6/19/13
-218- කැමරා හාමුදුරුවෝ
එකසිය හැට තුනේ බස් එක ඇතුල් කෝට්ටෙන් බත්තරමුල්ල පාරට දානවා.. හැමදාම එකම වංගුවෙන්. එතකොට දියවන්නා ඔය ඉදරියෙන් පෙනෙනවා. රෑට නම් ඒ වෙලාවට ඕනෙම වාහනයක ජනේලෙ ඇරලා තිබුණොත් කපාගෙන පිළි ගඳ ඇතුළට එනවා. ඒ ගඳට මම ආසා කරනවා. දවල්ට නම් දැනෙන්නෙම නැති තරම්.
දැන් ඉස්සර වාගෙ නෙවෙයි. කොළයක් හැඩේට ලක්ෂ ගාණක වීදුරු දාලා හදපු, බස් නැවතුමයි. පුටු පෙළයි නිසා, එහෙ හරියට සෙනඟ ගැවසෙනවා. උදේට නම් ඇවිදින මං තීරුවෙ දුවන අය. හවසට පෙමිවතුන්. දවල්ට පාසල් පෙමිවතුන්. බෙහෝවිට ක්ලාස් කට් කළ අය. සමහර සති අන්ත වල පවුල් පිටින් පික් නික් එනවා. මිනිස්සු සතුටින් ඉන්න දර්ශනයක් ඕනෙම තැනකදි හරිම ලස්සනයි.
සිකුරාදාට එතන පටන් ගන්න මල් ප්‍රදර්ශනය නිසා දියවන්නාවට සති අන්තය හරිම කාර්ය බහුලයි. දැන් එහා පැත්තෙ නිදහස් චතුරස්‍රය හැඩේට මොකක්ද හදලා.. වතුර මල්.. රෑට හරිම ලස්සනයි.
තව මාලු ටැංකියකුත් තියෙනවා ලොකු. කොහොම කොහොම හරි මේ දවස් වල පාර හදන නිසා, බන්ට් එක මැද්දෙන් කඩලා.. පස් තට්ටු වැහි වතුර නිසා මඩ වෙලා. දියවන්නාවත් පිරිලා.. මං කියපු පරිසර විස්තරය පැහැදිළි ද මන්දා නොදකින කෙනෙකුට.
එකසිය හැට තුනේ බස් එක ඊයෙ පාරට දානකොටත්, මේ වාගෙමයි පරිසරය. ඒ වෙලාව මං දැකපු දේ තමයි, මේ ලිපියෙ අනුභූතිය.
දියවන්නාව දිහා බලාගෙන පෙනුමෙන් තරුණ වියේ හාමුදුරු නමක් ටිකක් ලොකු දුරකථනයකින් කතා කරනවා. පෙනුමෙන් ටැබ් දුරකථනයක් කියලා කියත හැකි. දැන් මට පෙනෙනවා හාමුදුරුවන්ව පැහැදිළිවම. බස් රිය නවත්වනවානෙ.. ලක්ෂ ගාණට හදපු කොස් කොළ හෝල්ට් එකේ. හාමුදුරුවන්ගෙ බෙල්ලෙ අරවින්ද ගාව තියෙන ජාතියෙ කැමරාවක් තිබුණා. කැමරාව DSLR වුණාට මම දන්නෙ නෑ ඒ තරම් දිග ලෙන්ස් ගැන කියන්නෙ කොහොමද කියලා. සයිඩ් බෑග් එකක් උරහිසෙ තිබුණා. හැබැයි ඒ උමන්දා අයියා අපිව එක්ක ගෙන ගිහින් පෙන්වපු ඇල්පිටිය පිරිවෙනේ පොඩි සාදුලාගෙ ළඟ තිබුණු රෙදි මලු වාගෙ එකක් නෙවෙයි. මේ උෂාන් කැම්පස් ගෙනියන බෑග් එක වාගේ එකක්. කොහොමත් ඒ ටික එක්ක හාමුදුරුවන්ට වඩින්න අමාරුයි. ඇවිදින්නම වෙනවා.
මේ දර්ශනය දැක්කෙ මම විතරක් නෙවෙයි. බස් රියෙ ගොඩක් දෙනා දැක්කා. දැන් හැම කෙනාගෙම කතාව බෞද්ධ ධර්මය, භික්ෂු ඇවැත්, සම්ප්‍රදාය, සංස්කෘතික සෝදාපාලුව වාගෙ බර මාතෘකා ගැන.
දැන් අපිට හාමුදුරුවන්ව පෙන්නෙ නෑ. හැබැයි බස් රථය තවමත් දොඩමලුයි.
මේ සිදුවීමට පක්ෂ විපක්ෂ සිතිවිලි සමුදායක් දැන් ඔබේ හදවතේ ගොඩ නැගෙනවා. ඒවා එක්ක මං ඔබට ආරාධනා කරනවා. මේ යතාර්ථය තේරුම් ගන්න.
ස්ව කැමැත්තෙන් කුඩා කාලේ කෙනෙක් මහණ වුනා නම්, ඒ සංසාර පුරුද්දට. නමුත් හුඟක් දරුවො මහණ වෙන්නෙ, අනික් අයගෙ වුවමනාවට. කේන්දරේට. තරුණ වෙනකොට, තමන් තුළ ගොඩ නැගෙන ස්වාධීන චරිතය ආත්මය හොයාගෙන එනවා. එතකොට ඔවුන්ගෙ ආසාව ඉදිරියට එනවා. එතකොට සම්ප්‍රදාය සංස්කෘතියට කලින් ආත්මානුකම්පාව වෙලා ගන්නවා. ඉන් පස්සෙ, තමන්ගෙ ආශාව පස්සෙ දුවනවා. ආශාව නැති කරන ගමන් මග තෝරාගත් අයම ආශාවන් පසුපස දුවනවා.
සාසනය පිරිහීම, භික්ෂු ඇවැත් සිදු වෙන්නෙ මේ විදිහට. කුඩා කාලෙ බලෙන් හෝ නොදැනුවත් කමන් අන් අයගෙ උවමනාවන් මත මහන කළත්, පස්සෙ තේරුම් ඇති කාලෙ තමන්ගෙ ජීවිතය වෙනස් මගකට ගන්න ජීවිතය වෙනස් කරගන්න චීවර ධාරී සාමනේරවරයෙක්ට හෝ හිමිනමකට වුවමනා නම් එය ඉටු කරගන්න ඔහුට තියෙන ඉඩ ප්‍රස්ථාව කොහොම එකක්ද?
ඇමති තනතුරෙන් අයින් වුණාම හිටපු ඇමති. විදුහල් පති තනතුරෙන් අයින් වූණාම හිටපු විදුහල්පති. හාමුදුරුවො?? හිටපු හාමුදුරුවො වෙනවාද?
Subscribe to:
Post Comments (Atom)
http://www.youtube.com/movie/samsara
ReplyDeleteමේ චිත්‍රපටිය පුරාවට දිවෙන්නේ ඔයා කිව්ව විදියේ කතාන්දරයක්...
හිටපු හාමුදුරුවො නෙමේ, හීරළුවා කියල නම් කියනවා. ඒත් මම නම් පුද්ගලිකව එහෙම කියනවට කැමති නෑ. මොකද ඕන කෙනෙකුට මහන වෙන්න වගේම සිවුරු අරින්නත් අයිතියක් තියෙන නිසා.
ReplyDelete"ස්ව කැමැත්තෙන් කුඩා කාලේ කෙනෙක් මහණ වුනා නම්, ඒ සංසාර පුරුද්දට. නමුත් හුඟක් දරුවො මහණ වෙන්නෙ, අනික් අයගෙ වුවමනාවට. කේන්දරේට. තරුණ වෙනකොට, තමන් තුළ ගොඩ නැගෙන ස්වාධීන චරිතය ආත්මය හොයාගෙන එනවා. එතකොට ඔවුන්ගෙ ආසාව ඉදිරියට එනවා. එතකොට සම්ප්‍රදාය සංස්කෘතියට කලින් ආත්මානුකම්පාව වෙලා ගන්නවා. ඉන් පස්සෙ, තමන්ගෙ ආශාව පස්සෙ දුවනවා. ආශාව නැති කරන ගමන් මග තෝරාගත් අයම ආශාවන් පසුපස දුවනවා."
ReplyDeleteඑහෙම නම් කරන්න තියෙන්නේ සිවුරු අරින එක නැතිව සිවුර පිටින් ගිහියෝ කරන වැඩ කරන එක නෙවේ. අම්මෙක් තාත්තෙක් දරුවෙකුට කන්න,බොන්න,අඳින්න දීලා වඳින්නේ නැ. නමුත් අපි ඒ විදහට කරලා හාමුදුරුවන්ට වඳින්නේ ඇයි කියලා හාමුදුරුවෝ තේරුම් ගන්න ඕන.
කැලණිය කැම්පස් එකේ ඡායාරූපකරණය විශයක් හැටියට ඉගෙන ගන්න හාමුදුරුවරු ඔනේ තරම් ඉන්නවා. කීපදෙනෙක් ගාව හොඳ DSLR කැමරා පවා තියනවා. බොහෝම හොඳට ඡායාරූප ගන්න හාමුදුරුගොල්ලොත් ඉන්න බව ආචාර්යවරු කියනවා.
ReplyDeleteඒ විතරක් නෙමෙයි හැම සමහර වසරවල UGC එකෙන් ඡායාරූපකරණය (ප්‍රතිබිම්බ කලා) අනිවාර්ය කරලා බෝට්ටුවෙන් එවන (විශේෂ ප්‍රවේශ) හාමුරුදුවරුත් ඉන්නවා. :-)
මහන වෙන හැම දෙනාගේම එකම අරමුණ නිවන් දැකීම යන අරමුණ ඔලුවේ තිබ්බම ඔය වගේ බහුබූත ඔලුවට එනවා තමයි.යමක් දැක්ක පලියට නිගමන වලට බහින මෝඩ මනසක් ඇත්තෙක් වෙන්න එපා.ඒ හාමුදුරුවන්ගේ අරමුණ ගැන ඔබට උනන්දුවක් තිබුනා නම් කරන්න තිබුනේ බස් එකෙන් බැහැල වැසි විස්තර හොයන එක. කැමරාවෙන් ගත්ත ෆොටෝ එහෙමත් බලන්න. එහෙම අංග සම්පුර්ණ සිද්ධියක් නොපෙන්වා ඔබේ ඇස දුර සිට දුටු දෙය ඇත්තම දෙයක් යයි නිගමනය කරන්නේ කොහොමද?
ReplyDeleteමම දැකපු දේ මම මට දැනෙන හැටියට මම විස්තර කළා. මම කැමති නෑ ඒ හිමි නමට දොස් කියන්න. මම උත්සාහ කළේ ඒ හිමි නමගෙ මනස විග්‍රහ කරන්න.. හරිම සරළ කාරණාවක්. හැම සිද්ධියක්ම අංග සම්පූර්ණයෙන් පෙන්වීම කලාවට බාර නෑ. අංග සම්පූර්ණයෙන් සිතීම කලාවට බාරත් නෑ.. ඒ වාගේ දේකට ඔබ යායුතු අපරාධ පරීක්ෂණ ආයතනය වාගෙ තැනකට.
Deleteස්තූතියි.
පොස්ට් එකකට පොඩි දෙයක් කියන්න තිබ්බනම් ඇති සිද්දිය සම්පුර්ණයෙන් දැනගැනීමට අවශ්‍ය නැහැ.
Deleteනෑ හිරලු කියන නම පට බැඳෙනවා
ReplyDeleteමම කතාව අවසන් කළේ.. ඒ උත්තරේ ඔයාලාට තියලයි.. සමාජ සමතිකේ වරදක් තියෙනවා නේද? මනුස්සයෙක්ට වෙනස් වෙන්න බැරි
Deletehitana godak dewal apita itutu karala..niyamai.
ReplyDeleteJayawewa.
මට හිතෙන්නෙ මෙහෙමයි...
ReplyDeleteනිනූට හිතෙන්නෙ ඒ හාමුදුරුවො කැමරාවක් පාවිච්චි කරන එක හාමුදුරු කෙනෙක් හැටියට හොඳ නෑ කියල. ඒක ඇත්ත. ඒ වගේම නිනූ හිතන්නෙ එහෙම
හාමුදුරුවරු ඒ වගේ දේවල් කරන්න ඕනැ නම් සිවුරෙ ඉඳගෙන කරන්නෙ නැතුව සිවුරු අරින්න ඕනැ කියල.ඒකත් ඇත්ත.
ඇත්තෙන්ම භික්ෂුවක් භික්ෂුත්වය ලබාගෙන තියෙන්නෙ.. “ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ඡි කරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ “ (සියලු දුක් නැති කර නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සිවුර දී මා පැවිදි කරවනු මැනවි ) කියන ඉල්ලීම තමුන්ගේ නායක හාමුදුරූවන් ගෙන් කරල...
අද ඉන්න හාමුදුරුවරුන්ගෙන් දාහකින් කෙනෙක් වත් ඒ පාරෙ යනවද...?
ඒ වගේම මෙහෙම කියමනක් තියෙනව භික්ෂුව ගැන විස්තර කරන...“අප්පසන්නානං වා පසන්නාය, පසන්නානං වා භියෝ භාවාය” (නොපැහැදුණවුන්
පැහැදීමටත්, පැහැදුනවුන්ගේ පැහැදීම වැඩි දියුණු වීමටත්)
සිවුරු ගලෝගෙන කෑ ගහන, කඩ වලට පැනල පහර දෙන, බීල වාහන එලවන , පොලීසියට රජයේ දේපොල වලට ගල් මුල් වලින් ගහන , කුනුහරප කියන
හාමුදුරුවරු දැක්කහම ... // නොපැහැදුණවුන් පැහැදීමටත්, පැහැදුනවුන්ගේ පැහැදීම වැඩි දියුණු වීමටත් // හේතු වෙයි ද..?
ඒත් අද ලංකාවෙ මම නම් අහන දකින විදිහට වැඩි හරියක් හාමුදුරුවරු කරන්නෙම භික්ෂුත්වයට තියා බෞද්ධ කමටවත් ගැලපෙන්නෙ නැති දේවල්... ( "අහවල් කුලයෙන් නැත්නම් අහවල් නිකායෙ මහන වෙන්න බෑ " කියන හාමුදුරුවරු බුද්ධාගම අදහන අය හැටියට පිලිගන්න පුළුවන්ද...? )
ඉතින් නිනුවො මම නම් හිතන්නෙ හාමුදුරුවො පොටෝගහන එක වැරදි බව ඇත්ත උනත් ඒක ගැන වොරි වෙන එක තේරුමක් නැති වැඩක්...
යකඩ මල්ලට ගුල්ලො ගහල නම් පාන් මල්ල ගැන කවර කතාද...?
සපතේරු හරි :)
Deleteමට නම් ඕකෙ මහ ලොකු වැරැද්දක් පේන්න නෑ.
ReplyDeleteඅරවට අපි කියන්නේ හොම්බ දිග කැමරා කියලා.
ඇමති තනතුරෙන් අයින් වුණාම හිටපු ඇමති. විදුහල් පති තනතුරෙන් අයින් වූණාම හිටපු විදුහල්පති. හාමුදුරුවො?? හිටපු හාමුදුරුවො වෙනවාද?//
ReplyDeleteමහණකම කියන්නෙ ඇමතිකම තනතුරක් නෙවේ. ඒ නිසා සිවුරෙන් ගිය ගමන් නිකංම මනුස්සයෙක් විතරයි.
කතාව ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි.
බුදු හාමුදුරුවො මිනිස්සු මහණ කරගත්තෙ තමන් අවබෝධ කරගත් වටිනා ධර්මයේ කියන පාරෙ ගමන් කරන්නයි. ඒක අවබෝධ කරගන්න මහණවෙන්නම ඕන නෑ. ඒත් මහණ උනොත් "අත්හැරීම" කියන මූලික වැඩේ ලේසියි. ඉතින් මේ අනිවාර්ය නොවන, සිවුර දාගෙන ගිහි වැඩ කිරීම එකම විකාරයක්.
අද තියන මේ "නිවන් අපේක්ෂාවෙන් තොරව පැවිදි වීම" වගේ දේවල් කරන උදවිය ගැන අනුකම්පා කරනු හැර වෙන යමක් නෑ.
එක එක සංවිධාන වල විවිධ පෙරමුණු තියනව. උදාහරණයක් විදියට එල්ටීටීඊ සංවිධානයේ යුධ පෙරමුණ එකක්. දේශපාලන පෙරමුණ එකක්. හැබැයි බුදු දහමේ එහෙම පෙරමුණු නෑ. අද හදාගෙන තියන බුදු දහම රැකීමේ පෙරමුණු බුදුන් වහන්සේගේ දෙසුමට පටහැණි දේවල් විතරයි.
අද භික්ෂු චරිතය ගැන වැඩිපුර කතාවෙන යුගයක් වෙලා. සිනමාව, ටෙලිනාට්‍ය, ගීතය,නවකතාව,කෙටි කතාව යන හැම අංගයකම එකී චරිතය අනීවාර්ය වෙලා. ගැටලුව ඒක නෙමෙයි.ගැටලුව නම් ඒ හැම තැනකදීම සාකච්චා වෙන්නෙ භික්ෂූවක් ගතකරන භික්ෂූ ජීවිතයක් ගැන නොවීමයි.භික්ෂුවක් ලෙසට ඒ හැම තැනකදීම ස්මතුවන්නෙ භික්ෂු චරිතයට අදාල නොවන චරිත ලක්ෂණ ඇති චරිත. කලාවෙදි සානුකම්පිතව සාදුකාරදී එම සංකල්ප සමාජ ගතවූවාට පසුව අඩා වැඩක් නැත. භික්ෂු චරිතය විකිනිය හැක භික්ෂුවකට කැමරාවක් මිළ දී ගත නොහැක..............
ReplyDeleteහැම දේම නව්‍යකරණය වෙලා ඒක හාමුදුරු නමකටත් පොදුයි මගේ හිතේ .. දැන් ඉස්සර වගේ නෙමේ පැවිද්දෝ ,පියතුමන්ලා එහෙම රැකියාවක් කරන ආකාරයට තමයි ඉන්නේ, ඒත් හැමෝම එහෙම නැහැ තවමත් සිල්වත් භික්ෂුන් වහන්සේලා වගේම පියතුමන්ලත් අතලොස්සක් ඉතිරිවී සිටිනවා ..
ReplyDelete//ඇමති තනතුරෙන් අයින් වුණාම හිටපු ඇමති. විදුහල් පති තනතුරෙන් අයින් වූණාම හිටපු විදුහල්පති. හාමුදුරුවො?? හිටපු හාමුදුරුවො වෙනවාද?//
ReplyDeleteහාමුදුරුකම කියන්නේ පට්ටමක් නෙවෙයි ගතින් සිතින් දරන්නා වූ ශීලයක්... අපි සිල් අරගත්තාම සිල් ඇත්තෝ උනාට සිල් පාවර කරාම හිටපු සිල් ඇත්තා කියන්නේ නැනේ...
හාමුදුරු කෙනෙක් වුනත් ලෝකය ලස්සනට දකින්න පුළුවන්. දුරකනය කෙසේ වෙතත් කැමරාව ගැන කියනවා නම් මම මැදි අදහසක් දරන්නේ.. හාමුදුරුවෝ ඕකත් කරපින්ං ලස්සන සෙක්සි කෙල්ලෙක් කොල්ලෙක් දාලා පොටෝ ෂුට් එකක් කරා නම් වැරදී. ඒ නැතිව දකින ලෝකය පින්තූරයට නැගීම වැරැද්දක් ද, චිත්‍ර අඳින ස්වාමීන් වහන්සේලා ඉන්නවා, කවි බණ දෙසන ස්වාමීන් වහන්සේලා ඉන්නවා, තව සින්දු ලියන ස්වාමීන් වහන්සේලා ඉන්නවා , ඒ අතර සාත්තර කේන්දර වැඩේ කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා, ඒ අතර ලෝකය දකින පින්තූරු ගන්න ස්වාමීන් වහන්සේල් ඉන්න බැරිද?
//තරුණ වෙනකොට, තමන් තුළ ගොඩ නැගෙන ස්වාධීන චරිතය ආත්මය හොයාගෙන එනවා. // ඉතින් හාමුදුරුවොත් කුඩා කාලේ ඉඳලා ප්‍රගුණ කරපු දේවල් එක්ක ඒ ස්වාධීන ආත්මයට අනුගත වෙනවා...
කෙලෙස් නිහීන කරලා නැනේ.. ඒකනේ ඔය කෙල්ලෝ එක්ක යාළු වෙලා සිවුර දෙහි ගහක් උඩින් දාලා යන්නේ.