මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/21/12

හදවතේ කමෙන්ට් එක සොයා| සිතෙහි ඇලවෙන ඇඩ්



අද ලිපියක් ලියන බවට මම පොරොන්දු වුණානෙ. ඒ පොරොන්දුව තමයි මේ ඉටු කරන්නෙ. අද මම කතා කරන්නෙ පොදු ජන හිත සුව පිණිස කොහොමද මේ ප්‍රචාරක දැන්වීම් කලාව භාවිතා කරන්නෙ කියලා.නොයෙක් රටවල් ගැන කළ අධ්‍යනයකින් පසු ,මගේ රසයටදැනෙන පරිදී ජනතා මනස ක්ෂණිකව වැරෙන් ස්පර්ශ කර, නමුත් සියවසක් සිතන්නට දේ එකතු කරන ප්‍රචාරක දැන්වීම් කලාවක්
ඉන්දියාවෙ තියෙනවා. ඇත්තටම මම එම දැන්වීම් වලට බොහෝම ඉරිසියයි.

ඉන්දියාව අද ජනගහණයෙන් වැඩි නිසා සංවර්ධනය වියයුතු මට්ටමක හිටියත් සියලු ක්ෂේත්‍ර අතින් ඉහල තැනක ඉන්නෙ පොදු ජනතාව නිතර නිතර අදීන කරවමින් පිබිදිය යුතුය යන හැඟුමෙන් අවදි කරන පුදුම ජාති වාත්සල්‍යකින් යුතු ප්‍රචාරක දැන්වීම් පට නිසාදෝ කියලා මට හැඟෙනවා.

මේ ප්‍රචාරක පට කොටින්ම කෙටි සිතුවම් පටකට වඩා ප්‍රබලයි.




පාරේ ගසක්, කඩා වැටිලා.. පොලීසිය නිදි.මන්ත්‍රී වාහනයක් ගෙන්වා ගසට උඩින් පැන පාර්ලිමේන්තුවට. දැන් මහ වැස්සක්. සියල්ලෝ තම තම වැඩ වල. කුඩා දරුවා පාසල් බෑගය පසෙක දමා තනිව ගස ඉවත් කිරීමේ ප්‍රයත්නයක. නායකයෙකු ලැබූ කුඩා දරුවෝ ඔහු ගේ සහයට. දැන් වැඩිහිටියන්ට බලා සිටිය හැකිද? නැත. සියල්ලෝම එක්වෙති. ගස පෙරලති. කුඩා දරුවා වටා කෙතරම් ජනකායක් එක්වන බව ඔබට හැඟුනාද? ඒ එක් වූයේ කුඩා දරුවා වටා නොව
පොදු හිත සුව පිණිස පෙර ගමන් කරන්නා වූ පුරෝගාමියා පසු පස නොවේද? මෙය වෙළඳ දැන්වීමක් නොවේ. ඉන්දියා ටයිම්ස් පුවත් පත පුරෝගාමීන් සොයනා ඉන්දියාවට එරෙහි ඉන්දියාව යන වැඩසටහනේ පෙර දැනුම් පටයක්.. එය රියැලිටි වැඩසටහනක්. අපි ගීත රියැලිටි ටිකක් බදන්
හිටියාට ඔවුන් අපිව දමලා දුර ගිහින්. අපි ගන්නෙ නරක විතරයි. ඇයි මේ වගේ පෙරටුගාමී අදහස් අපි නොගන්නෙ.

කොපි කරන්න නම් කවදාවත්ම ඕනෙ නෑ. මීට වඩා හොඳ නිමිති සිය දහසක් මේ පොළවෙ තියනවා.. ඔබගෙ ඇස් මේ දැන්වීමටත් යොමු කරනවා. එය ත් හැදුවෙ ඉන්දියාවෙ

  


මේ  දැන්වීම හදවතින්ම බැලුවා නම් ඔබට බොහෝ දේ සිතේවි... ඒවා වෙළඳ දැන්වීම් නොවන වගත් ඔබට හැඟේවි. ලංකාවේ මීට වඩා වෙනස් කෝණයකින් ඉතාම සංවේදී ප්‍රචාරක පටයක් මෙම තේමාව ඔස්සේම නිර්මාණය කළා. අන්ධ බව කියන්නෙ අද ටෙලි නාට්‍ය තුළ බොහොම විකිණෙන දෙයක්.නමුත් ඒ දෙස අපි බලන්න ඕනෙ ධනාත්මකව.

අන්ධ අයට තමන්ගෙම ජීවිතයක් දකින්න ඇස් දෙන විදිහට අනෙක් අයගෙ හිත හදන්න අපට ප්‍රචාරක පටයකින් පුළුවන් නම් හරිම අගෙයි නේද? බලන්න. ඔබට හිතෙන දේ.මම මුකුත් නොකියන්නෙ ඔබට හිතන්න දෙයක් ඉතිරි කරන්න. ලංකාව කියන රටට යමක් කළ හැකි වග පෙන්වන්න. මෙය කොපියක් නෙවෙයි. පෙර පටයෙ අභාසය දැනුණත් ඒ ගැන තැකීමක් කළ යුතු නෑ. මේ වෙනස් කතාවක් නිසා.

මේ ඉහත අපි බලපු ලංකාවෙ වෙළඳ දැන්වීමෙන් පස්සෙ ඉන්දියාවෙ ව්‍යාප්තිවාදයට ඔබ අකමැති වුණත් දැනුවත් වීම උදෙසාම මේ දැන්වීම් බලන්න කියලා කියන්න සිද්ධ වෙනවා. මේ දැන්වීම් වල තියෙන ජවය අපේ රටට ආදේශ කරගෙන මීට වඩා හොඳ නිර්මාණ කරන්න පුළුවන්.අපි හැමදාම එකතැන පල්වෙන ජාතියක් වීම සිදුවීමට අපේ මාධ්‍ය භාවිතය වග කිව යුතු වග ඔබට දැන් හැඟෙනවා නේද?


ඔබට හැකි නම් මේ ලින්ක් ඔස්සේ යන්න... මම තවත් විග්‍රහ නොකර ඉන්නම් ඒ ගැන . බලන්න වෙන රටක දෙයක් වුණත් ඔබට මේ අනුසාරයෙන් අපේ රට ගැන හිතන්න පුළුවන්. මේ  දැන්වීම එහෙම පිටින්ම වගේ 2011 වසරෙ නිදහසේදී අපේ රට කොපි කලා.දවස් දෙකක් වත්  එය ප්‍රචාරය වුණේ නෑ.අපරාදෙ ඒ වෙනුවෙන් වියදම් කළ මුදල්. අනුකරණය නොකර වටනා යමක් කරන්න තිබ්බා කියන දේත් මෙය නරඹන්න ඔබට ලින්ක් එක දෙන ගමන් නිර්මාණකරුවන්ට සිහිගන්වනවා.

මෙන්න ඉන්දියාවේ ඔරිජිනල් නිර්මාණය   මට ලංකාවෙ කොපිය හොයාගන්න බැරිවුණා. මං හිතන්නෙ එය යූටියුබ් දමලාවත් නැහැ.

අපි යූටියුබ් ගියත් බහුතරයක් වෙලාට බලන්නෙ අනවශ්‍ය දේ. මේ වගේ බුද්ධියට දැනුමට එක්වෙන අල්ත් යමක් හැමවෙලේම බලන්න අපි පුරුදු වෙන්න ඕනෙ.මම හිතන්නෙ මම ඒ කියපු දේ හරි.

හෙට ඔබට තවත් අලුත් දෙයක් මේ ඔස්සේම දෙන්නම... දුන්න පිටු වලට ගියාම පසෙක තියෙන වීඩියෝ අතුරින් තවත් හොඳ ප්‍රචාරක දැන්වීම් ඔබට හමුවේවි.ඒවාත් නරඹන්න.ඔබ මෙතන දමන කමෙන්ට් එක නෙවී වැදගත් හදවතට ඔබ දමාගන්න කමෙන්ට් එක..

නව නිර්මාණකරුවන් බිහි කරන්න ලංකාවට ඕනෙ වෙලාවක්.. පොදු ජන හිත සුව පිණිස ජන මතය ගොඩනංන්න දැන්වීම් කලාවක් පටන්ගන්න පුරෝගාමීන් වෙන්න ඕනෙ..නව පරපුරෙ අපි. ඔබ ලෑස්තිද?

18 comments:

  1. සෑහෙන්න වටිනා උත්සහයක්. ඇත්තටම නිර්මාණ සාර්ථක වෙන්න චින්තනය තමා හැදෙන්න ඕන.. ලංකාවේ කරන්නෙ වැඩි හරිය කොපි කිරීමේ කලාව තමා. ඒකවත් සාර්ථක කරගන්න ඒ අයට බැහැ.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි තාරක අයියෙ

      Delete
  2. ධනාත්මක චින්තනයෙන් පෙරටම
    සෑහෙන්න ලොකු පනිවිඩයක් දිලා

    ReplyDelete
    Replies
    1. ධනාත්මකව හිතන එක ඇගයුවාට ස්තූතියි.

      Delete
  3. මම ගොඩක් ආස කරපු ඇඩ් එකක් තමයි අර පුංච් ගෑණු ළමයෙක් පාරේ වයලීන් ගහන මනුස්සයෙක්ගෙන් සංගීතය ඉගෙන ගන්න එක.. ඒත් ඒ ඇඩ් එකනම් සන්සිල්ක් ඇඩ් එකක් උනත් අන්තිම මොහොත වෙනකන් ඒක දැනෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ලෝකෙ ඕනෙතරම් ලස්සන ඇඩ් තියෙනවා

      Delete
  4. ඇත්තටම මේ වගේ දැන්වීම් කලාවක් ලංකාවටත් දැන් අවශය කරනවා.

    ReplyDelete
  5. ඉන්දියාවෙ ඇඩ් වල ඇත්තටම හොද නිර්මානශීලි ගතියක් තියෙනවා.ඒකටත් එක්ක අපේ ඒවා..... :(((

    සමහර ඒවා දැක්කාම අනේ අපොයි කියවෙනවා...

    ReplyDelete
    Replies
    1. කොහොමද රොසෙල් ඇඩ් එක? ආසායි නේද?

      Delete
  6. අර උතුරු වසන්තය ඇඩ් එකත් සංවේදී නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ඔව් අපි ලංකාවෙ ඒවා ගැන දවසක කතා කරමු

      Delete
  7. වීඩියෝ බලන්න තරම් මගේ කනෙක්ශන් එක ස්පීඩ් නම්......

    ReplyDelete
    Replies
    1. මම සතුටු වෙන්නම්...මින් පස්සෙ මධු අයියාට ප්‍රේම් බය් ප්‍රේම් එවන්නම්කො

      Delete
  8. අපේ නම් මොකක්ද ? කෙල්ලෙක් ඇගෙ සබන් කැලි උලන එව්වයි.. බංඩිය චන්ඩි කරන එව්වයී.. ඔව්වානෙ.. ඒ අතින් මේක සිරා.. හැබැයි ඉන්දියාවෙත් ඔය ගොන් ඇඩ් නැතුවම නෙවෙ..!!

    ReplyDelete
  9. ගොං ඇඩ් හින්දම තමයි මම ටීවී බලන එන නැත්තටම නැතිවෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මම නම් අවශ්‍ය එකක් විතරක් ජංජාලෙන් නරඹනවා..

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.