මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

10/25/12

එන්ගේජ්මන්ට් එකක් ලස්සනට, ලාබෙට, අපිම කරමු.. (පළමු පියවර)

දැන් ඔන්න යාලුවනේ, තීන්දු තීරණ ඔක්කොම අරන්, දෙන්නෙක් විවාහ වෙන්න යනවා කියලා හිතාගෙන අපි ඉතුරු ටික ප්ලෑන් කරන්න පටන් ගමු. සිංහල එවුන්ට කඩ්ඩෙන් කරන ඉන්ටර්නැෂනල් වෙඩිං ප්ලෑන් වලට වඩා, මේ සරල තියරිය ඔයාලාගෙ හිත ගනීවි. අනිවාර්යයෙන්ම. ඒ වාගේම මම කියන්න ඕනෙ, මම මුලින්ම කතා කරන්නෙ බෞද්ධ ආගමේ ප්‍රධාන කර ගත්ත අයගෙ විවාහයක් ගැන. ඒ කියන්නෙ පෝරුව තියෙනවා කියන එක. හරි.. ඔන්න තීන්දුව ගත්තාට පස්සෙ, දෙන්නම ඉස්සල්ලාම යන්න ඕනෙ ගමේ පන්සලට... ගිහින් බුදුන් වැඳලා.. ගමේ පන්සලේ හාමුදුරුවන්ට කියලා පිරිත් නූලකුත් ගැට ගහගෙන වැඩ පටන් ගන්න එක හොඳයි.. පුලුවන් නම්, දළදා මාලිගාවටයි, කැලණියටයි ගිහින් වැඳලා කරලා ආවත් හොඳයි.. බෙල්ලන්විල කලුතර පන්සල් පවා.. බොහොම අනුහස් තියෙන තැන්ලු.. අනුහස කොහොම වුණත්, පටන් ගන්න යන ජීවිතේට ආගමෙන් දහමෙන් ශාන්තියක් ලැබේවා කියලා පතන එක හොඳයි.. 

ඉන් පස්සෙ තියෙන්නෙ නැකත් බලන වැඩේ.. නැකත් කොළ අරන්, ආවාම.. ඒ නැකත් කොළ වල බොහෝ දේ අඩංගු වෙනවා.. එන ගමන්ම, ගමෙන් පිට තැනකින් ඒකෙ පොටෝ කොපි හතරක් වත් ගහගෙන එන්න..(සමහරු ගමේ අය නැකත් කොළය දකිනවාට බයයි.) එකක්, අනෙක් පාර්ශවයට දීලා තියන්න, අනික් ඒවා අරන් තියන්න. නැකත් බලද්දි දෙපැත්තටම විශ්වාස කෙනෙක් ලවා බැලවීම හොඳයි.. ඉතිං

නැකත් කොළේ අඩංගු දේවල්

නීතියෙන් විවාහ වන දින අත්සන් කල යුතු සුබ මොහොත
තෙල් වලං ලිපේ තියෙන මොහොත
නැකත් බුලත් පිලිගන්වන නැකත
පෝරු හදන නැකත
මනමාලිට අන්දන නැකත
මනමාලයා පිටත් වෙන නැකත
පෝරු නංවන නැකත
පෝරුවෙන් බස්සන නැකත
පිටත් වෙන නැකත
දෙවනි දවසෙ මනාලයාගෙ නිවසට එන නැකත

(මම දන්න තරමින් ඔය දේවල් ටික තමයි තියෙන්නෙ.. )

දැන් අපි කලින් පෝස්ටුවෙදි කිව්වානෙ, බෞද්ධ විවාහයකදි පෝරු චාරිත්‍ර සහ අනෙක් දේවල් වලට වලට වැඩි බරක් සහ වෙහෙසක් දැරිය යුතු නිසා, වෙන දවසක විවාහයේ නීතීමය කොටස හෙවත් Engagement  එක ගැනීම හොඳයි කියලා. ඇත්තටම වෙනදාම අඳින ලා රතු සාරිය ඇඳලා, කච්චේරිය බඳින විවාහයක් නෙවෙයිනෙ අද මේ Engagement  එක. ඒකත් උත්සවයක්. 

 Engagement උත්සවය ලස්සනට ගන්න හැටි...

 Engagement  උත්සවයෙදි කෙරෙන්නෙ, කසාදය ලියාපදිංචි කරලා නීතිමය වශයෙන් බඳින එක. මෙතනදි ම තමයි එන්ගේජ්මන්ට් මුද්ද දාන්නෙත්. දන්න තරමින් ඉස්සර ඕක දැම්මෙ කෙල්ලට විතරයි. දැන් නම් දෙන්නම දානවාද මන්දා..හරි.. දැන් මේ දේ සිද්ධ වෙන උත්සවය කොහොමද කෙරෙන්නෙ කියලා අපි ප්ලෑන් කරමු. මම මේ කියන්නෙ, මේකට හුඟක් අය උත්සවයක් ගන්න කැමති නිසයි.. අකමැති කෙනෙක්ට කච්චේරියෙ බැඳලා.. තම තමන්ගෙ ගෙවල් වලට යන්න පුලුවන්. හැම උත්සවයේම ප්‍රමුඛ විලාසිතාව ඉදිරිපත් වෙන්නෙ ගැහැණියගෙන්, පිරිමියා අඳින්නෙ ඊට ගැළපෙන්න. මනමාලයාට ගැළපෙන්න මනමාලි අඳින්නෙ නෑනෙ..දැන් අපි පිළිවෙලින් කතා කරමු..

Engagement උත්සවය සඳහා මනමාලියගෙ ඇඳුම කෙලෙස විය යුතුද?

මේක තීරණය වෙන්නෙ අපිට තියෙන වත්කම අනුව. ඒ වාගෙම අපේ කැමැත්ත අනුව. හැබැයි මතක තියාගන්න, විවාහය තරම් ලස්සනට මෙතනදි අඳින්න එපා.. එදාට අඳින්න දෙයක් නැතිව යයි. මම නම් කියන්නෙ සරල ඇඳුමක් අඳින්න..සාරියක්, ගවුමක් , ඔසරියක්, ඕනෙ දෙයක්. නමුත් වැඩි චිච්චූර්ණ නම් එපා.. මේකප් එක නම් තීරණය වෙන්නෙ එකිනෙකාගෙ මුහුණ අනුව. සමහරුන්ට හෙවී මේකප් දාන්න වෙනවා.. මොකද මුහුණ පැහැපත් නැති නිසා.. මුහුණ පැහැපත් නම් ලයිට් මේකප් එකක් ඇති. ඔය අන්දන තැනකට ගිහින් නෝමර්ල් ඩ්‍රෙසිං එකක් කරන් එන්න. ඒක ඉහටත් උඩිං.. තමන්ට පුලුවන් නම් තමන්ම ඇඳගන්න. වැරදිලාවත් සැලෝන් කාරයාට හෝ කාරියට කියන්න නම් එපා එන්ගේජ්මන්ට් එක කියලා.. මොකද දන්නවාද? ඕකට වෙනම පැකේජ් එකක් දැන් උන් ළඟ තියෙනවා. ඕක ඇඟේ ගහන්න බලයි. ඒත් කිසිම විශේෂත්වයක් නම් නෑ.. කොයි පැකේජ් එකෙත් මේකපු කරන්නෙ එකම මුහුණට.. අනික පැය දෙක තුනකට ලොකු මේකප් එකක් ඕනෙ නෑ.. මල්බොකේ එක ගැන තමා දැන් ප්‍රශ්නයක් එන්නෙ. සමහරු මල් පොකුර ගන්න හරි ආසයි.. සමහරු නම් ආස නෑ... ප්‍රශ්නෙ ආස නැති අය ගැන නෙවෙයි.. ආස අය ගැන. 

ළඟදි වෙඩිං එකක බ්‍රයිස්මේට් කෙනෙක් වුණා නම්? ඒක අරන් තියා ගන්න.. ඒ කිට් එකම වුණත් මේ වැඩේට පට්ට.. අමතර කිසිම වියදමක් නෑනෙ.. ඒත් එහෙම අකමැතියි නම්, ඒ මල් කලඹට හරියන්න සාරිය හෝ ගවුම හෝ ඔසරිය හදාගන්න.. ඒත් ඉතිං මේ කිසිවකට කැමති නැත්නම් ඔබට මල් පොකුරක් නිර්මාණය කරන්නම වෙනවා. ඒක ඉතින් හැකි මට්ටමෙන් කරගන්න. ස්වභාවික මල් නම් ඔබටත් මල් මිටක් හදා ගන්න පුලුවන්. කඩදාසි නම් ඒක ඉගෙන ගත්තොත් තමන්ටම කරන්න පුලුවන්. නැත්තම් කෙනෙක්ට කියලා කරවා ගන්න. ගෙදර තියෙන මල් ටිකක් වුණත් හෝදලා කරලා මේ වැඩේට ගන්න පුලුවන්. කොණ්ඩෙට ගහන මල ඒ මලටම ගැළපුණොත් තමා ලස්සන..ඒකක නෙවී දෙයක් ඔබට කියන්නද? ඔබ ප්‍රෙෂ් මල් ගන්නවා නම් කනත්ත ගාව තියෙනවා ඒවා ලාබෙට.. ඔය මඟුල් මල් ගන්න යන්න එපා.. ඒවා පට්ට ගනං.. මල් ටිකක් ගත්තාම බොකේ එක ඔබටම හදාගන්න පුලුවන් ක්‍රමය මම අද කියනවා. එයින්ම මල් හතරක් පහක් ඔබේ කොණ්ඩෙටත් ගහන්න පුලුවන්.. විදියට කපා ගන්න..හදාගන්න පුලුවන්

මල් පොකුරක් සරලව හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය

මල් ටිකක්, රෝස හෝ ඔබ කැමති වර්ගයකින් දි ග නටුව සහිතව කපා ගන්න.. 
මල් නටු කැපිය හැකි ඔක්තිමත් මුවහත්, කතුරක්
ඔබේ ඔසරියට සාරියට හෝ ගවුමට  හා ඔබ ගන්නා මල් වර්ගයේ පාටට ගැළපෙන රෙදි රිබන්.. යාර 3ක් පමණ (කොළපාට ගත්තා නම් ඉතින් ඕනෙ දේකට ඔට්ටුයි..) 
විශාල හිස තිබෙන අල්පෙනිති කිහිපයක්
පිරිසිදු වාස් එකක්
කාමර උෂ්ණත්වයේ වතුර ලීටරයක් පමණ
Floral Food 
Floral tape
Clear set හරි hairspray එකක් හරි 

දැන් ඔබ සමහරවිට දන්නෙ නැති ඇති, Floral Food  කියන්නෙ මොනාද කියලා.. flower food කියලා ඉල්ලුවාම ඔබට පැකට් වශයෙන් මිලදී ගන්න පුලුවන්. මේ වැඩේට නම් පුංචි පැකට් එකක් ඇති.













Floral tape ගැන බය වෙලාද? අහ් ඒවා රෙදි කඩේකින් හරි මල් කඩේකින් හරි ගන්න පුලුවන්. නම අවුල් වුණාට, නිතර දකින දෙයක්. මේ මල යටින් කොල පාටට තියෙන්නෙ.. 












හරි. හරි.. කඩේ සෙලෝටේප් වගේම තමා.. මේවා විකුණන්නෙත් රෝල් රෝල්.. මේ බලන්න..












හෙයා ස්ප්‍රේ එක පෙන්වන්න ඕනෙ නෑනෙ.. ඒක දන්නවානෙ.. හරි.... මෙන්න හදන විදිහ..

පරිස්සමට අවශ්‍ය මල් ටික තෝරගෙන අඟලක් පමණ නටුව කොට කරගන්න.. ඉන්පස්සෙ වාස් එක අරගෙන එයට කාමර උෂණත්වයේ වතුර ටික දාලා එයට  flower food පැකට්ටුව කලවම් කරලා, මල් ටික එහි තටුව යට අතට හිටින සේ, සාමාන්‍යයෙන් වාස් එකට මල් දානවා වාගෙම දාලා, පැය හතරක් පමණවත් තබන්න.. ඉන්පස්සෙ මල් ටික අරගන්න පිපී ඇති අනු පිළිවෙලට, විශාල මල් මැදටත් කුඩා මල් වටේටත් එන ලෙස ශක්තිමත්ව, Floral tape ආධාරයෙන් ඔතා ගන්න..දැන් ඔබ මල් මිටිය හදාගෙන අවසන්. දැන්, රිබන් පටිය ගෙන අවශ්‍ය ප්‍රමාණයට සියුම්ව, Floral tape එක එතූ කොටස වැසෙන සේ ඔතා ගන්න.. එය ඔතා ගත් පසු, කෙලවරට සපයා ගත් හිස විශාල අල්පෙනිති ගසා ශක්තිමත් කර ගන්න.. (අල්පෙනිති ගසද්දී, මල් නටුවලට වැදී ඉහලට යන ලෙසට ගසන්න. අනෙක් පසින් මුතුවුණොත් අතේ ඇනෙන්න පුලුවන්.) දැන් එක එක ප්‍රමාණයට ඇති දිග නටුව, අවශ්‍ය දිග ඉතුරු කර, නියමිත මිමිමකට අනු කූලව, එකින් එක කපා... සියල්ල සම මට්ටමකට ගේන්න..වැඩි වේලාවක් ප්‍රබෝධමත්ව මල් තබා ගැනීම සඳහා හෙයා ස්ප්‍රේ විදගන්න... 


මේ සරලම විදිහ.. රිබන් වෙනුවට, වෙන දෙයක් භාවිතා කළ හැකියි.. මල් වර්ගෙ වෙනස් කළ හැකියි.. මල් අසුරන ක්‍රමය වෙනස් කළ හැකියි.. ඒ ඔබේ කැමැත්තක්...

අද අන්දන ටික අද කතා කළානෙ... එහෙනං හෙට කතා කරමු, එන්ගේජ්මන්ට් එකට වඩාත්ම සුදුසු කොහෙද? කොහොමද? එතන සරසන්නෙ කියලා... 

21 comments:

  1. ///මනමාලයාට ගැළපෙන්න මනමාලි අඳින්නෙ නෑනෙ///

    හි හි... මට උනේ ඕක බං.... අයියෝ... මතක් වෙනකොටත් හිනා...

    මේ පෝස්ට් ටික එක්ස්ප්‍රස් එකේ එන නිසා මාත් එක්ස්ප්‍රස් එකේම කියෝගෙන ගියා.... හා හා.. ඉතුරු ටිකත් දාමුකෝ...

    ජොලියට වගේ පොඩි කෑල්ලක් කියන්නම්කෝ.

    එන්ගේජ්මන්ට් ගැනිල්ල මට නං ඇල්ලුවේ නෑ... එකපාරම කළා.. අපේ අම්මගෙයි තාත්තාගෙයි කසාදේ රෙජිස්ටර් කරපු එක්කෙනාමයි මටත් අහුඋනේ... ඉතිං පොඩි බෝලයක් බස්සලා එයාගේ වැඩේ ගානට කරගත්තා.. වෙලාවට ඇවිත් වැඩේ කරලා දීලා ගියා.. හි හි...

    මේ පෝස්ට් එක දැක්කමයි මතක් උනේ.. අර විවාහ සහතිකේ කොහෙද දන්නෑ... අත්සන් කරපු වෙලාවේ දැක්කට පස්සේ ඇහැටවත් දැක්කේ නෑ.. අහලා බලන්න ඕනේ කා ගාවද කියලා... හයියෝ.... නැන්දම්මා ඒකත් පෙට්ටගමේ දාගෙනද දන් නෑ.... හි හි....

    ReplyDelete
    Replies
    1. //එන්ගේජ්මන්ට් ගැනිල්ල මට නං ඇල්ලුවේ නෑ... එකපාරම කළා..// ඕව කළාට මෙහෙම කියන්න හොඳඳ

      Delete
    2. ඕක ඉතිං කොහොම කළත් මොකද.... කරන්න හොඳයි.. කියන්න නරකයි... හි හි...

      මං කිව්වේ වෙඩින් එක ගැන.. හනිමුන් එක ගැන නෙවෙයි.... හි හි

      Delete
  2. Please, do not confuse the engagement (when the potential groom asks the girl and her father formally for permission to marry) and the registration ceremony.
    Once the registration is done with or without a wedding, the couple is legally married!

    ReplyDelete
  3. Replies
    1. ඇනෝ හරි... එන්ගේජ්මන්ට් කියන්නේ පිටරටවල අර දණින් වැටිලා ප්‍රපෝස් කරලා, මුද්දක් දාන කේස් එක වගේ එකක්... රෙජිස්ට්‍රේෂන් එක කලාට පස්‌ෙස් වෙන් වෙන්න නම් ඩිවෝස් එකක් ඕනේ වෙනවා... අර මංගල දැන්වීම් වල තියෙන්නේ “නීතියෙන් පමණක් විවාහ වී දික්කසාද උනු” කියලා...

      ( ෂික්.. එතනත් මංගල දැන්වීම් මයි මතක් උනේ.... මේක හරි යන වැඩක් නෙවෙයි... හි හි )

      Delete
  4. ඒක මගෙත් ප්‍රියතම සබ්ජෙක්ට් එකක්!! ඔය පුරුද්ද ආවෙ ඉස්කෝලන්.. අපි බත් ගෙනියන්නෙම ඕවාගෙ.. ඕවා කියවලා මාර ත්‍රිලක් ගන්නෙ..

    ReplyDelete
  5. එන්ගේජ්මන්ට් එකට දවසයි ! වෙඩිමට දවසයි ! දවස් දෙකට වියදම් දෙකක් නෙ ! :)

    ඔය ටික ලාබෙට කලාට එන්ඩ කියන නෑයන්ට සංග්‍රහ කරන්න වෙනම ගානක් යනවා. එතකොට ඔයා කියපු වියදම් ටික අඩු නොකර තිබ්බත් එච්චර ගානක් නැතුව යනවා.

    අනික බටහිර විදිහට එන්ගේජ් එක කරලා මුද්ද පරණ වෙනකන් ඉන්න ඕන යෑ බඳින්ඩ... එක දවසෙන්ම ඔය සේරම කලා නම් ඉවරයි නෙ.

    එන්ගේජ්මන්ට් එකත් වෙඩිම ගන්න දවසේ කලා නම් එන්ගේජ්මන්ට් වියදම බෙල්ල මුලින්ම කපලා දාන්ඩ පුලුවන් !!!


    ඒ අතින් කතෝලික විවාහ නම් ගින්දර ! උන් පල්ලියට යනවා පූජාවක් තියෙනවා. මුදු මාරු කරනවා ! කසාදේ රෙජිස්ටර් කරනවා !

    මේ සේරටම පැය දෙකයි !!!!

    ReplyDelete
  6. ඉන් පස්සෙ දවස ම කනවා... :D.......තවම ලාබෙට ගන්න හැටි කිව්වෙ නෑනෙ බන්. අන්දන හැටි විතරයි කිව්වෙ.. සෝ කලබල නැතිව පස්සෙ අනික් පෝස්ට් එක කියවපිය....:D

    ReplyDelete
    Replies
    1. දුවට තාම තේරිලා නෑ... ලාබෙට උනත් ඇයි එන්ගේජ්මන්ට් එකක් ගන්නේ ?
      එක පාර බඳින්ඩ ලැජ්ජයි ද ? හෙහෙහෙහෙ :)

      Delete
  7. මේ ලිපිය ලියන්නෙ, ගන්න ඕනෙ අයට ලාබෙට ගන්න මිසක්, නොගන්න අයට නොවෙයි... සෝ ඔයාට මේක වැඩක් නෑ... ඒක මම ලිපියෙ කියා තියෙනවා.. කැමති නම් වෙඩිමත් නොගෙන ඉන්න හැකියි... හික් හික්

    ReplyDelete
    Replies
    1. හික්..හික්..හික්... :)

      Delete
  8. ගොඩක් වටින ලිපියක් නෙරංජි !!
    හැබැයි දැන් නම් මට ඔය ලිපියෙන් වැඩක් නෑ... :)

    ReplyDelete
    Replies
    1. වෙලාවක් තිබ්බොත් මගේ ටැංකිය පැත්තෙත් ඇවිදින් යන්ඩ !
      ඒක මට ලොකු උදව්වක් :)

      Delete
  9. ලොල් සහගතයි.. මගුල් ගැනිල්ලත් මල මගුලක් තමයි!

    ReplyDelete
  10. හ්ම් අදමයි ආවේ.වෙනස්ම ආරක් ගත් එකක්
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.