මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/10/12

විස්ස විද්‍යාලං බාසං අති අලංකාරං


දැන් ගොඩක් ගංගිලා මල්ලිලා කැම්පස් යන්න බලන් ඇති. මේ ලිපිය ඒ අය ඇතුළු කියවන්ව කැමති අනෙක් අයට.
එදා මෙදා තුර මානවයා සත්වයා අනෙක් සතුන්ගෙන් වෙනස් බවට පත්  වීමටත්, අසීමාන්තික විශිෂ්ටත්වයට පත්වීමටත් මූලිකම  හේතුව මානවයා සතුව තිබෙන භාෂා හැකියාව බව ඔබට මම මීට කලින් දවසක අපේ හෝඩිය ගැන කතා කරද්දි කීවා. ඒ අනුව මානව සංස්කෘතියේ මූලිකාංගය වන්නේ භාෂාව බව ඔබ පිළිගන්නවා කියලා සිතනවා. සොබා දහමින් ලැබුනු දේට පටහැනි ව මිනිසා විසින් එකතු කරන ලද,වෙනස් කරන ලද, භෞතික ආධ්‍යාත්මික දේවල් වලට තමයි අපි ලෝක සමස්තයක් කියලා කියන්නෙ. ඉතින් මේ මහා සංස්කෘතිය යටතේ යම් යම් උප සංස්කෘතින් දක්නට ලැබන වග ඔබ දන්නවා කියලා හිතනවා.අහලා හරි ඇති..

ඔබ නොදන්නවා නම්, උප සංස්කෘතියක් කියලා කියන්නෙ පොදු සංස්කෘතිය තුළ තිබෙන යම් අංග පිළිගන්නා අතරේ දී ම එයින් ඉතාම පැහැදිලි ව වෙනස් වෙච්චි සිරිත් විරිත් තවත් පැහැදිළි කළොත් නොයෙක් සම්ප‍්‍රදායන්ගෙන් යුක්ත වෙච්ච ජන කණ්ඩායමක හැසිරීම් රටාව”
 
ප්‍රදේශය, භූගෝලීය තත්වය, තමන් යෙදනෙ රැකියාව, වයස, ජනවාර්ගිකත්වය, දැනුම වගේ සමාජ කාරණා මත මෙම උපසංස්කෘතීන්  ඇතිවෙනවා. මෙම උප සංස්කෘති යටතේ ස්වභාවයෙන්ම උප භාෂාවකුත් ඇතිවේ. 

ප‍්‍රාදේශීය විවිධතාව අනුව සෑදෙන උප සංස්කෘතීන් වල ඒ ඒ ප්‍ර‍දේශයට ආවේණික උප භාෂාවක් තියෙනවා. 
මාතර  දිගාමඩුළු,මොනරාගල,බස්නාහිර,නුවර බස් වහර ඔබට දැනටමත් දන්න  හොඳ උදාහරණ සපයාවි.එයත් ඔබේ මතකයේ තබාගෙනම මෙම ලිපිය ඉදිරියට අපි කියවමු.

මේ ආකාරයෙන් ප්‍රසිද්ධ උප සංස්කෘති තියෙනවා.
 
  • විශ්ව විද්‍යාල උප සංස්කෘතිය
  • භික්ෂු උප සංස්කෘතිය
  • යාචක උප සංස්කෘතිය
  • රොඩී උප සංස්කෘතිය
  • බන්ධනාගාර උප සංස්කෘතිය
  • ත‍්‍රීරෝද රථ රියදුරු උප සංස්කෘතිය

ආදී උප සංස්කෘතීන් බොහෝමයක් අපට දැකිය හැක. 

විශ්ව විද්‍යාලය හා ඒ තුළ වෙසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝද බාහිර ලෝකයෙන් වෙන් වූ උප සංස්කෘතියකට අයත් පිරිසක් ලෙස ඒකරාශි වී ඉන්නවා. විශ්ව විද්‍යාලය ගත් කල එහි භාෂා විලාසය හා සිරිත් විරිත් සෙසු තැන්වලට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. අපේ රටේ විශ්ව විද්‍යාල උප සංස්කෘතිය නම් සමාජයේ වැඩි දෙනාගේ අවධානයට ලක් වූවක්

 මහා සංස්කෘතියෙන් වෙනස් වූ උප සංස්කෘතියක් ඇතිවීම කෙරේ බලපාන හේතු කිහිපය විශ්ව විද්‍යාල අනෙක් ඉහත කියපු උපසංස්කෘතීන් වලට වඩා බොහෝ සෙයින් සම්පූර්ණ කරලා කියෙනවා..
  •  බාහිර සමාජයෙන් වෙන් ව පැවතීම.
  • එකම භූමියක වාසය කිරීම.
  • එකම වයස් පරාසයක පිරිසක් වීම.
  • සමාන අධ්‍යාපන සුදුසුකම් ලැබූ පිරිසක් වීම.
  • සමාන කාර්යයන් හී නියැලීම.
  • සමාන ගැටළු වලට මුහණ දීම.

විශ්ව විද්‍යාලය තුල තියෙන්නෙ පරිමිත භාෂා ව්‍යවහාරයකි.එනම් සමාජයේ විශේෂ වූ කාර්යයන් කීපයක් සඳහා පමණක් යෙදෙන්නකි.බොහෝවිට ප‍්‍රාදේශීය විවිධත්වය ආරක්ෂා වීමටත්,බාහිර සමාජයෙන් වෙන්වීමේ තද අවශ්‍යතාවත් මේ සිසුන්ට තිබෙන නිසාත් මෙම විශ්ව විද්‍යාල භාෂාව ඇතිවී තිබෙන බව පැහැදිළියි..

ඒ අනුව විශ්ව විද්‍යාල තුළ ව්‍යවහාර වන භාෂාව පිළිබඳ කතා කරද්දී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට ම ඇතැම් වචන පොදු වෙනවා. සමහර වචන විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට වෙනස් වෙනවා.

පුද්ගල නාම

  • උප කුලපති - වීසී , වීසි කාරයා, වී සී මහප්පා
  • මහාචාර්යවරයා - ප්‍රොෆා
  • දේශකයා - ලෙචා
  • ක‍්‍රෑමා - නිතරම පාඩම් කරන්නා 
  • කොක්ක - පෙම්වතා හෝ පෙම්වතිය
  • ෆ්‍රෙෂාලා හා ෆ්‍රෙෂීලා-විශ්ව විද්‍යාලයට අලූතින් පැමිණෙන්නෝ 
  • බැචා හෝ බැචී-තමන්ගේ වසරේ සිටින සිසුවා හෝ සිසුවිය 
  • රූමා -  බෝඩිමේ හෝ නේවාසිකාගාරයේ තමා සමඟ එක කාමරයේ සිටින්නා
  • ආටා හා ආටී - කලා පීඨයේ සිටින්නන් 
  •  ඉංජා හා ඉංජී- ඉන්ජිනේරු පීඨයේ සිටින්නන්  
  • මෙඩ්ඩා හා මෙඩ්ඩී - වෛද්‍ය පීඨයේ සිටින්නන් 
  • ඩොකා හා ඩොකී- වෛද්‍යවරු  
  • සයනා හා සයනී- විද්‍යා පීඨයේ සිටින අය 
  • ඩෙන්ටා හා ඩෙන්ටී- දන්ත වෛද්‍ය පීඨයේ සිටින්නේ 
  • බැජ් ටොප්- විභාගයෙන් ඉහළින්ම සමත් වන පුද්ගලයා

ක්‍රෑම යනු පොදුවේ පාඩම් කිරීමට භාවිතා වන වචනය වේ

කැලණිය විශ්ව විද්‍යාලයේ ක‍්‍රෑම වර්ග 5ක් තිබෙන වග එහි අය පවසති.
 
  • ජංගම ක‍්‍රෑම - ඇවිදිමින් එක් තැනක නොසිට පාඩම් කිරීම
  • බොග ක‍්‍රෑම - වැසිකිලියට වී පාඩම් කිරීම
  • ජංගල් ක‍්‍රෑම - එළිමහනේ ගස් යටට වී පාඩම් කිරීම
  • ගරිල්ලා ක‍්‍රෑම - අන් අයගේ සටහන් සොරකම් කර පාඩම් කිරීම
  • මෙන්ඩිස් ක‍්‍රෑම - ආත්මාර්ථකාමී ලෙස අන් අයට උදව් නොකරමින් පාඩම් කිරීම   


පේරාදෙනිය සරසවියේ එක් එක් විෂයන්ටද නම් පවතී 
  • සමාජ විද්‍යාව - සමාජ රෝග.
  • මනෝ විද්‍යාව - පිස්සු විද්‍යාව.
  • දේශපාලන විද්‍යාව - බෙල්ල කැපීම.
  • ගණිතය - මීටර් අවුල් කිරීම.
  • ඉංග‍්‍රීසි - කඞ්ඩ.
  • දර්ශනය - පිස්සු දැක්ම.
  • ආර්ථික විද්‍යාව - හූරන් කෑම.

කුප්පි දානවා- විභාග ආසන්නයේදී දක්ෂ සිසුන් අනෙක් සිසුන්ට කරුණු කියාදීම
ගිරවා දානවා - කටපාඩම් කිරීම
මීටරය -සහජ දක්ෂතා මත විභාග පාස් වන්නන්
මෝටරය- කටපාඩම් කර විභාග සමත් වන්නන්
ඇණ ගැනීම - විභාගය අසමත් වීම හෝ පෙම්වතා පෙම්වතිය අතහැරීම
රිපීට් වීම - ඊ ළඟ වසරේ නැවත ලිවීමට සිදු වීම

මේ සියල්ල ඉතා සරලව මෙන්ම නිරන්තරයෙන් ම විශ්ව විද්‍යාල තුළ සිසුවෝ දැන ගත යුතු කාරණා ලස හැඳින්වේ . මේ වා නොදැන ගැනීමද විද්‍යාලය තුළ අපහසුවට ලක් වෙන කාරණා ය.

විශ්ව විද්‍යාලය තුල දේශපාලනය සම්බන්ධ උප භාෂාවක් තියෙනවා. විශ්ව විද්‍යාලය තුල ක‍්‍රියාත්මක වන සිසු දේශපාලනය මගින් ද යම් සුවිශේෂී වචන ප‍්‍රමාණයක් නිර්මාණය වී තිබෙන බවත් කිවයුතුයි..
 
විශ්ව විද්‍යාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාකාරී සිසුන්  ජෙප්පෝ ලෙසත් විශ්ව විද්‍යාලයේ සාරධර්ම කඩකරන පුද්ගලයන් අල වැඩ කරන්න්නන් ලෙසත්, මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා මහා ශිෂ්‍යයා ලෙසත්, හඳුන්වනවා. මීට අමතරව සෙම් අලයෝ හා සෙම් ජෙප්පෝ ද සරසවිය ඇතළෙ අනන්නත ඉන්නවා.උන් එකම පක්ෂයකටවත් නිවැරදිව සම්බන්ධ වෙලා නෑ..හැබැයි ඒ ගැන කියවනවා...

 
විශ්ව විද්‍යාලය තුල නිදහසේ පේ‍්‍රම කිරීමට වෙන්වූ ස්ථාන තියෙන වග ඔබ දන්නවානෙ..මෙන්න ඒවා...
  • මල් පාර - පේරාදෙනිය සරසවිය
  • සිරීපාදේ - කොළඹ සරසවිය
  • සයිබීරියාව - කැලණිය සරසවිය
  • හන්ටින් ඒරියා - රජරට සරසවිය
විශ්ව විද්‍යාලය හැදින්වීමටත් නෙක නෙක නම් තියෙනවා.
කොළඹ විශ්ව විද්‍යාලයට තුම්මුල්ලේ මහා විද්‍යාලය
සබරගමුව විශ්ව විද්‍යාලයට බෙලිහුල් ඔය මහා විද්‍යාලය 
රුහුණු විශ්ව විද්‍යාලයට  හුලං කන්ද මහා විද්‍යාලය වගේ නම් තියෙනවා.

පේරාදෙනිය සරසවිය ඇතුළෙ සිසුන්ගේ මරණ ගෙදරකට සහභාගී වීම  කපකට යනවා කියලා තමා කියන්නෙ. සිසුන් කරන බරපතල වැරදි වලට සැඟවී සිට පහර දීම ට යකා ගහනවා කියලාත් කියනවා.
තරුණ තරුණියන් අන් අය සමඟ කතා නොකර ආඩම්බරයට සිටින කොට ගැට්ට හෝ ලොකු එක දානවා කියලා කියන අයම උන් වැරදිලා සිනහ වුණොත් කියන්නෙ පනාව දානවා කියලා.රැග් සීසන් එකේදීම කඩ දාන එක නතර කළත් පස්සෙ
ගාලූ කඩේ,මාතර කඩය,වැනි ඒ ඒ ප‍්‍රදේශ වලට සීමා වූ කඩසරසවිය ඇතුළෙ ඕනෙතරම්.


සරසවියට එන හැම කෙනාටම කාඩ් එකක් ලැබෙනවා.යමෙක් එයට අකමැති නම් එය වෙනස් කරගැනීමේ හැකියාවත් ජපුරෙ නම් තියෙනවා.අන් අයගේ හාස්‍යයට ලක්වෙන ලෙස හැසිරෙන්නන් ගොන් පාට් දමන්නන් ලෙසත් සාමූහික කාර්යයන්ගෙන් මගහැර තම පුද්ගලික කරුණු පමණක් ඉටුකර ගන්නා පුද්ගලයන්  අපතයන් අලයන් ලෙසත් මෙහෙි හඳුන්වනවා.
සරසවි ආපන ශාලාවෙන් අඩු මුදලක් ගෙවා කෑම පිගානක් ගැනීම අඩු කෑම ලස හැඳින්වෙන අතරම,
සරසවියේ ඇති මේ උප සංස්කෘතියට විරෝධය පාන සිසුන් මැඩ පැවැත්වීමට,මඩ පෝස්ටර් ගැසීම, බ‍්‍රහ්ම දණ්ඩනය,කුණු බකට් ගැසීම ආදී දේ අනන්ත වෙනවා. ජපුරට එන කිසිම ගැහැණු ළමයෙක් නම් ත්‍රී ක්වාට කලිසම් අඳින්නෙ නෑ..එහෙම වුණොත් බිත්තර නාවනවා.
විශ්ව විද්‍යාලය තුල අභ්‍යාස පංති භාරව සිටින කෙනා ”ටියුටා”ලෙස හඳුන්වන්නෙ.කොළඹ විශ්ව විද්‍යාලය තුල යමක් නිශ්චිතව පැවසීමකදී ”අනිවා ඩෙෆා” කියලා කියනවාමයි.
පේ‍්‍රමය සම්බන්ධ උපභාෂාවක් ද කැම්පස් ඇතුළෙ තියෙනවා. කොක්කක් කියන්නෙ ප්‍රේමයට වුණත් කොකු ගොඩක් කැම්පස්වල තියෙනවා.

1. බත් කොක්ක - රස බත් ගෙන එන කෙල්ලන්ගේ බත් එකට වහවැටීම නිසා පෙම් කිරීම.
2.නෝට් කොක්ක - ඉගෙනීමට දක්ෂ කෙනෙක් ගෙන් නෝට් ඉල්ලා ගැනීම පිණිස පේ‍්‍රම
                                සම්බන්ධයක් ඇති කරගැනීම.
3.සිරා කොක්ක - සැබෑ ආදරය නිසා පේ‍්‍රමයක් හර ගැනීම.
4 ආතල් කොක්ක - ලිංගික ආශාවන් උදෙසා වන පේ‍්‍රමය

මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ ”ගොඩ යාම” ලෙසද පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ”හිච් වෙනවා” කියලා තමා කියන්නෙ.. මේ ආකාරයට විශ්ව විද්‍යාල පද්ධතිය තුල වෙනම භාෂා ව්‍යවහාරයක් දක්නට ලැබෙනවා.
පේරාදෙනිය සරසවියේ නම් විවිධ පීඨයන් හැදින්වීම සඳහාත් නම් තියෙනවාලු.
  • පින්තූර කඩේ - ශාස්ත‍්‍ර පීඨය
  • මස්  කඩේ - වෛද්‍ය පීඨය
  • දත්  කඩේ - දන්ත වෛද්‍ය පීඨය
  • යකඩ  කඩේ - විද්‍යා පීඨය
  • බයිසිකල්  කඩේ - ඉන්ජිනේරු පීඨය
  • මඩ කඩේ- කෘෂි විද්‍යා පීඨය

"හැන්ඩියට කෙල්ලො නෑ රූමන්ට ඇදන් නෑ  බ‍්‍රයිටන්ට ක්ලාස් නෑ" කියල කැම්පස් එකේ ප්‍රසිද්ද කියමනක් තියෙනවා. ඔහොම ගොඩක් තියෙනවා.


මේ උප බස තරම් ලංකාව ඇතුළෙ බැනුම් අහපු බසක් තියේ නම් ඒ ත්‍රීවිල් බස විතරයි. ඉතින් මේ කරුණු ඔබේ දැනුමට වැදගත් වුණා නේද? ඔබට වැදගත් යැයි හිතෙන වීඩියෝ කීපයක් දෙන්නත් මම හිතුවා.
ජපුර ගැන බොහෝ විස්තර මෙහි තියෙනවා.වීඩියෝව හරි නෑ. නමුත් විස්තරය හොඳයි.



මේ තියෙන්නෙ ප්‍රසිද්ධ සරසවි කීපයක සරසවි ගී.
ජපුර සරසවි ගීය

පේරාදෙණිය සරසවි ගීය
ඌව වෙල්ලස්ස සරසවි ගීය 

වයඹ සරසවි ගීය
රුහුණ සරසවි ගීය

ඔබ දන්න තව තොරතුරුත් තියෙනවා නම් සටහන් කරන්න. මේ සියල්ල, අන්තර්ජාලෙන් හා අත්දැකීමෙන්.

80 comments:

  1. ගුඩ් වර්ක් නංගා....කැම්පස් නොගියත් ගොඩක් දේවල් දැනගත්තා......

    ReplyDelete
  2. 1.අපි ගණිතයට කිව්වෙ "මැත" කියල. අපේ සර් කෙනෙක් පලවෙනි ලෙක්චර් එකේදිම කිව්ව මැත්ස් හරි මැතමැටික්ස් හරි කිව්වට මැත කියන්න එපා කියල.
    2.අන්තරේට සම්බන්ධ ශිෂ්‍යයන්ට කිව්වෙ ජෙප්පො කියල. අනිත් එවුන් අලයෝ.
    3.වැඩිම කෙල්ලන් සංඛ්‍යාවකගෙන් ප්‍රථික්ෂේප වන්නා "ඇණපති" සම්මානයෙන් පිදුම්ලබනව.
    4.ප්‍රේමවන්තයන්ටම වෙන්වූ සැගවී/ආවරණය වී ඇති ස්ථාන "පූජාභූමි".
    තව එක එක කැම්පස් වලට ආවේනික ස්ථාන තියනව.
    රුහුණෙ ටික කියන්නම්,
    රස්තියාදු ගහනකොට වාඩිවෙලා ඉන්න ගලක් තියනව ඒක "බොස ගල". යකා හංදිය, සදළුතලය, 'මල්පූජා කරන' තැනක් වෙච්ච "එයාපෝට්එක"

    ReplyDelete
    Replies
    1. තවත් දන්න ඒවා බෙදා ගමු.අලුත්න් යන නංගිලා මල්ලිලාට හොඳයිනෙ

      Delete
  3. ම්ම්ම්..පේරාදෙනියෙ පීඨ ගැන තියන නම් ටික නම් ටිකක් විතර වැරදී වගේ...
    මරු පෝස්ට් එක ..:)))

    ReplyDelete
    Replies
    1. ඒ ටික පොඩ්ඩක් හැදුවා නම් හොඳයි.ඔය මම අහලා තියෙන විදිහ.අපි ජපුරෙනෙ

      Delete
    2. යකඩ කඩේ - විද්‍යා පීඨය
      බයිසිකල් කඩේ - ඉන්ජිනේරු පීඨය

      මේ ටික පහත පරිදි නිවැරදි විය යුතු ය

      විද්‍යා පීඨය - බයිසිකල් කඩේ
      ඉංජිනේරූ පීඨය - කම්මල් කඩේ

      තව දෙකක් එකතු විය යුතුය. මොකද පේරාදෙණිය කියන්නේ පීට අටක් තියෙන විශ්ව විද්‍යාලයක් !!

      රූප කඩේ - ශාස්ත්‍ර පීඨ‍ය
      අහස් කඩේ - සම සෞඛ්‍ය විද්‍යා පීඨය

      Delete
    3. මරු අනේ........තව මුකුත් නෑ.???

      Delete
    4. කොහෙද කැම්පස් එක කියල කියන්නකෝ

      Delete
  4. කොළඹ ඇණ ගහක්, යකාගේ පහණක් හා පච බංකු තියෙනවා..
    එක එක කැන්ටින් වලට නම් තියෙනවා.. හිලටන්, බවන
    විශේෂ පුද්ගල නාම... ඇණපති බටමල්ලි, මිස් ලොවෙත් නෑ.. මිස් cowද
    ටොයිලට් නං සැනසුම හා ටොයිලට් යාම... සැනසීම
    ඇයි එතකොට ලැම්බට්

    ReplyDelete
    Replies
    1. කැළණියෙ පච ගහක් තියෙනවා කියලා හැළණියෙ කෙනෙක් කීවා...ජපුරෙ නම් තනිකර තියෙන්නෙ ගස්

      Delete
  5. ඇත්තටම ලස්සන මාතෘකාවක්.. අපේ තාතලගෙ කලෙ කැම්පස් ගිය අය අත් විදපු ජීවත් උන ඒ ප්‍රභල උප සංස්කෘතිය අපි අත් වින්දෙ නැ කියලයි මට නම් හිතෙන්නෙ.. අපේ පොඩි උන් අපි තරම් වත් ඒක අත් විදින එකක්නෑ...

    ReplyDelete
  6. නිදහසේ ප්‍රේම කරන්න අපේ (ජ'පුරෙ) තැනක් නෑ වගේ........

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින්...........අපේ අය අතන ඔක්කොම හට් බුක් කරනවානෙ.අපේ අය නම් ඉන්නෙ වෙන ඒවායෙ ඒනිසා අපට හට් ඕනැන්නෙ නෑ.

      Delete
    2. හි හි හි....නිදහසේ ප්‍රේම කරන්න හොඳම තැන පේරා ආදරවන්තයන්ගේ මාවත....ඕන ඔට්ටුවක් අල්ලනවා..... :)

      Delete
    3. ඔව් පේර එවුන් කවදත් හිචි කාරයොනෙ

      Delete
  7. කැම්පස් වචන ගැන කියා දෙන්න කියලා කකා මාමාගෙ බ්ලොගියෙ ලිව්වා විතරයි..

    අපේ කැම්පස් එක (මොරටුව) අල කරලම දාලා නේද?

    එහෙ වචන් ටිකක් කියන්නම්..

    කජුකැලේ- ප්‍රේම කිරීමට වෙන්වූ පෙදෙස

    ගැට්ට-කල්ලිය

    ගංජා වවනවා- ඇතුලෙ එකයි පිට එකයි තියාගැනීම.

    තෙල ගහනවා-යමකට අනික් අය පොළඹවා ගැනීම

    ආකි- වාස්තු විද්‍යා පීටය

    මතක් වෙන්නෙ ඔච්චරයි..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. මොකෝ හරී මේ ඇනෝ විදියට ඇවිත්

      Delete
    2. ඇයි ලගාන් එක....

      Delete
    3. @නිසුපා :මොකටද 'ලගාන්' එක කියන්නෙ

      Delete
    4. ඇත්තමයි මොකද්ද? මේ ලගාන්

      Delete
  8. දවල්ට වලෙන් අඩුවක් කාල බස් එකට වෙලා ක්‍රෑම දාල හවසට ගොඩෙන් හරි ගුලෙන් හරි ප්ලෙන්ටියක් බීල කජු කැලේ ලව් කරල රෑ වුනහම අපායෙ ක්‍රෑමත් එක්කම නිදාගත්ත කටුබැද්ද කම්මලේ අපිට මෙතනත් කුඩම්මාගෙ සැලකිලිද මන්දා. හෆොයි කජුකැලේ කපල කියලා අරංචියකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ජාතික උරුම රැකගනිමු කියලා...ඊළඟ පෝස්ට් එක ලියන්න වේවිද මන්දා

      Delete
    2. මොරටුවෙ ක්‍රෑම කියලා කියනවද බං..මම දන්න විදිහට ඇක දානවා කියලයි කියන්නෙ..

      අවුරුදු හතරක් හිටියත් කවදාවත් ගුලෙන් කාලා නෑ බං..

      උඹ ගොඩ උඩට ගියේ නැද්ද? ඇයි එල් එකට.. දැන් ගොඩ උඩක් නෑ ඒක පෙන්ගුවින් කැෆේ..

      කජුකැලේ කෑලිත් නෑ..එක ගහක් නෑ..කැලේ මැද්දෙ පාරෙන් එහා ටික විතරයි ඉතුරු වෙලා තිබුනෙ මම අන්තිමට යනකොට...

      අන්තිමට ගිය දා මට ලොකුම දුක හිතුනෙ මොකෝ දන්නවද? කැන්ටිං වල බෝඩ් අලවලා පෝලිමේ ඇවිත් කෑම ගන්න කියලා..චාරෙ නැතිවෙලා තියෙන තරම..

      -හරී

      Delete
    3. අනේ දැන් පෝලිමෙ එන්න කියලත් ගහලද..??? අපි ඉන්න කනුත් තිබුනෙ නෑ නෙ...
      කජු කැලයක් දැන් නෑ නෙන්නම්...:((((

      Delete
    4. @නිසුපා :අපි ඉන්නකන් තිබුනෙත් නෑනෙ..මම පහළ බැච් එකක..

      -හරී

      Delete
    5. අපි ඔහෙ ඇවිල්ලා නෑනෙ

      Delete
  9. @AnonymousFeb 10, 2012 03:07 AM
    හික්.. ආකි කිව්වම, ටොය්යො, කිරි ටොය්යො වගෙම යක්කු, අම්බ යක්කුත් මතක් උනා

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ මේ තරම් ඇනෝලා කොයිබින් ද?

      Delete
    2. this ඇනෝ = AnonymousFeb 10, 2012 03:13 AM = AnonymousFeb 10, 2012 04:43 AM

      Delete
    3. අපි නම් කියන්නේ

      කිරි කිරි ටොයියෝ - ලංකාවේ නෑ
      කිරි ටොයියෝ - ලංකාවේ ඉන්නවා අපේ විශ්ව විද්‍යාලේ නෑ
      ටොයියෝ - අපේ විශ්ව විද්‍යාලයේ ඉන්නවා අපේ පීඨයේ නෑ
      යක්කු - අපේ පීඨයේ ඉන්නවා අපේ බැච් එකේ නෑ
      අම්බ යක්කු - ???

      (මේ කිව්වේ කෙල්ලෝ ගැන බව මතක තබා ගන්න)

      Delete
    4. මොරටුවෙ ජුන්නො සින්නො පිළිවෙල මතක් වුනා මේක දැක්කම..

      අපිට උඩ බැජ් එක - සින්නො
      ඊට උඩ එක - සුපර් සින්නො
      ඊටත් උඩ එක - පට්ට සුපර් සින්නො
      ඊටත් උඩට යනවා නම් - කැරි පට්ට සුපර් සින්නො
      තවත් උඩට යනවා නම් - කැරි කැරි පට්ට සුපර් සින්නො

      ඔය විදිහටම ජුන්නො කියන වචනෙ දාලා පහළටත් ගියෑකි..එහෙ ජේශ්ට උත්තමයෝ නෑ.

      @මධුරංග: උඩ ඇනෝ කියලා තියෙන්නෙ පෙනුම බලලා බං.. "අඟුරු වුනත් මොරටුවෙ වෙයි මැණ්ක් කැට " කියලා කතාවකුත් තියෙන්නෙ..

      -හරී

      Delete
    5. @Anonymous :
      බැච් තුනක් උඩට ගියහම ඇති මං හිතන්නේ. නැත්නම් අනික්වා සබාවක් ඉස්සරහා කියන්න බැරි වෙනවා !!! :)

      Delete
  10. හික් හික් මාර වචන සෙට් එකනේ...

    ReplyDelete
  11. අපි නම් වලෙන් බත් කාල, ගොඩෙන් ආකි කෑල්ලක් ටෝක් කරල, ඉoජොන්ගෙන් ගේම ඉල්ලල පටුවතේ මල් ගහන එක තමයි ඒ කාලෙ කලේ......, හිටිගමන් මාලු ටැoකියේ ගිහිල්ල වැලක් බලල, කජු කැලේ පැත්තේ බැල්මට් දාන්නත් යනවා.

    ReplyDelete
    Replies
    1. මේවාගෙන් එක එකාගේ ප්‍රාන්ත සොයා ගත හැකි වග බලන්නන් දැන ගනු ඇත.

      Delete
    2. අපෝ දැන් ප්‍රාන්ත වෙනස් වෙලා ගොඩක් කල් ..අප්පා ... ආයෙමත් යන්න තිබුනනම් ....

      Delete
  12. අක්කේ ඕක කැම්පස් එකෙන් කැම්පස් එකට වෙනස් නේ.... අපේ තමයි හොදම නම් සෙට් එක තින්නේ... එල එල..

    ReplyDelete
  13. "මල් පාර - පේරාදෙනිය සරසවිය"
    මල් පාර නෙමේ ආදර මාවත (ලවර්ස් ලේන්) විය යුතු බවට නිවැරදි විය යුතුය.

    සංසාර ගැට්ට - ඇඳන් දෙකක් අතර පරතරය
    රෙපා රෙපී - බැච් එකේ නියෝජිතවරයා/වරිය
    පාඩම් කරනවාට අපි නම් කියන්නේ බොග දානවා/ බොගනවා කියලා
    වැඩි පුරම පාඩම් කරන එකා බොගයා ය.

    අර ක්‍රෑම ටික ජංගම බොග, කැලෑ බොග, ගරිල්ලා බොග, ආදි වශයෙන් වෙනස් විය යුතුය.

    මල ගේක යනවා - කපේ යනවා
    බස් එකේ හොරෙන් යනවා - ඉබ්බෙක් යනවා
    අනුන්ගේ කාමරේ ඉන්නවා - ගජේ ගහනවා
    කෙල්ලෙක් එක්ක යාළු වීම - හිච් වෙනවා / ගොඩ යනවා


    කෙල්ලෙක් එක්ක යාලු වීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු !
    1) පාරබල් -පාරේ එක්ක යා හැකි වීම
    2) බදනබල් - බදාගත හැකි මහතකින් යුක්ත විය යුතු ය
    3) ඇලම්බඩබල් - තමාට වඩා කෙල්ල වයසින් අඩු විය යුතු ය.
    4) ඉතුරු ටික මතක නැත........

    ඔය ඇති නේද ???? හික්ස් :)

    ReplyDelete
    Replies
    1. උඹලා අයියෙ වැඩියෙන් යන්නෙ ඉබ්බාට වෙවී..කැස්බෑවාට(සල්ලි නොදී ඉතිරි ඉල්වීම.)

      Delete
    2. හරියට හරි. කැස්බෑවට තමා ය. හික්ස් :)

      Delete
    3. අයෙ ඉතින් මම කියන්න ඕන නෑ නේ හි හි හි

      Delete
    4. @මදුරන්ග අයියා.-

      ලා හොස්පිටබල් -ලෙඩරෝග අඩුවෙන් තියන කෙනෙක් වෙන්න ඕන.
      ලෝ කම්ෆෝටබල් (ඒක නම් හරියටම සුවර් නැත..)-වියදම් අඩු කෙනෙක් වෙන්න ඕන..

      @මකුලුවා-
      හී හී..අපෝ ඒව කියන්ට එපා මෙතන.. ::D

      Delete
  14. උඩ කෙනෙක් මොරටුව ගැන විස්තර ටිකක් දාල තිබුනා. මෙන්න තව ටිකක්...
    මෝරා - මොරටුව සරසවිය
    ඇක දානවා - පාඩම් කරනවා
    'ලගාන්' - කපල් නිදහසේ කතා කරන්න යන, කොල්ලො රෑට බොන්න සෙට් වෙන, මංගල උත්සව ගන්න ස්ථානය
    ට්‍රොනික් - ඉලෙක්ට්‍රොනික්
    ට්‍රිකල් - ඉලෙක්ට්‍රිකල්
    මෙක් - මිකැනිකල්
    සීයෙස් - කොම්පියුටර් සයන්ස්
    බස්ටෑන්ඩ් එක - TLM ගොඩනැගිල්ල
    පතල - Earth ඩිපාට්මන්ට් එක
    ගාමන්ට් එක - ටෙක්ස්ට්යිල් ඩිපාට්මන්ට් එක
    නයි මැත - රියල් ඇනලිසිස්
    අපාය - පුස්ථකාලයේ බිම් මහල
    බස් එක - කපල් සදහා නොවුනත් කපල් වැඩිපුර යන වල කැන්ටිමේ කොටසකි
    වාත - රැග් එක
    භවන - කැන්ටින් ගොඩනැගිල්ලේ සඳලු තලය
    පටුවත්ත - පටුවතවිතාන නේවාසිකාගාරය
    නිව් එක - නව නේවාසිකාගාරය
    නාටු - New Auditorium 2
    ෆ්‍රන්ට් එක - ප්‍රධාන පිවිසුම
    කහින්න යාම - මෙඩිකල් සෙන්ටර් එකට යාම
    මැවිසුරන් - ඉංජන්
    රෙපා - බැජ් රෙප්
    ඇක ලොස් වීම - පාඩම් අතපසු වීම

    ReplyDelete
    Replies
    1. බලන්න මේක නම් නංගිලා මල්ලිලාට වැදගත් ම එකක් වෙයි.

      Delete
    2. මොරටුවට එකතු කිරීමක්...

      නයා - නයි මැත උගන්නන කෙනා

      නයි පැටියා - නයි මැත ටිචින් ඇසිස්ටන්ට්

      ටොපා / ටොපී - බැච් ටොප්

      විමානේ - අපාය ට උඩ මහල (කෙල්ලෝ යන්නේ විමානෙට..අපායට යන්නේ නැහැ :)

      Delete
    3. නයාව මතක් වුනත් හිනා යනවා. lol. ඇත්තටම ඕකට නයා කියන්නෙ ඇයි? ඕක හෙන බොරුවක් වගේ නිසා(නයි අරිනවා)කියලත් කියනවා.

      ගොඩක් පාඩම් කරන/ රිසල්ට්ස් දාන අය 'ඇක ඩයල්'

      ඇයි කට්ටියට මොරටු යකා අමතක වුනාද? ඒක මෝරා කට්ටියට ආවේණික ලෙඩක් නෙ. :D

      Delete
    4. දැන් රෙපීලත් ඉන්නවෝ.....

      කහින්න යෑම ගැන නම් කියලා වැඩක් නැත..... ;)))))

      Delete
    5. ජපුරෙ සෙට් එක නම් අපි නොමිලේම දුන්නා

      Delete
    6. මම දන්න් විදිහට නම් ඔය උගන්නපු ප්‍රොෆ් ට තමා මුලින්ම නයා කියලා කියන්න ගත්තෙ. (ප්‍රොෆ් ගුනතිලක ද් මන්දා නම :) හුටා මට මෑන්ගෙ නියම නම මතක නැහැනෙ නයා කිව්ව මිසක්.) පැය දෙකේ ලෙක්චර් එකෙන් 3/4 ක්ම පොර එන්ගලන්තෙ ලංඩන් හන්දියෙ ඉන්නකොට කරපු දේ ගැන නයි අරින එකමයි කලේ. ඒක් නිසා පොරට නය කියන්න පටන් ගත්තා. පස්සෙ මිනිහ උගන්නන මැත නයි මැත උනා කියලයි මම නම් දන්නෙ.

      Hydraulics කරපු ප්‍රොෆ් ට (ඒ කාලෙ නම් Dr. Wickramasuriya) කිව්වෙ දිය රකුස් කියලා.

      මම ඔය කම්මලෙ පස් පෑගුවෙ නම් දැනට අවු15 විතර කලින්. දැන් මේව වෙනස් වෙලද දන්නේ නැහැ.

      AnonymousFeb 10, 2012 06:29 AM

      Delete
    7. ශ්............. අර ඩබා මැඩම් තාම කම්මලේ ඉන්නවද?

      Delete
  15. 'ලගාන්', භවන අවුරුදු හතරක් මොරටු ගෑටුවාට ඇහුවෙත් අදයි..කොහෙද බන් තියෙන්නෙ..

    ජේජී එක - ජේම්ස් ජෝර්ජ් ශාලාව
    ඩ්‍රෙස්කෝඩ් එක - පිරිමි දිග කලිසන් ශර්ට්..ගැහැනු දිග සායවල්..

    ReplyDelete
    Replies
    1. අවුරුදු හතරක් කැම්පස් එක්ක ඉදලා කැම්පස් එකේ තැන් දෙකක් දන්නේ නෑ කියලා හරි ආඩම්බරෙන් කියන්න එපා.සමහර විට ඔබ සිටි කාලයේ නම් වී තියෙන්නට නැතිව ඇති ඔබ එතරම්ම පරණ මොර‍ටුවේ සිසුවෙක් කියා සිත සනසා ගනීම හොදයි කියලා මට හිතෙන්නේ.

      Delete
  16. පෙම්වතිය රැගෙන ඇවිදීම = කරත්ත දැක්කීම
    එතකොට කොල්ලා = ගැල්කරු

    ReplyDelete
    Replies
    1. හයියෝ එතකොට කෙල්ල කරත්තයක්

      Delete
  17. අලුතින් (1996) ශ්‍රි ලන්කාවේ සරසවි අතරට එක් වෙච්ච රජරට සරසවියේ වචන සෙට් එක බොහෝ දුරට පේරාදෙනිය සරසවියෙ වචන වලට සමානයි. නමුත් ප්‍රාදේශිය ලක්ෂණත් එක්ක ඊටම ආවේනික සඔස්කෘතියක් තියෙනවා.එහි පෙම් කිරීමට වෙන් වූ ස්ථානය "මොණර ගල"යි. පෙම් කිරීමට යාම "හන්ටින් යාම" වේ.නවක නව්යකරණ කාල සීමාවේදි නවකයෝ "කුණු පෙරේතයො/තියො" වෙයි. එසේම සරසවිය "අම්බස්ථල පෙර පාසල" ලෙස හඳුන්වයි.

    ReplyDelete
    Replies
    1. මම ඕක අහලා තියෙනවා..මම හිතුවෙම නෑ මේ පෝස්ට් එකට කට්ටිය මේ තරම් කැමති ඇති කියලා.

      Delete
  18. අක්කේ ඔය ඇණ වෙනවා කියන කාරනේ පොඩ්ඩක් ආකාර දෙකකට යනවා නේද?රිපීට් වෙන එකටත් ඇන වෙනවා කියනවා.....කෙල්ල දාලා යන එකට හෝ කෙල්ලෙක් හින්දා විභාග අප්සට් කර ගැනීමත් ඇන වෙනවා විදියට හඳුන්වනවා..... :)

    ඉතුරු‍ සෙට් එක මධුරංග අයියා කියලා තියෙනවා....

    අම්බ යක්කු නම් අනේ මන්දා....හි හි හි?

    ReplyDelete
  19. සබරගමු කැම්පස් එකට සබරෙ කියල කියනවා, ඒ කාලේ වැට ලඟ කෑම විකුණන අයගෙන් කනකොට කියන්නෙ වැටෙන් කනවා කියලා. තව මඩකඩේට යන පාරට හැරෙන තැන වයි ජන්ක්ශන් එක. කමියුනිකේශන් එක ඩොට් කොම් එක.....

    ReplyDelete
    Replies
    1. ඒකත් මම නම් අහලා තියෙනවා..

      Delete
  20. thanks,ලස්සන පෝස්ට් එක....

    ReplyDelete
  21. ක්‍රැමා දදා තෙල බෙදනවා.....

    වටිනා ලිපියක් නංගා....ලස්සනට ගලපලා ඔයා...

    ReplyDelete
  22. දැන් නම් ඉතින් තෙල් ගහල හමාරයි. අන්න තෙල් නැගල නහුතෙට

    ReplyDelete
  23. ෂැහ් දැන්නේ මේක දැක්කේ.. මෙයා දන්න දේවල් බලාගෙන ගියාම යුනිවර්සල් කැම්පස් එකක්නේ...
    කාටද ආඩම්බර


    අපේ එකට තාම භාෂා නැත

    ReplyDelete
    Replies
    1. හම් ඒකනෙ..........ඔයාට ආඩම්බරයිනෙ..

      Delete
  24. අල ගබඩාව අමතක උණා..

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.