මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/31/13

-211- අපමණ සතුටින් දන්වන වග නම්!!



මෙය ලියා තැබිය යුතු යැයි අදහස් කරමි. එමෙන්ම පබ්ලිෂ් කළ යුතු යැයිද අදහස් කරමි. මේ වන විට මම නිහඬවම සමාජ ජාල තුළින් බොහෝ දේ ඉගෙන ගෙන ඇත්තෙමි. ඒ ඉගෙන ගත් හැම දෙයකම පරීක්ෂණයක් අන්තර්ගත වූ අතර, ඒ සියල්ලම සහභාගී පරීක්ෂණ බව මම සතුටින් කියමි.

පසු ගිය කාල වකවානුව අතරතුර යමෙක් ගේ සිත් තැවුලට හේතුවෙන මොන යම් හෝ දෙයක් මා අතින් විණි නම් සමා වුව මැනවි. මම බ්ලොග් ලිවිල්ලටත්, වඩා මෙම සියලු සමාජ රටා අත්හදා බැලුවේ, මුහුණු පොතෙන්මය. එය අති සාර්ථක බව මට අද වන විට පසක් වී ඇත. වසර දෙකකට ආසන්න කාලයක් ක්‍රම ක්‍රමයෙන් සිදු කළ සියලුම කටයුතු වලින් අද එක්වරම මිදීමට තීරණය කළෙමි. එයට හේතුව, පරීක්ෂණ සියල්ලම නිමා වී තිබියදීත්, මසක් පමණ අධ්‍යනයෙන් ම පසුවීමයි. තවදුරටත් එය මට අනවශ්‍යය. වෙහෙස කරය. එහෙයින් නිමා කරමි.

මම දැන්, යළි මා තුළට පැමිණීම ඇරඹිය යුතු කාලය පැමිණ තිබේ.


හොයාගත් දේවල් වචනෙන් දෙකෙන් සාරංශ කරන්නම්, පොතක් ලෙස එය බිහිවීමට තව බොහෝ කල් ඉල්ලා සිටියි. අකුරු බුද්ධියට බර වැඩිය. තවමත් නිසි නින්දේ හදවත වැඩෙයි.

සමාජ ජාල භාෂාව -

යම් දිනෙක ඔබ සමාජ ජාලයේ පෙනී සිටින භාෂා ශෛලිය වෙනස් කර තිබේද? මම එය ක්‍රමයෙන් වෙනස් කර බැලිමි. රස්තියාදුකාර භාෂාවක් එක්වරම ඔබ භාවිතා කළහොත්, ඔබගේ මිතුරු පිරිස එක්වර වෙනස් කළ හැකිය. ඔබට වඩා ළංවී සිටින්නෝ ඈත්විය හැකි අතර, ඈත් වී සිටින යමෙක් ළං විය හැකිය. ක්‍රමයෙන් වන ක්‍රියාදාමයකදී මෙය සිදු වන්නේද ක්‍රමක්‍රමයෙනි. නුඹ නොතේරෙන දේවල් කියන කල තේරෙන බව පෙන්වා සිටින සමහරු, නුඹ ඒ දේම වැටහෙන බසින් කිවහොත් ඔබව අත්හැර යනු ඇත.

සමාජ ජාල මිතුරන් -

සාමාන්‍ය සමාජයට වඩා අතිශයින් භයානකය. ශරීරය සහ ආත්මය පරස්පරවිරෝධීය. නුඹ වර්චුවල් දකින ප්‍රතිරූපයට වඩා සැබෑ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් වෙනස් විය හැක. කෙළින් නොකියන පිට කොඳු නැති අයගේ සම්භාවිතාව වැඩි නමුත්, වැටෙන තුරු බලා සිටිනා බව හඟවන ප්‍රතිශතය ඉතාම ඉහළය. පිරිමි ළමුන් සමඟ හිතවත්ව කතා කිරීම තුළ නම කැත විය හැකි අතර, ගැහුණු  වේශයෙන් සිටින පිරිමි අධිකය. වැරද්ද අවම නම්, ප්‍රයිවට් මැසේජ් වලින් එවන අතර, වැරැද්ද විශාල නම් ප්‍රසිද්ධියේ ලැජ්ජා කිරීමට උත්සාහ කරති. පුද්ගලික ජීවිතය හා සමාජ ජාල ජීවිතය අතර වෙනසක් ඇතිබව තේරුම් ගත් අයට වඩා නොගත් අය වැඩි බැවින් ප්‍රශ්න නිරන්තරව මතු වෙයි. බොහෝ දෙනා තම මනස ක්‍රියා කරවන ආකාරය , අනුන්ගේ මනස ක්‍රියා කරන ආකාරය යයි වටහාගෙන ස්වයං තීන්දු වලට එළඹී කරන ක්ෂණික ප්‍රකාශ වලින් මිතුරන් නැතිකර ගනිති. සමාජ ජාල භාවිතාව තුළ ඉවසීම තදින්ම වර්ධනය විය යුතු සිද්ධාන්තයකි. මේ සියල්ල සමහරෙකුට පමණක් අදාළ නොවන අවස්ථාද ඇත. හැකි නම් නුඹ සියලු දෙනා මිතුරන් කර ගෙන බලන්න, නුඹට මිතුරන් වැඩි වන තරමට අනවශ්‍ය අපවාද වැඩි වනු ඇත. නමුත් තොරතුරු ද වැඩිවනු ඇත.

සමාජ ජාල ට්‍රෙන්ඩ්-

ට්‍රෙන්ඩ් පැමිණීම, නැගීම, බැසීම සහ මියයාමද, තවෙකෙක උපතද, සාමාන්‍ය සමාජයට අනුරූපව සිදුවෙයි. නමුත් බොහෝ දෙනා ස්වයං කැමැත්තෙන්, ආරෝපණය වී ඇත්තේ, නොදන්නා බළල් හස්තයන්ගේ දේශපාලන ක්‍රමවේද වලටය. එය වටහා ගන්නා දින ට්‍රෙන්ඩ් එක නිමා වන අතර අලුත් පැමිණීම, යට ගියාව ගැන සිතීම අමතක කරයි. අවශ්‍ය දෙයක් සඳහා නුඹට කිසි දිනෙක සමාජ ජාලයකින් පිළිතුරු ලබා ගැනීමට ස්ටේටස් හෝ ප්‍රසිද්ධ කිසිවක් භාවිතා කළ නොහැක. පුද්ගලික බව තුළ එන පිළිතුරට වඩා ප්‍රසිද්ධ බව තුළ එන පිළිතුර වෙනස් වන්නේ, එකිනෙකා නුඹ සමඟ පවත්වන සම්බන්ධය ලොවට පෙන්වීමට වෙර දරන ක්‍රමවේදයේ ලක්ෂණ වලට අනුරූපීවය.
නුඹ සමඟ පොදුවේත්, පුද්ගිකවත් සමාන ඇසුරක් පවත්වන්නෝ සැබවින්ම හොඳ සමාජ ජාල මිතුරන් බව මතක තබා ගන්න.

සමාජ ජාල වීරයෝ-

වර්චුවල් සමාජයෙන් සහ සත්‍ය සමාජයෙන් තොරතුරු ගෙන තම චරිතයකට ආරෝපණය  හිට්ස් උදෙසා මවා ගන්නා ඊනියා වීරත්වය ඔවුනොවුන් විසින්ම ඉතාම අකාරුණික ලෙස ඝාතනය කරගනී.
යළි එය ලබා ගනු වස් කරන්නා වූ ක්‍රියා වලිය තුළද ඔවුන් පෙර රසවිඳි අය අතරමං වනු ලබයි. එවිට අලුත් වීරයන් බිහිවීම මන්ද ගාමී වන අතර පැරණි වීරයන් අලුත් වීරයන්ගේ ගමනට කුහක ලෙස බාධා පමුණවයි. නමුත් සියලු දෙනාම ඊනියා වීරයන් බැවින් සියලුම මාර්ග අනතුරේ බව රසවින්දක ආතුරයෝ නොදනිති. පරණ වීරයෝ යම් අවස්ථා වල අලුත් වීරයන් බිහි කරති. නමුත් පරණ වීරයන්ගේ අවශ්‍යතා, සඳහා අලුත් වීරයන් නොගැළපෙන කළ හෝ, ඔවුන් අතින් ඒවා ඉටු නොවන කළ, එළි බහින කුහකත්වය ඉතාම දරුණුය.

තව බොහෝ දේ කියන්නට ඇතත්, ඒ සියල්ල ඔබට යම් දවසක පහදා දීමට වෙර දරමි. මේ ලබා දුන් තොරතුරු ඔබට ඉදිරි සමාජාල ජීවිතයට වැදගත් නොවනු ඇත. මන්දයත් නුඹත් මේ වන විට පවතින රාමුවේ එක්ක අංශුවක් පමණක් බැවිනි.

නුඹ මතක තබා ගත යුතු දෙයක්, නුඹට සිහිපත් කරන්නේ හැබෑම සෙනෙහසිනි. නුඹ මිතුරන් හඳුනා ගත් මාර්ගය කිසිවිටක වැදගත් නැත. නමුත් නුඹ මිතුරා තේරුම් ගත් ක්‍රමය ඉතා වැදගත්ය. ලොව හොඳ හෝ නරක යන සියල්ල, සාපේක්ෂය.  කෙනෙක් ගේ ඔබට වැදගත් වන්නේ, ඔබ සමඟ සම්බන්ධතා පවත්වන ක්‍රමය ඇසුරෙන් පමණක් හෙයින්, සියල්ලන්ම ආස්‍රය කරන්නට කැමති නම් හැකියාව ඇත.. එමෙන්ම ඔවුන් පුද්ගලික ජීවිතයට සම්බන්ධ කරගන්නා ප්‍රමාණය තීරණය කිරීමද ඔබේ බුද්ධියට අනුකූලය.

නමුත් සියලු වර්චුවල් සබදතා, සැබෑ මිතුරුකම් ලෙස පටලවා ගැනීම හෝ නොගැනීම හෝ එහි පරිධිය තීරණය කිරීම ඔබ සතුය. සියල්ල අවසන එක් දෙයක් ප්‍රත්‍යක්ෂව කියමි. වර්චුවල් සමාජයට කළ හැකි දේ සාමාන්‍ය සමාජයට කළ හැකි දේට වඩා ප්‍රබලය. නමුත් එය යහපත් කාර්යයන් උදෙසා යොදාගන්නේ, ඉතාම සුළුතරයකි. අසනීපයට පත් අය සුව කිරීමට, පාසල් සඳහා උදව් කිරීමට කැපවන මෙවන් කණ්ඩායම් ඉහළින් අගය කෙරෙන අතරම
නොයෙක් මව් පක්ෂයන්ගේ බළල් හස්ත ලෙස නොදැන ක්‍රියාත්මක වන බොහෝ දෙනා කෙරෙහි, අනුකම්පාවද ප්‍රබලව හිමි විය යුතුය.

වෙනස් වන ලෝකයේ වෙනස් නොවනා එකම දෙය වෙනස් වීම බව තේරුම් ගත්තෙමි. මම ජයග්‍රහණය කර ඇත. මන්ද මම සමාජ ජාලය තුළින් බොහෝ ඉගෙන ගතිමි. ඔබ ජයග්‍රහණය කර තිබේද? නැත්නම් පරාජය වී තිබේද? එසේත් නැත්තම් තවමත් ගන්ධබ්බ සීමාවේ දෝලනය වන්නේද?





26 comments:

  1. පිස්සු හැදෙයි! සඳ බොඳ වෙයි! මාර පරීක්ෂණයක් නේ මෙයත් කරලා තියෙන්නේ! හැබැයි හොයාගෙන තියෙන ඔක්කොම ඇත්ත තමා!

    ReplyDelete
  2. ලංකාව තුල පේස්බුක් කියන්නෙ ගොඩක් අයකට වේදිකාවක්..නමුත් පේස්බුක් කියන්නෙ ලස්සනට ඇදගෙන ඇවිත් අර තාපසාරාමය පැත්තට වැටුන ගිරවා වගේ එන්න මේ පැන් බොන්න ආදි හොද වචන කතාකරලා..
    හොද දේවල් සෙයා කරලා..එක්තරා පොදු චැනල් එකක් මට්ටමට ගන්න ඕනි දෙයක් නෙමෙයි..ලංකාවෙ පේස්බුක් එන සියයට අනූවක් විතර මුලු පේස්බුක් ලයිප් එක පුරාවට ස්ටේට් එකක් කමෙන්ට් එකක් දාන්නෙ නැහැ..
    කමෙන්ට් දැම්මත් වාව්, මරු වගේ පොඩි ඒවා..
    එයාල කරන්නෙ කාරුහරි හදපු එකක් සෙයා කරන එක...

    ReplyDelete
  3. ඔබේ මේ ලිපිය හා එකග වෙමි.

    ReplyDelete
    Replies
    1. අනික් ලිපි එක්ක එකඟ වෙන්න බැරි ගතියක් තියේද? අයියෙ

      Delete
  4. පළමුවතාවට ++++++++++++++++++++++++

    ReplyDelete
  5. ෆේස්බුක් කියන්නේ වෛරස් එකක් විතරයි... මට නම් තේරෙන හැටියට.. විශේෂයෙන් අවුරදු 12-18 අතර අයට... මේ කාලෙදි තමයි මුල් බැහැගන්න මත ඔලුවට වැටෙන්නේ.. ඔන්න ඔය කාලෙදි ඔලුවට වදින ඒවා වලට, ඔය කිව්ව ට්‍රෙන්ඩ් හරියට බලපානවා... ඒක නිසයි මම කිව්වේ ඕක වෛරස් එකක් කියලා... අනිත් එවා නම් අනේ මන්දා.. අර අමිල චතුරංග නිව්වා වගේ කිසි දවසක ස්ටේටස් එකක් දාන්නේ නැති, කවුරුහරි එකෙක් මැසේජ් එකක් දාලා “ අනේ මේකට ලයික් එකක් දාන්න” කිව්වොත් විතරක් ලයික් එකක් දාන ජාතියේ එකෙක් මමත්... හි හි...

    ReplyDelete
    Replies
    1. ඒක ගැලවීමේ න්‍යායික පිළිතුරක්

      Delete
  6. සමාජ ජාලා තුල මිතුරුකම ඇත ලෙන්ගතු බව නැත.

    ReplyDelete
    Replies
    1. සුදික හරි කියලා මටත් හිතෙනවා.. නමුත් සමාජ ජාලා වලින් හමුවෙලා ඉන්න ලෙංගතු මිතුරන් ඉන්නවා.

      Delete
    2. සමාජ ජාල වලදී මිතුරු වීම ඉක්මන් එහෙත් ලෙන්ගතු වීම හෙමින්.

      Delete
  7. කොහොම හෙව්වද මන්ද ඒත් තනිකර ඇත්ත ...මේක තනිකර බොරු
    විකාරයක් ..අර අමිල කිව්වා වගේ " අනේ එන්න කන්න බොන්න අපි හරි
    සෝයි " වගේ සීන් එකක් තියෙන්නේ..හොඳටම රඟ පාන අය
    ""මානව දයාව පිරි වැදගත් උගත් දැහැමි උසස් කුලැති ප්‍රජාව ..""

    එළිපිට කියන කරන සුළු පිරිස තමයි අර 2.50 ලේබල් එක ගහගන්නේ ...

    ReplyDelete
    Replies
    1. සත්‍යයකි.. සමාජ ජාල වල අනවශ්‍ය ලෙස විවෘත වීම භයානකය

      Delete
  8. ඔබ සමග එකඟ වෙමි. වැදගත් වන්නේ දැලි පිහිය වුනත් ප්‍රවේසමෙන් පරිහරණය කිරීමයි. ජය...!

    ReplyDelete
  9. මේවා දෙපැත්ත කැපෙන දැලි පිහියක් වගේ ....

    ReplyDelete
  10. මේවා ජාලම තමයි පැටලෙන්නෙ නැතිව එලියට එන්නයි බැරි

    ReplyDelete
  11. "අපිට පිස්සු ඕයි" කියනකොට මට යන්තමට හිතුනා මේකිට මොකක් හරි වෙලා තමයි කියලා. බලාගෙන යනකොට හරි වගේ. කොහොමහරි නගෝ කියල තියෙන දේවල්නම් හරි. හොඳ වැඩක් කරලා තියෙන්නේ

    ReplyDelete
  12. oya hari nangi.mamath facebook eken ain wenna inne

    ReplyDelete

  13. සහෝදරිගේ කතාව සහතික ඇත්ත,ඉදිරියට තවත් හොද ලිපි ලියන්න ඔබට ජය!

    ReplyDelete
  14. අකුරු ටිකක් ලොකු කරන්නකෝ යාලු පුළුවන් නම්..චුටි අකුරු කියවන්න පෙනේ නෑ නොවෑ

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.