මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/22/13

-208- හැපි බර්ත් ඩේ!! මයි මැන්ගො ෆ්‍රෙන්ඩෝ



ඔබ ගැන කුමක් හෝ ලියන්නැයි යතුරු පුවරුව බල කරයි. ලියනවාද? නැද්ද කියලා හිතලා හිතලා අන්තිමට ලියනවාමයි කියලා හිතුවා.. මේ සටහන අන්තිමයා ගැනයි. කොටින්ම කීවොත් උෂාන් පුෂ්ප කුමාර පෙරේරා ගැනයි. මේ තියෙන්නෙ, ඒකාගෙ බ්ලොග් එක මේ තියෙන්නෙ බුකි පොත කෙල්ලන්ගෙන් බේරෙන්න බෑ.. මූ එක්ක පින්තූර වලට ඉන්න අහනවාලු. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නාට්‍ය අංශයෙ තමා දැනට උෂාන් ඉගෙන ගන්නෙ.. ඔය ඇති.

ඔය හිකනලා පැටියා  උෂාන් මට මුලින්ම හමුවුණේ, ඉස්කෝලෙදි. අපේ ඉස්කෝලෙට ඇවිල්ල කළා.. කියන්නෙ නාට්‍යයක්, මට තාම මතක් වෙද්දි හිනා යනවා අප්පා. කෝම හරි ඉන් පස්සෙ, දෙතුන් පාරක් දැක්කත් කතා බහකට නම් සෙට් වුණේම නෑ.. මූ එක්ක කතා කරයි අපි.. දැන් ඔය අතරෙ තමා මම උසස් පෙළ විෂයය මාරු කළේ.

මම සන්නස්ගල සර්ගෙ පන්තියට ගිය මුල් සතියෙ සර් පන්තියට පොල්ලක් තිබ්බා. ඉන් පස්සෙ සතියෙ මම පිටි පස්සෙම ඉඳගත්තා. තුන්වෙනි සතියෙ.. මට කාඩ් එක අමතක වුණා... ඔය දවසෙ වුණ පොඩි පහේ සිද්ධියක් මූලික වෙලා සර් මාව හොයාගෙන පිටිපස්සට ඇවිත් කීවා.. අග පෝලිමේ ඉන්නෙ.. #$%&* කෙල්ලො. උඹ ඉස්සරහට වරෙන් කියලා.. ඕම තමයි මම සන්නස්ගල සර්ගෙ පන්තියෙ ඉස්සරහට එන්නෙ.. ඉස්සරහට ආවාමයි දැක්කෙ. අපේ හෙණ සෙට් එකක් ඉස්සරහ.. ඉතිං හතරවෙනි සතියෙ ඉඳං මට ස්ථානයක් රෙඩි වෙලාම තිබ්බා... සමුද්‍ර දේවියෙ සොයුරියො තමා රොටරියෙදි සීට් අල්ලන්නෙ. කොහොම හරි. පන්තියට ගියෙ ජනවාරියෙ. පෙබරවාරියෙ 23 වෙනිදා වැටුණෙ සඳුදාවක්.

එදා අපේ නිලන්ති ගිහිං ඉස්සරහ පෝලිමට කොල්ලෙක් එක්ක කතා කළා. උගෙන් පාටියක් ඉල්ලුවා. මාවත් ඔය වටරවුම් පාටියට නිලන්ති ඇදන් ගියා... ඒකෙ තිබ්බෙ මාලු පානුයි නෙස්කැෆෙයි. මම කිරි ගෑවිච්ච තැනක් වත් බොන්නෙ නෑනෙ. ඔය වෙලාවෙ, නන්නාඳුනන නලු බට්ටා එදා බර්ත්ඩේ බෝයි මට ස්ථාවර කළා නෙම් කැෆේ කියන්නෙ කිරි නොබොන අයටම බොන්න පුළුවන් බීමක් කියලා. ඉතින් කෝම හරි ඒ යකා මා එක්ක කයියකට වැටුණා.. හලේ 2007 ඉඳන් අවුරුදු 2008, 2009, 2010,2011, 2012, 2013  අවුරුදු 6ක් තාම අපි කයිය ගහනවා. අර අපි එක්ක එදා වටරවුමෙ හිටපු පරණ යාලුවො, අද කොහේද නෑ... අවුරුදු හතරකින් විතර උන්ව දැක්කෙ නෑ. මං හිතන්නෙ උෂාන්නුත් එහෙමයි. අපේ කනෙක්ෂම නැති වුණේ නෑ....අපි එකම පන්ති වලට තමා ඒ ලෙවල් ඉවර වෙලත් ගියෙ... පස්සෙ කැම්පස් දෙකක වුණත්, මට ගොඩක් නොදන්න දේ කියා දුන්නා උෂානයා.. . ඔය මට කොච්චර බැන්නත් ඕකාට මං නැතිවත් බෑ..

මටයි උෂාන්ටයි වෙලා තියෙන පිස්සු වැඩ රටේ ලෝකෙ මිනිස්සු දන්නෙ බෝම ටිකයි.

පොත් ප්‍රදර්ශන බලන්න ගියාම අපි දෙන්නාගෙ ආසම වැඩේ තමා අවට මිනිස්සු නොමඟ ඇරීම. අපි එක පාරට ලොකු පොතක් අරගෙන, මේවා ගෙදරක තියෙන්නම ඕනෙ පොත් කියලා..අපි දෙන්නටම ඒ සබ්ජෙක්ට් එක පුළුවං වාගෙ රඟපානවා.. පස්සෙ හෙමින් එතනින් එහොට වෙලා, වෙන දේ බලං ඉන්නවා. අපි ගියාට පස්සෙ වට පිට බලන මිනිස්සු එකා දෙන්නා අර පොත ළඟට එනවා.. දාගෙන පොත පෙරළනවා. සමහරු නොතේරුණත් ගෙදර අරන් යනවා. අපි මක් කරන්නද? අපි ඒ අයට ඒක ගන්න කීවෙ නෑනෙ..

සමහර වෙලාවට බස් වල යද්දි මිනිස්සු අපි දිහා කන්න වාගේ බලන් ඉන්නවා. සමහර විට අපි කතා කරන මාතෘකා ඒ අයට අවුල් ඇති. අපි කතා කරන්නෙ රටේ ලෝකෙ කෑම කඩ ගැන.. බෝඩ් ලෑලි ගැන.. නාට්‍ය ගැන.. එහෙම නැත්තම් කලින් හම්බවුණ මිනිස්සුන්ගෙ චර්යා රටා ගැන..

කඩේකට ගියාම ඒ කඩේ ඉඳි ආප්ප තියෙනවා නම් උෂාන් වෙන මුකුත් කන්නෙ නෑ.. ඉඳි ආප්පයි උළුඳු වඩෙයි ඇරෙන්න. හැබැයි තෝසෙ ගිලින්නයි... මාලු බනිස් කන්නයි උපන් හපනා.. උෂාන් හැම වෙලාවෙම කියන්නෙ අකාලෙ මරණය හොඳ නෑ කියලා.

උෂානුයි මමයි කොහෙ ගමනක් ගියත් ලෝක නෝණ්ඩි ගොඩකට මුහුණ දෙනවා. දවසක් නවලෝක ඉස්පිරිතාලෙ ළඟ ටොෂිබා එකක් හොයන්න යන වෙලාවෙ..කකුල් රිදෙනවා කියලා බස් එකක නැග්ගා.. නැඟලා කිව්වා අපිව නවලෝකෙන් බස්සන්න කියලා. එතකොට ඩ්‍රයිවර් කියපි.. ඔයාලා නැග්ගෙ නවලෝකෙන් තමා කියලා... ඉතින් බස් එකේ දන්න එකෙක් උන්නා නම් ඉවරයි..

දවසක් අපි ජෝන් කීල්ස් එකට ගිහින් ලැප්ටොප් තියෙනවාද කියලා ඇහුවා.. උන් කියපි ඒක බිස්කට් කම්පැණියක් කියලා..

දවසක් අපි MC එකට ගියා මොනාහරි ගන්න.. මිනිස්සු එක මිනිහෙක් ළඟ වට වෙලා.. ඒ මිනිහාව හිනැස්සුවාම තෑගි දෙනවාලු.. අනේ ඉතින්, අපිත් බලාගෙන හිටියා මුන්ගෙ විකාර ටිකක්. හැබැයි අපි දැක්කෙ නෑ.. හිනස්සවන්න ඕනෙ එකා මොකාද කියලා. අපි බඩු ටික අරන් ආයෙ එනකොට එතන මිනිස්සු ඉවත් වෙලා. හැබැයි.. ගෝල්ඩ් පාට ඇඟ පුරාම ගා ගත්ත මිනිහෙක් පිළිමයක් වාගෙ ඉන්නවා. අපි දෙන්නා ඒ මිනිහා දිහා බලාලා.. මූවද අර 100ක් විතර හිනස්සවන්න දැඟලුවෙ කියන බැල්මෙන් අපි දෙන්න දිහාම බලාගෙන හිනා වුණා.. යකෝ අර මිනිහා අපිට හයියෙන් හිනා වුණා.. ඔප්පු කොරන්න කෙනෙක් නෑ.. නැත්තං අපරාදෙ තෑග්ගක්.. :D

අන්තිමයයි මමයි කවදාවත් එක මතයක නෑ.. ඒත් බැලුවාම මත දෙකකත් නෑ...

දවසක් අපි ගමනක් යනකොට දැක්කා හෙන වෙඩිං සෙට් බැක් එකක්. ඉන් පස්සෙ උෂාන් පටන් ගත්තා  කනත්තක කවුරු හරි ජෝඩුවක් වෙඩිමක් ගත්තොත් කෝමද කියලා විග්‍රහ කරන්න. එතකොට, මල්බොකේ වෙනුවට මල් වඩං ලු. පවුලේ සුසාන බූමියක පෝරුව සෙට් කොරනවාලු. ජෝති පාලගෙ කුළුණ ‍කේස් ස්ට්‍රක්චර් එකට ගන්නවාලු. සෙටි බැක් එකට ජෝඩුවක් එකට මැරිලා හදපු සොහොන් කොත් දෙකක් ගන්නවාලු..  ඉතිං මම ඇහුවා. එතකොට මනමාලිගෙ ඇඳුමට මේකප් එකට මොකෝ කරන්නෙ කියලා.. මූ කියපි.. ආ.. ඒකට මිනී වලට අන්දන සාරි හොඳයි.. මේකප් එකත් මිනියෙ විදියටම එන්න ඕනෙ.. අර අක්කාගෙ වගේ කියලා අපි ළඟින් ඇවිදන් ගිය අක්කා කෙනෙක්ව පෙන්නපි. කරුමෙට අක්කාට ඇහුණා. අක්ක ගින්දර බැල්මක් දුන්නා.. බය වෙච්ච පාර අපි ලොවි ගහෙත් නෑ..ගහ වටෙත් නෑ..  හැබැයි අපි හදපු තීම් එක සර්ව සම්පූර්ණයි..

උෂාන්ගෙ ප්‍රියතම ආහාරය බිත්තර ඔම්ලට්. උෂාන්ට ලෝකෙ තියෙන ලොකුම අඩුපාඩුව ඉඳි ආප්ප වලට පරිප්පු නොතිබිම. කේක් වලින් ඕකා කන්නෙ, චොක්ලට් අයිසිං, කොෆි අයිසිං විතරයි. මං වාගෙම පිටි කිරි කටේ තියන්නෙ නෑ.. ඕකා හැබැයි දවසක් පිස්සු ගෑණු කෙනෙක් දුන්නොත් ඕනෙ දෙයක් බොනවාලු. ගෙවල් වලට ගියාම ඒ ගෙදර ගෑණු කෙනා ඇතුළට යනකොටම අනේ, තේ හදනවා නං කහට හොඳයි කියලා උෂාන් කියනවාලු. සමහර වෙලාවට තේ හදන්න නොහිටපු ගෙවල් වලින්ත් තේ හම්බෙනවාලු. ඊට වඩා දුක කාරණේ.. කමක් නෑ පුතා පිටි තිබුණා කියලා සමහරු පිටි කිරිම හදාගෙන එන එකලු.

මඩ ගහලා ඉවරයි... දැන් හොඳ ටික කියන්නද? එපා වෙන දවසක කියනවා මට ඒවා කියන්න හිතක් නෑ අප්පා.. ඒම කීවාම මූ උඩ යනවා.. මට පැරිෂුට් එකක් ගේන්න වෙනවා ඕකාව පහලට ගේන්න.. කෝමහරි මට තියෙන්නෙ එක පැතුමයි. උෂාන් මැරෙන්න දවසකට හරි කලින් මං මැරෙන්න ඕනෙ. මොකද ඒ දර්ශනය දකින්න තරම් මගෙ හිතේ හයියක් නෑ..

අනේ ඉතිං!! ඔය මොන දේ කිව්වාත් උෂාන් නැති වුණාම නිකං පරිප්පු නැති හෝටේල් එක වාගේ.. සාම්බාරු නැති තෝසෙ වගේ.. දවසකට පාරක් හරි හලෝ පාරක්වත් දැම්මෙ නැත්තං නිකං කෑවෙ වගේ. මම උෂාන්ට එටේ ලෝකෙ හැම සතාගෙම සර්පයාගෙම විද්‍යාත්මක අවිද්‍යාත්මක නම් වලින් කතා කරනවා. උෂානුත් එහෙමයි. මම නොසෑහෙන්න උෂාන්ට බනිනවා. ඒත් ඌට වෙන කිසි එකෙක් බනිනවාට මම කැමති නෑ. ඒම එක එක ඒවා කියන්න දෙන්න පුළුවන්ද මගෙ ලාලුවාට..සමහර දාට මු මට වැඩ පවරලා රෝන්ද ගහනවා. ඒ වෙලාට මට මූව මරන්න හිතෙනවා. තව මීට වඩා උෂාන්ට වෙච්ච අලකලංචි ගොඩාක් තියෙනවා... ඒත් ඒවා කුජීත නිසා මෙතන කියන්න නරකයි. අනික පෝස්ට් එක දිග වැඩි වෙනවා...

අපි ඔබ පෙනුමට රණ්ඩු වුණාට ඇත්තට හෙන ෆිට් කියලා නෙ ඔයාලා හිතා ඉන්නෙ. මොන පිස්සුද අපි අවස්ථාවක් ලද සැමවිටකදිම එකිනෙකා මරා ගන්නවා.. හැබැයි අපි දෙන්නා තමා මේ ලෝකෙ හොඳම යාලුවො දෙන්නා...


හැපි බර්ත් ඩේ ටූ යූ උෂාන්!!!!!!!!!!!!!!! ලබන ආත්මෙවත් මට නිදහසේ ඉන්න දීපං.. අලේ රබ්බා මෙරා පාගල් හෝ ගයා...පොඩිද අපහාසෙ!!!

මට ඔය ප්‍රසිද්ධියෙ අක්කා කියලා සමහර වෙලාවට අපහාස කළාට ඕකා මට වඩා මාස 8 ක් නාකියි. ලෝකයා මේවා දන්නෙ නෑනේ..

උෂාන් 24 වැනි වියට නාකි වෙන උපන්දිනය උදෙසා ලියා ප්‍රසිද්ධ කොරන ලදි.


දයාබර යාළුවේ /ගෙම්බා/ඉබ්බා/මැට්ටා/අලයා/යෝධයා/ඩෙරික්/උලමා/ හිකනලා

මේ අහස කිසිදිනෙක නොදන්නා
පුංචි උඳුපියලි මල් අහුරකින්
මුලු හිතම සරසවා ලියන්නෙමි
පුංචි හැඟුමක් හදේ ඉපදිච්ච....

හෙට වාගේ තව හුඟක් කාලයක්
හෙට උදේ විලසින්ම නුඹ වෙතට
රැගෙන එමි දඟකාර සුබ පැතුම
යෙහෙළියක් සොයුරියක් විලසින්ම...

අපි හුඟක් වයස ගිය කාලයක
ආයෙ එන හෙට වාගෙ දවසකම
විභාගත් නැති වේවි මේ වගේ
පාඩමුත් නැති වේවි පොත් ගණන්

උණු උණුවෙ හඳපු ඉඳි ආප්පයි
තෙම්පරාදුවෙ දාපු පරිප්පුයි
හදමු අපි උඹ කැමති ඔම්ලට්
එක්ක මං පෙරේතම කට්ලට්

දාමු අපි ටිකක් ලොකු පාටියක්
ගේමු මයිලෝ පෙට්ටි විසිපහක්!
වෙනදා වාගෙම උගුරෙ හිරකරන්
හිනාවෙයි නොවුණ වගෙ, එදාටත්

හැමදාම රණ්ඩු වන බව පේන
කිසි දිනෙක තරහා නැති යාලුවෝ
අතරමග හැමදාම පැටලිච්ච
අගට එක මග දුවන යාලුවෝ..

සමහරක් විට ඈත දවසකදි
උඹට මා අමතකව ගියෝතින්
වරෙන් අපෙ රොටරියේ පන්තියට
එතැන ඇති නෙස්කැෆේ වටරවුම

නුඹ හිනාවෙන විටක ළඟ නැතත් 
නුඹට දුක ඇති විටක ළඟට එන
නුඹේ හද ගැස්මෙන්ම පණ අදින
නුඹේ යෙහෙළිය නුඹට හිඳින වග

සදාකල් මතකයේ තිබුණදෙන්
ඒ නැතත් කිසි විටක උඹ එක්ක
තරහා නොවෙනා කෙනෙක් වේවි නම්
අපූරූම යෙහෙළි මම තමයි..

වයස ගිය දවසකදි හිනාවී
කියාපන් දැන් කියන විලසින්ම
“අරේ රබ්බා මෙරා පාගල්
හෝ ගයා මැස්සා ගිය උඩ බොලං“

මම නෙරංජි






39 comments:

  1. Happy Birth Day උෂාන් අයියා...!!!

    අර වෙඩින් එකේ වැඩේ නම් කරවන්නෝනේ අප්පා කාට හරි කියලා,,එතෝට අපිටත් බැරියා මල් වඩම් අරන් සුදු සාරි ඇදන් යන්න.. -_-


    අහ්හ් මේ,, //උෂාන් මැරෙන්න දවසකට හරි කලින් මං මැරෙන්න ඕනෙ. මොකද ඒ දර්ශනය දකින්න තරම් මගෙ හිතේ හයියක් නෑ..// මෙන්න මේ පැතුම 3දෙනෙක් සම්බනධව මටත් තියනෝ.. තාත්තා, මල්ලි,සාදිරිස්..

    ReplyDelete
  2. :D අලේ... මටත් අපේ අප්පච්චි මැරෙනවා බලන්න බෑ

    ReplyDelete
  3. උෂානයාව මාත් අඳුරනවා. නුගේගොඩ රොටරියේදී තමා මාත් මිනිහාව අඳුරගත්තේ. කවිරත්න සර්ගේ හරි මික්ඩාඩ් සර්ගේ හරි ක්ලාස් එකේදී තමා මිනිහව අඳුරගත්තේ

    ReplyDelete
    Replies
    1. උෂාන් ලොජික් කළේ..මික්ටාඩ් සර්ගෙ පන්තිය වෙන්නැති. :D

      Delete
    2. මිකියගේ පන්තියේ බන්ස්

      Delete
  4. අරේ රබ්බා ! හෙට සුබපතන්නන් හොඳේ ! පිස්සු ඩබල !

    ReplyDelete
    Replies
    1. බහු වචන එපා යකූ... මට පිස්සු නෑ..

      Delete
  5. සුබ උපන් දිනයක් වේවා උසානයා.. මටත් මේ වගේම යාලුවෙක් ඉන්නවා.. කවදාවත් එක මතේක නෑ.. හැබැයි පට්ටම යාලුවො දෙන්න.. මරාගන්නව ආයෙ යාලු වෙනව.. ගොඩක් උන් හිතන්නෙ කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි හොඳම යාලුවො වෙලා ඉන්න බෑ කියල.. ඒත් දෙයියනේ මේ අපූරුවට ඉන්නෙ !!

    ReplyDelete
    Replies
    1. ලබන ආත්මෙ ඔයා තමා මගෙ පොඩි අයියා වෙන්න ඕනෙ.. සිහිනයො.. ඔයයි චන්දික අයියයි

      Delete
    2. ඇයි අර ඇනෝ කමෙන්ට් එක අයින් කලේ ?? යථාර්ථය නියම විදියට ලියල තිබුන සිරාම කමෙන්ට් එකක්..

      Delete
    3. ඇනොනිමස් දිග කමෙන්ට් එකක් නිසා නොබලාම මැකුවා...

      Delete
  6. මේ තමයි පුතේ මා මගේ ජීවිතේටම දු‍ටු, තමන්ගෙ මිත්‍රයකු වෙනුවෙන් ලියපු විශිෂ්ටම ලිපිය..............!!

    ReplyDelete
    Replies
    1. ඒමද? ඒ උෂෝ මෙහෙ වරෙන්කො.....මේ මේක හොඳයිලු

      Delete
    2. නියමයි නීනු අක්කේ.....ඉන්ද්‍රනාත මාමේ ඔයාටත් ගොඩක් ස්තුතියි

      Delete
    3. අක්කා.. කවදා ඉඳන් නාක්ච්චො මං අක්කා වුණේ.. අපෙ පරම්පරාවෙ එකෙක් උඹෙ අක්කා වෙන්නෙ නෑ...

      Delete
  7. අනේ මටත් මෙහෙම යාළුවෙක් හිටියනම්... හ්ම්ම්.... සුභ උපන් දිනයක් අයියාට !!

    ReplyDelete
    Replies
    1. උෂාන් වගේ? o.O හිටියා නංගි ඔහොම කියන්නෙ නෑ....බලන්න මට කරන අපහාස

      Delete
    2. මදාරා නැගණිය බය නොවන්න..... මම ඔබට සිටිමි. ඔබත් මට සිටින්න

      Delete
  8. හිකිස්...
    මරු ඈ...
    මේ වගේ මිතුරියක් ලබන්නත් ආනන්තරීය පවු කරලා තියෙන්න ඕනා කොල්ලෙක්...
    සුභ උපන් දිනයක් වේවා උෂාන් අයියේ!!!!!!!!!!!!!!
    //මම නොසෑහෙන්න උෂාන්ට බනිනවා. ඒත් ඌට වෙන කිසි එකෙක් බනිනවාට මම කැමති නෑ.
    මේකනං ඉතිං ඔය කෙල්ලංගේ හැටියක්නේ...

    ReplyDelete
    Replies
    1. ආනන්තරිය පාපකර්ම? පල පල යන්න

      Delete
    2. ඔව් බන් ,,,, මේ පාරවත් මහා කුසල් තියෙන බලු කපුටු දානයක් දෙන්න ඕනේ

      Delete
  9. හරි රසවත් සටහනක් නෙරංජි .
    …සුභ උපන් දිනයක් පතනවා උශාන්ට .

    ReplyDelete
    Replies
    1. ඌ උගෙ ගෑණු ටික ඌට සුබ පතනවාලු.. මේවා පේන්නෙ නෑ අක්කා :D

      Delete
    2. බොහොම ස්තුතියි අක්කේ

      Delete
  10. ඒ හිකනැල් පැටියට මාත් සුභ උපන් දිනයක් කිව්වා කියන්න ....

    ReplyDelete
    Replies
    1. බට්ටි කෙල්ල බොට ස්තුතියි

      Delete
  11. Replies
    1. අලි බට්ටි කිව්වේ කාටද බොල.. මම අලියෙක් තියා හූනෙක් තලන්වත් මහත නෑ අලිද අලියෝ....:P

      Delete
    2. අල උෂාන් මට විරුද්ධව දමන කමෙන්ට් ලෝකයාට නොපෙනීම පිණිස බ්ලොගය මොඩරේට් කරමි..අනේ මූ වගේ උලමෙක්. ඌ දන්නෙ නෑ මගෙ තරම..මං හලීම ශැරයි.. එපා මට ඕකා වාගෙ යාලුවෙක්.. A4 කොළ 5 ක් අරන් කපා ගන්නවා 100ක්...ඉටුකො..:D

      Delete
  12. සුබ උපන්දිනයක් උශාන් මල්ලි !

    ReplyDelete
  13. හැපි බර්ත් ඩේ වේවා අය්යා... !

    හුග කාලෙකින් ඉර ඇහැරෙන පැත්තෙ ආවෙ...)))))

    ReplyDelete
    Replies
    1. ආවානං කියවපිය ඔක්කොම.. දාපිය කමෙන්ට්!!!

      Delete
  14. හෘදයාංගම ලියවිල්ලක්...සුභ උපන්දිනයක් පතන්න මමත් එකතු වෙනවා...

    ReplyDelete
  15. නෙරංජි අක්කේ ඔයා මාරයි... මෙහෙම පෝස්ට් එකක් ලියවෙන්න ඒ යාලුවත් මාර ඇති.. :)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා~!!!
    අම්මතසිලි... ඩිංගෙන් අමතක වෙනෝ.. හැපී බී ඩේ යාළුවාට..

    ReplyDelete
  16. ස්තූතියි ඔයාලා ඔක්කොටම මගෙ පිස්සු යාලුවාට සුබ පැතුවාට..

    ReplyDelete
  17. නෙරංජි අක්කේ ලිපිය නම් ලොවෙත් .පට්ට. යාලුවෙක් වෙනුවෙන් ලියපු ලිපි මම කියවපු හොදම එකක්..උෂාන් ලොක්කට ලැබිලා තියෙන්නේ හොදම හොඳ යාලුවෙක්..යාළුකමට මගෙනුත් සුබ පැතුම් ...

    උෂාන් ලොක්ක පාසලේ,,නාට්‍ය සංගමයේ මගේ ජේස්ටයෙක් ඉතින් මටත් මතකයි මිනිහ කරපු අලකලංචි වැඩ. කොහොම උනත් ඔබට සුබ උපන්දිනයක් වේවා සහෝදරයා

    ReplyDelete
    Replies
    1. ඔයා ගියෙත් මෙයා ගිය ඉස්කෝලෙටද? ඔයා ගැනත් හිතා ගත්තැකි මල්ලි... කෝම නමුත් උෂාන් අංකල් මේ දැනුත්, මා එක්ක වලියක ඉන්නෙ......

      Delete
  18. අනෙ ඉතින් උඹල දෙන්නට උඹල දෙන්නගේ සරණයි.දැන් ඉතින් දාපියවු මෙන්න පිස්සු ගැනියෙක් ඇවිල්ලා කියලා.....මුන් දෙන්නගෙ ගොඩට අපිවත් වැටෙන්න ඔනි..එතකොට තමා හොඳහරිය....

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.