මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/17/13

-204- වෙඩිං ලිපි ලිවීම නැවත අරඹන ලදි


ඉස්සල්ලාම ස්තූතිවන්ත වෙන්න ඕනෙ, මධුරංග අයියාට, මේ ලිපි මාලාව ඉවර කළේ නෑ නේද? කියලා මට මතක් කළාට, පොඩි පොඩි දේවල් නිසා, මේ ලිපි ලිවිල්ල එපා වුණා. ඉන්පස්සෙ ඇත්තටම, මට මේ ගැන අමතක වුණා.. බ්ලොග් එක වුණත් ලිව්වෙ, බොහොම කලාතුරකින්, පහුගිය මාස දෙකේ. ඒත් ජනවාරි මාසෙට ලියපු එකම ලිපිය වැඩක් වුණා. ඒ බ්ලොග් සටහන ගියානෙ තරුණයා පත්තරේ. මම නොදැම්මත් එහෙන් තෝරලා එය දාපු එකම මට ලොකු සතුටක්, පත්තරේට ලිපිය යැව්වෙ හෝ තේරුවෙ කවුරු වුණත්, ඒ අයට හුඟක් ස්තූතියි.

මේ දවස් වල බ්ලොග් එකට නිතර ලිපි නොලියවෙන්න එක හේතුවක් තමයි, මම බස් රේඩියෝවෙ සිහිනය දිගේ වැඩසටහන කරන එක. ඇත්තටම ඒ නිසා විවේකය ලැබෙන හැම වෙලාවම එයට යොදවන්න වෙනවා. පුළුවන් වෙලාවට සිංදුත් දෙනවානෙ. අනික මේ දවස් වල මම ඇඩ්වාන්ස් ලෙස උයන්න පුරුදු වෙනවා.. මොකද ගැහැණු ළමයෙක් වුණාම උයන්න අති දක්ෂ වෙන්න ඕනෙනෙ. අම්මාගෙන් ඉගෙන ගත්තත් මට අත්තම්මාගෙ අත්ගුණේ පිහිටයි කියලා, අපෙ අප්පච්චි හිතනවා. මං ගැන පොඩි අප්ඩේට් එකකින් පස්සෙ, එහෙනම් දැන් යමු නේද? අපේ වෙඩිං ලිපිය ලියන්න...

කාලෙකින් ලියන නිසා, මුලක් ඉඳන් නිදහසේ කියවන්න කෙනෙක්ට ඕනෙ නම්, වාගෙම අදත් දඩ බඩස් ගාලා එන අයට කියවන්න මම වෙඩිං සම්බන්ධ මම ලියපු සියලුම ලිපි මෙතන අමුණන්නම්.
අපි මුලින්ම කතා කළේ බැඳිල්ල ගැන.. ඉන් පස්සෙ, බඳින්නෙ කාවද කියලා අපි කතා වුණා. ඊට පස්සෙ අපි කතා කළේ, හැමෝම ලොකුවට වියදම් කරන එන්ගේජ්මන්ට් එක ලාබෙට කරන හැටි..එතනදි තමා අපි දැනගත්තෙ, එන්ගේජ්මන්ට් නෙවෙයි, ඒකට කියන වචනේ රෙජිස්ට්‍රේෂන් කියලා..ඒ වාගෙම මල් කළඹක් සරලව හදන්නත් අපි එතැනින් ඉගෙන ගත්තා. ඉන් පස්සෙ, අපි තවදුටත් රෙජිස්ට්‍රේෂන් ගැන කියලා. වෙඩිං ගැන කතිකාව ආරම්භ කළා. වෙඩිං පළමු පියවරේදි
අපි සාකච්ඡා කළ යුතු මාතෘකා අනු කොටස් දහයකට බෙදුවා..

1. වෙඩිං එක ගන්නෙ කොහෙද? (පළමු පියවරේදිම කතා කළා.)


2. කොහොමද වෙඩිං එක සරසන්නෙ? (මේ ගැනත් අපි කතා කළා)

3. කවුද මනමාලිට මනමාලයාට, අර අනික් අයට අන්දන්නෙ? (මේ ගැන අපි කතා කළා, එක ලිපියක් මදි වෙයි කියලා හිතුණත්, හර බර කමෙන්ට් නිසා, මගෙ වැඩේ හුඟක් පහසු වුණා...)

4. කොහොමද කෑම බීම?

5. වාහන වලට මොකද කරන්නෙ? වෙඩිං කාඩ්? කේක් පෙට්ටි?

6. කවුද චාරිත්‍ර කරන්නෙ?

7. කොයි වගේ හෝටලයකට ද යන්නෙ? (ගොන් පාට් දාන ඇනෝලා නිසා මෙය පස්වට කතා කළ යුතු එකක් වුණත් අපිට වෙඩිං එක සරසමු ලිපියෙ මුලින්ම මේ ගැන කිව්වා.)

8. සංගීතය කොහොමද?

9. කවුද පොටෝ ගන්නෙ? වීඩියෝ කරන්නෙ?

10. එදාට නීති කටයුතු කරනවා නම් ඒවා කොහොමද වෙන්නෙ?

ඉතින්, ඔයාලාට කියන්න තියෙන්නෙ, මේ වෙඩිං ලිපි ටික වාගෙම,මගෙ යාලුවන්ගෙ ප්‍රතිචාර වලත් දැනුම තියෙනවා. ඒ වාගෙම ඔයා දන්න දේත් අපිට හරිම වැදගත් වෙනවා.

දැන් අපි පිළිවෙළින් කතා කරනවා නම්, අපිට තියෙන්නෙ හතර වෙනි මාතෘකාව, ඒ තමයි

*********කොහොමද කෑම බීම?**********
අති විශිෂ්ටයි කියලා, මඟුල් ගෙවල් තුනකදි කියන කොට, හතකම කෑම රස නෑ... හුඟක් වියදම් කරලත් රසවත් කෑම වේලක් උත්සවයකදි දෙන්න සමහරු අපොහොසත් වෙනවා. අපි වෙඩිං එක ගන්නෙ කොහෙද කියලා කරපු සාකච්චාවෙදි, හෝටල් ගැන කතා කළානෙ. සමහර වෙලාවට ලස්සන හොටල් වල කෑම සවුත්තුයි. පිටින් ගේන්නත් බෑ. ඒ වාගෙ වෙලාවට, ටිකක් කල්පනා කරන්න වෙනවා, වඩා අත්‍යවශ්‍ය මොකක්ද කියලා. හැබැයි, ඉවුම් පිහුම් දෝෂ වලටත් වඩා, නියමිත කෑම බීම තෝා බේරා ගැනීමට බැරි කම නිසා තමයි, සමහර කෑම වේල් නීරස වෙන්නෙ.

සමහර වෙලාවට අපි ගියාම හොටෙල් වලින් දෙන්නෙ, සෙට් මෙනූස්.. ඒ කියන්නෙ, ප්ලේට් එකේ මුදලට අපි ඒ ඔක්කොම ගන්න ඕනෙ.. හැබැයි අද හුඟක් තැන් වල අපි සෙට් කරලා දෙන විදිහට ඒ අය කොටේෂන් භාර ගන්නවා. ඉතින් ඔබේ වියදමේ පරිමාවට අනුව, ඔබගේ රුචියට අනුව, ඔබට කෑම වේල සෙට් කරන්න පුළුවන්. රස ගැළපීම ගැනත් ටිකක් හිතන්න. මහ ගොඩක් වර්ග වලට නොයා, හුඟක් අය කන්න කැමති සරල දේවල්, 7 ක් හොඳටම ඇති.. පිඟානකට බෙදන්න පුළුවන් වෙන්නත් එපැයි. බත් වර්ග දෙකක්, මාලු, කකුලුමස් , අනිවර්යයෙන්ම තියෙනවානෙ.

මඟුල් ගෙවල් වල.. මස් මාලු නැති කරන්න බෑනෙ..හැබැයි.. හරක්මස් නම් නොගන්න එක හොඳයි. ඉතිරි වර්ග ගැන හිතුවොත්, අල කරියක්, කජු ග්‍රීන් පීස් මාලුවක් නිතරම මඟුල් උත්සව වල තියෙනවා, ඉස්සො හෝ කකුලුවො වාගෙම, සලාදයකුත් ලස්සනයි... පපඩම් , කට්ලට් මඟුල් ගෙවල් වල තියෙනවා මයි.. බටු වලින් හදන කරි එකක්, බ්ලොචම් එකක් තිබුණොත් තව රසවත්, පිරිප්පු මඟුල් ගෙවල් වලට ගැළපෙන්නෙ නෑ.

මම ඉහතින් සඳහන් කළේ, මිනිස්සු වැඩියෙන් කන ඒවා.. සමහර කරි වලට මිනිස්සු අතවත් ගහන්නෙ නෑ. එහෙම වුණාම වියදම අපරාදෙ. මම මේ පහතින් දක්වනවා, සාමාන්‍ය හෝටල් වල මෙනු කිහිපයක්. උදාහරණ විදිහට!!
ස්තූතිය විල්ලුද ඉන් හෝටලයේ වෙබ් පිටුවට

මේවා ආස්‍රයෙන් ඔබට වැඩි දෙනෙක් කන රසවත් ලාබදායි මතක හිටින කෑම වේලක් නිර්මාණය කරගන්න හැකි වෙයි. මේ විවාහ උත්සවයකට පමණක් නෙවෙයි. ගෙට ගෙවදීම්, උපන්දින, වාගේ උත්සව වලටත්, මෙනු තේරීමේදි මේ පිළිවෙළ ගැන ටිකක් හිතන්න ඕනෙ....මේවාගෙ පිරිප්පු තිබ්බාට, පිරිප්පු හැමදාම කන කෑම නිසා වෙඩිං වලදි යොදන එක අවම කරන්න.. වෙල්කම් ඩ්‍රින්ක් එක, හැමදාම දෙන කහපාට ඇපල් කෑලි දාපු බීම නොවෙන තරමට ලස්සනයි. අයිස්ක්‍රීම් කස්ටඩ් සමඟ ජේලි එක්ක පළතුරු කැබලි සහ වටලප්පන් වාගෙ වර්ග හතරක් ඔබට තෝරන්න පුළුවන් හැම තැනම වාගෙ අතුරුපසට. කිරිපැණි වාගෙ ජාති හුඟක් අය මඟුල් ගෙවල් වලදි කන්නෙ නෑ.. බිස්කට් පුඩිං එහෙමත් එහෙමයි.. ඒ නිසා, හැමදාම කෑවත් කට්ටිය අයිස්ක්‍රීම් කනවා. 

ගෙවල් වල තේ මේස එහෙමත් අතාරින්න බෑ කෑම බීම ගැන කතා කරද්දි. ඒක නම් පොඩියට කරන්න.. මොකද හුඟක් වෙලාවට හෝටලයට යන්න ඇඳගෙන එන අය තේ මේසෙටත් ඉඳගන්නෙ හරි අඩුවෙන්. ඒ නිසා තේ මේසෙ කෑම ගොඩක් තියලා නාස්ති වෙනවා. තෙල් වලං ලිප තියද්දි හදපු ටිකම තියන්න, හොඳටම ඇති. හවසට කිරි කෝපි දෙනවා නම්, ඒකත් කෑමට ම ඇඩ් කරන්න පුළුවන්. හවස 3 පනිනවා නම්, පිටත් වීමට, කිරි කෝපි දීම ඉතා හොඳයි. වෙඩිං එකේ කිරිබත් ස්ට්‍රක්චර් එක..එහෙම නැත්තං කේක් ස්ට්‍රක්චර් ඒවා කන්නෙ නෑනෙ.. ඒත් ඒවා ප්‍රධාන අංගනෙ.. ඒවාට යන වියදම් අයිති වෙන්නෙ සැරසිලි  අතරට.. එතකොට, වෙඩිං කේක් ගැන කතා කරන කොට අනිවාර්යයෙන්ම දැන් හැමෝටම දෙනවානෙ. කේක් කෑල්ලක් දැන් රුපියල් 50ක් විතර වෙනවා. කේක් කෑලි දෙසීයක් කියන්නෙ, එතැනටම ලක්ෂයක් යනවා. එහෙම නේද? ඉතිං!! කල්පනා කරලා බලන්න..ඒක තමන්ට හදා ගන්න හැකි නම් පිරිවැය කොයි තරම් අඩු කරගන්න පුළුවන්ද?කියලා.. හිරූ අක්කා ලිපිය දැක්කොත් අපිට ඒ ගැන කියා දේවි... මම නම් තවම වෙඩි කේක් හදන්න දන්නෙ නෑ... ඒ වාගෙම අඩු ගාණට පෙට්ටි අර ගන්නත් පුළුවන්!! ඒවාට තමා හුඟක් අය වියදම් කරන්නෙ!!! ඒ වියදම කේක් කෑල්ලට දුන්නා නම් ඇත්තටම හොඳයි... අනික ඕවා සරලව නිර්මාණය කරන්න හැකි දේවල්!!! ටිකක් හිතන්නයි ඕනෙ...අපි කේක් පෙට්ටි, වෙඩිං කාඩ් ගැන වෙන දවසක කතා කරමු..  එහෙනම් හිරු අක්කාගෙන් වෙඩිං කේක් හදන්න අහගමු නේද? 





16 comments:

  1. මනාලයාට අන්දන්නේ මනමාලිනේ...
    වෙඩිමට ගොඩ කාලෙකට කලිං....

    තාම පොඩි එකා..
    තව අවුරුදු 10කිං විතර බලන්න මේ ටික බුක්මාක් කරලා තියා ගන්නෝනා...

    ReplyDelete
    Replies
    1. අනුෂ්කා නෙ මනමාලි.. අපි දන්නවා

      Delete
    2. හනේ ඇත්තද නෙරංජි අක්කා

      Delete
    3. හම්මේ, මේ බ්ලොග් එ ඔයා දැක්කාද?

      Delete
  2. මම මේක කියෝන ගමන් ඒ ඒ ඒවාට ඒ ඒ අයව හිතාගත්තා,, දෙවනි මනාලයෙකුයි දෙවනි මනාලියකුයි තමයි අඩු වුනේ...

    :D දැන්ම මේක බැලුවට වැඩක් නැති නිසා, මමත් ලින්ක් එක තියාගන්නෝ..

    ReplyDelete
    Replies
    1. මං ලිව්වාට, මෙව්වා මටත් වැඩක් නෑ.. ඉතින් අනේ.. වැඩක් ඇති දේවල්ම කොරලත් බෑනෙ...

      Delete
    2. වලන් පිඟන් හෝදන සෙට් එකේවත් අපි ඉන්නවද ශම්මි:(

      Delete
  3. ඒ උනාට මම වෙඩින් එක කරන්නේ අමුතුම විදිහකට...
    කවුරුවත් කරන් නැති ලොවෙත් නැති විදිහකට..
    හැමෝටම අළුත් අත්දැකීමක් වෙයි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. ඉතා අගෙයි ලිපිය මේ විදියට කරන්න හිතං ඉන්න අයට.. ඒත් නෙරංජි හිතන්න එදා මංගල උත්සවයක් කියන්නේ සාම්ප්‍රදායික උත්සවයක් ඒත් දැන් වෙඩිමක් කියන්නේ සම්පූර්ණ ටෙලියක් රූ ගත කරනවා වගේ වැඩක්..සම්පූර්ණ වෙඩිම පාලනය කරන්නේ වීඩියෝ කරුවන් කැමරා ශිල්පින් හා විවිධ වේශයන්ගෙන් ඉන්න මුදලාලිලා පිරිසක්.

    ReplyDelete
    Replies
    1. මම ඒ ගැනත් කතා කරන්නම්!!! නලීන් අයියෙ.. (නලීන් මාමා ද? මන්දා :D)

      Delete
  5. වෙඩින් වල කෑම නම් මතක් කරන්න එපා. තෙල් කෑම පුරෝලා තියෙනවා. ගොඩක් වෙලාවට තෙල් කෑම අඩු මෙනු එකක් නම් හොදයි.
    තව දෙයක් තමා කන්න දෙන ගාන වගේ ඩබලක් විතර බොන්න දෙන්න වියදමත් යනවා. ඔය දෙක බැලන්ස් කරගන්න පුලුවන් නම් හොදයි. ඒකට ක්‍රමයක් කියන්න. බොන්න නොදී ඉන්න එක ගොඩක් වෙලාවට ප්‍රායෝගික මදී.

    තව දෙයක් තමා අපි ගොඩක් වෙලාවට එක පවුලකින් අරාධනා කරන කට්ටියට අමතරව ඒ අයගේ ළමයින්ටත් වෙනම ප්ලේට් එකක් වෙන් කරන්න වෙනවා. පොඩි උන්ට තනියම එක ප්ලේට් එකක් කන්න බැරි උනත් වෙනම ප්ලේට් එකකට බෙදා ගැනීම කියන කාරණය මත ප්ලේට් ගාන ගනන් ගැනෙනවා. එතකොට රුපියල් 3000ක විතර ප්ලේට් එකකට වියදම් උනොත් තවත් අතිරේක ගානක් ඒකට එකතු වෙනවා.
    ඒ නිසා ඒ ගැනත් හිතලා ප්ලේට් එකක මිල තීරණය කරනවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. කවුද බොල අර වැඩිකිරීමේ ගාන හැදුවේ ?

      Delete
    2. හුඟක් පිට අසල්වාසින්ට කියනකොට තමා ඕවායෙන් අවුල වෙන්නෙ... බොන්න දෙන එක නම් වැඩක් නෑ...මට අනුව...:)

      Delete
  6. Maru blog post tika. Ane eth mula tika balanna widiyak na ne? e link ekata giyama wada na. Ane nangi puluwannam e tika email karala hari ewanawada?maat me lagadi (Tawa awruddakin witara badinna inne :O)

    email : rajapakse.prw@gmail.com
    Name: Praneeth

    Thanks

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.