මම මේ ලිපිය ලියනවා කියලා හිතුවෙ, කවදාවත් කාටවත් නොකීව, පුදුමාකාර කතාවක් එතැන තියෙන නිසයි. ඊයේ රෑ 2012 අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. අපේ නංගිත් විභාගෙ ලිව්වෙ 2012. එයා මගෙ මාමාගෙ දුව. එයා බොහොම ඉහළින් සාමන්‍ය පෙල සමත්.. ඉතින් ඔය ගැන කතා වෙවී ඉන්න අතරේ, අවුරුදු 6කට කලින් විභාගෙ කරපු මගේ ප්‍රතිඵලත් ආයෙ කතා බහට ලක් වුණා. මම සමාජ අධ්‍යනය හා ඉතිහාසය විෂයයන් කෙරෙහි දැක් වූ උනන්දුව පෙන්වලා, නංගිගෙ B එකට බනින්නත්.. එයාලා අමතක කළේ නෑ..
කොහොම කළත්, මගේ A 8 ට තාම නෑදෑයෝ අතර තැන වැඩියි වගේ... (පොර ටෝක් එකක්)
මෙතනින් එහාට කියන්න සුදානම් වෙන්නෙ.. ඉතාම සත්‍ය සිද්ධියක්. ඒක පාසලේ කවුරුවත් දන්නෙ නෑ.. හැබැයි අද දැන ගනී. මගේ හැම යාලුවෙක්ම. ගණිතය කියන්නෙ හැමදාටම සාමන්‍ය පෙළ විභාගෙ ඇතුළේ, බොහොම වටින විෂයක්. මොකද ගණං නැති වුණොත්, ඒ ලෙවලුත් නැති නිසා. දවස 2005 වසරේ දෙසැම්බර් 15 ( මතක විදිහට) එදා උඳුවප් පුර පෝය. පහුවදා ගණිතය නිසා අත්තාම්මාගේ සහ අත්තප්පාගේ වාර්ෂික දානෙට ගියෙ නෑ.. ඒත් ඊට සහභාගි වුණ අප්පච්චි, මට දානෙ ගෙදරින් බත් මුලක් ගෙනවා.
මම හරි ආසාවෙන් , ඒ බත් මුල කෑවා. පහුවදා උදේ, මට හදිස්සියෙ ආසාවක් ආවා.. පොල් රොටි කන්න. ගෙදර පිටි තිබුණෙ නෑ. අම්මා කවදාවත් නැතුව, අල්ලපු ගෙදර බැඳපු නැති ආච්චිලාගෙ ගෙදරින් පිටි ගෙනත් මට රොටි පුච්චලා දුන්නා.
මම රොටි කකා ඉද්දි ගෙදරට දුරකථන ඇමතුමක් ආවා. මාලා අම්මාගෙන්. කතා කළේ අප්පච්චිට..
" මල්ලි ඊයේ දානෙ මාලු ටිකක් හරි මදි වගේ.. පොඩි එකාට දුන්නෙ නෑ නේද? "
මොන පිස්සුද? පොඩි එකා බඩ ජාරියා වාගේ මාලු ටික කාලා. දැන් මොකක් කරන්නද? කෝකටත් කියලා අම්මා ග්‍රයිෆ්ෆෝටර්, ටිකක් දුන්නා..
දැන් බස් එකේ මරදානට වෙනකං ආවා.. පහසුවක් නැතත්, අපහසුවක් තිබුණෙ නෑ.. ඒත් බඩ නං හරි නෑ කියලා තේරුණේ, ටයර් කඩේ ගාවදි. මුලු අඟම දාඩිය දාන්න පටන් ගත්තා.. ඒක පුදුම වෙහෙසක්. මම ඉස්කෝලෙට ගිය ගමන් එක පාරක් වොෂ් රූම් ගියා. විභාගෙ 9 ට නෙ. ආයෙ. අටයි දහයටත් වොෂ් රූම් ගියා. මම පාචනයත් හැදුණ කෙනෙක් නිසා, අම්මා එදා ගේට්ටුව ළඟම හිටියා. කොහොම හරි එදා 16 වෙනිදා.
හරියටම දෙවනි පේපරේ දුන්නා. පළවෙනි ප්‍රශ්නය කොටස් 11 යි. අනිවාර්යයි. පළවෙනි ප්‍රශ්නය ඇතුළුව, ප්‍රශ්න 8 ක් කරන්න තිබුණා. ව්‍යුහය මතක වුණාට ඉලක්කම් හරිද වැරදිද කියලා දැන් මතක නෑ. අවුරුදු හයක්නෙ. (දින පොත් නොබලා ලියන්න හිතුණෙ මතකයෙන්.)
පළවෙනි ප්‍රශ්නයෙ, පළවෙනි කොටසවත් ලියන්න, හිතා ගන්න බෑ... ඒක මහ පුදුමයක්. ගාන හිතනකොට, අනිත් පැත්තෙන් යනවා. ඒ තරම්ම අසාධ්‍යයි. මට බය හිතුණා. ගඳ දැනුණොත්, මාව එතනින් ඉවත් කරයි කියලා. ලැජ්ජාවක් නෑ. ඔක්කොම ගැහැණු ළමයි. ඒත් විභාගය. මම ගණිතය හරි ආසාවෙන් ඉගෙන ගත්තා.
මට ඒ වෙලාවෙ හිතුණා, පේපරේ කොහොම හරි ලියනවා. මේක හිතලා පරිස්සමට කරන්න ගියොත්, මට කරන්න වෙන්නෙ නෑ කියලා. පෑන තද කරලා අතින් අල්ල ගත්තා. මට ඒ වෙලාවෙ, මතක් වුණා.. ගණං පන්තිය. මම ආසාවෙන්ම ගිය පන්තිය ඒක. ගණිතයට ආසා වීම වාගෙම ඒකටත් හේතුවක් තිබුණා. ( වැඩිපුර හොයලා බලන පිරිමි ළමයෙක් ඉන්න එක.. එහෙම නැතුව, ප්‍රේමයක් නම් නෙවී.)
ගණං සර්.. අපේ සීයාගෙ යාලුවෙක්. එයා මට පුදුම ආදරෙයි. සර් ළඟට ගිහිං ගණං වලට B කියන්න මට බෑ. කොටින්ම එදාට එයා එන නිසා, ඒක කොහොමත් කියන්න බෑ. අනික මේම දෙයක් වුණා කියලා, එයා දැන ගන්න එක ලැජ්ජාවක්නෙ.. කොටින්ම පොදු පාසැල් එකට ආරංචිය ගියොත්, වස විළි ලැජ්ජාවක් වෙන්නෙ. මගෙ ඇස් දෙකට කඳුලු ආවා.
දැන් පැය තුනෙන් විනාඩි 35 ක් ගිහිං ඉවරයි. මට කියන්න කිසි කෙනෙක් නෑ. මට ගාණ කියවන්නවත් බෑ. මේක ස්ට්‍රෙස් එක නෙවෙයි. මට අපහසුවෙන් හරි වැඩේ කරන්න පුළුවන්. ප්‍රශ්නෙ අනිත් පැත්තෙන් යන එක. මොළය සහ බහිස්‍රාවීය පද්ධතිය අතර ඒ තරම් සම්බන්ධයක් තියෙනවා කියලා මට හිතුණෙ එදා.
හිතට වෙර ගත්තා. පෑන අතා ගත්තා.. මම මුලු ලෝකෙම අමතක කළා... එක දිගට මම ලිව්වා... පැයක් ඇතුළත, කිසිම ප්‍රශ්නයක් අත් නොහැර අත් ඇරිය යුතු ගණන් පවා හැදුවා. ඒක කළේ හිතට ආපු ආවේගයට.. පැයක් ඔලුව ගහන් හිටියා.. බඩ පෙරළවනවා.
පේපර් එකතු කළා. වෙනදාට පේපරේ ගන්න මොහොත වෙනකං හැඩ කර කර ගණන් හදන නෙරංජි ට මොකද වුණේ කියලා ළමයි හිතන්නැති. මම කාටත් උත්තර දෙන්න ඉස්සර වොෂ් රූම් දිව්වා.. ගවුම හෝදලා තෙත ගවුමම ආයෙ ඇඳගත්තා.. පළවෙනි පේපර් එක ලිව්වෙත් ඒ විදිහටම තමයි.
මගෙ වෙනස කාටවත් තේරුණේ නෑ.. මම විඵාගෙ ඉවරවුණ ගමන්, ගේට්ටුවට දිව්වා.. අම්මා, මාව එහෙම්ම ත්‍රීවීල් එකක දාගෙන ගෙදර ආවා.. අම්මා ඒ ඇඳුම් පවා පිච්චුවා. හිතා ගන්න බැරි කාටත් ඒක නොදැනිච්ච එක. බෙහෙත් ගත්තා.. දොස්තරලාත් ඉතා කාර්යක්ෂමව හොඳ වෙන්න බෙහෙත් දුන්නා..
දන්න කියන නෑයො සහ ගෙදර අය කිව්වෙ, ගණන් ආයෙත් ගන්න වෙයි කියලා. කවුරු නැතත් අප්පච්චි කිව්වා... පුතේ, ඔයා මේ සාමාන්‍ය පෙළ ගණිතය විභාගෙන් S එකක් ගත්තොත්, ඔයා ලංකාවෙන් පළවෙනියා වුණාට වඩා ආඩම්බර වෙන්න ඕනෙ කියලා.
රිසල්ට් ආවා මේ වාගෙම අප්‍රේල් මාසයක. හිතන්න මට ගණිතය A ... මට ම පුදුමයි. මම කර්ම ශක්තිය විශ්වාස කරන්න පටන් ගත්තෙ එදා. එතෙක් මෙතෙක් නොදන්න හැම කෙනෙක්ටම, මම උපරිමෙන් දන්න දේ කියා දුන්නා. ඒ වෙනුවෙන්, මට අමාරු වුණ වෙලාවෙ විශ්වයේ ශක්තියක් මං දිහා බැලුවා...
අදටත්, මම අනික් සබ්ජෙට් අටටම ගත්ත A වලට වඩා ගණිතය A එකට ගරු කරනවා. ආදරය කරනවා. හැම සාමාන්‍යෙපළ විභාගයකදිම, මම ඒ A එක ගැන හිතලා අප්‍රමාණව සතුටු වෙනවා.
අද එයාගෙ උපන්දිනේ. මම එයාට විශ් කරන්න ඕනෙ.. එයා මේ කතාව දන්නෙත් නෑ.. අදටත් අපි හොඳ යාලුවො. දැන් එයාට වඩා මං උසයි. අවුරුදු 6ක් අපි වයසට ගිහිං
ඒත් සාමන්‍ය පෙළ විභාගය තාම තරුණයි.
අප්පච්චියේ, වෙලා තියන දෙයක්. කොහොම හරි A එකක් ලැබුනානේ. උත්සාහවන්තයා ජයගනී කියනවනේ. :) ජය...!
ReplyDeleteහි හී
Deleteමටනම් ගනිතේ පේපර් එක දැකලා තමයි බඩේ අමාරුවේ ඉදන් වලිප්පුව දක්වාම හැදුනා
ReplyDeleteහි හී
Deleteගණන් වලට A එකක් ගන්නවා කියන්නේ ඉතින් අක්කා මාර මීටරයක් වෙන්නැති ඒ කාලේ.. මට තියෙන්නේ B එකක්. S එකක්වත් ෂුවර් නැතුව තමයි හිටියේ.. :ලොල් දැන්නම් මාර හැපී. මොනා උනත් මේ වෙච්ච සිද්ධිය නම් ජීවිතේට අමතක වෙන එකක් නෑ නේද ?
ReplyDeleteමාර මීටරයක් නම් නෑ පැටියො.. ඒත් මම ගණිතයට ආසයි. මම උසස්පෙළට ගණිතය නොකළේ, මට ආවර්තිතා වගුව පේන්න බෑ. ඒකයි.
Deleteමාර වැඩ තමා වෙන්නේ නේ!!!!
ReplyDeleteඅනේද හා
Deleteධෛර්යවන්ත කෙල්ල... ගණිතය ඒ එක වටිනව නේන්නම්...
ReplyDeleteමට ඔහොම දෙයක් උණා නම් අනිවාර්යයෙන්ම ගෙදර ගිහින්.. විභාගෙ පැත්තට දාලා...
උපන්දා ඉඳන් නිතරම අසනීප වුණ නිසා, මට ඒක විභාගයක් අතාරින්න හේතුවක් නොවෙන්න ඇති තරු රසී අක්කෙ..එහෙම නැතුව මට ලොකු හැකියාවක් නෑ.
Deleteවටිනම ඒ එකක් තමා ඒක...an immediate absorption loss
ReplyDeleteනංගීට සුබ පැතුවා කියන්න නීනු නෝනේ...මම A7,B2... B අකුරු දෙක මට සදාකල් ඇලජික් ගණන් විද්‍යාව!!! කොහොම හරි මේ රිසල්ට් එක ගත්තෙ දන්න හැමෝටම බැරි දේවල් කියලා දීලා.උන්ටත් හොද රිසල්ට් තියෙනව.ඉතින් මගෙ රිසල්ට් එකටත් වඩා උන් ගැන සන්තෝසයි.මං කරන්නේ ආර්ට්ස්.ඉතින් කොහොමත් මං ඕනවටත් වඩා මේ රිසල්ට් එක ගැන සන්තෝස වෙනවා.....))))මහන්සි වීලා ගත්ත රිසල්ට් එකනේ.. මේ කතාව කියවන කොට මතක් වුණේ මට මේ වගෙ වැඩක් හත වසරෙ වාර විභාගෙකදි වුණා.ඉස්කෝලෙට අච්චාරු වගයක් ගෙනැල්ල මායි මගෙ යාලුවො සෙට් එකයි බඩජාරි වගෙ කෑවා.දෙන්නෙක්(මාත් ඇතුළුව)හොදටම අසනීප වුණා.අපේ පුංචිඅම්ම හිටිය මගෙ පන්තිය ගාව මං විභාගෙ ලියනකම්.ඒත් මං නෙවෙයි අනිත් උන් ටිකයි එයාගෙ ඇගේ හිටන් වමනෙ දැම්මෙ.කොහොම හරි පේපර්ස් දෙකතුනකට ලියන්න බැරි වුණා අපිට.ඒක ඕ ලෙවල් වගෙ රජයේ විභාගයක් වුණා නම් අපිත් ලියාවි.හැබැයි ඔයා වගේ ගේමක් දිලා A අකුරක් ගන්න නම් බැරි වෙයි අක්කේ.එහෙම හිතන කොට නම් හොදට නිරෝගිව ඉදලත් අපිට එහෙම කරන්න බැරි වෙච්ච එක ගැන ලැජ්ජ හිතෙනව!!
ReplyDeleteසමහර දේවල් වලට ගේම් කියන්න බෑ නංගි.. ඒවා පුදුමාකාර දේවල්!!! මටම මතක නෑ.. ඒ වෙලාවෙ මම ඒක කොහොම ලිව්වාද කියලා.. සමහර විට මට ප්‍රතිඵල ආවෙ වැරදිලාද කියලාත් මට හිතෙනවා. කෝම වුණත්, එහෙම වුණා.. සතුටුයි. ස්තූතියි.
Deleteමනියටත් අවුරුදු 6 කට කලින් ලිව්ව ගනන් පේපර් එක මතක් උනා... ඔයිට සමාන සිද්දියක්ම මනියටත් උනානොවැ... ගණන් පේපර් එක ලියන්ඩ කලින් දවසෙ රාත්‍රියෙ තඩි පතැයෙක් කැවනෙ ,ලියන දකුණු අතම...මනියත් ලිව්ව කොහොම හරි...A එකකුත් ගොඩ දැම්ම ඉතින්..
ReplyDeleteසේම් මනියා.. හැමෝටම හැකියාව සහ කර්මය කියන එක බලපානවා.
Deleteමම දන්නවා ඕකෙ අමාරුව.. පුංචිකාලෙ 5 වසරෙ ශිෂ්‍යත්වෙ ක්ලාස් යද්දි මමත් පොල් රොටි 2ක් කාලා ඔය ආනිසංසෙම ලැබුණා.. කොහොම හරි ගේ මිදුලටම ඇවිල්ලා මහා හයියෙන් ඇඬුවා වගේ ලාවට මතකයි..
ReplyDeleteතුන් පාරක්ම සබන් ගාලා නාවල තමයි අම්ම මාව ගෙට ගත්තේ.... හික්ස්
(නංඟිට සුභ පතනවා)
මගෙ නම් ඇඳුම් පවා පිච්චුවා
Deleteඔයාව අදහන්න වටිනවා අක්කා.
ReplyDeleteඇහ්!!
Deleteඒ වැනි ඉතා වැදගත් අවස්තාවකදි තමන්ගෙ ශාරිරික අපහසුව ගැන නොසිතා, තමන්ගෙ ඉලක්කය හරහා මනස යොමු කරපු ඔබේ ධෛර්යය, ආත්ම විශ්වාසය අගය කළ යුතුමයි. keep up your bravery in the future too!
ReplyDeletemata "C" ekak habi anit oktama wada eka watinawa.
ReplyDeleteJayawewa.
අපිට අන්තිම අමාරු වෙන අවස්තාවන් වලදී අපි හිතනවාට වඩා පුදුම විදිහට ඒ බාධකේ ජය ගන්න වේලාවන් තියෙනවා. ආපස්සට හැරිලා බලද්දී ඒක කොහොම කරාද කියල හිතාගන්න වත් බැහැ නේද?
ReplyDeleteඔයාගේ ආත්ම ශක්තිය, උත්සාහවන්තකම උපරිමයි නංගී! ඉදිරියටත් බාධක ජය ගන්න ඔයාට හැකි වේවි!
පොඩ්ඩක් ඔය වගේ දෙයක් මට ත් උණා... උසස් පෙළ ව්‍යවහාරික ගණිතය ලියද්දි...ඔයාට තිබුණු ලෙඩේ නෙවෙයි අර ගෑනු ළමයින්ට හැදෙන ලෙඩේ...අපොයි පැනඩෝල් එක වැඩකරන කල් පුදුම අමාරුවකින් මම හිටියේ! හැබැයි ඉතින් A එකක් තිබුණා :) ඔයා වගේම මමත් අන්තිමට වැඩිපුර ගානකුත් හැදුවා!