභාගෙ වෙලාවෙ හිතන්න එපා හොඳඳ!

ඔයා හොඳට පාඩම් කළා නම් ඔයාට හෙට විභාගෙ හොඳටම ලියන්න පුලුවන්.  ශාන්ති කර්ම, කොඩිවැල්, සෙත් කවි, පූජා වට්ටි, කපු මහත්තුරු තබා දෙවියන්ට බුදුන්ටවත් බෑ ඔයාව බලෙන් විභාගෙන් පාස් කරන්න.

ඔයා පාඩම් කළ විදිහට සහ ඔයා විභාගෙට ලියන විදිහට දෙන්න පුලුවන් උපරිම ප්‍රතිඵලය ලැබෙයි. ඉතින් අපි ඒක මැදහත් සිතින් බාර ගමු. මොකද එක විභාගයක් කියන්නෙ ජීවිතය නෙවෙයි. ශිෂ්‍යත්වෙ ෆේල් ගොඩක් අය විශ්ව විද්‍යාලෙ ඉන්නවා. විශ්ව විද්‍යාලෙ නොගිය ශිෂ්‍යත්වෙ පාස් ගොඩක් අයත් ඉන්නවා. විශ්ව විද්‍යාලෙ යන්න බැරි වෙච්ච හොඳ රස්සාවල් කරන අයත් ඉන්නවා.

කොහොම වුණත් ඔයාට බුදුසරණයි!!

මීට ආදරණීය
නෙරංජි අක්කා.

5 comments:

  1. හලි හලි නැන්දේ.. මේ විදිහට ලියනම්කෝ.. ටැංකු ඈ!

    ReplyDelete
  2. නෙරන්ජි ඇන්ටිට ජය වේවා...

    කෝ බන් අක්කේ අපිට ( AL ලියපු උන්ට )

    ReplyDelete
  3. ඔයාලාව හදන්ඩ බෑ... කියලා මං දන්නවානෙ... :D

    ReplyDelete
    Replies
    1. ග්ර්ර්ර්ර්..
      අපි නගරේ උනත්..
      ලජ්ජා බයට හැදිච්ච
      විනීත
      සුවිනීත
      සංවර
      උතුම්
      පුජනිය
      පිවිතුරු
      කොල්ලෝ... හරිය :/

      Delete
  4. ෂාහ්, වටිනා පෝස්ට් එකක්නේ... පුංචි පහේ හපංනුත් එහෙනම් බ්ලොග් කියවනවා...

    මමත් ඔය විභාගේ ඉහලින්ම පාස්. හැබැයි පන්ති ගියෙත් නෑ, ගෙදරින් යන්න කිව්වෙත් නෑ.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.