මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/3/12

මිනිස්සු අභිබවන කොම්පියුටර් අනාවැකියා සහ තවත් කතා

නොස්ට්‍රඩෑම්ස් ගැන ලියවුණ ලිපියට හුඟක් දෙනෙක් කැමති වූ නිසාම, මම විස්තර හොයන එක දිගටම කරගෙන ගියා. මිනිස්සු ලෝක විනාශය 2012 දෙසැම්බර් විසි එක් වෙනිදා වෙයි කියලා සියවස් ගණනක් තිස්සෙ කල්පිතයක් ගොඩනගා ගත්තෙ මායාවරුන්ගෙ කැලැන්ඩරය නිසා පමණක් කියලා හිතනවා නම් ඒක වැරදියි. 20 වන සියවසේ අගභාගයේ හා වර්තමානයේ ඇතිවෙන කලා නිර්මාණ බොහොමයක් මේ කල්පිතය මිනිස් හදවත් තුළ ස්ථාවර බීජයක් රෝපණය කරන්න සමත් වුණා. 2009 වසරෙ එළිදැකපු 2012 චිත්‍රපටය ඉන් එකක්. Knowing, Day After Tomorrow, The Core වාගේ බොහෝමයක් චිත්‍රපට මිනිස්සු වැළඳගත්තෙ ලෝක විනාශය ගැන ඔලුවෙ පුරවාගෙන. ඒ වාගෙම ඉතිහාසය තුළ විවිධ මට්ටමේ අනාවැකි පළ කරන්නන් ඒ අය අනික් අනාවැකි පළ කරන අතරෙම 2012 ගැනත් විවිධ අනාවැකි පළ කළා. මේ  අතර හිටපු කෙනෙක් තමයි සිබිලියන්. අද අපි මුලින් ඇය ගැන ටිකක් විතර කතා කරමු.



සිබිල් ගැහැණියක්. රෝමයෙ ගල්ගුහාවක් ඇතුළෙ, ඉඳන් දෙවියන් තමන් අසල වැඩ ඉන්නවා කියලා කියපු මේ කාන්තාව අනාවැකි බොහොමයක් කියලා තියෙනවා. ඒ වාගෙම ඔබට කියන්න ඕනෙ අපි මුලින් කතා කළ නොස්ට්‍රඩෑම්ස් අතර සහ සිබිල් අතර අනාවැකි පළ කළ විදිහෙ යම් සමානතාවයක් තියෙනවා. ඒ තමයි අපේ නොස්ට්‍රඩෑම්ස් තමන්ගෙ අනාවැකි සියය ගණනෙ එකතු කරළා තමයි පොත් ගහන්නෙ. ඒ වාගෙම මේ සිබිල්යන් ලෝකයේ අනාගතය බෙදන්නෙ වර්ෂ 800 යුග වලට. ඒ ගණනෙ යුග 10ක් බෙදලයි, තමන්ගෙ අනාවැකි වර්ගීකරණය කරන්නෙ. ඒ වාගෙම ඇය කියනවා ලෝකය අවසන් වෙන්නෙ, දහවෙනි යුගයෙදි කියලා. ඇය සඳහන් කරන දහවෙනි යුගය ඇරඹෙන්නෙ 2000 ශත වර්ෂයෙන්.

මේ සිබිලියන් අනාවැකි ලියා තිබෙන්නෙ ඕක් ගසේ පත්‍ර වල. ඒ වාගෙම ඒවා සුළඟට යන නොයන එක මත තමයි මෙයා තීරණය කරන්නෙ, එම අනාවැකියේ සම්භාවිතාව. ඔය වාගෙ අරුම පුදුම ක්‍රමවේදයක් භාවිත කරපු මේ කාන්තාව ලියපු අනාවැකි සියල්ල රෝමයේ ජුපිටර් කියන පන්සලට බාරදුන්නාලු. ඉතින් ඒ විදිහට තමයි ඒ ඇසුරින් පොතක් නිර්මාණය වෙන්නෙ. ඒ වාගෙම නොස්ට්‍රඩෑම්ස් වාගෙ අනික් අනාවැකි කරුවන් එක්ක මෙයාගෙ සම්බන්ධයකුත් නෑ. මේ අය ජීවත් වුණේ එක එක යුග වල. අපි මේ කතා කරන කාන්තාව ජීවත් වන්නෙ ක්‍රිස්තුපූර්ව යුගයේදි, ඇය ජේසුස් වහන්සෙගෙ උපත ගැන හරියටම කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි..ඇය කී බොහෝ අනාවැකි හරි ගිහිල්ලත් තියෙනවා. ඇයත් 2012 දි එහෙම තද බල ලෝක විනාශයක් ගැන කියන්නෙ නෑ. භූමි කම්පා, ජල ගැලීම් ගැන නම් කියලා තියෙනවා. ඒත් ඉතින් නොස්ට්‍රඩෑම්ටත් වඩා ඈත කාලෙක හිටපු සිබිලියන් ගෙ මත ගැන අදටත් සමහර අයට ප්‍රශ්න නැතිවාම නෙවෙයි. ඒත් ඔබට හැකියාවක් තියෙන දවසක කියවන්න,මම හිතුවා ඔබට සිබිලියන්ගෙ පොත් සියල්ලේම එකතුවක් කළ ඉංග්‍රීසි පරිවර්තනය ලබා දෙන්න. මොකද අද දවසෙ මගේ ප්‍රධාන අරමුණ, තවත් අනාවැකි පවසන්නෙක් ගැන ඔබට කියන එක නෙවෙයි.



මම ඔබට හඳුන්වා දෙන්න යන්නෙ පරිගණක මෘදුකාංගයක් ගැන. ඇමරිකාව මේ මෘදුකාංගය හදන්නෙ ආර්ථික වාසි තකා.ඒත් අද වෙනකොට මේ මෘදුකාංගය භාවිතා කරනවා, ඊට වඩා වැදගත් දේවල් වලටත්, මේ මෘදුකාංගයට හැකියාව තියෙනවා,දත්ත විශ්ලේෂණය කරලා සූක්ෂ්ම විදිහට නිගමන ලබා දෙන්න. මෙයාගෙ නම WEB BOT. මේ වෙබ්බොට් ගැන කතා කරන්න ඉස්සර අපිට යන්න වෙනවා, 90 දශකේ අග භාගෙට, ඇමරිකාවෙ පරිගණක ඉංජිනේරුවො ටිකක් එකතු වෙලා පොඩි වැඩක් කරනවා. එයාලාගෙ කොටස් වෙළඳපොළ ගැන අනාවැකි කියවීමේ අරමුණින් සොෆට් වෙයාර් එකක් නිර්මාණය තමයි ඒ පොඩි වැඩේ. එයාලාට ඇත්තටම ඕනෙ කළේ මේ හරහා ආර්ථික වාසි ලබා ගන්න. එහෙම මෘදුකාංග තව කොතෙකුත් තියෙනවා. දැන් ඔය අද කාල ගුණය කියන්නෙත් ඒ වාගෙ මෘදුකාංග හරහානෙ. ඒත් පුදුමේ කියන්නෙ මේ වෙබ් බොට් 2001 දි ඇමරිකාවට සිදුවන ත්‍රස්ත ප්‍රහාරය ගැන හරියටම කියනවා.

මේ වෙබ් බොට් එකේ ක්‍රමවේදය තමයි, අන්තර්ජාලය හරහා සෑම පරිගණකයම වාගේම පුද්ගලයන්ගේ තොරතුරු, බ්ලොග්ස්, සමහර ඩොක්ස් වලට ගිහින් ඒවාගෙ තියෙන යතුරු වචන හරහා දත්ත විශ්ලේෂණය කිරීම, 2001 දි ජූනි මාසෙ අන්තිමට මේ විදියට ලැබුණ දත්තයක් මත මේ පරිගණක ශිල්පීන් කියනවා තව දින 60ක් හෝ  90ක් තුළ, ඇමරිකාවේ මුලු ජීවන රටාවම කම්පා කරවන ඛේදනීය වෙනස් වීමකට භාජනය වෙනවා කියලා. එයින් ඇමරිකාව වටා බිය සැක පිරි ලෝකයක් නිර්මාණය වෙනවා කියලා. ඒ වාගෙම එතනින් මේ වෙබ් බොට් නවතින්නෙ නෑ. ඇමරිකාව 2001 න් පස්සෙ පුදුම ආරක්ෂක සංවිධාන ක්‍රමයක් තර කරන් හිටියත්, ඇන්ත්‍රැක්ස් භීෂණය වොෂින්ටන් ඩී සී වලට 2004 දි එන බව, ඒ දේත් ඒ විදිහටම සිදු වෙනවා.. මේ වෙබ් බොට් එක ප්‍රකාශ කරනවා.. ඒ වාගෙම 2003 වසරෙ දි ඇමරිකාව ඊසාණ දිග කලාපයෙ විදුලිය විසන්ධි වී අන්ධකාර වෙන බව වෙබ්බොට් එක සඳහන් කරනවා. මිනිහෙක්ට, පුළුවන් වුණාට මෙහෙම අනාවැකි කොහොමද යන්ත්‍රයක් කියන්නෙ කියන එක ප්‍රශ්නයක් නම් තමා. ඒත් ඒක සනාථ කරමින් මෙතරම් දියුණු තාක්ෂණයක් තියෙන ඇමරිකාවෙ , හරියටම 2003 අගෝස්තු මස 14 වනදා හවස 4:10 ට සම්පූර්ණයෙන්ම විදුලිය විසන්ධි වෙනවා. ප්‍රදේශ කිහිපයක රෑ 11ට විදුලිය එනවා. එහෙත්, සම්පූර්ණ ඇමරිකාවෙම විදුලිය එන්න, දවස් දෙකක් ගත වෙනවා.

(ඔය විදුලිය යන කන්සෙප්ට් එක ඩිවලොප් කරලා ඒ හරහා තමයි ළමයි REVOLUTION නාට්‍ය මාලාව හදලා තියෙන්නෙ, කැමති කෙනෙක්ට බයිස්කෝප් සිංහලෙන් වෙතින් සිංහල උපසිරසි සහිතවම ඒක බැලිය හැකි. අපේ රොයිලි අයියාගෙ වැඩක්.)

කොළොම්බියා යානය බිඳ වැටීම ගැන, නොස්ට්‍රඩෑම්ස් වාගෙම සිබිලියන් කිව්ව වාගෙම, වෙබ් බොට් එකත් මේ ගැන අනාවැකියක් පල කරලා තියෙනවා. අධි මානසික ශක්තියක් තියෙන අනාවැකි කරුවන්ට සාපේක්ෂව මේ තාක්ෂණික උපකරණයක් මෙහෙම කිව්වා කියන එක ගැන ඇත්තටම හිතන්න අමාරුයි. මේ මනුෂ්‍ය අනාවැකි කරුවන්ගෙන් ඉදිරියට ගිය වෙබ්බොට් කිව්වෙ, කොළොම්බියා යානය විනාශ වෙන්නෙ, 2003  පෙබරවාරි පළමුවෙනිදා සම්පූර්ණ යානය පිටින්මයි කියලා, දින වකවානු සහිතව මේ පුදුම අනාවැකි මෘදුකාංගය කියනවා. ඒ වාගෙම නොස්ට්‍රඩෑම්ස් නවයක් මිය යන බවටත් සිබිලියන් දොළහක් මිය යන බවටත් කී අනාවැකි අභිබවා යන්න, මේ පුදුම වෙබ් බොට් සමත් වුණා. ඔබට අවශ්‍ය නම් දකින්නට කොළොම්බියා යනයෙ අන්තිම මොහොත ඔබට පොඩි අවස්ථාවක් තියෙනවා.

ඒ වාගෙම මේ එක්කම වෙබ් බොට් කියනවා නාවික ක්ෂේත්‍රය තුළ දැවැන්ත ඛේදවාචක සිදු වෙනවා කියලා. ඒ බව සනාථ කරමින්, ඇමරිකාවෙ නැව් ගණනාවක් ජර්මනිමෙදි, ජපානයෙදි, බංගලාදේශයෙදි විනාශ වෙනවා. ඒ විතරක් නෙවෙයි විශාල මිනිස් හානිත් වෙනවා.

2004 දි ඉන්දියානු සාගරය කැළඹෙන බවත්  ඒ මගින විශාල තරංග ඇති වන බවත් ලක්ෂ තුනකට ආසන්න පිරිසක්  මියයන බවත් මේ වෙබ්බොට් එක හරියටම කියනවා. ඒක සනාථ වෙනවා, අපේ දරුණු සුනාමි ඛේදවාචකය එක්කම. ලක්ෂ තුනක් අභිබවා මිය යනවා.. සමස්ත ලෝක ජනගහනයෙන්. ඔබට මතක ඇති.

ඉන්පස්සෙ 2005 දි ඇමරිකාවෙ මහ ව්‍යසනයක් කරපු කැතරිනා කුණාටුව ගැනත්, මේ වෙබ්බොට් එක සඳහන් කරනවා. බොහොම පැහැදිළිව, වෙබ් බොට් එක හදපු ජෝජ් නම් කියන්නෙ, අන්තර්ජාලෙ තොරතුරු ඇසුරින් මේ අකනාවැකි හදාගන්නවා කියලා. ඒත් ඒක කොහොමද වෙන්නෙ කියන එකම මුලු ලෝකයටම පුදුමයක්. සමහරවිට සූක්ෂම මිනිස් මොළයක් ලෙස මෙය ක්‍රියාත්මක වන නිසා, හැඟීම් වරහිතව තොරතුරු විශ්ලේෂණය මගින් සත්‍ය ප්‍රකාශ කරනවා විය හැකියි.

2001 න් පටන් අරන් අද වෙනතුරු මේ කෙටි කාලෙ ඇතුළත වෙබ් බොට් කියපු දේවල් 100%ක් හරි ගියා. මෙයා 2012ට මොනවාද කියන්නෙ? එයා ( මෘදුකාංගයක් වුණත් සජීවී කියලා හිතෙනවා) කියලා තියෙන දේ, සිබිලියන් වාගේම නොස්ට්‍රඩෑම්ගෙ අනාවැකි වලටත් සමානව යනවා. 2012 අවසානයේ දරුණු වසංගත ඇති විය හැකි බව තමයි මේ වෙබ් බොට් කියලා තියෙන්නෙ.

වෙබ් බොට් ගැන වැඩි දුර දැනගන්න මේ වීඩියෝවෙන් පුලුවන්.

දැන් අපි මේ එක්කම තව පොඩි සැසඳීමක් කරන්න ඕනෙ. මිනිස්සු පට්ට බය වෙලා ඉන්න කාරණාවක් තමයිනෙ, ඔබ මායාවරුන් හදපු දින දර්ශනය
මේ අය කියලා තියෙන විදිහට මේ ලෝකෙ උත්තර ද්‍රැවය ඒ කාලෙ තිබ්ලා තියෙන්නෙ, සමකය ළඟ. ඔය ද්‍රැව මාරු වීම ගැන මේ දවස් වල විද්‍යාඥයොත් ටිකක් කියන නිසා අපේ අය බය වෙලා ඉන්නෙ. මෙහි සත්‍යතාවය විසි වන සියවසේ බිහිවූ අපේ හොඳම විද්‍යාඥයත්, සහතික කළ නිසා...ඔව් ඇල්බට් අයින්ස්ටයින් තමයි. මේ පිළිබඳව හිතන්න ඕනෙ. ඒත් බය වෙන්න එපා මේක එක පාට කරකැවිලා ලෝකෙ පෙරලෙන්නෙ නම් නැහැ. මේක ක්‍රම ක්‍රමයෙන් සිදුවන දෙයක්. දැනට විද්‍යාඥයො කියන්නෙ, රුසියාව දෙසට බොහොම හෙමින් මේ උත්තර ද්‍රැවය ගමන් කරනවා කියලයි. ඒක අපට දැනෙන්නෙවත් නෑ. කොහොමහරි, අවුරුදු 200කට කලින් තිබ්බ තැන නෙවේලු කොහොමත් දැන් උතුරු ලක්ෂෙ තියෙන්නෙත්. ඒත් පුදුමෙ කියන්නෙ, මේ තාක්ෂණයෙන් පරීක්ෂණ කරලා හොයාගන්න දේවල්, අතීතයේ අපේ මුතුන් මිත්තන්ට පෙනිච්ච හැටි කොහොමද හොයා ගන්නෙ කියන එකයි.

2012 චිත්‍රපටය ඔබ බලලා තියෙනවා නම්, ඔවුන් කියනවා අපට ආරක්ෂා විය හැකි තැන චීනය කියලා. මේ චිත්‍රපට වල රංගනය හා සමහර සිද්ධි වල, අභව්‍යතා තිබුණත්..මේ කන්සෙප්ට් එක හරිම තර්කානුකූලයි. චීනය ගැන කතා කෙරෙනකොට ස්ටාර්ගේට් සංකල්පය නිරන්තරයෙන්ම එනවා.දැන් චිත්‍රපටයෙ නම්, මොවුන් අධික ජල ගැලීමෙන් ආරක්ෂා වෙන්න, අර සවි කරපු නැව් වලටනෙ යන්නෙ. අනේ මන්දා ඕවා නම් කල්පිත තමයි...කියලා හිතෙනවා.අන්න දැන් එයාලා තව චිත්‍රපටයක් ගහන්නලු යන්නෙ. නියමයි නේද?

එහෙම වෙනකොට අයිචින් කියලා චීනයේ හිටපු සුප්‍රසිද්ධ ගණිතාඥයා ගැන මේ වෙලාවෙ අපිට කතා නොකර බැරි වෙනවා. මේ මනුස්සයා කරන්නෙ, දාදු කැට දෙකක් හරි කාසි දෙකක් හරි උඩ දාලා ඒ එන සම්භාවිතාවෙන් අනාවැකි පළ කිරීම. එයා කාසි දෙකම එක්වර උඩ දාලා එකම පැත්ත වැටුණොත් එක් තනි දිග ඉරක් කොළයක අඳිනවා. කාසි දෙක පැති දෙකකින් වැටුණොත් එක කඩ ඉරක් අඳිනවා. මේ විදිහට හය වරක් කරනවා. ඉන් පස්සෙ හැට හතර වරක් කරනවා. ඉන්පස්සෙ මේ ඔක්කොම සංයුතියක් කරලා මෙයා නිගමන වලට එළඹෙනවා. ඒක නියම ක්‍රමවේදයක්.


මෙහි තියෙන ලොකුම වාසිය තමා අයි චින් ක්‍රම වේදය අදත් අපිට පරීක්ෂා කරන්න පුලුවන් වීම. ඒ වාගෙම චීන සිසුන් විශ්ව විද්‍යාලය තුළ මෙම පරීක්ෂණ කර එහි සත්‍යතාව දක්වා තිබීම. ඔහුත් කිසිම විටක සම්පූර්ණ ලෝකය විනාශ වීමක් ගැන නම් කියන්නෙ නෑ. නමුත් යම් බලපෑමක් ගැන ඔහුත් කියනවා.... ඔන්න ඔච්චරයි අද දවසට අපට තියෙන විස්තර....පිට සක්වල අය ගැනත් තොරතුරු තියෙනවා. ඕනෙ නම් කියන්නම්!!! 

19 comments:

  1. වැදගත් ලිපියක් අක්කේ... පිටසල්වල ගැනත් ලියන්නකෝ..
    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
  2. හපොයි මේ වෙබ්බොට්ටා කියල තියෙන ඒව හරිගියොත් එහෙම මට හිතෙන්නේ ලෝක විනාසෙටත් හපන් වැඩඩක් වෙයි ඒක...


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  3. කියලා තියෙනවා කිවුවට කෝ සාක්ෂි?? මූලාශ්‍ර???

    ReplyDelete
  4. http://en.wikipedia.org/wiki/Web_Bot
    http://www.halfpasthuman.com/

    ReplyDelete
  5. ඔන්න ඔතනදි ප්‍රශ්නයක් එනවා..මම ඉතින් කළේ හොයා ගත්ත තොරතුරු විශ්ල්ෂණය කරලා වාර්තා කරපු එක..සාක්කි කියන දේ ගැන නම් මම දන්නෙත් නෑ..ඒ ගැන අවශ්‍ය නම් ඔබ හොයන්්න.

    ReplyDelete
  6. මේක නම් මාර දෙයක්නේ. මාත් දැනං උන්නේ නැහැ

    ReplyDelete
  7. විස්තරේ නියමයි....! මමත් 2012 ලෝක විනාසේ ගැන තොරතුරු හොයන්න ගත්තේ 2004 ඉදන්... ඒ කරුණු අනුව මමත් විශ්වාස කරනවා සම්පුර්ණ ලෝකේ විනාස නොවෙයි කියලා...! හැබැයි ලංකාව පොඩි දුපතක් නිසා, බේරෙන එක ගැන නම් ලොකු විශ්වාසයක් නැහැ!

    අනික මේ කරුණු හොයන්න හැමෝටම වෙලාවක් නැහැ.... වෙන තැනක ලියවුන දෙයක් හරි, මේ ලිපි වලින් මුලින් දැන ගත්තු අය ඉන්නවා....ඒ නිසා, ඔබේ උත්සාහයට මගේ ප්‍රණාමය!

    ReplyDelete
  8. ගොඩක් ස්තූතියි නෙලුම්

    ReplyDelete
  9. මේ පොස්ට් එක ලියන්න ඔයා සැහෙන්න වෙහෙසෙන්න ඇති නේද. එත් කෙල්ලේ වෙලාවකට හිතෙනවා ඔයා ලොක විනාස කතාවට බයවෙලාද කියලත්.බය වෙන්න එපෝ මැරුණොත් සේරම එක පාරමනේ.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. මං කියන්නෙ මිනිස්සුන්ට බය වෙලා පොඩ්ඩක් ආගම දහම ගැන හිතලා වැඩ කරන කාලයක් එන්ට ඕනෙ..

      Delete
  10. අවුරුදු 5000 කල් බුදුදහම පවතිනවා යන බුදු වදන බොරු වනවා ඔය කියන ලෝක විනාශය වුනොත්... ඒ නිසා ලෝක විනාශය මිත්‍යාවක්

    ReplyDelete
    Replies
    1. බුදු දහමට මුකුත් වෙන්නෙ නෑ...

      Delete
  11. ඔයා මෙච්චර මහන්සි වෙලා ලියපු ලිපියේ එක වචනයක් තියෙනවා මෙතන ලියාගෙන යන භාෂාවට නොගැලපෙන එක තමයි "පට්ට" කියන එක. ඇත්තටම ඒක නැතුව වෙන වචනයක් පාවිච්චි කළා නම් කොයි තරම් ලස්සනද? අනිත් එක කන්සෙප්ට් කියන ඉංග්‍රීසි වචනය වෙනුවට සංකල්පය කියන වචනය දාන්න තිබ්බා. ලිපියක් ලියද්දී ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.

    මම පරිඝණක ක්‍ෂේත්‍රයේ අධ්‍යාපනය ලැබූ කෙනෙක්. මම දන්නා විදියට පරිඝනකයට අනාවැකි පල කරන්න පුළුවන් "නියුරල් නෙට්වර්ක්ස්" කියන සංකල්පය භාවිතා කරලා. ඒ කියන්නේ අතීතයේ වූ සිද්ධි මගින් පද්දතියක් පුහුණු කරලා. එහෙම කරන්නත් ඒ සිද්ධි පිළිබඳ යම් ප්‍රමාණයක දත්ත තියෙන්න ඕනේ. එහෙම කියන්න පුළුවන් දෛනිකව වෙනස් වන ඒවා පහසුවෙන්ම, කොටස් වෙළඳ පොළ, විනිමය අගයයන්, කාලගුණය වගේ දේවල්. අනිත් ක්‍රමය තමයි පුරෝකථනය(Forecasting). එය කරන්නේ පසුගිය අගයයන් භාවිතා කරමින් ඉදිරි අගයයන් ඉදිරිපත් කිරීම. එහෙම වෙත්දී එම ප්‍රස්තාරය නිවැරදිව ඉදිරියට ඇඳීම වගේ වැඩක් කරලා අගයයන් තීරණය කරනවා. නමුත් කල්පයකට එකක් වගේ වෙන ඒවා මේ මෘදුකාංගයක් ආධාරයෙන් අනාවැකි කියන්න බෑ. මෙයාලට සමහරවිට කාගේ හෝ අනාවැකි මාලාවක් වත් ලැබුනාද ?

    ReplyDelete
    Replies
    1. සමහර වචන නම් ලියා යද්දි අපි හුඟක් හිතන්නෙ නෑ...අපේ සාමන්‍ය යාලුවන්ට දැනෙන්න ලියන්නෙ.... ඒකයි ඕවාගෙ ඔය තරම් සෝදු පත් බැලෙන්නෙ නැත්තෙ. :)

      Delete
  12. මේක ගැන මොකද කියන්නේ http://www.gossip9.com/2012/12/blog-post_8008.html

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.