මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/19/13

-205- සිද්ධාර්ථ සහ ලාංකීය සිනමාවේ රජ කතා අනර්ථය




සිද්ධාර්ථ බලන්න සැලකිය යුතු සෙනඟක් ඇවිත් හිටියා.. ආච්චිලා ටිකට් ගන්නෙත් ඇස්වල කඳුළු පුරෝගෙන. චිත්‍රපටය පටන් ගන්න කලින් සමනළ සංධ්වනිය ටෙලර් එක පෙන්නුවා...ප්‍රේක්ෂකයො ඒක දැකලා..ටිකක් සුපර් ඊගෝ තැනට ආවා.. ඉන් පස්සෙ සිරි පැරකුම්.. දිගුදෑස පාර්ට් ටූ හැඟීම ආපු නිසාම  මම වාගෙම හුඟක් ආයෙ සීට් එක උඩටම වැටුණා..දෝණි කියලා එකකුත් පෙන්නුවා.. මට ඇලුලුවෙම නෑ.කමල් අදරආරච්චි නම් ඉන්නවා... ඔන්න දැන් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම පටන් ගන්නවා.
සිදුහත් කුමාරයා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත කෙනෙක් කියලා අපි බුද්ධාගම ඉගෙන ගන්න පටන්ගත් දා පටන්, දහම්පාසලයි ඉස්කෝලෙයි අපිට පොවනවා.. ඒ මොනාද කියලා එක සැරේ කෙනෙක්ට අමතක වුණත්, ඔයිට වඩා ටිකක් තේජවන්ත පාටක් සිදුහත් කුමරුට තිබිය යුතුමයි කියන පුද්ගලික මතය උඩ මම තවම ඉන්නවා.

අනික දේවදත්ත ගේ රූපකාය සාපේක්ෂව ගත්තොත් සිදුහත්ගෙ පුරුෂ ලක්ෂණ එක ඉරකින් පේන්නම කපලා දැමිය හැකි මට්ටමක් තියෙනවා.. මම දේවදත්තයාත් සුපිරි දේහයක් කියලාකියන්නෙ නෑ.. හැබැයි, සිදුහත් ට වඩා මොකද්ද ගැම්මක් තිබ්බා. රඟපෑම අසාර්ථකයි හැමෝගෙම වාගෙ..පිට රට හොඳ ඒවා අතරිමු .. හැබැයි අබා ත් ඔයිට හොඳා.. සාමාන්‍ය හින්දි චිත්‍රපටයක් බලලා අවසානෙ දැනෙන හැඟීම තමා මට නම් දැනුනෙ.

යශෝදරා නම් කෙල්ලෙක් විදිහට හරිම ලස්සනයි.. රගපෑම, නම් එකෙන්ම අසාර්ථකයි. සාරංග සහ රණවන තම උපරිමය දක්වා තිබුණා.. හැබැයි ඔවුන් නලුවෙකුගේ උපරිම රංගනය වෙනුවෙන් තව හුඟක් ඉගෙන ගන්න වෙයි.) සුද්ධෝදන චරිතය රඟපෑ රන්ජන්, ගෙ ඉස්සරහ ෆිල්ම් හෝල් එකේ තියෙන කටවුට්, ඇතුළු, සියල්ලම අමතක කළත්, සුද්ධෝදන ඇතුළෙ වන් ෂොට් විනිරිමුක්ත කළ නොහැකි පරිදි ඇලවිලා ඉන්නවා..

කැමරාව ගැන කතා කළොත්, සිනමාත්මක කොටස් එකතු කරපු, ඩොකියුමන්ට්‍රි ස්වරූපයක් තිබුණෙ.. පරිගණක නිර්මාණ පවා හරිම අසාර්ථකයි. ඉන්දියාව එක්ක සහයෝගෙන් කරලත්, ඒ තාක්ෂණයෙන්,දශමයක්වත් උකහාගෙන නෑ.. තිර පිටපත ඇතුළෙ ලොකු අඩුපාඩු තිබුණා..සංස්කරණය.. මැද ඉඳන්, අගට.. අග ඉඳන්  මුලට ඇවිත් නැවත මැදට ගියා... පෙන්වූ මැද නැතිව නොපෙන්වූ මැද පෙන්නුවා...

ඒ කිව්වෙ, මෙහෙමයි. මුලින්ම පටන් ගන්නෙ, සිදුහත් කඳුලු පුරවන් යශෝදරා සහ රාහුල දෙස බලා, ඡන්නගේ කාමරයට තටිටු කරන තැනින්. ඔවුන් දෙන්නා යනවා....රජ මාලිගාව කලබල වෙනවා..  අනෝමාවෙන් කුමරු එගොඩ වෙන්නෙ නම් දහම්පාසලේ විදියට නෙවෙයි. අශ්වයයි. ඡන්නයි තියලා, කූමාරයා වතුරට බැහැලා එගොඩ වෙන්නෙ... එතැන ඉඳන් බුද්ධත්වයට යන තෙක් කතාව පෙන්වනවා.  කාලම සහ උද්දක පෙන්වනවා. භාර්ගව නම් නෑ... පස්වග මහණුන්ගෙ උපස්ථානත් පෙන්වනවා. දුෂ්කර ක්‍රියාවෙ වේශ නිරුපණය අති අසාර්ථකයි.  විශාකා ඕෂදී.. ඒ ටික හොඳයි.. මර දූවරු හොඳායි... චන්නගෙ කෙල්ලො ටිකක් ද කොහෙද? මාර පරාජය ඇතුළෙ මම 3D සිනමාව සහ පරිගණක බලාපොරොත්තුම වුණා.. අනේ නිකං max දුමක් විතරද මන්දා... හරියට key කරලාවත් නැහැ අප්පා..

දැන් බුද්ධත්වයෙන් පස්සෙ කතාවෙ මුලට යනවා.. මායා දේවිට ට ළමයි නෑ.. මායා දේවි ප්‍රජාපතීව ගත්තාට කමක් නෑ තියලා සුද්ධෝදන රජතුමාට කියනවා. රජතුමා ඉතින්, ඒක භාර්යා සංකල්පයෙ කෙළම පැමිණිලා ඉන්නෙ.. කෝම හරි රෑ හීනෙ පේනවා... අනෝතත්ත විලක් නම් නෑ... පට්ට දුමකින් හොඳ කලු ඇතෙක් එනවා.. පැටියෙක් නෙවේ නාඹර ඇතෙක්.. මල් වැල් එහෙම ඔලුවෙ දාගෙන එන්නෙ...මායා දේවිට සුදු නෙලුම දෙනවා. ඉන්පස්සෙ සුපුරුදු ටිකම වෙනවා.. ලුම්බිණියෙදි... මල් නැති සල් ගහක් දේවිය අල්ලන්නෙ... විළි රුදාව මායා දේවියට හිනා යනවා.. ඒක නම් ටිකක් විතර, මට අවුල්.. වට තිර අදිනවා.. දේවියට ළමය ලැබෙනකං හිනායනවා.. ලුම්බිණියෙ කිසිම දෙයක් වෙන පෙන්නුවෙ නෑ.. ඒ ටිකේ ගෞරවය නොකෙළසීම හැබෑ සතුටක්..  ඉන්පස්සෙ ආයෙ මාළිගාවට ආවාම දරුවා රජතුමාට දෙනවා.. ඉන්පස්සෙ හැරිපෝටර් වාගේ තමා..

එඩ්වින් ආරියදාස මහත්තයා තමා සිද්ධාර්ථ කුමාරයාට නම් තියන්නෙ... බුදු වෙන කතාව කියපු ගමන් රන්ජන්ගෙන් සුද්දෝධන ඇතුළෙන් වන් ෂොට් එලියට පනිනවා....මහමායා කලුරිය කරනවා.
ඒකත් ලොකුවට පෙන්නුවෙ නෑ..ගිනි ගොඩ එක්ක ඉන්ටර්වල් දෙනවා.. චොක්ලට් වොන්ඩබාර් එකක් කෑවා.. ඒක තමා අද දවසෙ ලොකුම සතුට...

කො‍හොම හරි, කුමාරයා මාළිගාවෙමයි ඉන්නෙ.. ඔන්න දැන් දේවදත්ත සිද්ධාර්ථ වලි තැන හතරක් තියෙනවා. දේවදත්ත ගෙ ප්‍රශ්න හරි සාධාරණයි. තොහොම නමුත් ඕවා කතා කරලා අපායෙ යන්න බෑ. දැන් සිදුහත් කුමාරයා ඔය අස්සෙ අපේ ලංකාවෙ කලු කෙල්ලො ගොඩක් අස්සෙන්, සුදු ඉන්දියන් යශෝදරාව තෝරාගන්නවා. ඒක නම් ෆෙයාර් ඇන්ඩ් ලවුලි ඇඩ් එක වගේමයි..  ඒ දෙන්නාගෙ ලව් තමා ඉවර වෙනකං තියෙන්නෙ.. ඊට පස්සෙ අන්තිම වීර් සාරා වාගේ... කුමාරයා ආයෙ එන බව කියලා යනවා. යශෝ කියනවා, එයා දොයි වෙලාවක යන්න කියලා... ඒත් හොරාට ඇහැරිලා ඉන්නෙ.. මේ සිදුහත් ගිය බැල්මෙන්, නම් බුදුවුණා කියලා හිතන්න බෑ... ආයෙ එන මූඩ් එකමයි තිබ්බෙ.. ශිල්ප දක්වලා නේද කෙල්ලො තෝරන්නෙ.. මේකෙ දේවදත්තගෙ වුවමනාවටයි ශිල්ප දැක්වුවෙ..දේවදත්ත එක්ක.. කොහොම හරි.. මට දැනෙන විදියට, මවුස්ට වඩා ඉදිරියෙන් තියෙනවා... මොකද ඒක උගත් දෙමව්පියන්ටයි.. ඉගෙන ගන්න ළමයින්ටයි හදපු එකක්නෙ.. අපි ඒම නෑනෙ.. මේක බැලුවාම බුද්ධාලම්භන ප්‍රීතියක් නම් මට ආවෙ නෑ.. ඇත්තම කියන්න එපැයි. සිතුවම්පටය මට නම් වැඩක් නෑ..  හැබැයි.. බුදුහාමුදුරුවන්ගෙ අගය මේකෙන් අඩුවෙන්නෙ නෑ.. ඒ ලොකු දෙයක්.

අබා ආවා..කුස පබා ත් ආවා.. විජය කුවේණිත් ආවා... දැන් සිද්ධාර්ථත් ආවා.. හෙට අනිද්දාට පරාක්‍රමබාහුත් එනවා...මට ඒක ඇතුළෙ ජයන්ත චන්ද්‍රසිරි සර් මවපු  මහරජ ගැමුණු සිද්ධි මාලාවක් පේනවා.. මේ ඇත්තට පරාක්‍රමබාහු කසාඳ බැන්දෙත් ගමේ කෙල්ලෙක්ද? ..මනමේ තවම දුනු දිය අදිනවලු..පැරකුම් රජතුමාම කමා මනමේ කුමාරයත්.. දුටු ගැමුණු මඟ නවත්තන් ඉන්නවා..ජයන්ත චන්ද්‍රසිරි සර්..තවම මොළෙන් වැඩ ගන්න මනුස්සයෙක් නිසා..හැබැයි මර්වින් මහත්තයා රඟපාන ගැමුණු චරිතයක් තියෙන චිත්‍රපටයකුත් තියෙනවාලු... .අනේ බුදුහාමුදුරුවනේ... තව ඉතුරු වෙලා ඉන්න රජවරු ඉන්නවා... විමලධර්ම සූරිය රජ්ජුරුවො, රාජසිංහ රජ්ජුරුවො, විජය බාහු රජ්ජුරුවො.. වළගම්භා මහසෙන් රජවරු... තව ඉන්නවා.. ඒ අයට මහා වන්සෙන් කළ දේවල් හොඳටම ඇති. හරි සිනමාවක් සහ හොඳ නලුවො නිළියො එනකං අපිට ඒ අයගෙ ෆිල්ම් එලා...

මම අවසානෙටම කියන්නෙ, ඒ අයව ගත්තත් කමක් නෑ.. රාවණ රජජුරුවන්ට අත තියන්න දෙන්න එපා... අපි එතුමාට ගොඩක් ආදරෙයි.. ඒ අහිංසකයා මහා වංශෙත් නෑ... ඉන්දියාවෙන් කළ ටික හොඳටම ඇති..

එහෙනම් මිත්‍රවරුනි රැඳි සිටින්න..
ලොක්කා කුස පබා
චූට්ටා පඬු අබා
මද්දු පැරකුම්බා...

20 comments:

  1. mama 1 da manda :D

    ReplyDelete
  2. කතාව චාටර් උනාට ඕක බෞද්ධයො බැලිය යුතුම එකක්ලුනේ. නැත්නම් නිෂ්පාදකට පාඩුයිනේ :D
    මුං ෆිල්ම් හදන්නෙ ලංකාවෙ ඉතිහාසෙ වැදගත්කම පෙන්නන්න නෙවෙයි, ට්‍රෙන්ඩ් එකට. දැං ලව් ස්ටෝරි අවුට් ඔෆ් ඩේට්. දැං පන්ච් එක ඉතිහාස කතා.. අපිත් ෆෝම් වෙලා බලනවා. වැඩිපුරම යන්නෙ කපල්නේ. ෆිල්ම් එකේ විචාර හොයන්න උන්ට ඕන නෑ..

    තව ටික දවසකින් "මහින්දාගමනය 2 " කියලත් ඒවි මහින්ද මාමාව දාල. ඇයි ඉස්සරහට එන්න තියෙන "දුටුගැමුණු" ෆිල්ම් එකෙත් දුටුගැමුණූ රජතුමාට ඉන්නෙ මර්වින් රජතුමානේ..

    ReplyDelete
  3. නෑ.. ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගෙ ස්ක්‍රිප්ට් එක සුපිරි.. ඒකෙ දුටු ගැමුණු තුමිඳු ලු එළාර ජැකාලු

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ වැඩේ සුපිරියට තියෙය්... සිරි පැරකුම් ට්‍රේලර් එකත් වරදක් නෑ

      Delete
  4. හ්ම්ම්.

    ෆිල්ම එකක් හැටියට මාර සාර්ථකයි. මෙලෝ මගුලක් හරියට නොකර බොක්ස් ඔෆිස් කුඩු කරන්න ලෙහෙසි නැහැ. ඒකෙ ගෞරවය බලපු ඔයාලට.

    සිංහල ෆිල්ම් වැඩිය බලලා නැහැ [1950 දශකයේ පොර ටෝකක්]. ඇත්තෙන්ම ෆිල්ම් වැඩිය බලලා නැහැ. සිංහල ඒවානම් නොබැලුවේ මන්ද බුද්ධික කම නිසා. ගමේ හන්දියේ කලත් නාට්ටියේ වේදිකාව අස්සෙන් පසු තිරේ පිටිපස්සේ සෙට් එක කතා කර කර ඉන්නවා පේන එක අවුල්. ඒත් සිනමාව ඒ වගේ. අතාත්වික වෙන්නේ හැරී පොටර්, ලෝඩ් ඔෆ් ද රින් වගේ ෆැන්ටසි නිසා නොවේ. බූතයන්ගේ නොහැකියාව නිසා. ලංකාවේ සිනමා කතා වල කතාව සත්‍ය කියා හිතෙන්න කරන්න පුළුවන් ඔය උදයකාන්ත වගේ එව්වන්ට විතරයි. මටනම් සම්භාව්‍ය කියන එකාලත් හද්ද චාටර්.

    මේ කතන්දර ඇහුවම සිද්ධාර්ථ ගෞතම ලාකිය සිනමා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන්න ඕනේ කියලා හිතුනා. සිද්ධාර්තගෙයි දේවදත්තගෙයි ෆයිට් වලට "ඩිශුම් ඩිශුම්" කියලා පසුබිම් සද්දත් දාලා තිබ්බේ නැද්ද?

    හැබැයි එක දෙයක්. අර අපි පොඩි කාලේ ඉඳලා දැනගෙන උන්නේ "සැබෑ කතාව"... එකත ඉස්සර කාලේ සමන් වීරමුනි කෙනෙකුගේ අධ්‍යක්ෂණයක් ම තමා. වෙලාවට ඔව්වා ඉගෙන ගන්න කොට අපට සිහි බුද්ධිය තිබ්බේ නැත්තේ. එහෙම නැත්නම් ඒකට බ්ලොග් පෝස්ට් බර ගානක් ලියයි.

    ReplyDelete
  5. මමත් ඔය සිනමාපටය බලන්න ගියා.මමකම් නළුවන්ගේ මුණ බැලුවේ නැ.කොහොම උනත් අපි හිතන පොතපතේ කියපු සිද්ධාර්ථ වගේ කෙනෙකු හොයා ගන්න බැරි වෙයි.එහෙත් සිද්ධාර්ථ කුමරු කියපු වඳන් ටික මගේ හඳවතට වැදුණා.ඒ මම ලිව්වා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  6. ෆිල්ම් එක ගැන මට කියන්න තියෙන්නේ චාටර්...
    මේක හදන්න ලංකාවට කිසිම තාක්ෂණික සුදුසුකමක් නෑ...
    මේක හරියට හදනවනං හොලිවුඩ් තාක්ෂනය අවශ්‍යමයි..
    අර කලිං බ්ලොග් පෝස්ට් එකක කිව්වා වගේ මේ ලංකාවේ තියෙන පරණ ලපටි සිපයි කැමරා වලිං මෙහෙම ෆිල්ම් හදන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක චාටර් වෙන්නේ තාක්ෂනය නැති කමෙන් නෙවෙයි . ඕක ෂූට් කලේ රෙඩ් කියන කැමරා එකෙන්. රෙඩ් කැමරා වලින් තමයි හොලිවුඩ් වල PIRATES OF THE CARIBBEAN: ON STRANGER TIDES, THE HOBBIT ,UNDERWORLD AWAKENING RESIDENT EVIL: RETRIBUTION වගේ ච්ත්‍රපට රූ ගත කලේ. හොලිවුඩ් තාක්ෂනය කියල මහා ලොකු අමුතු තාක්ෂණයක් ලංකාවට අවශ්‍ය නෑ. අවශ්‍ය වෙන්නේ හොඳ නිර්මාණාත්මක තිර පිටපත්, දක්ෂ අධ්‍යක්ෂකවරු. 'ලංකාවේ තියෙන පරණ ලපටි සිපයි කැමරා වලිං මෙහෙම ෆිල්ම් හදන්න බෑ..' කියන්නේ මෝඩම මෝඩ හණමිටි සංකල්පයක්.

      http://www.red.com/shot-on-red/cinema

      Delete
    2. තාක්ෂනේ කියන්නේ කැමරා විතරද???????
      රෙඩ් එපික් එක තිබ්බම ඔක්කොම හරි...
      ඔපරේට් කරන එකෙක් ඕන්නැද්ද???????
      ඔටෝ ෂූට් වෙනවා ඇති...
      ෂෝක්...

      Delete
  7. මම නම් මේක බලලා නෑ. බලලා ඉවර උනාට පස්සේ තමා අදහසක් දෙන්න වෙන්නේ.
    එහෙම කිව්වට මම නම් හිතන් නෑ කවදාහරි මේ ෆිල්ම් එක බලන්ඩ යාවි ය කියලා. මොකො මම හිතන් ඉන්න සිද්ධාර්ත චරිතය මට හොඳා. ඒ ඇරෙන්න චිත්‍රපටියකින් සිද්ධාර්ථ කුමාරයව දකින්න ඕන කමක් නෑ. :)

    ReplyDelete
  8. චිත්‍ර පටයක් විදියට මේක අති අසාර්ථකයි, හේතු ගැන පුන පුනා කියන්න අවශ්‍ය නැහැ අද්‍යක්ෂකගේ ඉදලා සුළු චරිත නිරූපනයන් දක්වාම දුර්වල බව කැපී පෙනෙනවා, ඒ දුර්වල කම් තදින්ම දැනුනු පේක්ෂකයෙක් විදියටයි මමත් චිත්‍ර පටය බලලා ආව ගමන්ම බ්ලොග් එකේ විචාරයක් දැම්මේ...

    ඔයාගේ විචාරය එක්ක මම එකගයි, ඒ කියන්නේ අපි හැමෝටම දැනිලා තියෙන්නේ ඒක විදියට.

    ReplyDelete
  9. සහතිකම සහතික ඇත්ත සහෝදරී .. නලුවා,,නිලිය,,දුශ්ටයා අඩුවැඩිය අස්සට සිද්ධාර්ථ කථාව ඔබලා මාර්කට් කරන්න ගත්තු අති සාර්ථක උත්සාහයක් ...

    ReplyDelete
  10. ඒකත් ලොකු දෙයක්නෙ... අපි හැමෝටම එකම විදියට හිතිච්ච එක.. දැන් ඉතින් අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...

    ReplyDelete
  11. ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගෙ ෆිල්ම්වලට ගහන්ඩ කාටවත් බෑ.ඒ මනුස්සයා මහරජ ගැමුණු නොකරන එක හොදයි.කතාවෙ ස්ක්‍රිප්ට් එක කියවලා අපිට හිත හදාගන්න පුළුවන්.

    ReplyDelete
  12. ම්..... අක්කේ පිල්ම් එක බලන්න යන්න හිටියේ.. මේක කියවලා මට පිල්ම් එක පෙනුනා .... :D

    ReplyDelete
  13. ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා (siiiirrrrr) padayak ariyath.. eka samaharakta suwadai.. ethakota kusa paba movie ekatath me wage kiwwada? naththam eka lokuda? moko eka haduwe sunil ariyarathnaneee neeedaaa?
    ekek podi ewunta movies hadanawa. thawa ekek ithihase hadanawa, thawa ekek joke karanawa, thawa ekek moda love karanawa.. thawa ewun ewata naraka kiya kiya innawa.. MENNA MAGE RATA SRI LANKAAWA

    ReplyDelete
    Replies
    1. හම්!! විචාරයක් ඇතුළෙ කුහක කම නැතිව ප්‍රහසනයට ඉඩක් තිබුණාට කමක් නෑ.. මේ කොටස ප්‍රහසනයට දාමු

      Delete
  14. උඹට හොඳ වැඩේ. ලංකාවෙ ෆිල්ම් කවදාවත් හැදෙන්නෑ බං. හැදුවට වැඩකුත් නෑ. ලංකාවෙ ෆිල්ම් වලට කෙලම වෙලා පලයං කියල හොලිවුඩ් විතරක් බලපල්ල.

    ReplyDelete
  15. මොකටද බැලුවේ

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.