මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/23/12

උෂාන් හෙවත් අන්තිමයා නම් ඔහු


උෂාන්ගේ 23 වන උපන්දිනය නිමිත්තෙන් ඔහුගේ හොඳම මිතුරිය විසින් ලියා ප්‍රස්දිධ කරන ලදි.

දයාබර යාළු/ ගෙම්බා/ඉබ්බා/මැට්ටා/අලයා/යෝධයා/ඩෙරික්/ උෂාන් වෙත,

මීට අවුරුදු පහක් ඉස්සර දි
එදත් අද වගෙ පෙනුණු දවසකදි
නුඹට මතකැයි කියා සිතනවා
අපෙ පුරුදු නෙස්කැෆේ වට රවුම.

උන් බොහෝ අය හදින් දුර ගොස්ය
නමුත් අපි දෙදෙන තවමත් මෙතැන
යන උන්ට හිනැහිහී සිටි අරුම
සංසාරෙ මිතු දමක බල මහිම..

හද සොහෙනේ ගල් පුරා වැඩී ඇති
පාලු මකනට සඳක් අරන් විත්
තබා තනියට ළඟින් දුර නොයා
මෙතක් කල් සිටි අයුරු අපූරුය..

අද වගේ තවත් අවුරුදු හැටක්
උදේ අද විලසින්ම නුඹ වෙතට
රැගෙන එන්නට පුංචි සුබ පැතුම
හැකි වුණොත් නුඹෙ පුංචි යෙහෙළියට

දාමු අපි ටිකක් ලොකු පාටියක්
හදමු අපි උඹ ආස බුල්සායි.
වෙනදා වාගෙම උගුරෙ හිරකරන්
නුඹ දෙඇස් හීන් කර කියාවී.

“කද්දි මම කලබලයි ඒ නමුත්
නුඹයි හැම දේකටම හදිස්සී..

මේ ලොවේ මෙතෙක් කල් පහල වූ
අපූරූම යෙහෙළි මම නොවේදැයි
එවිට මම හිනැහිහී අහද්දි
නුඹ බැරෑරුම් මුවින් කියනවා.

“මැස්සෙක් ගිය උඩ!“

මම යෙහෙළි/ගෙම්බි/ඉබ්බි/යෝධි/මැට්ටි/අලෝ/ගීෂා/නෙරංජි

34 comments:

  1. what a lovely friend. very nice. hat off....

    ReplyDelete
  2. “මැස්සෙක් ගිය උඩ“

    සෝයි යාලුවා.. කාඩ් සේරම කියල නෙව

    ReplyDelete
    Replies
    1. අයියෝ බ්‍රයිඩ් ග්රූම් ..ඔයාට නොකීවෙ මේ නිසයි

      Delete
  3. යාලූවගේ නම් ඔක්කොම කියලා...

    ReplyDelete
  4. “මැස්සෙක් ගිය උඩ!“

    හි හී... ලස්සන කවි පද ටික. මටත් නොදැනී ම චිත්ත රූප මැවුණා.....

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  5. යාලුවට ජීවිතේට අමතක නොවෙන උපන්දිනයක් වේවි මේකනම්..

    ReplyDelete
    Replies
    1. ඕකාට මතක හිටින්නෙ ඔම්ලට් විතරයි....

      Delete
  6. අප්පටසිරි අද මුගේ උපදිනේද?
    ඌට සුභ උපන්දිනයක් වේවා!
    දන්නවද මම ඕකාව අඳුරන්නේ 3 වසරේ ඉඳන්! :D ඇබැයි අපි ඒ කාලේ ඌට කිව්ව නම ඔයාගේ ලිස්ට් එකට වැටිලා නෑ :D

    ReplyDelete
    Replies
    1. හක හක..........බොලා දෙන්නා තෝසෙ යක්කු..මට නොදී ගිලින

      Delete
  7. බොහෝම ස්තූතියි නීනු . මට මේ පාර ලැබුනු හොඳම උපන්දින සුබ පැතුම මෙය යැයි මා සිතමි . බොහෝම පිං .

    අපේ පූසා කිව්ව කතාවත් හරි හැබැයි .

    ReplyDelete
  8. කදිම උපන්දින තෑග්ග නෙරංජි අක්කේ.. (මගේ උපන්දිනේකට කවදාවත් කිසිම යාලුවෙක් තෑග්ගක් දීලා නැහැ මේ වෙනකං)අඩු ගානේ කවියක්වත්...

    ReplyDelete
  9. නෙරංජිට යෙහෙළි කියන කාඩ් එක නම් හොදටම ගැලපෙනවා !
    මම ඒ දවස්වල අහන්නත් හිටියේ යෙහෙළි එකේ හිටියේ ඔයාද කියලා !! හික්ස් :)

    සුබ උපන්දිනයක් මල්ලි !

    ReplyDelete
  10. තව කාඩ් ඉතුරුවෙලා තියෙනවද මූට කියන...නම්බු නාම ඔක්කොම දාලනේ....

    ReplyDelete
    Replies
    1. නෑ........පූසා දන්න තව ඒවා තියේ

      Delete
  11. හිහිහී.. සොඳුරු මිතුදමක වටිනම තෑග්ගක් නොවැ.. :D

    ReplyDelete
    Replies
    1. ඔය කීවාට ...මූට කවිය වටින්නෙ නෑ..බිත්තර ඔම්ලට් තරම්.!

      Delete
  12. අනේ ශෝක්.. මටත් මේ වගේ යාලුවෙක් හිටියනම් කියලා හිතුනා, එත් යාළුවො ගොඩාක් ඉන්නවා. අනේ අම්මපා එකෙක් කවියක් හදලා නැහැනේ,, :/

    ReplyDelete
    Replies
    1. උෂාන් ගැන නම් ඕනෙ පදම් කවි ලීව හැකි!!!...මගේ හැම ගොරපොචොක් ක්‍රියාවක්ම පිටුපස ඉන්නෙ උෂාන්!!! කොටින්ම තාරක අයියාට මාව සෙට් කළෙත් උෂාන්( වක්‍රාකාරව හිතුවොත්)

      Delete
  13. හික් හික් හික් මෑස්සෙක් ගිය උඩ ... එල එල

    ReplyDelete
  14. යාළුවව හොදට අමතල තියෙන්නේ...කෝ යාළුවත් මෙතනට ආවා නම් තමයි මරු.

    ReplyDelete
  15. Onna me mamath awith inne me ..... aiyooo welawata anith card tika danne na .... Ooopz

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.