මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/14/12

ප්‍රේමය නම් කිමැයි කියා




අද පෙබරවාරි 14 වෙනිදා.ආදරවන්තයින්ගේ දවස. අපි ආදරය කරන්න දන්නවාද? අපි ඒ ගැන කල්පනා කරන්න ඕනෙ.අපි ආදරය කියන්නෙ මොකටද? එය කායික බැඳීමක්ද? ආධ්‍යාත්මික බැඳීමක්ද? කායික බැඳීමකින් විනිර්මුක්ත අධ්‍යාත්මික බැඳීම් වල ප්‍රේමවන්තයන් සිටිද?අධ්‍යාත්මික බැඳීම් වලින් විනිර්මුක්ත කායික බැඳීම් තුළ ප්‍රේමය ගොඩ නැගේද?

මම සොයා ගත් කරුණු අනුව ආදරය නම් සොබාදහම විසින් වාර්ගික ප්‍රජනනය උදෙසා නිර්මාණය කළ ලිංගික කර්තව්‍යන් සඳහා පොළඹවා ගැනීමට කෙරෙන අන්‍යෝන්‍ය ආකර්ෂණයකි.සියලු සත්වයන් අතර ආදරය පවතී.නමුත් අවශ්‍ය සිද්ධියෙන් අනතුරුව එම ආදරය දිගුකාලීනව පවත්වා ගැනීමට තරම් මානසික ශක්තියක් සෙසු සත්වයින්ට නැත.

බුදුරජාණන් වහන්සේ ට අනුව බුද්ධ භාෂිතයට  ළඟාවිය හැකි එකම සත්වයා වූ හෙයින්ද, බයිබලයට අනුව උප්පත්ති කතාවේදී දෙවියන් වහන්සේ විසින් දේව ස්වරූපය දී මවන ලද්දා වූ සියල්ලේ භාරකාර අපූර්ව සත්වයා  වූ හෙයින්ද, අද දින විද්‍යාව නිර්මාණය කර එයින් තම වර්ගය පිළිබඳව කළ පරීක්ෂණ අනුව ලද්දා වූ නිගමන තුළින්ද,මානසික ශක්තියෙන් පිරිපුන්ම සත්වයා.එනම් මනසින් උසස් සත්වයා මිනිසාය.

දිගුකාලීනව මතකය පවත්වා ගැනීමට ඇති හැකියාව හා සාමූහික ජීවනය ට පුරුදු වීම තුළින් වෙනත් සත්වයින්ගේ ප්‍රධාන ම අංගය වූ ආහාර ගැනීම හා ලිංගික ක්‍රියාවලිය මිනිසාට අනු අංග පමණක් විය. පරිණාමය අනුව ලිංගිකත්වයට සංස්කෘතික මුහුණුවරක් ලබා දීම හා අධ්‍යාත්මික හැඩයක් ලබා දීම නිසා, ආදරය බිහිවන්නට ඇතැයි සිතිය හැක. එය සිදුවුනේ  හෝමෝ නියැන්ඩතාර් යුගයේ විය හැකියැයි අනුමාන කළ හැක..

කෙසේ නමුත් ආදරය පුදුමාකාරය. එය නොපෙනෙන දෙවියන්ගෙන් ලැබුණු මානසික තිළිණයක් විය හැකිය.එය ඉතා ප්‍රිය ජනක බව ඔබ දන්නවා ඇත. ආදරය සාහිත්‍යට හේතු භූත වූයේ..නාට්‍යකරණයට  ලක්වූයේ සියවස් ගණනකට එපිට සිටය. ආදරය ගැන ලංකා සිනමාවේ ලියවුණු වටිනාම ගී කිහිපයක්..ඔබට තිළිණ කරන්නේ මේ ආදරවන්තයින්ගේ දිනය ට සුභාවිත රසවින්දනයක්ද එක් කරනු කැමැත්තෙනි. විචාරයක් නොව රසවින්දනයක්ම පමණි.








24 comments:

  1. මිනිසා හා අනෙක් සත්වයන් අතර ප්‍රධාන වෙනසක් වන්නේ...සවැනි ඉන්ද්‍රිය අනෙකුත් පංචේන්ද්‍රියන් පාලනයෙන් හැසිරවීමට හැකි වීමයි...මේ අම්මාය මේ තාත්තය සහෝදරයන්ය ලෙස හදුනාගෙන තම හැගීම් පාලනය කරගැනීමට හැකියාවක් ලැබී ඇත්තේ මේ නිසාය...සැබවින්ම මේ සංඥයමයට ආගම දහම මහගු මග පෙන්වීමක් කරයි.
    ඒ අනුව මිනිසා යනු හුදු කාමුකත්වය හඹා යන සත්වයෙකු නොවන බවත්,ආදරය යනු එහි අතුරුඵලයක්ම නොවන බවත් සඳහන් කරමි........

    ReplyDelete
  2. ඔබේ රසය බෙදා ගත්තාට බොහෝම ස්තූතියි!!!!

    ReplyDelete
  3. අඩේ අද වැලන්ටයින් දිනය නේ !!!

    ReplyDelete
  4. සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා!!
    හොද සිංදු ටිකක් නෙව

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ඒවා ඇහුවෙ නැති වග

      Delete
  5. ගීතයන්ට කලින් ඇති පෙර කථනය අනර්ගයි..,
    වෙනස් ඊටත් වඩා එය වඩා විස්තර සහිතව ලියන්නට හැකිනම් ඉතා අගෙයි..,
    ජය!
    සතුට පිරි ආදරවන්තයින්ගේ දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. අසනීපෙන් අයියෙ ඉන්නෙ.. ලොකු විස්තරයක් පසුව ලියන්ටම වෙන වග වත් පොතේ ප්‍රතිචාර වලින්ද හැඟෙනවා...අපි “සත්‍ය“ පිළිගන්න අකමැතිද මන්දා!! කොහොම නමුත් විග්‍රහයක් කරන්නම් පසුදවසක.දිනය ගැන හිතලයි හදිසියෙම දැම්මෙ.එය වරදක්!!

      ඔබට ජය!

      Delete
  6. ලස්ස්නම සිංදු ටිකක්.. ඔතනින් මම වැඩියෙන් කැමති "හෙමින් සැරේ පියා විදා" කියන සිංදුවට.. ආදරේ ගැන කියපු කරුණු වලට එකගයි..

    ReplyDelete
    Replies
    1. මමත් ඒ ගීයට කැමති! අසම්මත හා සම්මත කියන ආදර වර්ග දෙක මැද තියෙන අමුතු ස්වරූපයක් එහි සංගීතයේ මම දකිනවා.ඒ වගේම පද වල

      Delete
  7. ආදරය ගැන මගේ මතයනම් බොහොම සරලයි
    ආදරය = විශ්වාසය
    සුභ ආදරවන්තයින්ගේ දියනක්!

    ReplyDelete
    Replies
    1. ආදරය හා විශ්වාසය (සමාන්තර අක්ෂ වුණත් කවදාවත් ක්‍රොස් වෙන්නෙ නෑ..විශ්වාසයක් නැතත් ආදරය කළ හැකියි.

      Delete
  8. ආදරණීය ආදරවන්තයින්ගේ දිනයක් වේවා!

    ReplyDelete
  9. දාලා තියන සින්දු ටිකට මන් පට්ට ලයික්.....
    එක දවසක් නෙමේ හැමදාම ඔය දෙන්නාට ආදරෙන් ඉන්න ලැබේවායි පතනවා......

    ReplyDelete
  10. ලස්සන සින්දු ටික නංගි...
    ඒත් දැන් දැන් මනස පහත් වේගෙන එනවා වගේ නේද??

    ReplyDelete
  11. ලස්සන සිංදු ටික අක්කෙ..මම කැමති සිංදු ටිකක්කාදරවන්තයින්ගෙ දිනේනම් ඊයෙ..හිතනවා අක්කට සුභ දවසක් ව්එන්න ඇති කියලා ඊයේ!! ජය වේවා

    ReplyDelete
  12. //පරිණාමය අනුව ලිංගිකත්වයට සංස්කෘතික මුහුණුවරක් ලබා දීම හා අධ්‍යාත්මික හැඩයක් ලබා දීම නිසා, ආදරය බිහිවන්නට ඇතැයි සිතිය හැක// මේකටනම් සම්පුර්ණයෙන්ම එකගයි දරුවෝ.

    නමුත් ආදරය කායික බැඳීමක්ද?ආධ්‍යාත්මික බැඳීමක්ද? කියන එක තීරණය වෙන්නේ එකිනෙකාගේ ආකල්ප අනුවය කියන එකයි මගේ අදහස.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.