7/10/13
-219- කජු ගහේ ජීවිත
මම මෙය ලියන්නේ කජු ගහක් ගැනම කීමටදැයි. මම නොදනිමි. නමුත්, අද දවස මතක හිටින්නට කුමක් හෝ ලියා තබන්නට සිත බල කරයි. අල්ලපු වත්තේ කජු ගහ ඊයේ එක වරම කතා දැම්මේය. එය නිවස කරගත් කුරුලු ගහණයට යන එන මං නැතිව අපේ අඹ ගසේ , සහ රණවරා ගසේ සරණාගත කඳවුරු ඉදි කරගෙන සිටිති. පූස් දුෂටයන්ද නො අඩුව, ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා දේශපාලකයන් සේ, ගස් යට බලා සිටිති. කුරුලු පැටවෙක් හෝ බිම වැටුණොත්, එය හොඳ ගොදුරක් බව දන්නා පූසෝ තනිව නොව මිතුරන්ද කැටුව එති.
කොහේදෝ සිට පැමිණි ඇන් ජී ඕ වඳුරු රැලක්, අඹගසට පැමිණ අතු හොළවමින්... අනෙකුත් ගස් වලටද පනිමින්, පළාතම දෙවනත් කරති. ඒ කලබලයට පූස් දේශපාලුවෝ ප්‍රදේශයෙන් ඉවත් වුවද, ගසට හානි වූ හෙයින් කුරුලු සරණාගතයන් සිටින්නේ ඉතා කටුක අවදානමකය.
මම ඔවුන් දෙස බලා සිටිමි. සමහර දේවල් මත අපි ශාරිරිකව හෝ මානසිකව යැපෙන්නෝ වෙමු.
ශාරීරික යැපීමට වඩා මානසික යැපීම ප්‍රබලය. ඉන් එහාට කිසිවක් කීමට මට නොහැකිය. මේ ලිපිය ලියුවේ අද දිනය සිහිපත් කිරීමට සටහනක් තබනු පිණිස මිස, කජු ගස ගැන ශෝකය පල කිරීමට නොවෙයි.
මෙතනින් එහාට නොතේරෙනවා නම් නොකියවා ඉන්න.
ඔබ කිසි දිනක සිනාසුණේ නැත. නමුත් මම සිනාසෙන හැටි බලා සිටි බව මම දනිමි. නුඹ කිසි දින දොඩමලු වූයේ නැත. නමුත් මා දොඩමලු වෙමින් සතුටු වෙන අයුරු ඔබ බලාසිටි බව මම දනිමි.
මම මිනිසුන්ට ආදරය කළෙමි. බොහෝ මිනිසුන්ව විශ්වාස කළෙමි. එය භයානක බව මට කීමට එඩිතර වූයේ නුඹ පමණි. අවසන මම නුඹ සතුරෙකු සේ දුටුවෙමි.
මම කවි ලිවීවෙමි. නමුත් නුඹ කිසි දිනෙකත් ඒ කවි නොවිඳි වග මම දනිමි. නමුත් බොහෝ අය මෙන්, ඒ පිළිබඳ බොරු කියා මා පසසන්නට නුඹ පැමිණියේ නැත. ඔබට කවි ලියන්නට පුලුවන් බවට පුරසාරම්ද ඔබ කිස දිනක දෙඩුවේ නැත. ඔබ උත්සාහ කළේ ද නැත. මම කැමති දේට අකමැති වූ නුඹ සතුරෙකු සේ දුටුවෙමි.
නුඹ ගැන තව බොහෝ දේ ලිවිය හැකිය. නමුත් මම කිසිවක් නොලියමි. මන්දයත් නුඹ මෙය කියවන්නේ නැති වග මම හොඳින්ම දන්නා නිසාය. තවද අදාළ නැති සමහරෙක්, මෙය තමන් වෙත කියන වග සිත ගන්නට ඉඩ ඇති නිසාය. එහෙත් මම මේ දේ මෙතැන ලිබා තබමි.
නුඹ මට කිසිදිනක බොරු කීවේ නැත. ලබැඳි ස්වරයෙන් තබා, කට හඬ ඇසෙන්නටවත් කතා කළේ නැත. නමුත් නුඹ මට ලියූ හැම අකුරකම සත්‍ය ගැබ් වී තිබිණි. නමුත් මම නුඹට ලියූ අකුරු වල අර්ධයක අතිශෝක්තිය ඇති බව මම පිළිගනිමි. දේශන ශාලාවේ මධ්‍යයේ හිඳ මා දෙස බලනා නුඹ මවා ගන්නට උත්සාහ කරමි. දැන් මම නුඹට ආදරය කරමි.
නමුත්, අද නුඹ දුර ඈතකට යන වග මම දනිමි. මතු දිනක හමු වීමට හැකිවේදැයි මම නොදනිමි. එහෙත් මම එක දෙයක් සක්සුදක් සේ දනිමි. මම වෙනස් වන මුත්, නුඹ වෙනස් නොවන බවය. ඉතින් සුබ ගමන්!!
Subscribe to:
Post Comments (Atom)
බ්ලොග් ලියන්නියන් අතර ඔබ තමා ඉපැරණිම සාමාජිකාව. උදාර සංකල්පයක්. පොඩි වැඩක් පටන් ගත්තා. google+ වල සිංහල බ්ලොග් සමාජය නමින් සමූහයක් හැදුවා. ඔබේ මේ බ්ලොගයත් එතැන එල්ලන්න. මෙන්න ලිංකුව. මෙතැනට ගිහින් රික්වෙස්ට් එකක් දාන්න
ReplyDeleteමම ? අනේ නෑ... ඉන්න මම කට්ටිය ඉන්නවා... ඒ අයට මේක යවන්න... මට වඩා පරණ අය ගොඩක් ඉන්නවා... උන්ගෙන් මට ගුටි කන්ඩ වෙයි.. මේක දැක්කොත්
Deleteහොද සටහනක් කජු ගහක් ගනමත්ම නෙවේ නේද කිව්වේ ...:D
ReplyDeleteඔබ හොද බ්ලොග් ලියන්නියක් වගේම හොද මිතුරියක් බවද දනිමි
ReplyDeleteඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා.
ReplyDeleteස්තූතියි හැමෝටම!!
ReplyDeleteකජු ගහ කොහොම වෙතත් කරපු මෝඩකම් ගැන දුක් වෙන බව නම පේනවා...... එක අතකින් මෝඩ නෑ කියලත් හිතෙනවා. හැබැයි පසුතැවෙනවා කියලනම් පැහැදිලියි. හොඳ නිර්මාණයක් නංගියේ. තව ලියපන් නංගියේ. හැමදාම කොමන්ට් නොකලත් උඹේ ඒවා හැමදාම කියවනවා
ReplyDeleteමම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
ReplyDeleteඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්