මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/1/12

ලොව අති සාර්ථකම අනවැකි කරුවා - නොස්ටර්ඩෑම්ස්



ලෝකයේ සියලු දෙනාම බොහොම උනන්දු වුණ මාසයක් තමයි අදින් එළඹුණේ. 2012 අවසානය කොහොම වෙයිද? දේශපාලන ලෝකය, ස්වභාවික ලෝකය අතර කොයි වාගෙ හැල හැප්පිලි වෙයිද? මේ ගැන එළිපිට කතා කරත්, නොකළත් හැමෝගෙද හිතේ කුකුසක් තියෙනවා. ගෝලීය තත්වය, ගෝලිය උණුසුම, ටොරනාඩෝ තත්ව, ලැවිගිනි, භූ කම්පා, සුනාමි මේ වාගේ දේවල් ගැන හැමෝම උනන්දුවකින් ඉන්න බව තමා පේන්නෙ. ඒවාගෙම සක්වල ජීවින් ගැනත්. හැමෝගෙම පෙන්වන නොපෙන්වන අධානය මේ පැත්තට යොම් වෙලා තියෙන වෙලාවෙ, ඉර ඇහැරෙන ඉසව්වෙන් හිතුවා..මේ ගැනත් ලිපි ටිකක් ලිව්වොත් කාලෝචිතයි කියලා. අනික් අය දරන මත මොනවාද කියලා දැන ගන්නත් අපිට ඒක පිටු බලයක්වේවි. කොටින්ම මේ වෙනකොට අන්තර්ජාලය හරහා නොයෙක් ආයතන මේ ගැන ගවේෂණයට ඉතා විශාල මෙහෙයුම් රැසක් දියත් කරමින් ඉන්නවා. පරීක්ෂණ රැසක් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරතුරේ තමයි අපිටත්, ඒ අය දෙන බොරු හා ඇත්ත විස්තර අස්සෙ යම් මතයක් ගොඩ නගා ගන්න හැකි වෙන්නෙ.

කලාව, සංස්කෘතිය, දේශපාලනය, ආගම, සමාජය , විද්‍යාව හා අධ්‍යාපනය කියන ක්ෂේත්‍ර තුළ 2012 කතා බහ වෙන්න පටන් ගත්තෙ වසර දහස් ගණනකට පෙර සිට, මායාවර්න්ගෙ කැලැන්ඩරය 2012 දෙසැම්බර් 21 න් අවසන් වීම එයට ප්‍රබල හේත්‍රවක් විදිහට බලපෑවා වෙන්න පුලුවන්. ඒත් අද මම පළවෙනියාට ඔබට විස්තර ගෙන එන්නෙ, ලෝක ඉතිහාසය ගැන අති ප්‍රබල අනාවැකි කියපු මිනිසෙක් ගැන. ඔහුගෙ නම නොස්ට්‍රඩාමුස්. (නොස්ට්‍රඩෑම්ස්). අපි මේ පුද්ගලයා ගැන කතා කරන්නෙ ඇයි? ලෝකෙ වෙච්ච නොයෙක් වියසන ගැන හරියටම කියන්න මීට අවුරුදු 500කට විතර කලින් ඔහු සමත් වෙලා තියෙනවා. කොටින්ම තමන් මැරෙන දවස, තමන්ගෙ මිනිය ගොඩ ගන්න දවස ලියා තියන්න තරම් ඔහු සමත් වුණා. ඒ වාගෙම 1993 සිට 2015 අතර කාලයේ විශ්වයේ සිදුවිය හැකි අති දරුණුම ව්‍යසන සුදුවන බව ඔහු කියලා තියෙනවා. ඒ නිසා අපි ඔහු ගැන සොයා යමු.

ලෝකයේ එක එක මිනිස්සු ජනප්‍රිය වුණේ එක එක විදිහට, රජවරු, රණ ශූරයො, කලාකරුවො, වාගෙ අය වාගෙ ම අනාවැකි කරුවොත් ජනප්‍රිය උදවිය. ඒත් නොස්ට්‍රඩෑම්ස් කියන්නෙ සාස්තර කාරයෙක් නම් නෙවෙයි. ඔහු කියපු අනාවැකි 100%ක් දුරට වාගේම සියල්ල ඉතා ආසන්නයටම සාර්ථක වෙලා තියෙනවා. මේ නොස්ට්‍රඩෑම්ස්ගෙ තියෙන අනික් විශේෂත්වය තමයි. ඔහු අනාවැකිය පළ කරලා නිකා ඉන්නෙ නෑ. ඒ ගැන හොඳ විස්තරයකුත් ලබා දෙනවා. හරියට පුවත්පත් වාර්තාවක් වාගෙමයි. ඒකයි ඔහු නිකම් නිකං අනාවැකි කරුවෙක් කියලා කියන්න බැරි. සිද්ධිය වෙන්නෙ කොහොමද? කොයි විදිහටද? පටන් ගැන්ම වාගෙ හැම දේම ලස්සනට ඔහු විග්‍රහ කරනවා.



1503 ප්‍රංශයේ උපත ලබන නොස්ට්‍රඩාමුස් 1566 දී ජීවිතක්ෂයට පත්වෙකකොට, ඔහු විවිධ ක්ෂේත්‍ර තුළින් ජනප්‍රියත්වය පත් වූ පුද්ගලයෙක්. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වන නොස්ට්‍රඩෑම්ස්ගෙ තාත්තා වාගෙම සීයත් වෛද්‍යවරු. ඔහු සීයාගෙන් තමා මූලික අධ්‍යාපනය ලැබුවෙ. ඉන්පස්සෙ ඇවිග්නොන් සරසවියෙන් වැඩිදුර ඉගෙන ගෙන තියෙනවා. වෛද්‍ය වෘත්තිය ගැන ඔහු පොත් දෙකකුත් ලියා තියෙනවා.

මේ අතරෙ 1555 දි, ඔහු තමන්ට තිබුණු යම්කිසි හැකියාවක් හෝ ඥාණයක් පදනම් කරගෙන, අනාවැකි සමූහයක් ඉදිරිපත් කරනවා. ඔහුගෙ අනාවැකි ඉදිරිපත් කිරීමේ ශෛලිය බොහොම නිර්මාණශිලීත්වයක් උසුලනවා. ඔහු ඉදිරිපත් කරපු හැම අනාවැඩකියම ඉදිරිපත් කළේ සිව්පද ඇසුරින්. මුලින් ඔහු හිතුවෙ අනාවැකි 100 ගාණෙ එක පොතට දාලා පොත් 10 ක් හෝ 12ක් ලියන්න. ඒත් ඔහු මේ අල්ලපනල්ලෙ තමන්ගෙ ජීවිතය ඇසුරිනුත් අනාවැකි වල සත්‍යතාවය ගළපන්න උත්සාහයක නිරත වුණා.

ඔහු ජීවතුන් අතර ඉඳිද්දි, ඔහු රටේ රජු ගැන අනාවැකියක් කියනවා. මුලු රජයම ඔහුට විරුද්ධව නැගී හිටිනවා. එය ප්‍රතික්ෂේප කරනවා. ඉතින් නොස්ට්‍රඩෑම්ස් කට වහගන්නවා. ප්‍රංශයේ හිටපු දෙවනි හෙන්ඩ්‍රි රජතුමා ගැන තමයි මේ  අනාවැකිය කියවෙන්නෙ. නොස්ට්‍රඩෑම්ස් රජුගෙ බිසව එක්කත් බොහොම හිතවත්. ඉතින් ඒ නිසා තමයි මේ අනාවැකිය රජු වෙනුවෙන් ප්‍රකාශ කළේ. ඒක පද හතරක කවියක්.

  "The young lion will overcome the older one, 
  On the field of combat in a single battle; 
  He will pierce his eyes through a golden cage, 
  Two wounds made one, then he dies a cruel death."



ඒ අනාවැකියෙන් කියවුණේ, හෙන්රි රජු මරණයට පත්වෙනවා කියලා. තමාට වඩා තරුණයෙකු අතින්.ඒක රජතුමා තරයේ ප්‍රතික්ෂේප කළා. නොස්ට්‍රඩාමුස් කීවේ එක දෙයයි. ඔබ ද්වන්ධ සටනට යන්න එපා. උත්සව වලට යන්න එපා කියලායි. ඒ වාගෙම නොස්ට්‍රඩාමුස් හැම වෙලාවෙම අනවර්ථ නාමයක්, හුරතල් නාමයක් තමන්ගෙ අනාවැකි වලදි භාවිතා කළා. එයින් ඔහු හැම අනාවැකියකටම ව්‍යංගයක් ලබා දුන්නා. ඔහු හෙන්රි රජු හැදින්නුවෙ වයසක සිංහයා කියලා. එදා ඉතින් රජතුමාගෙ බැනුම් අහලා යන්න සිද්ධ වුණත් ඉන් වසර දෙකක්ට පස්සෙ, රජතුමා උත්සවයකදි සටනට ආරාධනා කරනවා, තමන්ට වඩා කණිෂ්ටයෙකුට. කොච්චර කළත් අනාවැකිය සිහි කළ රජතුමා කිසිම ලෝකයකින් විනිවිද නොයන ගණකම් රන් හෙල්මට් එකකුත් පැළදගෙන තමයි මේ සටන කෙරුවෙ. මොකද ඇහැට හානිය වෙනවා කියලා තමා අනාවැකියෙ තිබුණෙ. ඒත් අවාසනාවක මහත.බැලීම සඳහා ඇස ළඟ ඉඩ තබාගත් සිදුරෙන් හෙල්ලය ඇතුලට ගිහින් ඔහුගෙ ඇහැ ගැලවී එළියට වැටුණා. දිණ ගණනක් දුක් විඳලා මහ දරුණු ඛෞදනීය මරණයටකට මුහුණ පාන්න රජතුමාට සිදුවුණා.




රජතුමාගෙ මරණයෙන් දෙවසරකට පසු නොස්ට්‍රඩාම්ස්  මිය යනවා. ඔහු මිය යන්න පෙර දින රෑ ලේකම්ට කියනවා. හෙට මම මිය ඇදෙනවා කියලා. පහුවදා ලේකම් එනකොට එය හරියටම සිදු වෙලා. ඒ වාගෙම ඔහු තව දෙයක් කියනවා. ඒ යම් දිනක මාගෙ මෘත ශරීරය යමෙක් ගොඩ ගත්තොත් ඔහු එය ගොඩගන්නා විටම මියයනවා කියලා. මේ ගැන මිනිස්සු නොයෙක් කතා කියන්න පටන් ගන්නවා. හෙන්රි රජුට පක්ෂ අය මොහුගේ අනාවැකි විවේචනය පවා කරනවා. ඒත් වසර 200ක් යනතුරු කිසිවෙක් මේ මෘත ශරීරය ගොඩ ගන්න තරම් ශක්තිමත්ව ඉදිරිපත් වෙන්නෙ නම් නෑ. එහෙත් 1791 දි ඔහුගෙ මෘත ශරීරය නිධන් කළ තැනට බීමත් සොල්දාදුවො තිදෙනෙක් එනවා. නොස්ට්‍රඩාම්ස්ට පහත් වචනයෙන් බැන බැන පැමිණි මේ තිදෙනා මිනිය ගොඩ ගන්නවා. ඒ අය මිනි පෙට්ටිය අරිනවා. ඔවුන් දකිනවා විෂ්මය ජනක ඵලකයක්. එහි සඳහන් වුණා. 1791 කියලා. ඔහු මිය යන්න පෙර තමන්ගෙ සිරුර ඇතුළට, ඵලකයක් දමාගෙන තියෙනවා, තමන් ගොඩ ගන්නවා වසර හරියටම දැනගෙන. ඒ වාගෙම සුලු මොහොතකින් මෘත ශරීරය ගොඩගත් සොල්දාදුවො මියයනවා.


තමන්ගෙ මරණින් වසර 100කට පස්සෙ, ලන්ඩන් නගරයට වන හානියක් ගැන ඔහු තම සිවුපද තුළ සටහන් කළා. මෙහි සුවිශේෂීත්වය තමයි සිදුවන තැන, වර්ෂය, සිදුවෙන හානිය ආදි හැම දේම මේ සිව්පද තුළ තිබීම.




"The blood of the just will be demanded of London
Burnt by fire in the year '66
The ancient Lady will fall from her high place
And many of the same sect will be killed.
"



1666 දි බේකරියකින් පටන් ගත් සුලු ගින්නකින් මුලු ලන්ඩනයම ගිනිබත් වෙනවා. ඒ හා සමාන මිනිසුන් කොටසකුත් මියයනවා. ඒ නිසා මේ අනාවැකියත් සාර්ථක අනාවැකි ගොඩට තමා එකතු වෙන්නෙ. මේ අතරෙ ඔහු තමන්ගෙ මවුරට ගැන අනාවැකියක් කියනවා. ඒ තමයි ප්‍රංශ විප්ලවය.රජතුමා මිය යන හැටි ගැන, ගිලීටනය ගැන පවා ඔහු සඳහන් කරනවා.


"From the enslaved populace, songs, 
Chants and demands
While princes and lords are held captive in prisons.
These will in the future by headless idiots
Be received as divine prayers."




ප්‍රංශ විප්ලවය වෙනතුරු කාටවත් මේ අනාවැකිය පැහැදිළි කරගන්න ලැබුණෙ නෑ. නමුත් එය නිවැරදි කරමින්, ප්‍රංශ විප්ලය සිදුවූ පසු සියල්ලන්ටම හැඟී ගියා ඔහුගේ අනාවැකි වල ඇත්ත. ඉන් පසු කවුරුවත් ඔහුව විශ්වාස කරන්න පසුබට වුණේ නැහැ. ඔහු රජු සහ රාජ පරම්පරාව සිරිගත වන අයුරු හිස වෙන් වන ආයුධයක් ගැන තම කවි වල සඳහන් කරනවා.

ඉන්පස්සෙ ඔහු සඳහන් කරලා තියෙනවා  කතෝලික විරෝධී පුද්ගලයො තුන් දෙනෙක් ගැන, ඔහු මෙන්න මෙහෙම සිව් පදයක් ලියනවා පළවෙනි කතෝලික විරෝධියා වෙනුවෙන්.


"PAU, NAY, LORON will be more of fire than of the blood, 
To swim in praise, the great one to flee to the confluence. 
He will refuse entry to the Piuses, 
The depraved ones and the Durance will keep them imprisoned. "





ඔහු මෙම කතෝලික විරෝධී පුද්ගලයන් තිදෙනා ගැන තම අනාවැකි අතර ඉතාම විශේෂයෙන් සඳහන් කර තබෙන බව තමයි පැවසෙන්නෙ. ඒ වාගෙම ඔහු පළවැනියා  ගැන කියන්න ඔහු බාවිතා කළේ ප්‍රංශයේ නගර තුනක්.ඒ වාගෙම එදා මිනිසුන් කල්පනා කළා.මේ නගර වල නම් සඳහන් වන මේ අකුරු පමණක් කැපිටල් වලින් යෙදුවෙ ඇයි කියලා. මෙහි යම් රහසක් ගැබ් වෙනවාද කියලා. මිනිසුන් සැක කළා.ඒත් නැපෝලියන් බිහිවන තුරු මිනිසුන්ට තේරුම් ගන්න බැරි වුණා, ඒ අකුරු වල රහස. නැපෝලියන් කියන නම මේ නගර තුනේ  අකුරු එහාට මෙහාට කළාම ලැබෙනවා. ඔබත් බලන්න..( හැරි පෝටර් චිත්‍රපටියේ දෙවනි කොටසෙ ටෝම් රීඩ්ල් Tom Marvolo Riddle අන්තිමට
LORD VOLDEMORT වුණේ මේ කන්සෙපට් එකෙන් වෙන්න ඇති නේද?)

හරි නැවත කතාවට. මේ කවිවල පාප් වහන්සේ හිර කරන බව පවා සඳහන් වුණා. නැපෝලියන් බලය අතට ගත්තාට පස්සෙ සිද්ධ වුණ දේ ඉතිහාසය කියවපු ඕනෙම කෙනෙක් දන්නවා. ඒවා විග්‍රහ කරන්න වසර ගණණකට පෙර නොස්ට්‍රඩෑම්ස්ට හැකිවීම, නමත් එක්කම කියන්නට හැකිවීම කොයි තරම් පුදුමයක්ද?




ඊළඟ අරුම පුදුම කතාව තමයි මොහු නමත් එක්කම සඳහන් කරනවා, වෛද්‍යවරයෙක් ගැන. ස් තමා පාස්චර්. ලොව ප්‍රබලම රෝගයට බෙහෙතක් හොයාගන්නවා කියලා. ඔහු කියනවා. ඒ වාගේම ඔහු පසුව මහා අපකීර්තියකට පත්වෙනවා කියලා මේ නොස්ට්‍රඩෑම්ස් සටහන් තබනවා. මේ තියෙන්නෙ ඒ සිව්පදය.

"The lost thing is discovered, hidden for many centuries.
Pasteur will be celebrated almost as a God-like figure.
This is when the moon completes her great cycle,
But by other rumors he shall be dishonored.
"


නොස්ට්‍රඩෑම්ස් පාස්චර්ගෙ නම පවා සඳහන් කරනවා සියවස් ගනණකට පෙර. වෛද්‍යවරයෙක් වූ නොස්ට්‍රඩෑම්ස් මහා උනන්දුවක් දක්වන්න ඇති තම ක්ෂේත්‍රය ගැන. ඉතින් අපි කවුරුත් දන්න වසූරියට එන්නත හදපු ලුවී පාස්චර් ලෝකය දේවත්වයෙන් අදහනවා. එහෙත් මරණයෙන් වසර සීයකට පස්සෙ එක්තරා පුවත් පත් වාර්තාවක් නිසා ඔහු ලෝකයේ අපකීර්තිමත්ම පුද්ගලයන්ගෙ ලැයිස්තුවට වැටෙනවා. 1995 දි ඒ පුවත් පතේ තිබුණෙ ඔහු වසූරියට බෙහෙත හදන විදිහ ගැන හැංගීමක් කළා කියලා. වැක්සීනය නිපදවීමේ වාර්තාවෙ වරදක් තියෙනවා කියලා.

දෙවන ක්‍රිස්තියානි විරෝධියා ගන ඔහු ඉන් පසුව සඳහන් කරනවා. නමුත් ඒ නම ඔහු දකින්නෙ හිස්ටර් කියලා. ඒත් අනික් කරුණු කාරණා ඉතාම නිවැරදිව ඔහු කියනවා. ඒ කවි දෙක දැන් අපි බලමු.

"From the depths of the West of Europe,
A young child will be born of poor people,
He who by his tongue will seduce a great troop;
His fame will increase towards the realm of the East."

Also ...
"Beasts ferocious with hunger will cross the rivers, 
The greater part of the battlefield will be against Hister. 
Into a cage of iron will the great one be drawn, 
When the child of Germany observes nothing."

ඔහු කියනවා මේ පුද්ගලයා ජර්මනියේ දුප්පත් පවුලක ඉපදෙන බව. ලොව කුරිරු පාලනයකට ගෙනයාමට වෙර දරන බව. මිනිස්සු ගෑස් යොදා මරන බව. ගැහැණු නිරුවත් කරන මරන බව. ඒ 1889 දි උපද ලද හිට්ලර් බව ලොවටම පිළි ගන්න වෙනවා. නමේ එක් අකුරක් පමණයි නොස්ටර්ඩෑම්ට මඟ හැරෙන්නෙ. ඒ වාගෙම ඔහු සඳහන් කරනවා තුන්වන ලෝක යුද්ධයක් 1993 වසරින් පසු ඕනෑම දවසක ඇතිවිය හැකියි කියලා. 2015 වන තෙක් ඔහු කාලය සටහන් කර තබනවා. තුන් වන ක්‍රිස්තියානි විරෝධිකයා එම කාලය තුළ බිහිවෙන බවයි ඔහු පැවසුවේ.

ඉන්පසු ඔහු සඳහන් කරනවා තම රටේ, එනම් ප්‍රංශයේ ශ්‍රේෂ්ඨ නායකයෙක් ගැන.ඔහු තුන් වතාවක් බලයට පත්වෙන බව තමයි ඔහු කියන්නෙ.ඒ වාගෙම නමත් හරියටම සඳහන් කරලා තියෙනවා.ඒ තමා චාල්ස් ඩි ගෝල් නම් නායකයා.

"Hercules King of Rome and of Annemark, 
Three times one surnamed de Gaulle will lead, 
Italy and the one of St Mark to tremble, 
First monarch, renowned above all."

ඉන් පස්සෙ වැදගත්ම සිද්ධිය තමයි, අඩුම තරමෙ පරමාණුව යන්නෙන් අදහස් කරන්නෙ මොකක්ද කියලා නොදන්න 1500 යුගයෙදි, නොස්ටර්ඩෑම්ස් සඳහන් කරනවා. හිස්ටර්ගෙ බලපෑමට විරුද්ධ මිනිසුන් විසින් ලොව කුඩාම මිනිසුන් ජීවත් වන රටක නගර දෙකක් අතර දැවැන්ත පිපිරීමක් සිදු කරනවා. ඉන් විශාල සමූල ඝාතනයක්  වෙනවා. කළ හැකි එකම දේ දෙවියන්ට යාඥා කිරීම පමණයි කියලත් නොස්ට්‍රඩෑම්ස් කියනවා. අඩුම තරමෙ පරමාණු තබා බෝම්බ වත් නොතිබූ යුගයක ඔහු මේ ප්‍රකාශය කරන්නෙ. නගර දෙක අතර යන්නෙන් හදුන්වන්නෙ, හිරෝෂිමා නාගසාකි නගර අතර කලාපය. ලොව කුඩාම මිනිසුන් සිටින්නෙ ජපානයෙ. අපි දන්නවා පරමාණු පිපිරීම නිසා සිදු වූ දේ. අපි අහලා තියෙනවා. 

Near the gates and within two cities
There will be scourges the like of which was never seen,
Famine within plague, people put out by steel,
Crying to the great immortal God for relief.
"


මේ ගැන ඔහු දැනගත්තෙ කොහොමද? ඇත්තටම පුදුමයි නේද? ඒ වාගෙම තන්ඩබෝල්ට් නම් උණ්ඩයකින් කෙනඩි මිය යන බවද ඔහුගේ සොහොයුරා මිය යන විදිහද කියන්න මේ මිනිසා සමත් වෙනවා. 1986 දී චැලෙන්ජර් ෂටලය ගිනිබත් වීම ගැන සහ එහිදී මිය ගිය පිරිස ඉතා ආසන්නය ඔහු අනුමාන කරනවා. මේ සියල්ල ඔහු කරන්නෙ 1555 දී .එහි මහ පුදුම සහගත බවක් තිබෙනවා. මොහුව නැවතත් ලෝකය පුරාම කතා බහට පත්වෙන්නෙ ඩයනා කුමරියගෙ මරණය එක්ක. බ්‍රිතාන්‍ය ඇය හැඳින්නුවෙ සඳ දෙව් දියණි කියලා. ඒ විදිහටම තමයි නොස්ට්‍රඩෑම්ස් ඇයව හැඳින්නුවෙත්. 90 දශකයේදී ඇය මිය යන බව ඔහු ප්‍රකාශ කළා..

God the Last but First the nickname of Nostradamus of the 90's 
Takes the Goddess of the Moon for his Day & Movement
A frantic wanderer and witness of Gods Law 
In awakening the worlds great regions to Gods will."
නැවත වරක් ඉන් පසු ඔහු කෙනඩි වරුන් ගැන කතා කරන්න ගන්නවා. අපිට පේන්නෙ කෙනඩි පවුල ගැන 1500 ශතකයේ ජීවත් වූ නොස්ටර්ඩෑම්ස්ට ලොකු උනන්දුවක් තිබුණා කියලා යි. 1999 ජූලි මාසයේදි ජූන්යර් කෙනඩි  අහසේ සිදුවන අනතුරකින් මිය යන බව ඔහුගේ කවියේ සඳහන්. වර්ෂය වාගේම මාසයත් නිවැරදිව දෙන්න ඔහුට හැකියාව ලැබිලා තිබීම මෙහි සුවිශේෂත්වය. මේ ජූනියර් කෙනඩි මිය ගියේ 1999 ජූලි මාසයෙදි තමන්ගෙම ගුවන් යානය පදවන්න ගිහින් වූ අනතුරකින්. 

The year 1999 seven months
From the sky will come the great King of Terror.
To resuscitate the great king of the Mongols.
Before and after Mars reigns by good luck."
ඒ වාගෙම ඊළඟ සුවිෂේශීම පුදුමය වෙන්නෙ, 2001 සැප්තැම්බර් මාසෙදි, 
Earthshaking fire from the center of the Earth
Will cause tremors around the New City.
Two great rocks will war for a long time,
Then Arethusa will redden a new river.
"

ඇමරිකාවට එල්ල වූ ත්‍රස්තප්‍රහාරය ගැන ඔහු සඳහන් කළේ ඉහත විදියට. මිනිසා විසින් නිමවන කඳු දෙකක්, යකඩ කුරුල්ලන්ගේ ප්‍රහාරයකින් විනාශ වී වශාල මිනිස් සංහාරයක් වන බව තමා කිව්වෙ. ඔහු ගොඩ නැගිලි දැක්කෙ මිනිස්සු හදපු කඳු වාගෙ. ඔහු කියපු හුඟක් දේ හරි ගියා. ඔහු බොහෝ ව්‍යසන දැක්කා. ඇමරිකාවට එන කැතරිනා කුණාටුව ගැන ඔහු සඳහන් කළා. තාක්ෂණයක් නොමැති කාලෙක මේ මිනිසා කියූ අනාවැකි ගැන මිනිස්සු පුදුම වුණා. ඒ වාගෙම 2004 සුනාමි ව්‍යසනය ගැන පවා ඔහු කළ සඳහන නිවැරදි වුණා.ගෝලීය උෂ්ණත්වය ගැනත් ඔහු කතා කළා.
1990 දි තුන්වෙනි ක්‍රිස්තියානි විරුද්ධකාරයා එළියට එන බව නොස්ටර්ඩෑම්ස් කියනවානෙ. මේ තුන්වෙනියා ගැන පැහැදිළි නෑ. නැපෝලියන් පැහැදිළි වුණේ ආවාට පස්සෙ,හිස්ටර් හිට්ලර් කියලා හඳුන ගත්තෙ ඔවුන් සමාජ ගත වුණාට පස්සෙ.ඒත් අනුමාන කිරීම් තියෙන විදිහට නම් ඒ ඔසාමා බිල්ලාඩන් විය හැකි යි.ඒ වාගේම මේ පුදුම මිනිසා අවසන් කාලයේ චිත්‍ර ඇන්දා. ඔහු 2012 දි සිදුවිය හැකි, ඒ වාගම ඉන් පසු නුදුරේ දි විය හැකි දේ ගැන ඒ රූප වල අඩංගු වුණා.
දැන් අපි යමු ඔහුගෙ චිත්‍ර වලට.

1. පළවෙනි චිත්‍රෙයන් කියවෙන්නෙ, හිරු රැස් අධික වී සිංහ රාශය මූලික වන දවසක, ලෝකයට විශාල උණුසුමක් එනවා කියන එක.වසර 26000කට වරක් මේක සිදු වෙනවාලු. 
2. ඉන්පසු දෙවන සිතුවමින් ඔහු කියනවා මේ කාලෙදි තුන්වන ක්‍රිස්තියානි විරෝධීකයා පැමිණෙන බව, ධනු රාශිය හා මීන රාශය මූලික කොට ගෙන ජෝතිෂ්‍ය ඇසුරන් ඔහු මේ ප්‍රකාශය කරනවා. ක්‍රිස්තියානි විරෝධීකයා කියන දේ බයිබලය බවට පත් වෙන බව ඔහු කියනවා. යකාට ගිය කාලයක් බවයි ඔහු අඟවන්නෙ.

3. තෙවන චිත්‍රෙයන් වසර 26000කට පසු ග්‍රහයන් එකට පිහිටන වග ඔහු ප්‍රකාශකරනවා වෘෂ්ශික රාශිය මැදිවන දවසකයි එය වෙන්නෙ කියලා ඔහු කඩුවෙන් සංකේත ගන්වනවා.
4.ඔහු සිව්වන චිත්‍රෙයන් සඳහන් කරන්නෙ නව රාශියක් ගැන. 1555 දි ඔහු ක්ෂීර පථයෙ කලු කුහරයක් ගැන කියන්න සමත් වුණා. ඒත් 1990 දි පවා නාසා ආයතනය පවා එයට හිනා වුණා. 2006 වන තෙක් සිනා සුනා. ඒත් අවසානයේ 2006 වසරේ ඔවුන් හොයා ගන්නවා මෙතෙක් සොයාගත් විශාලම කලු කුහරය. තවම එහි ශක්තිය ගැන ඔවුන්ට ගණනය කරන්නවත් පුලුවන් කමක් නෑ.මොහු වෘෂ්ශික රාශිය සහ ධනු රාශිය අතර තියෙන කලු කුහරයක් ගැන කියනවා. ඔහු එතන ග්‍රහලෝක දහතුනක් ගැන කියනවා. එය නාසා ආයතනය අවඥාවෙන් බැහැර කරනවා. නමුත් මෙම චිත්‍ර‍යේ ඔහු එය අඳිනවා..මේ ග්‍රහය නොස්ට්‍රඩෑම්ස් නම් කළේ ඔෆීකුවස් කියලා. ෙ
5. පස්වන පින්තූරයෙන් ඔහු කියන්නෙ ග්‍රහලෝක සමාන්තර වීමක් ගැන. ඒ වාගේම ඔහු කියනවා 2012 දෙසැම්බර් 21 වෙනිදා වසර 26000කට පසුව විශාල වෙනසක් විය හැකි දවසක් කියලා. අයිස් යුගය දිය වී ගියේ මීට හරියටම වසර 26000කට පෙර කියලා අද විද්‍යාඥයන් කියනවා.ඒ වාගේම ගෝලීය උණුසුම අධික ලෙස වැඩි වේවි කියලාත් ඔවුන් අනතුරු අඟවනවා.මේ අනුව අපට හිතන්න පුලුවන් ගෝලීය උණුසුම මහත් සේ වැඩි වේවි කියලා.
6. හයවන චිත්‍රය පෙන්වන්නෙ, මේ කලියුග කාලයෙන් පසු නව ශාස්තෘ වරයෙකු ගෙ බිහිවීම.
7. හත්වන චිත්‍රයෙන් පෙන්වන්නෙ, බයිබලය අලුතින් ලියන්න පටන් ගන්නවා කියන එකයි.

ඔහු ජේසුස් වහන්සේ මිය ගිය දිනය පවා ග්‍රහ පිහිටීම් අනුව හරියටම කියූ කෙනෙක්. නොස්ට්‍රඩෑම්ස් 1993 සිට 2015 දක්වා යුගය, මිිසා විසින් තම ක්‍රියාකාරකම් නිසා ලෝකය විනාශ කරන යුගයක් බව හොඳින්ම පැහැදිළි කරලා දී තිබෙනවා. ඔහු ප්‍රකාශයක් කරනවා, තුන්වෙනි ක්‍රිස්තියානු විරෝධිකයාගේ නැගීමෙන් පස්සෙ ලෝකය පුරාම අවුරුදු විසි හතහමාරක මාරාන්තික යුද්ධයක් ඇතිවන බව.
ඒත් ඉන්පස්සෙ, වසර දහසක පමණ කාලයක් ඉතාම සාමකාමි ආකල්ප ඇති, ඉතාම සාමකාමි මත දරන සතුටින් දිවි ගෙවන ජනකායක් බිහිවෙන බවත් ඔහු කියා තිබෙනවා.එය එසේ වේවායි අපිත් පතන ගමන්ම, නාසා ආයතනයද නොපෙන්වන සැකයකින් මේ දින වල නොපෙන්වන භීතිකාවකින් පෙළෙන බව සිහිපත් කළ යුතුයි. 2012 මහ විනාශයක් සිදුවීම කෙසේ වෙතත්, අප හැකි තරම් පරිසරය රැක ගත්තේ නැත්තම් 2015 අප ජීවත් වන අවසාන වසර වේවි. මෙහි ප්‍රබල වගකීම පැවරෙන්නේ  බල ලෝබයට යුද්ධ කැන ප්‍රබල රට වල නායකයින්ටය.

68 comments:

  1. නියම ලිපියක්! ගොඩක් දේවල් දැනගත්තා. :)

    ReplyDelete
  2. නියම ලිපියක් තමයි මම එක දිගටම කියවගෙන ගියා. ඇත්තටම පුදුම හිතෙනවා. ගොඩක් දෙවල් දැනගත්තා. හ්ම්ම්.. දෙසැ: 21 ඒ ගැනත් හිතන්න වෙයි වගේ මෙයාත් කියලා තියෙනවනම්.

    ReplyDelete
  3. ලොකුවට හිතන්න එපා.. දුවන්න ඕනෙ වුණොත් අරගෙන යන්න හිතෙන අත්‍යාවශ්‍ය දේ මතක තියාගන්න.

    ReplyDelete
  4. දැඩි කැපවිමකින් ලියන ලද අනගි ලිපියක්. මෙය ලියන්න කරුණු හොයන්න ඔබ දැඩි වෙහෙසක් ගන්න ඇති. ස්තුතියි නිනූ.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  5. ගොඩක්...ස්තූතියි. ඇත්තටම මහන්සි වුණා..:D

    ReplyDelete
  6. godak dewal danagaththa..thank u....

    ReplyDelete
  7. අද තමා මේ කරුණු හරියටම දැන ගත්තේ.
    මේ කරුණු හොයන්න ගත්ත මහන්සියට ගොඩක් ස්තුතියි..!

    ReplyDelete
  8. ඔයත් කියනවනං ඉතිං 21 මොනවම හරි වෙයිම තමයි.

    ReplyDelete
    Replies
    1. මම නෑ..ඔව්ට නොස්ටර්ඩෑම් ගෙන් අහගන්න.. වෙයි

      Delete
  9. බැංකු ණය ආපහු නොගෙවන්නට සිදුවන තරමේ දෙයක් සිද්ද උනොත් මට ඇති... හික්.... වටින් ගොඩින් නොස්ට්‍රඩාමුස් ගැන අහළ තිබ්බ දේවල් ඔක්කොම එකතැනකට දාපු වටින ලිපියක්..

    ReplyDelete
  10. එලකිරි විස්තර ටිකක්... කොහොමහරි මේ මාසේ අන්තිමට ලෝක විනාසේ වෙන බවක් නොස්ට්‍රාඩුමස් කියලා නැත්තං එච්චරයි! :P

    ReplyDelete
  11. අඩේ ඉන්දරේ කමෙන්ට් එකක් දාලා... තව විද්‍යාත්මක බඩ්ඩක් තියෙනවා. ඒක ගැනත් ලියන්න ඕනෙ..

    ReplyDelete
  12. නොට්‍රඩාමූස් කියන නම මුලින් ම ඇහුවේ 9 / 11 මහා ප්‍රහාරයෙන් පස්සෙ දවසක අපේ පාසලේ ඉන්ග්‍රරීසි සර් කීවමයි....
    මේතරම් විස්තරය්ක් කියැව්වේ අද ,,

    ReplyDelete
  13. දැන ගෙන සිටිය යුතු,ඒත් මෙච්චර කාලෙකට නොදැන හිටිය අපූරු මිනිසෙක් ගැන දැන ගත්තා.අක්කාට බොහොම ස්තුතියි.

    අවුරුදු විසි හතහමාරක මාරාන්තික යුද්ධයක් ඇතිවෙන්න නියමිත එක නම් භයානකයි හැබැයි :O ඒක එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)))))

    ReplyDelete
    Replies
    1. ඒවා තීරණය වෙන්නෙ අපේ පාලකයො මත දරුවො. ඉන්දියාවෙත් න්‍යෂ්ටික බලාගාරයක් හදන්නෙ, අල තබන්න නෙවෙයිනෙ..

      Delete
  14. හිතාගන්නත් බැහැ අතීතයේ දේවල් ඉෂ්ට වුනා නම් මේ දේවලුත් ඉෂ්ට වෙයි.

    ReplyDelete
  15. ඔය නිසා තමා මායන් වරු කිව්වත් 2012 ගැන බය වෙන්න ඕනෙ නැත්තෙ, පූර්ණ විනාශයක් වෙන එකක් නෑ..

    ReplyDelete
  16. හොඳට සමීක්ෂණය කරල ලියල තියෙනව වගේ. හොඳ තොරතුරු ගොඩක්. බොහොම ස්තුතියි අපිටත් දැනගන්න ලිව්ව එකට. :)

    ReplyDelete
  17. විශිෂ්ටයි !!!

    ReplyDelete
  18. අද තමා මේ කරුණු හරියටම දැන ගත්තේ.
    විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. තව විස්තර තියෙන ලිපියක් ඉක්මනින්ම දමන්නම්

      Delete
  19. සෑහෙන වටින ලිපියක්... නොදන්න කරුණු සෑහෙන දැනගත්තා...
    අදමයි මේ පැත්තෙ ආවෙ...
    විශිෂ්ඨයි කියලා තමයි ලියන්න තියෙන්නෙ....

    ඇල්කෙමියා.

    ReplyDelete
  20. සෑහෙන්න වටින ලිපියක්.. මේ හැමදෙයක්ම ගැන මම දැන ගත්තේ අද.. ඒ හන්දා හොඩක් ඉවසීමෙන් මේකනම් කියෙවුවේ.. කලින් කියපුවා ඇත්ත වෙලා තියෙන හන්දා ඉස්සරහට වෙන ඒවත් කෝමද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක තමා ලෝකයම ටිකක් බයෙන් ඉන්නෙ...

      Delete
  21. මමත් කලින් මව්බිම (පළවෙනි වර්ෂන් එක) පත්තරේ ගියපු නොස්ත්‍රඩෑම් ගැන කියවලා තියෙනවා. ආයෙත් මේ ගැන කියවන්න හිතුනෙ මේ ලිපිය දැකල. කොහොමවුනත් නෙරංජිගේ මහන්සිය වෙනම අගයන්න වෙනවා. :)

    ReplyDelete
  22. අපි නොදන්න දේවල් මේ විදිහට සරලව කියල දෙන එක ඇත්තටම විශිෂට කර්තවයයක්..
    පින්



    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  23. හොඳ විස්තරයක්... කිසිම දැනීමක් තිබුනෙ නෑ මේ අනාවැකි ගැන...

    ReplyDelete
  24. watina lipiyak...hithanna godak dawal ithuru wela thiyanawa.....karanne thiyanne dec 21 wenakm iwasane ekai...wenasak wei,habi loke danme wenasa wennenm na...thawe minissunnta danenna godak dewal ithuru wela thiyanawa....meka patangmmak withari,sthuthi

    ReplyDelete
    Replies
    1. ඒක නම් නොස්ට්‍රඩෑම්ස් වාගෙම අපේ තතාගත සම්මා සම්බුදු රජාණන් වහන්සෙත් කියලා තියෙනවා.

      Delete
  25. අපේ වගකීම් අපි පුද්ගල මට්ටමින් කිහිපයක් හෝ ඉටුකීරිමේ පුරුද්ද ඇතිකරගන්නවා නම් පරිසරයත් සමග මීට වඩා සබැඳියාවකින් ජීවත් වෙන්න අපට හැකී වේවී කාලයකට පස්සේ බ්ලොග් අවකාශයේ මා කියවූ හදවතට සමීපව කතාකල ලිපියක් ස්තුතී ඔබට

    ReplyDelete
  26. නොස්ට්‍රඩෑම්ස්,කෙනඩි පවුල ගැන කියල තියෙනවා කියලා දැන ගත්තේ අදයි ඔන්න.... ස්තුතියි දීර්ග විස්තරයට!

    ReplyDelete
  27. වටිනා ලිපියක්. විවිධ මත වාද එක්ක තව දවස් 18කින් 21 වෙනිද උදා වෙනවනේ. එදාටම බලාගමුකෝ. මහන්සිය වගේම නිර්මාණශීලිත්වයත් ඉහලින්ම අගය කරනවා. ජය...!

    ReplyDelete
  28. Mulima bohoma thankq ..... Godak watinawa 98/ 99 aurudu wala meta gana ahala thibuna ada thawa hondata dana gaththa .... Eelaga lipiyath balaporoththu wenawa... Mahansiya ehalinma agayakaranawa.... Obta jaya :-)

    ReplyDelete
  29. මරු පොස්ට් එක.ඇත්තෙන්ම අනාවැකි හරි ගිහිල්ලා තියෙනවනේ.

    ReplyDelete
  30. නද්යා, ඔයාගේ ලිපිය බොහොම සාරවත් . ස්තූතියි . " මිෂෙල් ඩී නෝස්ට්‍රඩාමුස් " මමත් කලකට පෙර ඔහු පිලිබඳව කරුණු රැස්කලා . පැවසූ අනාවැකි බොහොමයක් නිවැරදි උවත් ඒ සම්බන්ධව හරියටම වැටහුනේ සිදුවුනාට පසුවයි . එයට හේතූව ඔහුගේ අපූරු ලිවිමේ කලාව නිසයි . විශේෂණ බහුල ප්‍රංශ පැදිවල අර්ථය සඟවා තිබෙනවා . කෙසේවෙතත් ඔහුටත් කීපවතාවක් වැරදුනා ? . සමහරක කියූ කාලය වෙනස් උනා වගේම සමහරක් සිද්ධ උනේම නෑ . නද්යා, ' නෝස්ට්‍රඩාමුස් ' 2012 ලෝක විනාශය පිලිබඳව කිසිවක් ප්‍රකාශ කර නෑ . ඔහු කියන ' ලෝක විනාශය ' සිද්ධ වෙන්නේ 3024 දී .

    ReplyDelete
    Replies
    1. 2012 දි ඔහු සම්පූර්ණ විනාශයක් ගැන සඳහන් කරලා නෑ. නමුත් 2015 ට පෙර විශාල විනාශයක් මිනිසා තුළින්ම විය හැකි බව ඔහු කියලා තියෙනවා.

      Delete
  31. මල කෙලියයි,
    තාම බැදගන්නත් බැරි වුනා, ලොකේ විනාස වෙන්න කලින් ඒක වත් කර ගන්න තිබ්බනම් ....
    හොද කරුණු තියන ලිපියක්, සාර්තකයි

    ReplyDelete
  32. ස්තූතියි..

    ReplyDelete
  33. හත් දෙයියනේ!!!!!! දැන් නම් බය හිතෙනවා.

    ReplyDelete
  34. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete
  35. අපිට දැනගන් මේ ලිපිය දාපුඑකට ස්තූතියි................

    ReplyDelete
  36. ස්තූතියි..ස්තූතියි..ස්තූතියි..ස්තූතියි..ස්තූතියි.ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  37. බෙහොම වැදගත්. මොහු පිළිබඳ රූපවාහිනී වාර්තා විශේෂාංගයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

    ReplyDelete
  38. කෝ 2015 මොකුත් වුනේ නෑ නෙ

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.