මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/12/12

කවියක් ද මන්දා නයනා!!

 
 
ජපානේ ඉඳලා
යන්නට මෙහෙ ආ
නොරිකො සං ලා
සරසවිය අල්ලලා
බොහෝ කල් වෙනවා..නයනා

අපි තාම එක වසරෙ
පාස් නොවු විභාගෙක
ගැලවෙන්ට නොහැකි ලෙස
හිර වෙලා කියලා
සාමා මට කිව්වා....

පස්සෙ අවුරුද්දේ
අලුත් පොත් වල යටවී
කඩල ගොටු අස්සේ
මම හෙළු කඳුලැල්
අනේ ඔබ දුටුවාද මන්දා

උසම අත්තට නැගලා
මම කඩා දුන් සල් මල
තවම නුඹෙ සුරෙතේ
තියෙනවද කියලා
එක වරක් කියපන් නයනා..

18 comments:

  1. නයනා අමර කමල් !!!
    අපේ ලෝකේ වීරවරයෝ/වීරවරියෝ !!

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ අය ගොඩක් අයට අමතකයි.. අයියෙ

      Delete
  2. උහුලන්න බැරි තරම්
    දුක් ගැහැට දළුලද්දි
    උණු කඳුළු වැහි පොදේ හංඟා
    හිතුවෙ නැති වෙලාවක
    කොග්ගලත් නිල් අහස හැඬුවා

    බිඳුණු උළු කැට මැදින්
    වෑස්සෙන වැහි බිංඳු
    තිස්සගේ පන් පැඳුරෙ වැටිලා
    වෙනද වාගෙම අදත්
    නුඹෙ හිතේ බිඳුණු තැන්
    හොඳටෝම තෙමනවද නන්දා ?

    අතීතයෙ පිහි තුඩ'ග
    පපුව මැද ඇමිණෙද්දි
    හෙණ හඬක ගැඹුරින් ම රන්දා
    මම නගපු විලාපය
    හිරි ගලේ දෙවොලටත් ඇහුණා

    අවසාන පණ කෙන්ඳ
    වාට්ටුවෙ ඇඳ උඩදි
    නික්මෙන්න පොර බඳපු හින්දා
    පියවෙනා ඇස් අතර
    නුඹෙ නමට පවරාපු
    හීනයක් ඉතිරි වී තිබුණා

    ජීවිතේ පුරාවට
    මැරි මැරී ඉපදිලා
    මටත් දැන් පුරුදු ඇති හින්දා
    මගේ තුන් හිතකවත්
    අමනාප නැති බවත්
    පියල්ටත් කියාපන් නන්දා .

    මහේෂ් මධුරංග

    මට මේ කවිය මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. මේ කවිය ට වඩා මහේෂ්ගේ කවිය බොහෝ හැඩයි..නිර්නාමික මිතුරු.!!

      Delete
  3. එදා අපිට ඒ උගන්නපු ජීවන දර්ශනය,මිනිසෙකුගෙන් දෙන්නට පුළුවන් අව්‍යාජත්වය .....අද කොහොමෙය් උගන්නන්නේ ???????
    Dept.of EDU...,NIE....----suks,carry on people,let them enjoy the new syllabi with hate and anger...with sex and fun....without humanity...

    ReplyDelete
    Replies
    1. ඔබත් නැවතිල්ලෙ හිතුවාම
      කිව් දේ හරි කියා හිතුණා

      Delete
  4. අතීතයට යනවද , වර්තමානයේ නවතිනවද, අනාගතයට යනවද,
    හිතාගන්න බැරිව හිත මොහොතක් නතර උනා.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම මොහොතක් නතර වෙන්න ඕනෙ..

      Delete
  5. ඇත්තටම දැං ඉස්කෝල වල ඒ කාලේ අපිට උගන්නපු මේ සුන්දර පාඩම් උගන්නනවද?

    ReplyDelete
    Replies
    1. එකේ පොත ගැන දන්නෙ නම් නෑ..

      Delete
  6. හම්.....අපි පොඩිකාලේ ගතකරපු සුන්දර ළමාවිය දැන් ඉන්න පොඩි දරුවන්ට ලැබෙන්නේ නැ.....

    ReplyDelete
    Replies
    1. කාලය මැව් වෙනසක අරුමේ කියන්නෙ ඒකයි

      Delete
  7. සුන්දර මතකයන් අලුත් වුනා මේක දැකල....:)

    ReplyDelete
  8. කාලය මැව් වෙනසක අරුමේ..)

    දෙනෙතින් ඈත්වෙද්දි හිතිනුත් ඈත්වෙනව කියනවනේ..
    ඒක වෙන්න ඇති හේතුව,

    ReplyDelete
    Replies
    1. මාවත් නිතර නොදකින නිසා අමතක වෙලා යාවිද මන්දා

      Delete
  9. අමර නයනා...
    අතීතෙට මාව එක්කන් ගියා

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.